The Colombopost

The Colombopost

Share

06/06/2026

අමානුෂික සැළකිළි ඉවසනු බැරි තැන සුරේෂ් සලේ මරණය තෙක් උපවාසයක් අරඹයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය . සුරේෂ් සලේගේ පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය .

වහාම ක්‍රියාත්මක වන පරිදි එම මාරාන්තික උපවාසය නතර කර ජීවිතය බේරාගන්නා ලෙස හිටමු අමාත්‍ය උදය ගම්මන්පිල ඔහුගෙන් දැඩි ආයාචනයක් ද මෙහිදී සිදුකරනා ලදි .

සුරේෂ් සාලේගේ මෙම රඳවා තබා ගැනීම අධිකරණ නියෝගයක් මත සිදු වූවක් නොව, ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට ඇති බලතල අවභාවිත කරමින් ලබාදුන් නියෝගයක් මත සිදුවූවක් බවත්, එය මේ වනවිටත් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කර ඇති බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය .

ඊයේ රාත්‍රියේ සුරේෂ් සලේට ආහාර ලෙස පත්තර කොළයක් බිම එළා ඒ මත බත් හැන්දක් සහ රාබු හොදි පමණක් බෙදා ඇති බවත්, එය අතට ගැනීමට යාමේදී පත්තර කොළය ඉරී කෑම බිමට වැටීම නිසා ඔහුට බිම වැටුණු ආහාර අනුභව කිරීමට සිදුවූ බවත් ඔහු සඳහන් කළේය .

මේ හේතුවෙන් දැඩි සේ කම්පනයට පත් සුරේෂ් සලේ තමන්ට බල්ලෙකුටත් වඩා අන්ත ලෙස සලකන බව පවසමින් හඬා වැටී ඇති අතර, ආහාර, ජලය සහ ඖෂධ පවා ප්‍රතික්ෂේප කරමින් මාරාන්තික උපවාසයකට අවතීර්ණ වී ඇති බව උදය ගම්මන්පිළ සඳහන් කළේය.

කෙසේ වෙතත් සුරේෂ් සලේ මියගියහොත් එහි වාසිය ලැබෙන්නේ ආණ්ඩුවට බැවින්, වහාම උපවාසය නතර කර ජීවත් වෙමින් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන ලෙසට තම මිත්‍රයාගෙන් නැවතත් ඉල්ලා සිටින බව උදය ගම්මන්පිළ වැඩිදුරටත් කියා සිටියා.

වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳ ව්‍යාජ චෝදනා එල්ල කරමින් බලයට පැමිණි නමුත්, වසර දෙකක් තිස්සේ විමර්ශන සිදු කළද, කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකිව අර්බුදයකට ලක්ව සිටින බව පෙන්වා දුන් ඔහු පෙන්වාදෙන්නේ, සුරේෂ් සලේ උපවාසයෙන් මියගියහොත් සියලු රහස් ඔහු සමඟ වැලලුණු බව පවසා ආණ්ඩුවේ රෙද්ද බේරාගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට සැකයක්ද පවතින බවය .

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Lesly Ranagala Mawatha
Colombo
0800