Damitha Wickramasinghe

Damitha Wickramasinghe

Share

19/05/2026

JVP අලුත් අන්තරේ අර කොල්ලුපිටියේ තට්ටු 50 වහලා තියන "හයට්" බිල්ඩිම විශ්වවිද්‍යාලයකට මරු!!!
අල්ලමුත??? 🤣🤣🤣

Photos from Damitha Wickramasinghe's post 23/04/2026

දෙයියෝ සාක්කි... කොළඹ සන්නි ආණ්ඩුවේ භාණ්ඩාගරයෙන් ඩොලර් මිලියන 2.5 ක් (80 කෝටියක්) මිසින්

මේ වැඩබැරි NPP ආණ්ඩුව මම හිතන්නේ ආතභූත නොහැකියාව සහ දූෂණය වැනි දේවල් වල උච්චස්ථානයටම ඇවිල්ලා කියලයි පේන්නේ.

ගල් අගුරු වංචාව කරා විතරක් නෙමෙයි හත්පොලේම ගාගෙන විශ්වාසභංගයෙන් මහජන මතය බිංදුවට ගියාට පස්සේ ඇමතිවරයා අයින් කරන්න උන එකම හොදම සාක්ශිය.

ඒ අස්සෙ ඔන්න තවත් මරු ත්‍රාසජනක සුපිරි නෑමක් මුදල් අමාත්‍යංශය කරලා. මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්තම කියන පරිදි ඕස්ට්‍රේලියාවෙන් ගත්ත ණයක් පියවන්න තිබුනු ගෙවීමක් වෙනත් පාර්ශවයකට නැත්නම් හැකර් කෙනෙක්ට ගෙවලා. ලොකුම විහිලුව තමයි මේ නිමල නිර්මල මාලිමා ආණ්ඩුව ඒක මාධ්‍යය තුලින් මාස 8 කට පස්සේ එලියට එනකන් වසන් කරන්න හිටිය එක. වසන් කරන් හිටියද ආණ්ඩු කරන්න තාම "L බෝඩ්" නිසා මාධ්‍යෙන් එලියට එනකන් නොදැන හිටියද කියන එකත් අහන්න ඕනේ ප්‍රශ්නයක්.

මේ වගේ විශාල මුදලක් ගෙවනකොට ඒ ගෙවීම් වවුචරය මුදල් අමාත්‍යංශයේ ලේඛම් විතරක් නෙමෙයි මුදල් අමාත්‍යවරයා වෙච්ච අපේ ජනාධිපති සහෝදරයා දක්වා අනුමැතියට යනවා. ගිණුම් අංකය පරීක්ශා කරන එක සහ එහි නිර්දෝශීභාවය පිලිබද වගකීමෙන් අත්සන තියන කිසි කෙනෙක්ට බෝලේ පාස් කරන්න බෑ. හරිනම් මුදල් අමාත්‍යංශයේ ලේඛම් මේ වෙද්දි ඉල්ලා අස්වෙන්න ඕනේ මොකද මේ වගේ රාජ්‍යය මුදල් අවභාවිතාවක් කිසිම දවසක වෙලා නෑ. කොටින්ම කිව්වොත් ලංකා ඉතිහාසයේ රටේ භාණ්ඩාගරය හොරු බිදපු පලවෙනි අවස්ථාව. මිනිස්සුන්ට කැරම් බෝඩ් බෙදලා දූෂණයක් කරා කියලා අධිකරණය මගින් වැරදිකරුවන් කරලා දෙන්නෙක්ව හිරේ යවපු රටේ මේ වගේ දේකට දෙන්න ඕනේ දඩුවම මොකක්ද කියලා හිතාගන්නවත් බෑ.

මේ ආණ්ඩුවේ මුදල් ලේඛම් කරලා ඉන්න හර්ශණ සූරියප්පෙරුම කියන්නේ විනිමය සුරකුම්පත් කොමිසමේ හිටපු කණිශ්ඨ නිලධාරියෙක්. අඩුම ගානේ අධ්‍යක්ශක ජෙනරාල් තනතුර වත් දරපු කෙනෙක් නෙමෙයි. JVP ජෙප්පෝ එකතුවෙලා මාලිමා අයිසින් එක දාද්දි ඉංග්‍රීසි පුලුවන් නිසා ගොඩගියපු කීප දෙනාගෙන් කෙනෙක් තමයි මේ හර්ශණත්. පරණ ජෙප්පෝ ජාත්‍යන්තර සමුලුවල ඉංග්‍රීසි නාන නෑමට ඉතින් ඉංග්‍රීසි පුලුවන් එකෙක්ට මාලිමාව ඇතුලේ ගොඩයන්න පුලුවන් තමයි හැබැයි ඒකෙන් වැඩ පුලුවන් වෙන්නේ නෑ.

ඊමේල් එකක් හැක් කරලා ජාත්‍යන්තර ණය ගෙවීම් ගිණුම් වෙනස් කරන්න පුලුවන් තරමට විහිලුවක් උන ආණ්ඩුවකින් මීට වඩා ඉතින් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ තමයි. හැබැයි ඉතින් වෙන ආණ්ඩුකාලේ හිටපු ජවිපේ නායක අනුර සහෝදරයා හිටියා නම් ඉතින් අනිවාර්යයෙන්ම හැකර්ගේ විතරක් නෙමෙයි හැකර්ගේ අම්මගේ විස්තරත් මේ වෙද්දි හෙලිදරව් කරලා. කොටින්ම කිව්වොත් හැකර් ඒ සල්ලි මහින්ද රාජපක්ශට දීපු චෙක් අංකයත් එක්කම අපිට හොයලා දීලා. අපේ අහේතුවට අද ඒ සහෝදරයා රටේ ජනාධිපති. හැබැයි තව ටික දවසක් යද්දි 3% ලොන්ඩරිය චූන් කරන්න මේක හැක් කරේ නාමල් රාජපක්ශ කියලා කිව්වොත් හිනා වෙන්නවත් පුදුම වෙන්නවත් එපා. ඒ තරමට බඩු කෑලි ටිකක් ඉන්නේ මේ ආණ්ඩුවේ.

ඉස්සර මාලිමාව ඔලුව උඩ තියන් ගියපු කලාකාරයොත් දැන් දැන් ගිලෙන නැවෙන් පනින්න අරන්. අදත් ඒවගේ නෝනා කෙනෙක් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා තිබුනා.

මම නම් කියන්නේ සමාව ඉල්ලන්න දෙයක් නෑ. මේ ගෙවෙන අපලය මේ රට ගෙවන්නම ඕනේ. දවසක් මම හිටපු රූපවාහිනී වැඩසටහනක තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වෙච්ච අනුරාධ විමලරත්න කිව්වා වගේ මේ ආණ්ඩුව රට හදන ආණ්ඩුවට කලින් ආණ්ඩුව.

ඉතිං අවසන් වශයෙන් පොඩි ප්‍රාර්ථනාවක් කරන්න කැමතියි. ඊලග ඡන්දයකදී මේ රටේ සුවහසක් ඡන්දදායකයින්ට අලුත් අදහස් වෙනස් දැක්මක් එක්ක රාජ්‍ය සේවයේ වැඩ කරලා පුරුදු කණ්ඩායමක් ඉන්න නායකයාට ඡන්දය දෙන්න නුවණැස පැහැදේවා!!! පච වලට හතුරෙකුවත් හසු නොවේවා!!!

මම,

දමිත වික්‍රමසිංහ
BSc IT (AUS), MBA (UK), HD in IR (BCIS)
ශ්‍රී ලංකාවේ 29 වන තරුණ කටයුතු අධ්‍යක්ශක ජෙනරාල්

28/03/2026

මචං හර්ශණ

කාලයක් තිස්සේ මේක ලියන්න ඕනේ කියලා හිතුවට වෙලාවත් කලාවත් සෙට් උනේ නෑ. මීට අවුරුදු ගාණකට කලින් හැම සතිඅන්තෙම වගේ සෙට් වෙච්ච උබේ පරණ යාලුවෙක් වෙච්ච මාව අමතක වෙන්න විදියක් නැති බව මට විශ්වාස උනත් නිකමට හරි අමතක නම් උබලගේ ගෙදර ඉස්සරහා රූපවාහිනියේ වැඩ කරන ශිරාන්ගෙන් ඇහුවා නම් මතක් කරලා දෙයි මචං.

ජෙප්පෝ එක්ක NPP මාලිමාව හදන්න ලගින්න ගත්තට පස්සේ මම ආශ්‍රය නැවැත්තුවත් හර්ශණ නානායක්කාර කියලා ඒ කාලේ අශ්‍රය කරපු කොලිටි මිනිහා ගැන නම් මතකය අමතක උනේ නෑ. ඡන්දෙන් පස්සේ ජෙප්පන්ගේ හොර ආචාර්ය උපාදි කේස් එකේදී උබේ නමත් කියවෙද්දි මම අපේ උන්ට කිව්වේ මම දන්න හර්ශණ නම් කිසි විටක ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නැති බව මට ෂුවර් කියලයි. උබලගේ තාත්තා එක්ක (යසපාලිත නානයක්කාර) ෆිල්ම් විශාල ප්‍රමාණයක් හදපු, කෝටි ගණන් ආදායම් වාර්ථා තියපු විජය කුමාරතුංගව අමු අමුවේ ඔලුවට වෙඩි තියලා මරපු පක්ශයකට එකතු වුනේ කොහොමද කියලා අදටත් මම හිතනවා. (උබට පුලුවන් නම් ඒකට සම්බන්ද එකෙක් හරි ඉන්නවා නම් නීතියෙන් දඩුවම් කරපං මචං)

අපේ ආශ්‍රය කරපු යාලුවෝ අතරින් මුලින්ම කැබිනට් ඇමතිකමක් උබට ලැබෙයි කියලා නොහිතුවත් අප්‍රසන්නම JVP වගේ පක්ශයකින් උනත් පරණ යාලුවෙක් වෙනුවෙන් අවංකව මම සතුටු උනා. අපේ පරණ සෙට් එකේ මට හම්බවුනු හැම මිත්‍රයටම උබ ගැන කතා වෙලා අපි සතුටු වුනා.

හැබැයි මචං ඇමතිකම ගත්තට පස්සේ උබේ හැසිරීම නම් පෞද්ගලිකව මට සතුටු වෙන්න බැරි මට්ටමක තියෙන්නේ. විශේෂයෙන්ම පහුගිය සතියේ පාර්ලිමේන්තුවේ සිදුවුනා කියපු මැද ඇගිලි සිද්ධිය වගේ දේවල් පරණ හර්ශණගෙන් නම් කවදාවත් දකින්න තිබ්බේ නෑ. සත්තිකුම්භ ජාතක කතාවේ හොරු රැල ගාවට වැටිච්ච ගිරවට උන දේ උබට උනාද මම දන්නේ නෑ මචං නමුත් ඒක උබේ image එකට නම් හරි නෑ.

අධිකරණ ඇමති විදියට පාර්ලිමේන්තුව ඇතුලේ නාමල්ට ඇතුලට දානවා කියලා තර්ජනය කරා කිව්වම, උබේ කාලය තුල අල්ලස් කොමිසමේ මරණ තර්ජන වලට බයේ බොරු සාක්ශි දුන්නා කියලා දිවුරුම් ප්‍රකාශ උසාවියට දෙනකොට අනේ අපොයි කියලා මට හිතුනා.

නැති හොරු ඇති කරන්න උබට ඔය ජෙපි තක්කඩි YouTube වෙලෙන්දෝ ටිකක් ලව්වා ඇතුලෙන්ම ගස්සනවා වගේ දෙයක් නම් පේන්න තියනවා. ඒක නිසා ආතතියට පත්වෙලා මෙහෙම හැසිරෙනවද කියන්න මම දන්නේ නෑ මචං. එදා වගේම මචං හරිදේ කරපං, හොරු ඇත්තටම ඉන්නවා නම් අල්ලපං එහෙම නැතුව මහින්දගේ නමයි නාමල්ගේ නමයි කියලා ගෙදර යන්න පුලුවන් වගේ අනීතික දේවල් සිද්ධ වෙන්න දෙන්න එපා මචං දවසක ඒවා ඩබල් ට්‍රිපල් වෙලා පොලිය එනවා. මම හිතනවා උබ ඕවා කරන්නේ හෝ අනුබල දෙන්නේ නෑ කියලා නමුත් පරිප්පු සෙට් වෙද්දි එන්නේ තනියම කියලයි ඉතිහාසය අපිට පෙන්නන්නේ.

මචං මේ ප්‍රශ්න snowball වෙන විදියට මේ ආණ්ඩුව නම් තව අවුරුද්දක් ඇද ගන්නත් අමාරු වෙනවා. ආයෙත් දේශපාලනේ රැදෙන්න ඕනේ නම් දැන්ම වෙන පක්ශක් ගැන හිතපං මොකද මාලිමාව විතරක් නෙමෙයි ජෙප්පොත් 3% වත් නැතිවෙන්න හේදිලා යනවා. මගේ නම් උපකල්පනය 2027 මහ මැතිවරණයක් කියන එක.

උබ දේශපාලනය කරත් නොකරත් මේ "කොළඹ සන්නි" ආණ්ඩුව ඉවර උනාම පාරේදි හම්බ වුනොත් "හලෝ මචං" කියලා කතා කරන්න පුලුවන් වැදගත් විදියට හරි දේ කරයි කියලා අදටත් මම හිතනවා මචං, මේක ලියන්න හිතුවෙත් ඒකයි.

උබ මේ ලියපු දේ පොසිටිව්ලි ගනියි කියලා මම හිතනවා මට මතක හර්ශණ තාම උබ ඇතුලේ ඉන්නවා නම්.

දැන් ඉතින් මේක කියවලා ජේවීපී නොනිල මාධ්‍ය ප්‍රකාශක පොපට් ලාල් වගේ උන් "අන්න දැක්කා නේද ඩීල් එක" වගේ ගොං කතා කියයි. ඒ වගේම ඉතුරු වෙලා ඉන්න සුලු ලොන්ඩරි දායක සභාවටත් ඉල්ලීමක් කරනවා මේකට හැකි තරම් කුණුහරුප comments දාලා හර්ශණට පේනකං reach එක හදලා දෙන්න කියලා.

මම,
දමිත වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවේ 29 වන තරුණ කටයුතු අධ්‍යක්ශක ජෙනරාල්

ප.ලි: පින්තූරය හැදුවේ ChatGPT මේ ලියවිල්ලට ගැලපෙන image එකක් හදන්න කිව්වම

#තෙල් #විදුලි #ගෑස්

19/03/2026

NPP ආමගෙඩන්

බයිබලයේ සදහන් පරිදි ආමගෙඩන් යනු සියල්ලේ අවසානයයි. මගේ කියවීමට අනුව මේ වැඩ බැරි ආණ්ඩුවත් මේ ගමන් කරන්නේ කෙටි කාලයකින් ආමගෙඩන් බවට පත්වීමටයි. ඇයි මම එහෙම කියන්නේ කියලා ක්ශේත්‍ර කිහිපයක් ආධාරයෙන් පහත පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.

#ගෑස් අර්බුදය

මේ ආණ්ඩුව මැදපෙරදිග අර්බුදයට කලින්ම රටේ ගෑස් අර්බුදයක් හදා ගත්තා. ලිට්‍රෝ හැරුනු විට රටේ ගෑස් වෙලදාමේ සිටින්නේ ලාෆ්ස් ආයතනයයි. ඇත්තට ලංකාවේ විශාලතම ගෑස් ගබඩා සංකීර්ණය තිබෙන්නේත් ලාෆ්ස් සමාගමටයි. මේ මෝඩ තකතීරු ආණ්ඩුව ආයෝජන මණ්ඩල කොන්දේසියක් පෙන්වමින් පසුගිය අවුරුද්දේ අග ලාෆ්ස් ගබඩා සංකීර්ණයේ ගෑස් දේශීය වෙලදපලට මුදා හැරීම තහනම් කරනවා. ඒ ගොං වැඩෙන් මෙට්‍රික් ටොන් 30000 ක ධාරිතාවක් නවතිනවා. ලාෆ්ස් ගෑස් නැතිවම යනවා. ලිට්‍රෝ සමාගමට ඉල්ලුමට සැපයුම දෙන්න බැරි වෙනවා. මැදපෙරදිග යුද්ධයක් පෙනි පෙනී ලංකාවේ ගෑස් පෝලිම් එනවා. දැන් යුද්ධය නිසා ලෝකයේම ගෑස් හිගයක් ඇවිල්ලා. ඒක නිසා වැඩි කාලයක් නොගිහින් ගෑස් කිලෝවක් නැතිවෙන තත්වයට පත්වෙන්න පුලුවන් මොකද පෙන්න විදියට යුද්ධය දිග්ගැස්සෙන හැඩක් පෙනෙන නිසා.

#තෙල් අර්බුදය

ආණ්ඩුවම කියන විදියට අප්‍රේල් මාසය වන විට නැව ආවේ නැත්තනම් සමස්ත තෙල් සංචිත අවසන් වෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය දෙසට යුධ නෞකා යවන්නට පටන් ගත්තේ පසුගිය වසරේ අග සිටය. මොලේ කලදක් තිබුන ආණ්ඩුවක් නම් මේ අර්බුදයට මුහුණ දෙන්න පාවෙන ගබඩා (Floating Storages) ගෙනල්ලා හැකි පමනින් අවම වශයෙන් මාස 06 කට සෑහෙන තෙල් ගබඩා කරගන්නවා. එදා ගෝඨාභය රාජපක්ශ රජය විදුලි අර්බුදයට මුහුණ දෙන්න පාවෙන LNG බලාගාරයක් ගේන්න යෝජනා කරා. ඒ යෝජනාව Cabinet ඇතුලේ හිටපු කුමණ්ත්‍රනකරුවනුත් පිට හිටපු ජෙපි union තක්කඩිනුත් කඩාකප්පල් කරා. එදා ඒක කරා නම් විදුලි අර්බුදයක් හෝ විදුලිය නිපදවන්න තෙල් බාවිතාවෙන් තෙල් අර්බුදයකුත් ඇතිවෙන්නේ නෑ.

මේ ආණ්ඩුවට දැන් තෙල් අලුතෙන් ගන්න ඉතා අසීරුය. ඉන්දියාවේ දැන් විශාල පෝලිම් තියන නිසා සහය බලපොරොත්තු වීම විහිලු සහගතය. රුසියාව ඉන්ධන විකුණන්නේ රූබල් හා යුවාන් භාවිතයෙන් පමණි. ඒ ඔවුන් ඩොලරය හා ගණුදෙනු නොකරන තත්වයක් තුලය. ඒ නිසා ලග එන ඉන්ධන අර්බුදය ආණ්ඩුව කරටියෙන් උස්සා පොලොවේ ගහන තත්වයක් නිර්මාණය කරනු ඇත.

#විදේශ විනිමය අර්බුදය

මැදපෙරදිග යුධමය තත්වය තුල ශ්‍රී ලංකාවට විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීමට වෙනවාමය. අද වනවිට සංචාරක පැමිණීම් එසේ නැත්නම් අවලංගු කිරීම් 40% වගේ මට්ටමකට ඇවිත්ය. මාධ්‍යය තුල පෙන්නූ පරිදි ඇල්ල වගේ සංචාරක කලාප තුල ඒක 75% දක්වා ඇවිත්ය. ඒ නිසා මේ වසර තුල සංචාරක ක්ශේත්‍රයේ ඩොලර් ආදායම 50% කින් වත් පහල යනු ඇත.

අපේ රටේ ප්‍රධානම විදේශ විනිමය ගෙනෙන මාර්ගය රට රැකියා කරන රට විරුවන්ගේ ප්‍රේශණ තුලින්ය. අද යුධමය තත්වය නිසා මැදපෙරදිග විශාල අර්බුදයකය. අපේ ප්‍රේශණ වලින් 75%ක් එන්නේ මැදපෙරදිගින්ය. ලංකාවට වැඩිම ප්‍රේශණ ගෙනෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයද විශාල පීඩාවකින් ය. මේ තත්වය හමුවේ අවම වශයෙන් ප්‍රේශණ 25% කින් වත් පහල යනු ඇත.

යුධමය තත්වය නිසා රටේ අපනයනටද විශාල බලපෑමක් ඇතකරනු ඇත. ලංකාවේ ප්‍රදාන තේ ගැනුම්කරුවෙක් වන්නේ ඉරානයයයි. ඒ වගේම රටේ ප්‍රධානම අපනයනයන් වන ඇගලුම් රදා පවතින්නේ ඇමරිකානු හා යුරොපීය වෙලදපල මතය. වැඩිවූ ඉන්ධන මිල හරහා ආර්ථික අවපාතයකට මේ වෙලදපලවල් දෙකම යමින් තිබේ. ඒ නිසා ඇගලුම් අපනයනේ කඩා වැටීමක් බොහොල් විට වනු ඇත.

මේ සියල්ල හරහා විදේශ විනිමය අර්බුදයක් ඉතා නුදුරු කලකදී සිදුවීම අනිවාර්යය.

#විදුලි අර්බුදය

අද වන විට නොරොච්චෝලේ බාල ගල් අගුරු මගඩිය නිසා වෙච්ච අලාභය ගැන ඔබ සැම දැනුවත්ය. අද ඒ නිසා මෙගාවොට් 300 න් භාගයකට ආසන්න ප්‍රමාණයක් ජනනය කරන්නේ ඩීසල් හරහාය. විදුලි ඒකකයේ මිල වැඩි වීම මේ හරහා අනිවාර්ය වී තිබේ. විදුලි ක්ශේත්‍රයේ ප්‍රාමාණික උගතෙකු වන විදුර රලපනාව පවසන්නේ ගල් අගුරු ප්‍රමාදය හා බාල තත්වයන් නිසා විදුලි කැපීම් ඉදිරියේදී අනිවර්යයෙන් සිදුවන බවය. ඒ වගේම බාල ගල් අගුරු හරහා ඩීසල් හිග වීමේ අර්බුදයක්ද ඇතිවී තිබේ.

ඉතින් මේවට ආණ්ඩුව මොනවා කරන්නද කියා යමෙක්ට අහන්න පුලුවන්. ආණ්ඩුවකට කරන්න පුලුවන් පෙර සුදානම් වීමය. එහෙම නැතුව මට තෙල් ලිං නෑ කීම නොවේය. තෙල් ගෙනාවත් අද තත්වය අනුව ලීටරයක් රුපියල් 500 ට උඩින් යෑමට සිදුවේ. කලින් ගෙනත් ගබඩා කරන්න පුලුවන් මොලයක් තිබුනා නම් "අපි හෑලිමාවට" සිටිකර් තාමත් ත්‍රීවිල් වල දකින්නට තිබුනා. ඒ කිසිවක වගේ වගකක් අර්බුදය උඩුදුවන තුරු මේ වැඩබරි සෙට් එකට ප්ලෑන් එකක් තිබුනේ නැත.

යමෙක්ට මේ ඡන්දය දුන් 69 ලක්ශය මේකට වග කිවයුතු යැයි හිතන්න හෝ බනින්න පුලුවන්. මම නම් කියන්නේ ඒක අසාදාරණයි කියාය. කෝලිකුට්ටු ගෙඩියේ නැට්ට හදන්න පුලුවන් විශ්ම කර්මයින් ඉන්නවා යැයි කියූ පච වලට මේ රටේ අහිංසක ජනතාව හසුවිය. දැන් ඔවුන්ම තෙල් පෝලිම් වල දුක් විදිමින් සිටී. පෝලිම් ගැහෙන්නේත් මේ වැඩබැරි ආණ්ඩුව තඹ සතේකට රටේ ජනතාව විශ්වාස කරන්නේ නැති නිසාය.

මේ සියල්ලම සලකා බලද්දී මාලිමාවේ ආමගෙඩන් තත්වය ඉතා ආසන්නය. හැබැයි එදා අර්බුදය හමුවේ ජවිපේ හැසිරුනා සේ අද විපක්ශය ඩොලර් එවන්න එපා කියන්නේ නැත.

මේ කරපු වින්නැහියෙන් රට 2028 දෙවන වරටත් බංකොලොත් බාවයට පත්වනු ඇත. ඒ වෙද්දී ආණ්ඩුකරන පක්ශයට තිබෙන විශාලම අභියෝගය එය වනු ඇත.

මේ කරුණු පැහැදිලි කරන විට සෙඩා බ්‍රෝ ට වගේ අපිටත් එන්න කියයිද දන්නේ නැත. කිව්ව්වත් බයත් නැත. සත්‍යය වතුර යට බලෙන් ඔබවා තබන රබර් බෝලයක් වගේ එලියට එනවාමය.

ඉංග්‍රීසි කියමනකින් මේ දීර්ග ලියවිල්ල ඉවර කරනවා.

"You can fool some of the people some of the time. You can't fool all the people all the time"

"සමහර පුද්ගලයින් සමහර අවස්තාවන්හි මෝඩයන්ට ඇන්දවිය හැක. නමුත් සියලුම පුද්ගලයින් සියලුම අවස්තාවන්හි මෝඩයන් කල නොහැක"

මම,

දමිත වික්‍රමසිංහ
BSc IT (AUS), MBA (UK), HD in IR (BCIS)
ශ්‍රී ලංකාවේ 29 වන තරුණ කටයුතු අධ්‍යක්ශක ජෙනරාල්

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo