Hiru sadu
11/11/2021
සුන්දර ඉවසීම
එක්තරා නිවසක මරණයක් ..... මියගියේ සැමියා. ඔහුට දරුවන් හතර දෙනෙක් සහ බිරිඳක් සිටියා. මේ පුද්ගලයා මිය ගියේ වසර ගණනක් අංශබාගයෙන් පීඩා විදීමෙන් අනතුරුවයි. ඒ කාල සීමාවේ ඔහුගේ කැත කුණු අතගාමින්, දරුවන් ගැනත් සොයා බලමින් වතුපිටි ආදායම ගැනත් කල්පනා කරමින් බිරිඳ නොවිදිනා දුක් වින්දා. ඉන්න තැනම මළ පිට කරන එක, මුත‍්‍රා පිට කරන එක අන්තිමට මේ ගෙදර සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. නිවසට කෙනෙක්ට එන්න කියන්න බැරි කරමට දුර්ගන්ධයක් හමනකොට සියලූ වැඩ නවත්වලා බිරිඳට නිවස පිරිසුදු කරන්න සිදුවුණා. ඒ ගඳ මැකිලා යයි කියලා හිතෙන කල් අත් ගෙවෙන තුරු ඇය බිම මැද්දා. රෙදි හේදුවා, අව්වේ වැනුවා. අවසානයේ දි එක් රාත‍්‍රියක ඔහු මිය ගියා.
එදා මරණයේ අවසාන දවස. බිරිඳ සිය සැමියා වෙනුවෙන් මරණයට ආ අයට ස්තුති කථාව කරන්න සුදානම් වුණා. ඇය බොහොම ගෞරවයෙන් සියලූ දෙනාටම ස්තුතිවන්ත වුණා. අවසානයේදී ඇය සැමියා වෙනුවෙන් කථා කරන්න පටන්ගත්තා.
‘ "‘මට මුණගැසෙනකොට ඔහු බොහොම කඩවසම් තරුණයෙක්. ඉතින් මම ඔහුට එක පයින් කැමති වුණා. දෙවරක් හිතන්නේ නැතුවම. අපි විවාහ වුණා. ආලිංගනයේ යෙදුනා. දරුවන් හැදුවා. නමුත් ඔහු එක්ක විවාහ වුණු දා ඉදලා කවදාවත් මම හොඳින් නිදාගත්තේ නැහැ. මොකද ඔහු මහා හයියෙන් ගොරවනවා. ඒක මහ පුදුම ගෙරවීමක්. ඒ හැම ගෙරවීමකදිම මම කේන්තියෙන් ඔහුව අවදි කරනවා. ඔහු ආයෙම නින්දට වැටෙනවා. ආයෙත් ගොරවනවා. මේ වදය මම අවුරුදු 35 ක්ම වින්දා. දැන් මට අවුරුදු 55 ක්. අවුරුදු 20 ඉදලා අවුරුදු 55 ක්ම හරියටම නින්දක් නැතිව මම දුක් වින්දා. ඒක මහ පුදුම වදයක්. කිසිම ගැහැණියෙක් ඒ වදය ඉවසන්නේ නැහැ.
අවසානෙදි ඔහු රෝගි වුණා. පුරුදු විදියට හැම රෑකම ඔහු ගෙරෙව්වා. ඒ ගෙරවීම මට අරගෙන ආවේ පුදුම සැනසීමක්. ‘‘ඔහු තාමත් ජීවත් වෙනවා’’ කියලා මම දැනගත්තේ ගෙරවීමෙන්. ගෙරවීම පොඩ්ඩක් හරි නැවතුනා නම් මම ගැස්සිලා නින්දෙන් ඇහැරුනා. ඔහුගේ ගෙරවීම ඇහෙන මානෙක මිස වෙන තැනක මට නින්ද ගියේ නැහැ. ගෙරවීම නැවතුන ගමන් මම ඇහැරලා ඔහුව හොලවලා අවදි කලා. නහයට අත තියලා හුස්ම ගන්නවද කියලා බැලූවා.
දැන් ඔහු මිය ගිහිල්ලා. අදින් පස්සේ ඔහු කවදාවත් ගොරවන්නේ නැහැ කියලා දැනෙනකොට ඇතිවෙන වේදනාව මට දරාගන්න බැහැ. ආයේ කවද්ද මම ඒ සද්දේ අහන්නේ කියලා හිතෙනකොට මට මහ වේදනාවක් දැනෙනවා. හරියට හැමදේම හොරු අරගෙන ගිහිල්ලා වගේ......
ඉතින් මම ඔබට කියනවා අපි ආදරය කරන මිනිස්සුන්ගේ සමහර පුංචි පුංචි දුර්වලකම් එක කාලෙක දී අපිට මහ කරදරයක් වුණත් ඒ දුර්වලකම් මොන තරම් සුන්දර ද කියලා හිතෙන්නේ ඒ මිනිස්සු අපිට අහිමි වුණාමයි. සමහර විට අපිට තරහා යන ඒ සුන්දර දුර්වලකම් දවසක අපිට අපූරු මතකයක් වේවි. ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා ඔවුන්ගේ පුංචි දුර්වලකම් වලට සමාව දෙන්න. ඒවාට ඉඩ දෙන්න. ඒ දුර්වලකම් සුන්දරව විදින්න. ඔබට මහ පුදුම සැහැල්ලූවක් අවසානෙදි දැනේවී..." කියා ඇය ඇගේ කතාව අවසාන කළා.
ඔබේ සැමියා පිඟාන සෝදන්නේ නැති වෙද්දි, තේ බිව්ව කෝප්පේ තිබ්බ තැනම තියලා යද්දි ඔබට එන කේන්තිය සාධාරණයි. ඒත් කවදාහරි දවසක ඒ කරදරකාරයා ඔබව දාලා යන්නම යන දවසට, හරියට මුලින් මම කිව්ව කතාවේ වගේ ඔබට ඒ දුර්වලකම් හරිම සුන්දර මතකයක් වේවි. හදිසියට කතා කළාට කවදාවත් හෙලෝ කියන්නේ නැති ඔබේ පෙම්වතාගේ අපූරු දුරකථනයට ‘‘කෝල් කළාම කතා කරන්න බැරිද’’ කියලා කේන්තියෙන් අහනවා වෙනුවට ‘‘ෆ්‍රී වුණාම ගන්නවද’’ කියලා අහන්න තරම් ඔබේ මනස දියුණු වුණොත් ඒ බැඳීම් මඟහැරුනත් ඔබට අපුරු මතකයන් ඉතිරි වේවි. ඔහුටත් ඔබ වැනි ඉවසිලිමත් කාන්තාවක් මඟහැරුනු එක ගැන යම් වේදනාවක් දවසක දැනේවි.
ඒවා දුර්වලකම් නෙවෙයි. අවස්ථාවන් පමණයි. අපි ප‍්‍රාර්ථනා කරන සර්ව සාධාරණ ලෝකය අපිට නොලැබුණත් ලැබෙන ලෝකය ඇතුලේ අපිට සතුට හොයාගන්න පුළුවන් නම් සාර්ථක වෙන එක මහ ලොකු රාජකාරියක් නෙවෙයි. හැමදාම කෑ ගහලා රණ්ඩු වෙලා ඔබේ සතුටත් පවුලේ සතුටත් නැති කරගෙන ජීවිතය නීරස කරගන්නවාට වඩා ඒ පුංචි දුර්වලකම් සතුටින් විදීම ඔබේ ජීවිතය සුන්දර කරාවි. හැමදාම කුස්සියට වෙලා තරහට වගේ එකම දේවල් උයනවාට වඩා විවිධ විවිධ කෑම හදමින් සැමියා සතුටින් තියමින් හොඳ බිරිඳක් වෙන්න ඔබට පුළුවන් වෙන්නේ අන්න එතකොටයි.
ගැහැණුකමත් එක්ක උරුම වෙන සමහර දේවල් දුර්වලකම් නෙවෙයි. ඒ දේවල් හරිම සුන්දරයි.... මොකද හැම ගැහැණියක්ම වොන්ඩර් වුමන් කෙනෙක්.. අපි අලුතෙන් හිතමු....
(Wonder Women සගරාවෙන් උපුටා ගැනීමකි)
28/09/2021
ටැටු කෙල්ල
හයවන අදියර
රොෂාන් මේ මගේ දේවල් ....ඔහේටත් ඉන්න බැරිනම් යන්න පුලුවන් ...ෂෙරින් රොෂාන් ලගට එන්නත් කලින් කටින් ගහලා ඉවරයි ......ඊටත් එහා මේ අයියයි නංගී තවත් මොනවා කියන්න ද....
ෂෙරින් මේ මගේ ඩැඩීගේ දේවල් ...ඔවු උබ බලෙන් අල්ල ගත්තා ....උඹට හෙන ගහනවා යකෝ....රොෂාන් කියන්නේ හිතේ වේදනාවෙන් ....
මමී ....
දුක්වෙන්න එපා....මං මොකුත් හිතන්නේ නෑ....
මැනික ඔයා යන්න උඩට ....අපි ඩිනර් ගන්න එලියට යමු....මං නිලූ ආංටීට කියන්නම් සුදු පුතා එක්ක එන්න කියලා ....
හරි මමී අපි අන්කල්වත් එක්කන් යමුකෝ ....
මං කතාකරන්නම් දූ...ඔයා දැන් යන්න රෙස්ට් කරන්න .....................................................
ගෙදර සීනුව නාද වෙන්නේ ඊලග තත්පරෙත් කැතරිනාට හිත් රිදවීමක්ද.....
නංගී ඉන්න මං බලන්නම්.....
අයියා ....
ෂෙරින් මීට් වෙන්න එන අය තමයි බං එන්නේ මට කවුද ඉන්නේ උඹ මිසක් .....
හෙලෝ පුතා.....කාලෙකින් නේද ....ඒ ඇහෙන්නේ කාලයක් තිස්සේ අහන්න අකමැති වෙලා තිබුන කටහඩක් ...ගමේ ඉන්න ලොකුකමින් අහංකාරකමින් ඉන්න මහින්ද මුදලාලි ...ඉස්සරත් මං කැමති නෑ...දැන් කියලත් එහෙම තමයි කැතරිනා කල්පනා කරන්නේ මේ ආවේ ඇයි කියලා ....
එන්න අන්කල් .....
කෝ පුතා ෂෙරින් දූ.....මං පනිවිඩයක් කිව්වා දුව කියන්න ඇතිනේ....
නෑ අන්කල් එයාට අමතක වෙන්න ඇති ...ඉන්න මං කතාකරන්නම්.....
නෑ නෑ මං ආවේ ඔයාවයි නංගිවයි මීට් වෙන්න ....
පොඩ්ඩියේ වරෙන්කෝ ටිකක් ....අයියා මට කතාකෙරුවේ ඉස්සර විදිහටමයි....
අප්පච්චීගේ එකම දූ රොෂානා විජේවර්ධන එකම අයියා රොෂාන් විජේවර්ධනගේ නංගී ....දැන් කැතරිනා වෙලා ...ඔක්කොටම පුදුම ඇති...ඒත් පුදුම වෙන්න දේකුත් නෑ...
අයියා මං දැන් දූ එක්ක ටිකක් එලියට යනවා...මං ඒ මිනිහට කතාකරන්න කැමති නැති නිසාම ඇතුලේ ඉදලා කෑගැහැවුවා ....
ටිකක් වරෙන් පොඩ්ඩියේ ....
ආ...නංගී එන්න අර මං කිවුවේ මහින්ද අන්කල් එයා ඇවිත් ඉන්නේ ...ෂෙරින් ආවේ හරි කලබලෙන් වගේ....
නංගී යං එන්නකෝ....
අක්කා යමු මං එන්නම්.....
ෂෙරින් මෙච්චර ඉක්මනට වෙනස් වෙන්නේ කොහොමද ...එහෙම පුලුවන් ද....
ආ....මේ ඉන්නේ දුව.....අම්මෝ අවුරුදු විස්සක් විතර දැක්කේ නෑනේ දුවව....
ඔවු අන්කල් මං ලංකාවට ආවේ මේ දුවගේ ස්ටඩීස් වලට...හරි ඉක්මනින් අපි ආපහු යන්න ආවේ...කැතරිනා කිව්වේ ඔහු ආව හේතුවක් ඇත්නම් ඒක වලක්වන්න ....
ඔය කිවුවට නංගී යන්නේ නෑ අන්කල් ...එයා මෙහේ ඉන්නවා ...ගියා කියලා මොනවා කරන්න ද......
වට්....
ස්ටෙපනි ඔයා උඩට යන්න ..මෙතන ලොකු අයගේ කතාවක්....
ආංටී මේ මෙතන ඉන්නේ මගේ මමී ඉතින් මාත් මමී ලගින් ඉන්න ඕනා....ඔවු මමී කිවුවා වගේ අපී ආයෙමත් යනවා...මගේ ඩැඩී ඉන්නේ එහේ....ඉතින් අපිට එහේ යන්නම වෙනවා....නේද මමී....
හරි මැනික ඔයා ලෑස්ති වෙන්න අපි දැන් යනවා.....
මමී ලේට් නොවී එන්න ....
හරි ඩාලින් .....
අන්කල් ආවේ....මං කතානොකර බැරි නිසා ඇහැව්වා ....
පොඩ්ඩියේ මගේ ඔලුව රිදෙනවා බං මං යනවා උඹ පරිස්සමෙන් ...අයියා යන්න ගියේ එයාට මේ මිනිහා එක්ක කතාකරන්න උවමනාවක් නෑ වගේ.....
මාත් යනවා අක්කා ....මං නැගිටලා යන්න හැදුවා ඒත් ෂෙරින් මට යන්න දුන්නේ නෑ....
අන්කල් මෙයා මේ යාලුවෙක් එක්ක ඩිනර් අවුට් යන්න ලෑස්ති වෙලානේ ...ඒකයි හදිස්සිය මේ....
ඒත් අපිට කතාකරන්න මොකුත් නෑ නේද අන්කල් ....
දුව කතාකරන්න දෙයක් තියෙනවා ...ඒකමයි මං ආවේ....ඔහොම වාඩිවෙන්න ටිකක් ....
මේ මාත් එක්ක ....
දුව මං කෙලින්ම කතාකරන්නම්...ෂෙරින්ට නම් කියලා තියෙනවා මං මේගැන....
ඒත් අක්කා මොකුත්ම කිවුවේ නෑ අන්කල් ...හරි කියන්නකෝ...
අපේ පුතා තාමත් දුව ගැන බලාගෙන ඉන්නවා ....ඉස්සර මං ඔයාගේ ඩැඩීට නම් කියලා තිබුනේ ...ඒත් ඩැඩීට ඒවා ඔයාට කියන්න වෙලාවක් ආවේ නෑ...අනික ඔයා දිහෑ බලාගෙන එයා හිටියා ඒත් ඔයා එකපාරටම ලංකාවෙන් ගියා ...
ඉතින් අන්කල් එයා මැරි කරා නේද .....
ඒ මගේ කරදරේ නිසා රොෂානා....
අන්කල් දැන් කොහොමද කියන්නේ එයාට මාව මැරි කරන්න කියලා ......
දැන් එයා ඩිවොස් වෙලා .....අවුරුදු ගානක්....ඔයත් ඉන්නේ තනියම ....ආයෙමත් ඔයාට ජිවිතේ ගොඩයන්න නම් මේකට උත්තරයක් දෙන්න ...දුව ගැන හිතන්න එපා එයා දැන් ලොකුයි....අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි ....
අන්කල් මං මගේ මහත්තයා ලගට යනවා....දුවට එයාගේ ඩැඩී ඉන්නවා ....ඔවු රත්තරං මනුස්සයෙක් මං වෙනුවෙන් ඉන්නවා .....
නංගී පිස්සු කියෝනවා අන්කල් ...මං හිමීට තේරුම් කරලා දෙන්නම්...අන්කල් ඉන්නකෝ...
ෂෙරින් එහෙනම් ඔයා බලලා තීරණයක් දෙන්න ...නැත්නම් පස්සේ ඔයාලටම දුක්වෙන්න වෙයි.....
නෑ අන්කල් මගේ තීරණයේ වෙනසක් නෑ ඔයා ආයේ එන්න එපා....
රොෂානා දැන් කලබල නොවී උඩට යනවා....මෙතන ප්‍රශ්න ඇති නොකර ....
අක්කා ඔයත් මතක තියාගන්න මං ගැන තීරණ ගන්නේ මම මිසක් ඔයා නෙවෙයි ....මං ඉවසලා බැරිම තැන එහෙම කියාගෙන නැගිටලා යන්න ගියා .....
-----===--===----====--
මමී .....
මැනික ....
අපි දෙන්නා අද ෂෙරින් ආංටීලාගේ ගෙදර නොයා ඉමු....
ඩිනර් අරන් අපි අර එදා නැවතුනේ ලංකාවට ආපු දා....එහෙට යමුද .....
හරි මැනික මාත් කැමතියි ටිකක් නිදහසේ ඉන්න ....එහෙනම් අපි සතියකට යමු...ඉන්න මං කෝල් කරලා ඇරේන්ජ් කරන්නම්....ඔයාට ටිකක් නිදහසේ ඉන්න පුලුවන් නේ....
එෆ් කරිස්තෝ මම්මා(ගොඩාක් ස්තූතියි අම්මා )
ඒ සැනසීම මං දූගේ මූනෙන් දැක්කා .....
එහෙනම් පුතේ ඇදුම් ලෑස්ති කරගන්න ...දැන් නිලූ ආංටී එයි...එයාට කියලම අපි හොටෙල් එකට දාගමු....
-----------------------
තරූන්......
මං ඒ හඩට හැරුනේ ඉබේටම වගේ.....
අපිට පිටිපස්සෙන්ම ඒ හඩ ඇහුනා.....
තරූන් වරෙන්කෝ බං මොනාද ඕඩර් කරන්නේ .....
කෝ කවුරුත් නෑ....මං වට පිට බැලුවා .....
ස්ටෙපනි .....
සුදු අයියා .....
මොනාද අනේ හොයන්නේ .....
නෑ මේ නිකන් බැලුවේ .....
මොනවද ඩිනර් ගන්න කැමති ...ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට ඩිනර් ගන්න යමු කිවුවේ නිලූ ආංටී .....මමී නම් ඕන දෙයක්ඔට්ටුයි .....මට නම් පීසා කෑල්ලකුත් ඇති...ගෙදර බෝරින් නිසා ආව මිසක් මට ඕනි උනේ මමීගේ හිත හදන්න ....
මොනාද ස්ටෙපනි අද විෂේස ඕන.....
හ්ම්....නාසිගුරන්....තව....මං ඔහේ කටට ආවට කියාගෙන මිසක් ඩිනර් ගන්න තරම් මානසික මට්ටමක මායි මමීයි හිටියේ නෑ.....
කැතරිනා මොකක්හරි අවුලකද ඩාලින්......
නිලු.....සයිප්‍රස් ඉදලා අපිත් එක්කම වගෙයි ලංකාවට ආවේ...මහලොකු යාලුකමක් නැතත් සුදුපුතා දූගේ යාලුවා ...ඒ නිසාම තමයි තාමත් මේ යාලුකම ....
නිලූ ඉක්මනින් අපේ ගෙදරට යන්න ඕනා....ෂෙරින් එක්ක ඉදලා ප්‍රශ්න දාගන්න බෑ.....
අනේ බං මං කොච්චර නම් කිවුවද අපේ ගෙදර ඉමු කියලා ....ගෙදර වැඩ ඉවර වෙනකම් අපිත් එක්ක ඉන්න පුලුවන් හෙටම වරෙන් .....
ලබන සතිය වෙද්දී පුලුවන් වෙයි කෙල්ලේ අලුත් ගෙදරට යන්න ...ඒත් අයියා දාලා යන්න බෑ...එයා ඉන්නේ සතුටින් නෙවෙයි බං මං හිතන්නේ ....
ඔය ෂෙරින් ගැන මං දන්නේ පොඩිකාලේ ඉදලා ...උබලගේ ඩැඩී රැවටුනානේ...අපරාදේ අයියා .....
හ්ම්......
තරූන් අර අතනට යමුකෝ ....
ආයෙමත් ඒ නම.....
සර් එයා කොහෙද මෙහේ....මටත් පිස්සු සර් සර්....එයාට විතරද තරූන් කියලා නම් තියෙන්නේ .....
මං ආයෙමත් හැරුනා.....
ඔවු ඒ සර් තමයි .....
ඒත් මං කොහොමද කතාකරන්නේ ......
මං එයාගේ ගෝලයෙක් ....සර් කියන්නේ මගේ ගුරුවරයා....ඒත් මේ වෙලාවේ නාසිගුරන් රෙස්ටුරන්ට් එකේ එයා....
බලමු තරූන් ටැටු කෙල්ල දකීවිද කියලා ....හෙට කොටස කියවන්නම වෙනවා ලමයි ....
තවත් කොටසකින් හමුවෙමු ...ඊටත් කලින් ලියන්නම දෙයක් තියෙනවා ...කෙනෙක් ඉන්බොක්ස් ඇවිත් කියනවා මේ ටැටු කෙල්ල නමින් තවත් කතාවක් තියෙනවලු....ඔයාට ප්‍රශ්න එයිලු ඒ නිසා...හරි එක නමින් කතා තියෙන්න බැරිද....අද කතාවට සාදාරනයක් මං අතින් උනේ නෑ ඔය හේතුව නිසා...මට ලියන්න එපා උනා...ඒත් කතාවට ආදරේ අය නිසා ලිවුවා ...ඔයාලම කියන්න මේ කතාවට මං සාදාරනයක් කරන්නේ නැද්ද ...මං ලියන්නේ කාගෙන්වත් කොපි කරලවත් එක දශමයක් දේ හොරකම් කරලවත් නෙවෙයි ...මං එක්ක ඉන්න අය දන්නවා මං ලියන රටාව...ඔයාලට බාරයි තීරණය ...එපාම උනොත් නොලියා ඉන්නවා....බුදුසරණයි
මං නිල්නෙතු තාරකා
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo