Red Eye

Red Eye

Share

16/03/2026

......පරණ විදිහට ඇහෙන QR කතාව ......

වර්තමානයේ මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කරගනිමින් ඇවිළී යන යුදමය තත්ත්වය භූ දේශපාලනික සීමාවන්ට පමණක් ලඝු කළ නොහැකි ගෝලීය ආර්ථික අර්බුධයක් දක්වා පැමිණ තිබෙනවා.
ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ බ්ලූම්බර්ග් (Bloomberg) වැනි ප්‍රමුඛ ආයතනවල විමර්ශන වාර්තාවලට අනුව, සහ ලෝක ආර්ථික විශ්ලේෂකයන්ට අනුව මෙම ගැටුම මේ වන විට මිනිස් ජීවිත විනාශයෙන් ඔබ්බට ගොස් දශක ගණනාවකින් ගොඩනැගූ දැවැන්ත ආර්ථිකයන් සුනු විසුනු කරන ආර්ථික බිඳවැටීමක් නිර්මාණය කර තිබෙන බවයි පෙන්වා දෙන්නේ .
තවද මෙය සමස්ත ලෝක ආර්ථිකයටම එකවර දැනෙන දැවැන්ත ආර්ථික අවපාතයක අදුරු සෙවනැලි පතිත කාල පරිචිඡේදයක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙනවා.

මෙම මැදපෙරදිග යුද්ධයේ මීළඟ සහ දරුණුතම ආර්ථික බලපෑම එල්ල වී ඇත්තේ බලශක්ති යටිතල පහසුකම් වෙතයි. විශේෂයෙන්ම ඇමරිකාව සහ ඉරානය විසින් එකිනෙකාගේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කරමින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් සිදුව ඇති මූල්‍ය හානිය ඩොලර් ට්‍රිලියන ගණනින් බවයි ආර්ථික විශ්ලේෂණ දත්ත පෙන්වා දෙන්නේ. මේ වනවිට ඉරානයේ ප්‍රධාන තෙල් පිරිපහදු සහ අපනයන පර්යන්ත විනාශ වීමත් සමඟ, එරට ජාතික ආදායමේ ප්‍රධානතම ජීවනාලිය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙනවා.

ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර ගොඩනැගූ මෙම අතිදැවැන්ත පිරිපහදු මධ්‍යස්ථාන යළි ගොඩනැගීම සඳහා වසර ගණනාවක කාලයක් සහ අතිවිශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වනු ඇති බව මූල්‍ය දත්ත විශ්ලේෂකයෝ අවධාරණය කරනවා.තෙල් ගබඩා සහ පිරිපහදු විනාශ වීම හුදෙක් එක් රටකට පමණක් නොව, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගෝලීය බලශක්ති සැපයුම් දාමය මුළුමනින්ම අඩාල කිරීමට සමත් වී තිබෙනවා .මෙහි ඛේදනීය තත්ත්වය නම් තෙල් අපනයනය මත රදා පවතින ලංකාව වැනි රටටකට මෙවැනි ගෝලිීය අර්බුදයකදී දැනෙන ආර්ථික අවපාතයන අදුරු සෙවනැල්ලේ ප්‍රමාණයයි.

මෙම සමස්ත මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵල ඊළඟ අදියරේදී ගෝලීය ආර්ථිකය වෙත දැඩිව දැනෙනු ඇත්තේ එකතැන පල්වන ආර්ථික උද්ධමනයක් ලෙසින් බව මේ වන විටත් ලෝක ආර්ථික දත්ත පෙන්වා දෙනවා.ලෝක ආර්ථිකය, රටවල්වල ආර්ථික තත්ත්වය, වෙළඳපොළ ප්‍රවණතා සහ ව්‍යාපාරික පරිසරය පිළිබඳ දත්ත විශ්ලේෂණ, අනාවැකි (forecasts) සහ පර්යේෂණ වාර්තා සකස් කරන, රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ආර්ථික දත්ත, GDP වර්ධන අනාවැකි, උද්ධමනය, වෙළඳපොළ තත්ත්වය වැනි කරුණු විශ්ලේෂණය සපයන ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් (Oxford Economics) වැනි ආයතනවල විශ්ලේෂණවලට අනුව, කලාපයේ තෙල් සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) සැපයුම අවහිර වීමත්, යටිතල පහසුකම් විනාශ වීමත් නිසා බලශක්ති මිල ගණන් මේ වන විට අසාමාන්‍ය ලෙස ඉහළ යමින් පවතින බවයි පෙන්වා දෙන්නේ.
මෙවැනි තත්ත්වයක් තුළ ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වන අතර, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ආනයන පිරිවැය දරාගත නොහැකි මට්ටමකට පත්වනු ඇත.
ලොකයේ මෙවැනි ආර්ථික අවපාතයක සෙවනැලි පතිත වෙමින් පවතින මොහොතක, යුදමය තත්ත්වය තව තවත් උනුසුම් කරමින් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.එමෙන්ම අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමටත් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය තීරණය කර තිබෙනවා.මේ අතර විදෙස් වාර්තා පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය අසල කාර්ග් දූපතේ හමුදා ස්ථාන කිහිපයකටම අමෙරිකාව විසින් බෝම්බ හෙළා ඇති බවයි.
මේ අතර ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිදු කළ ප්‍රකාශයට අනුව, ලොව කාර්යබහුල ම තෙල් ප්‍රවාහන මාර්ගය වන හොමූස් සමුද්‍ර සන්ධිය අඛණ්ඩව අවහිර කිරීමට ඉරානය පියවර ගනු ඇති බවට විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් සදහන් කරනවා.
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිදු කළ ඔහුගේ පණිවිඩය ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය වූ නමුත් කමේනි පෞද්ගලිකව එහි පෙනී සිටියේ නැත. ඒ වෙනුවට ඔහුගේ පණිවිඩය ප්‍රවෘත්ති නිවේදකයෙකු විසින් කියවන ලදී.එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමග යුද්ධයේදී මියගිය ඉරාන ජාතිකයින් වෙනුවෙන් ඉරානය පළිගන්නා බව කමේනි පැවසූ අතර, ඇමෙරිකානු හමුදා කඳවුරු සඳහා සත්කාරකත්වය සැපයීම නවත්වන ලෙස අසල්වැසි රටවලට ඔහු අනතුරු ඇඟවා තිබෙනවා.

මැද පෙරදිග කලාපයේ යුදමය තත්ත්වය මාස දෙක තුනක් පැවැතියහොත් මෙරටට මාසයකට දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 80 ත්, 90 ත් අතර ආදායමක් අහිමි වීමේ අවදානමක් පවතින බව අපනයන සංවර්ධන මණ්ඩලය සදහන් කරනවා. යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට අපනයන ක්ෂේත්‍රයට සියයට අටක පමණ බලපෑමක් පවතින බවද අපනයන සංවර්ධන මණ්ඩලය උපුටා දක්වමින් වාර්තා කර ති‌බෙනවා. මෙරට සමස්ත අපනයනවලින් 6% ත්, 8% ත් අතර ප්‍රමාණයක් අපනයනය කෙරෙන්නේ මැද පෙරදිග රටවල් සදහායි. ඉකුත් 2025 වසරේදී මැද පෙරදිග රටවලට මෙරටින් එක්සත් ජනපද ඩොලර් මිලියන 1084 ක අපනයනයන් කර ඇති බව ආර්ථික දත්ත පෙන්වා දෙනවා . ඉන් එක්සත් ජනපද ඩොලර් මිලියන 562 කම අපනයනය කර ඇත්තේ ඇඟලුම්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාරපාන වර්ග, කුළුබඩු හා අනෙකුත් අපනයනයන්ය.
.....2022 ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ 2026 QR ප්‍රවේශය.......

වර්තමාන යේ සිදු වී තිබෙන මෙම ගෝලීය ආර්ථික අර්බුදයක ප්‍රවේශය සහ මීට පෙර පැවති තත්ත්වය පිළිබද විපක්ෂය ගෙන යන සංසංධනාත්මක විග්‍රහය ජුගුස්වා ජනකය.
පසුගිය කාලයේ මෙරට පැවති ආර්ථික අර්බුදය හා මේ වන විට පවතින අර්බුදය පිළිබද ආර්ථිකමය හා දේශපාලන සාධනීය විග්‍රහයක් කර ගැනීම ඉතා වැදගත්ය.
2022 වසරේ ශ්‍රී ලංකාව නිදහසෙන් පසු මුහුණ දුන් දැඩිම ආර්ථික අර්බුදයකට ලක්විය. විදේශ ණය බර ඉහළ යාම, විදේශ විනිමය හිඟය, උද්ධමනය සහ ආනයන සීමා වැනි කරුණු එකට එකතු වීම මෙම අර්බුදයට ප්‍රධාන බව ආර්ථික විශ්ලේෂණ දත්ත පෙන්වා දෙන්නේ . මෙම තත්ත්වය හේතුවෙන් රටේ ආර්ථික ක්‍රියාකාරකම් බොහෝමයක් බාධා වූ අතර ජන ජීවිතය දැඩි ලෙස බලපෑමට ලක් විය.පළමුව, විදේශ විනිමය සංචිත දැඩි ලෙස පහළ වැටීම මෙම අර්බුදයේ ප්‍රධාන කරුණක් විය. 2020 වසරේදී ශ්‍රී ලංකාවට බිලියන ගණනක විදේශ විනිමය සංචිත තිබුණද 2022 වන විට එය ඩොලර් බිලියන 2ටත් අඩු මට්ටමකට පහළ වැටුණි. එය රටට මාසයකට පමණ ආනයන ගෙවීමට පමණක් ප්‍රමාණවත් වූ තත්ත්වයක් විය.
දෙවැනි කරුණ වන්නේ රාජ්‍ය ණය ගැටලුවයි. 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම් අත්හිටුවමින් බංකොලොත් තත්ත්වයක් (default) ප්‍රකාශ කළේය. එම අවස්ථාවේදී රටට ගෙවිය යුතු සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 50කට අධික වූ අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදනයට (GDP) සාපේක්ෂව සම්මතව 128% පමණ විය.
එමෙන්ම 2022 වසරේ උද්ධමනය ඉතා ඉහළ මට්ටමකට පැමිණියේය. සාමාන්‍ය උද්ධමනය 46% සිට 70% අතර මට්ටම්වලට ඉහළ ගොස් ආහාර, ඉන්ධන, ගෑස් සහ අනෙකුත් දෛනික භාණ්ඩ මිල දැඩි ලෙස ඉහළ ගියේය. මෙය ජනතාවගේ ජීවන වියදම අතිශයින් වැඩි කළේය.
ආර්ථික වර්ධනයද දැඩි ලෙස පහළ ගියේය. 2022 වසරේදී ශ්‍රී ලංකාවේ GDP සම්මතව 7%–8% අතර ප්‍රමාණයකින් අඩු වූ අතර කර්මාන්ත, කෘෂිකර්ම සහ සේවා අංශ සියල්ලම පහත වැටීමක් පෙන්නුම් කළේය.මෙම තත්ත්වය හේතුවෙන් ඉන්ධන, විදුලි සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක්ද ඇති විය. විදේශ විනිමය නොමැතිවීම නිසා ඉන්ධන සහ ඖෂධ ආනයනය කිරීම අපහසු විය. එහි ප්‍රතිඵලයක් ලෙස දිගු ඉන්ධන පෝලිම්, විදුලි කප්පාදු සහ භාණ්ඩ හිඟය රට පුරා දැකගත හැකි විය.
සාරාංශයෙන් බලන විට, විදේශ ණය බර, විදේශ විනිමය හිඟය, උද්ධමනය සහ ආර්ථික වර්ධනය කඩා වැටීම යන කරුණු එකට එකතු වීමෙන් 2022 වසරේ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට සහ බංකොලොත් තත්ත්වයකට මුහුණ දුන්නේය.
දශක කිහිපයක් පුරා මෙරට අදූරදර්ශී දේශපාලන හා ආර්ථික මුලපායන්ගේ ක්‍රියාවලියක ප්‍රතිපලයක කූටප්ප්‍රප්තිය බවට පත් වූයේ 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම් අත්හිටුවමින් බංකොලොත් තත්ත්වයක් (default) බවට ප්‍රකාශයට පත් වීමයි.
එම අවස්ථාවේදී ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත් කිරීම සඳහා හඳුන්වා දුන් National Fuel Pass (QR) ක්‍රමය තෙල් බෙදාහැරීම පාලනය කිරීමට සහ අධික භාවිතය වැළැක්වීමට වැදගත් මෙවලමක් විය. මෙම ක්‍රමය මඟින් වාහන ලියාපදිංචි කර සතිපතා ඉන්ධන ප්‍රමාණයක් සීමා කිරීම සිදු කළ අතර, ඉන්ධන පෝලිම් සහ කළු වෙළඳාම යම් තරමකට පාලනය කිරීමට හැකි විය.

2025 පසු වෙද්දී රජයේ ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙල යටතේ රාජ්‍ය ආදායම් ඉලක්කයට යෑමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම, සමස්ත රාජ්‍ය ආදායම අනුපාතයක් ලෙස ඊට වඩා 1.5%කට ආසන්න මට්ටමකින් වැඩි වී තිබෙනවා.මේ මොහොතේ රජය සහ මහ බැංකුව ප්‍රශ්නයේ ගැඹුර නිවැරදිව අවබෝධ කරගෙන තිබෙන බවයි ආර්ථික දත්ත පෙන්වා දෙන්නේ. ඒ වගේම, ප්‍රශ්නයට මුහුණ දීම සඳහා කළ යුතු දේවල් කරමින් සිටින බවත් ආර්ථික විශ්ලේශන දත්ත පෙන්වා දෙනවා. මැදපෙරදිග යුද්ධයේ බලපෑම බොහෝ දුරට එන්නේ රටේ සමස්ත ආර්ථික පද්ධතියට. දිත්වා නිසා පසුගිය දෙසැම්බර් මාසය තුළ සංචාරක කර්මාන්තයේ යම් පසුබෑමක් විශ්වාස කරත් ආණ්ඩුවේ ආර්ථික ස්ථායිකරනය සහ දේශපාලන මැදිහත් වීම මත එය නැවත කලමණාකරණය කරගැනීමට හැකි විය. ඉරාන යුදමය තත්ත්වය පටන් ගනිද්දී ඒ තත්ත්වයේ විශාල වෙනසක් සිදු කර ගැනීමට ආණ්ඩුවට හැකි විය. ජනවාරි සහ පෙබරවාරි දෙමස තුළ, පෙර වසරට සාපේක්ෂව, සංචාරක පැමිණීම් වල 12.9%ක වර්ධනයක් රදවා ගැනීමට ආණ්ඩුවට හැකි විය.දළ ඇස්තමේන්තුවක් විදිහට යුද්ධය හේතුවෙන් රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය අඩු විය හැකි වුවත් මේ වන විට එම තත්ත්වය පාලනයකට රදවා ගැනීමට ආණ්ඩුව සමත් වී තිබෙන බවයි පෙන්වා තිබෙන්නේ.

මේ අනුව පැහැදිලි වන පරිදි, තව දුරටත් ආයෝජන වලින් කොටසක් සිදු වන්නේ ණය ගැනීම් හරහා වුවත්, මේ තත්ත්වය යටතේ පොලී වියදම්ද ඇතුළුව, පරිභෝජනය සඳහා ණය ගැනීමක් සිදු වන්නේ නැහැ. ඒ නිසා, රජය විසින් ණය එකතු කරගන්නවාට වඩා වැඩියෙන් වත්කම් එකතු වීමක් සිදු වෙනවා. තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය වන්නේ මෙවැනි ප්‍රවේශයක්. ඉදිරිපත් වන ආර්ථික දත්ත හා විශ්ලේශන වලට අනුව ලෝකය ආර්ථික අර්බුදයක ඒලිපත්තේ සිටින මොහොතක ආණ්ඩුවේ ආර්ථික කළමණාකරනය සාධනීය ප්‍රවේශයක් ගෙන තිබෙනවා.

පසුගියදා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශවරයා සදහන් කළේ
" සාමාන්‍යයෙන් අපිට දවසකට පරිභෝජනය තිබුණේ පෙට්‍රල් මෙට්‍ර්ක් ටෝන් 4,000ට වඩා අඩුවෙන්, ඩීසල් නම් මෙට්‍ර්ක් ටොන් 4,000 - 4,400 අතර. මාර්තු 01 වෙනිදා ඉඳලා මාර්තු 09 දක්වා අපේ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 59,200යි. පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 47,500යි. ඒ කියන්නේ දළ වශයෙන් පෙට්‍රල් මෙට්‍ර්ක් ටොන් 13,000ක් පමණ, ඩීසල් මෙට්‍රික් ටොන් 23,000ක් පමණ වැඩිපුර පරිභෝජනය කරලා තිබෙනවා පසුගිය දවස් කීපය ඇතුළත."
"ලෝක වෙළඳපොළේ බොර තෙල් සහ පිරිපහදු තෙල් වැඩි වීම, අපේ පරිභෝජනය විසින් අපේ තෙල් සංචිත අඩු වීම සහ අලුතින් තෙල් ගෙන ඒම කියන කාරණා පදනම් කරගෙන මේ මිල වැඩි කරන්න සිද්ධ වුණා. මීට වඩා වැඩි කළ යුතු මිල වැඩියි, නමුත් විශාල මිල වැඩි කිරීමක් එකවර අපේ ආර්ථිකයට දරා ගන්න බැරි නිසා තමයි මේ ප්‍රමාණයට වැඩි කිරීම සිදුවුණේ. අනිත් පැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා තෙල් පරිභෝජනය සීමා කිරීමට ජනතාව මේ අවස්ථාවේ කටයුතු කරයි කියලා."
අමාත්‍යවරයා මෙහිදී සදහන් කරන දෙය තුල සත්‍ය පදනමක් ඇත.
මැදපෙරදිග අර්බුදයට පෙර වාහන, කර්මාන්ත, කෘෂිකර්ම සහ ජනමාධ්‍ය අවශ්‍යතා සඳහා දිනපතා විශාල ප්‍රමාණයේ ඉන්ධන භාවිතා විය. ලෝක ආර්ථික අර්බුදයක් මතුවීමේ අවධානමක් පවතින මේ මොහොතේ අධික පරිභෝජනය ඉන්ධන සැපයුම කෙටි කාලයකදී ඉවර කර දමන අවදානමක් ඇති කර තිබෙනවා.
ලෝක ආර්ථික අර්බුදයක් සහ ඉන්ධන හිඟය පිළිබඳ ජනතාව අතර බිය සහ අවදානමක් පවතින විට, ඉන්ධන තොග රැස් කිරීම සිදු විය. සමහර වාහන හිමියන් සහ ව්‍යාපාරිකයන් තම වාහන සහ කාර්මික අවශ්‍යතා සපුරාලීමට තෙල් තොග තබා ගැනීමට ආරම්භ කළහ. මෙය වෙළඳපොළේ සැපයුම අඩු කළ අතර, දිගු පෝලිම් වැනි ප්‍රතිඵල ඇති කළේය.
මෙම හේතු එකට බැඳීමෙන් තෙල් සැපයුම සුරක්ෂිතව බෙදා හැරීම සඳහා පාලන ක්‍රමයක් අවශ්‍ය නිසා රජය QR Fuel Pass ක්‍රමය මත, එක් එක් වාහනයට සතියකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමෙන් අධික පරිභෝජනය සහ අධික තෙල් තොග රැස් කිරීම වැළැක්විය හැකිය.
මේ අනුව මාර්තු 15 වන දා උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල දී ගැනීමේදී QR ක්‍රමය බලපැවැත්වෙන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.
2022 වසරේ ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය ඉතා දැඩි මට්ටමකට පැමිණියේ විදේශ විනිමය හිඟය හේතුවෙන් ඉන්ධන ආනයනය සීමා වීම නිසාය. නමුත් අද තත්ත්වය ඊට හාත් පසින්ම වෙනස්ය . ආණ්ඩුවේ මූල්‍ය කළමණාකරනය මත ආණ්ඩුවට මුදල් තිබුනද මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කරගනිමින් ඇවිළී යන යුදමය තත්ත්වය මත ඉන්ධන සැපයුමට සීමා පැනවී තිබෙනවා. පළමුව, මෙම ක්‍රමය මඟින් වාහන ලියාපදිංචි අංකය අනුව QR කේතයක් ලබාදී සතියකට ලබාගත හැකි ඉන්ධන ප්‍රමාණය සීමා කරන ලදී. මේ හේතුවෙන් අධික පරිභෝජනය පාලනය කර සමානව බෙදාහැරීම සිදු කළ හැකිය. 2022 අග භාගයේදී වාහන මිලියන 6කට අධික සංඛ්‍යාවක් මෙම පද්ධතිය යටතේ ලියාපදිංචි වී ඇති බවයි වාර්තා වන්නේ .
දෙවැනි කරුණ වන්නේ ඉන්ධන පරිභෝජනය අඩු කිරීමයි. දිනකට ඉන්ධන භාවිතය ලීටර් මිලියන 7–8 අතර පැවති අතර QR Fuel Pass ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එය ලීටර් මිලියන 4–5 අතර මට්ටමකට පහළ යෑමට හැකිය. මෙය ඉන්ධන සංචිත වැඩි කාලයක් පවත්වා ගැනීමට උපකාරී වෙයි .
තවද කළු වෙළඳාම සහ අසමබර බෙදාහැරීම අඩු වීම සඳහන් කළ හැක. QR පද්ධතිය මඟින් එක් වාහනයකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය පාලනය වූ බැවින් අනීතික ලෙස ඉන්ධන එකතු කිරීම හෝ අධික ලෙස මිලදී ගැනීම අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo