NewsOne.Lk

NewsOne.Lk

Share

31/03/2024

ඉන්දියාවේ වෙන්කටේෂ්වර සාමි කෝවිල් පද්ධතියට අයත් තිරුපති කෝවිලේ ශාඛාවක් ශ්‍රී ලංකාවේද පිහිටුවන මෙන් තිරුපති බැතිමතුන් විශාල පිරිසක් ඉන්දියාවේ තිරුපති කෝවිල් භාරයෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම, පසුගියදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි නිල සංචාරයක යෙදුණු නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා විසින් ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමැති ජගත් මෝහන් රෙඩ්ඩි හමුවූ අවස්ථාවේදීද මෙරට තිරුපති කෝවිලක් ඉදිකරන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.

ඒ අනුව, ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ ශාඛාවක් මෙරට ඉදිකිරීම පිළිබඳව සොයා බැලීමට තිරුපති දේවාලයේ ප්‍රධාන විධායක නිලධාරී ධර්ම රෙඩ්ඩි මහතා පසුගිය සිකුරාදා (29.03) මෙරටට පැමිණීමට නියමිතව තිබුණි.

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට අයත් කඳුකර නගරයක් වන තිරුමාලාවේ පිහිටා ඇති තිරුපති කෝවිලට වසරකට කෝටි සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණෙන බවද සඳහන් වේ.

31/03/2024

නූතන ක්‍රමවේදයන් සමඟ ලොව පුරා චිත්‍රපට කර්මාන්තය නව්‍යකරණයට පත්ව ඇති බැවින්, චිත්‍රපට නිර්මාණ කෘතිම බුද්ධිය මගින් (AI) නිර්මාණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එවන් පසුබිමක ලංකාවේ පළමු කෘතිම බුද්ධිය උපයෝගී කරගනිමින් නිර්මාණය වන චිත්‍රපටය සඳහා රජය මගින් මුදල් සපයන බවද ජනාධිපතිවරයා රයිගම් ටෙලීස් 2023 සම්මාන උළෙල අමතමින් සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙලෙස අදහස් දැක්වුවා.

"දැනට තියනවා AI කමිටුවක් කෘතිම බුද්ධිය ලංකාවට ගේන එකට මම ඒ අයට කියලා තියනවා මොරටුව විශ්ව විද්‍යාලය අරගෙන පුළුවන් නම් සෞන්දර්ය විශ්ව විද්‍යාලයත් අරගෙන ලංකාවේ පලවෙනි AI චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කියලා. ඒකට ආණ්ඩුවෙන් අපි මුදල් ලබලා දෙනවා. අපි බලමු පලවෙනි AI චිත්‍රපටය ලංකාවේ සකස් වෙන්නේ කොහොමද කියලා."

29/03/2024

ක්‍රිප්ටො රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට නිව්යෝක් අධිකරණයක් මගින් වසර 25ක සිරදඩුවමක් නියම කර තිබේ.

ඒ, ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන 8ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි.

29/03/2024

මහා සිකුරාදාව අදයි....

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද (29.03)ට යෙදී තිබේ.

ඒ අනුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදීම අද දින සිහිපත් කරන අතර, උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට (31.03) යෙදී තිබේ.

මේ අතර, කිතුනු දේවස්ථානයන්හි පැවැත්වෙන දේව මෙහෙයන් සහ උත්සව වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පැවසීය.

මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිඩ හමුදා නිලධාරීන්ගේ ද සහාය ලබාගැනීමට නියමිත බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

28/03/2024

කෘෂි රැකියා සඳහා 1064ක් ඊශ්‍රායලයට....

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා 2024 වසරේ මාර්තු මාසයේදී පමණක් ශ්‍රි ලාංකිකයින් 1064 දෙනෙකු පිටත් කිරීමට හැකිවූ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේ සිට මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවිය.

ඒ අනුව, මේ වන විට ශ්‍රි ලාංකිකයින් 1666ක් ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා පිටව ගොස් ඇත.

ඊශ්‍රායලයේ රැකියා සඳහා යාමට නියමිත ශ්‍රමිකයින් 83 දෙනෙකු සඳහා ඊයේ (27.03) ගුවන් ටිකට්පත් ප්‍රදානය කෙරිණි.

ඊට කෘෂිකාර්මික රැකියා සඳහා යාමට අපේක්ෂිත තරුණයින් 54 දෙනෙකු හා සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුවන ශ්‍රි ලාංකිකයින් 29 දෙනෙකුද අයත් වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo
Colombo
71200