Sri Lanka Customs
The Sri Lanka Customs is dedicated to enforce revenue and social protection laws of the state while facilitating the trade with the objective of contributing to the national effort and in due recognition thereof. However, there is evidence of the existence of Customs tax collection in Sri Lanka over 2000 years ago at the Godawaya Harbor in Hambanthota. The present Sri Lanka Customs administration
25/01/2026
25.01.2026 දින අලුයම 4.45ට පමන මස්කට් සිට පැමිනි සලාම් එයා(ර්) ගුවන් සේවයේ OV437 ගුවන් යානයෙන් ලංකාවට පැමිනි ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙක් කුශ් හා හශීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත්විය.
සැකකරුවන් තිදෙනා සතුව තිබී කුශ් මත්ද්‍රව්‍ය කිලෝ 10.394 ක් හා හශීස් මත්ද්‍රව්‍ය කිලෝ 1.912ක් අත්අඩංගුවට ගැනුණු අතර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වීදි වටිනාකම රුපියල් කෝටි 13කට අධික වේ. මොවුන් බැංකොක් නගරයෙන් මත්ද්‍රව්‍ය රැගෙන රේගු නිලධාරීන් මුලා කිරීමේ අරමුනින් මස්කට් වෙත ගොස් එතැන්සිට ශ්‍රී ලංකාවට පැමින ඇත.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හා හරිත මාර්ගයට අනුයුක්තව රාජකාරී සිදුකරන රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර වැඩි දුර නෛතික කටයුතු සඳහා අදාළ සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය වෙත බාර දී ඇත.
07/01/2026
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 7ක් රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු 2026.01.07 දින අත්අඩංගුවට ගන්නා ලදී.
වයස අවුරුදු 24 පසුවන වන සැකකරු AI277 දරන එයාර් ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැංකොක් නුවර සිට දිල්ලිය හරහා මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ පිට වීමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී සැකකරුගේ ගමන් මළු තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණු අතර එහි වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 70ක් බවට ගණනය කර ඇත.
මේ සම්බන්දව ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
06/01/2026
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයයින් තිදෙනෙක් 2026.01.06 දින අත්අඩංගුවට ගන්නා ලදී.
වයස අවුරුදු 25,27 පසුවන වන සැකකරුවන් UL403 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැංකොක් නුවර සිට මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ පිට වීමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් සිදු කල විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. එහිදී සැකකරුවන්ගේ ගමන් මළු තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණු අතර එහි වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 500ක් බවට ගණනය කර ඇත.
මෙම මත්ද්‍රව්‍ය වැටලීම ගුවන්තොටුපල ඉතිහාසයේ එක්වරක් තුළ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
03/01/2026
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3,419ක් රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයකු 2026.01.02 දින අත්අඩංගුවට ගන්නා ලදී.
වයස අවුරුදු 35ක් වන සැකකරු UL403 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැංකොක් නුවර සිට මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ පිට වීමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කිරීම සිදු කර ඇත. එහිදී සැකකරුගේ ගමන් මල්ල තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණු අතර එහි වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 34.19ක් බවට ගණනය කර ඇත.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරු සහ රාජසන්තක කරන ලද මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දෙනු ලැබීය.
07/12/2025
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයෙන්, රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් තොගයක් සූක්‍ෂම ලෙස රටින් පිටකිරීමට උත්සාහ කල ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසින් මෙම මැණික් ගල් තම ගුද මාර්ගයේ සඟවාගෙන මෙරටින් පිටවීමට තැත්කල අවස්ථාවේ, ඔහුගේ හැසිරීම පිළිබඳව ඇතිවූ සැකයක් මත ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ රේගු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගත් අතර සැකකරු, රෝහල් ගත කිරීමෙන් අනතුරුව දවස් කීපයකට පසු එම මැණික් ගල් තොගය ශරීරයෙන් ඉවතට ගැනීමට හැකිවිය.
සැකකරු 2025.11.25 දින කටුනායක සිට තායිලන්තයේ බැංකොක් නුවර දක්වා ගමන් කරනු ලබන UL 402 දරණ ගුවන් යානයෙන් පිටවීමට පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
මොහු 39 හැවිරිදි විවාහකයෙකු වන අතර,ඔහු දැනට මොරටුව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදුකර, අවසානයේදී අදාළ මැණික් ගල් තොගය 2025.12.05 දින රාජසන්තක කිරීමට කටයුතු කරන ලදී.
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
40, Main Street, Colombo 11
Colombo
01100
Opening Hours
| Monday | 09:00 - 16:45 |
| Tuesday | 09:00 - 16:45 |
| Wednesday | 09:00 - 16:45 |
| Thursday | 09:00 - 16:45 |
| Friday | 09:00 - 16:45 |