SL Lover Info

SL Lover Info

Share

18/06/2026

කීදෙනෙක්ගේ කාටවත්ම නොකියා හංගගත්තු කතා මේ අහස අහගෙන ඉන්න ඇතිද...!

දුක හිතෙන කතන්දර,
සතුටු හිතෙන කතන්දර,
ආදරේ හිතෙන කතන්දර,
වෙන්වෙලා ගියපු කතන්දර
මේ වගේ කියපු නොකියපු කතන්දර කීයක්,
කියාගන්න බැරි උන හැඟීම් කීයක්
මේ අහස බෙදාගෙන ඇතිද...!
ඒ සමහර කතා අහලා මේ අහස
කොච්චර කම්පා වෙලා ඇතිද...?

අපි හැම කෙනෙක්ටම තියෙනවා
ජීවිතේට අමතක නොවන මතක ගොන්නක්
රැදිලා තියපු තැනක්...
මගේ ජීවිතේනම් ඒ හැම තැනකදිම
මම හිටියේ මේ අහසට යටින්...
ඒ නිසා එහෙම කතාවල
අහසත් එක්තරා පංගුකාරයෙක්...

බිත්ති හතරට කොටුවෙච්ච කතාවලට වඩා රමණීය මතක මේ අහස යට
ඕනෙතරම් සිද්ධවෙලා ඇති...
දැනුත් සිද්ධවෙනවා ඇති...
ඒවට කොළඹ අහසවත්, ගාලු අහසවත්,
නුවර අහසවත්, කුරුණෑගල අහසවත්
කියලාභේද කරන්න බෑ...

අහස කියන්නෙ අහසට,
මතක ගොන්නක් රඳවගත්තු හෙවනකට...!

©️ චරුද් හිමන්‍ය දිසානායක

14/04/2026

සතුට සෞභාග්‍ය පිරි නීරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. 💐❤️ ජය වේවා. ❤️
SL Lover Info

29/01/2026

බොරු කරන්න දන්නෙවත් නැති ආත්ම ❤️🐕🐶❤️





fans

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo