EcoLanka
12/05/2026
🔋 ඔබේ සෝලර් පද්ධතියට ගැලපෙනම බැටරිය තෝරාගන්නේ කෙසේද? ලක්ෂ ගණනක් ආයෝජනය කිරීමට පෙර මෙය අනිවාර්යයෙන්ම කියවන්න.
Hybrid හෝ Off-grid සෝලර් පද්ධතියක කාර්යක්ෂමතාවය තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ එහි "බැටරිය"යි. කොතරම් උසස් තත්වයේ සෝලර් පැනල හෝ ඉන්වර්ටර් භාවිත කළද, බැටරි පද්ධතිය නිවැරදි නොවුවහොත් සම්පූර්ණ පද්ධතියේම ආයු කාලය කෙටි විය හැක. අද අපි ඉංජිනේරුමය දෘෂ්ටිකෝණයකින් නිවැරදි බැටරි පද්ධතියක් තෝරාගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු.
🔬 1. තාක්ෂණික සංසන්දනය: Lithium-Ion ද? Lithium Iron Phosphate (LiFePO4) ද?
අපි ජංගම දුරකථන සහ ලැප්ටොප් සඳහා බහුලව භාවිත කරන්නේ සාමාන්‍ය Lithium-Ion (NMC) බැටරි වුවද, සෝලර් පද්ධති සඳහා වඩාත් සුදුසු වන්නේ LiFePO4 තාක්ෂණයයි.
Lithium-Ion (NMC):
වාසි: ඉහළ බල ශක්ති ඝනත්වයක් (Energy density) පවතින බැවින් කුඩා ඉඩක වැඩි බලයක් ගබඩා කළ හැක.
අවාසි: අධික ලෙස රත්වීමේ අවදානම (Thermal runaway) සාපේක්ෂව වැඩිය. එසේම එහි ආරෝපණ චක්‍ර (Charge/Discharge Cycles) ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩු අගයක පවතී.
Lithium Iron Phosphate (LiFePO4 - LFP):
වාසි: උපරිම ආරක්ෂාවකින් යුක්තයි. අධික උෂ්ණත්වයකදී වුවද ගිනිගැනීමේ හෝ පිපිරීමේ අවදානමක් නොමැත. ඉතා දීර්ඝ ආයු කාලයක් (Cycles 4000 - 6000+) පවතින බැවින් වසර 15-20 ක් වැනි කාලයක් විශ්වාසදායක ලෙස භාවිත කළ හැක.
අවාසි: බරින් සහ ප්‍රමාණයෙන් තරමක් වැඩිය.
💡 Engineer's Verdict: වර්තමාන සෝලර් තාක්ෂණයේ ලෝක සම්මතය වන්නේ LiFePO4 බැටරි පද්ධති වේ. ඔබ කරන ආයෝජනයට උපරිම වටිනාකමක් සහ ආරක්ෂාවක් ලැබෙන්නේ මෙමගිනි.
2. ප්‍රායෝගික භාවිතය: 5kWh බැටරියකින් ක්‍රියා කළ හැකි උපකරණ සහ කාලය,
5kWh බැටරියක සම්පූර්ණ ධාරිතාව 5000Wh වුවද, එහි දිගුකාලීන පැවැත්ම සඳහා භාවිත කළ හැක්කේ ඉන් 90%ක පමණ ප්‍රමාණයකි (4500Wh). එම බලයෙන් ක්‍රියා කළ හැකි ආකාර කිහිපයක් පහත දැක්වේ:
Scenario A (සාමාන්‍ය භාවිතය - වායුසමීකරණ යන්ත්‍ර නොමැතිව):
රූපවාහිනිය (100W) + ශීතකරණය (150W) + විදුලි පංකා 4ක් (200W) + LED විදුලි බුබුළු 10ක් (100W) = සම්පූර්ණ ලෝඩ් එක 550W පමණ.
⏱️ ගතවන කාලය: 4500Wh / 550W = පැය 8කට අධික කාලයක්. (රාත්‍රී කාලය පුරා කිසිදු බාධාවකින් තොරව භාවිත කළ හැක).
Scenario B (වායුසමීකරණ යන්ත්‍ර භාවිතය සමඟ):
12000 BTU Inverter AC එකක් (1000W) + ශීතකරණය (150W) + අනෙකුත් උපකරණ (100W) = සම්පූර්ණ ලෝඩ් එක 1250W.
⏱️ ගතවන කාලය: 4500Wh / 1250W = පැය 3.5 ත් 4.5 ත් අතර කාලයක්.
🏆 3. තාක්ෂණික සන්නාම සංසන්දනය: Dyness vs. GoodWe vs. Huawei LUNA.
වෙළඳපොළේ පවතින ප්‍රමුඛ පෙළේ සන්නාම 3ක තාක්ෂණික ලක්ෂණ මෙසේය:
1. Huawei LUNA2000 (The Premium Smart Solution):
තාක්ෂණය: ඉතාමත් දියුණු මට්ටමේ පවතී. එක් එක් Battery module එක සඳහා වෙනම "Energy Optimizer" එකක් පවතින බැවින්, පැරණි බැටරි සමඟ අලුත් බැටරි මිශ්‍ර කර භාවිත කළද උපරිම කාර්යක්ෂමතාවයක් ලබාගත හැක.
විශේෂත්වය: IP66 rating සහිත බැවින් ඕනෑම කාලගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන අතර ඉහළම ආරක්ෂිත ප්‍රමිතීන්ගෙන් යුක්ත වේ.
ගැලපෙන්නේ: නවීනතම සහ උසස්ම තාක්ෂණය අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට.
2. GoodWe Lynx Home Series (The Seamless Integration):
තාක්ෂණය: විශේෂයෙන්ම GoodWe Hybrid Inverters සමඟ 100%ක ගැළපුමක් සහිතව නිර්මාණය කර ඇත. "Auto-recognition" පහසුකම ඇති බැවින් පද්ධතිය ස්ථාපනය කිරීම ඉතා පහසුය.
විශේෂත්වය: SEMS Portal හරහා බැටරියේ තත්ත්වය ඉතා සවිස්තරාත්මකව දුරස්ථව නිරීක්ෂණය (Remote Monitoring) කළ හැකි අතර, "Remote Upgrade" පහසුකම මගින් මෘදුකාංග යාවත්කාලීන කිරීම් පහසුවෙන් සිදු කළ හැක.
ගැලපෙන්නේ: ඉන්වර්ටරය සහ බැටරිය එකම සන්නාමයකින් (One-brand ecosystem) බලාපොරොත්තු වන, විශ්වාසදායක සේවාවක් අවශ්‍ය අයට.
3. Dyness (The Smart Investment):
තාක්ෂණය: ලෝකයේ ප්‍රමුඛ පෙළේ ඉන්වර්ටර් (GoodWe, Solis, Victron) බොහොමයක් සමඟ ඉතා සාර්ථකව සම්බන්ධ කළ හැකි (Compatibility) අතර නඩත්තු කිරීම ඉතා පහසුය.
විශේෂත්වය: සාපේක්ෂව අඩු මිලකට ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා දෙන බැවින් ලංකාවේ පාරිභෝගිකයින් අතර ඉතා ජනප්‍රියය.
ගැලපෙන්නේ: ආයෝජනයට වඩාත් ඉක්මනින් ප්‍රතිලාභ අපේක්ෂා කරන, ස්ථායී පද්ධතියක් අවශ්‍ය අයට.
📌 අවසාන නිගමනය:
බැටරි පද්ධතියක් යනු වසර 10කට වඩා වැඩි කාලයක් සඳහා කරන දිගුකාලීන ආයෝජනයකි. එම නිසා ආරම්භක මිලට වඩා එහි තාක්ෂණික ප්‍රමිතීන් සහ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන නිවැරදි ඉංජිනේරුමය විසඳුම (Customized Engineering Solution) තෝරා ගැනීමට සැලකිලිමත් වන්න.
මෙම තාක්ෂණික කරුණු පිළිබඳව ඔබේ මිතුරන් දැනුවත් කිරීමට මෙය Share කරන්න. සෝලර් තාක්ෂණයේ නිවැරදි ඉංජිනේරුමය භාවිතයන් පිළිබඳව තවත් තොරතුරු දැන ගැනීමට අප හා එක්වන්න.
www.ecolanka.lk
0113461505
077 722 3310
09/05/2026
☀️ 5kW සෝලා එකකින් හැම මාසෙම Units 750ක් එනවා කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද? ☀️
සෝලා එකක් හයි කරන්න ඉන්න ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. සමහර වෙලාවට අපිට අහන්න ලැබෙනවා 5kW එකකින් හැම මාසෙම Units 750ක් අනිවාර්යයෙන් ලැබෙනවා කියලා. අද අපි කාටවත් චෝදනා කරන්නේ නැතුව, මේකේ ඇත්තම තත්ත්වය Calculations එක්කම පැහැදිලිව තේරුම් ගනිමු! 👇
📊 කොහොමද හරියටම Generation එක Calculate කරන්නේ?
ලංකාවට දවසකදී උපරිම ඉර එළියක් (Peak Sun Hours) ලැබෙන්නේ සාමාන්‍යයෙන් පැය 4ක් විතර කියලා තමයි සම්මත ගණනය කිරීම් වලදී ගන්නේ (අවුරුද්දේ සාමාන්‍යය).
අපි ඒ අනුව ගණනය කරලා බැලුවොත්:
System Size = 5kW
දවසක සාමාන්‍ය නිෂ්පාදනය = 5kW × 4 Hours = 20 Units (kWh)
මාසෙක සාමාන්‍ය නිෂ්පාදනය = 20 Units × 30 Days = 600 Units
මේකට System Losses (කේබල් වල, Inverter එකේ efficiency එක) එකතු වුණාම, ලංකාවේ 5kW එකකින් මුළු අවුරුද්දේම සාමාන්‍යයක් විදිහට මාසෙකට බලාපොරොත්තු වෙන්න පුළුවන් Units 600 - 650 අතර ප්‍රමාණයක්. ඒ නිසා අවුරුද්ද පුරාම හැම මාසෙම 750ක් ලැබෙනවා කියන්නේ ප්‍රායෝගික නැති කතාවක්!
🌤️ මාසෙන් මාසෙට මේ ගාන වෙනස් වෙන්නේ ඇයි?
සෝලා කියන්නේ ෆැක්ටරියක මැසිමක් නෙවෙයිනෙ හැමදාම එකම ගානට කරන්ට් එක හදන්න. මේක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඉර එළිය (Solar Irradiance) මත.
🌧️ වැසි සහිත මාස: ලොකුවට වළාකුළු තියෙන, වහින මාසවලදී මේක Units 300 - 400 දක්වා අඩු වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි.
☀️ උපරිම පායන මාස:හොඳටම අව්ව තියෙන කාලෙට මේක Units 1200 දක්වා පවා යන්න පුළුවන් අවස්ථා තියෙනවා!
⚙️ Inverter එකයි, Panels Overload කරන එකයි මේකට බලපානවද?
අනිවාර්යයෙන්ම!
1. Inverter Efficiency: හොඳ තත්ත්වයේ inverters වල efficiency එක වැඩියි. ඒ නිසා පොඩි අව්වකදී වුණත් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා.
2. Panel Overloading:5kW Inverter එකකට 6kW වගේ Panels දැම්මම (DC Overloading), උදේටයි හවසටයි, ඒ වගේම වළාකුළු තියෙන වෙලාවටයි හැදෙන generation එක සැලකිය යුතු විදිහට වැඩි වෙනවා.
3. Generation එක අඩු වෙන්න හේතු: පැනල් වලට ගස් වල සෙවනැලි වැටීම (Shadowing), දූවිලි බැඳීම, සහ නිවැරදි ප්‍රමිතියෙන් නැති වයරින් නිසා අනිවාර්යයෙන්ම Units ගාන අඩු වෙනවා.
🔥 මේ හැමදේටම වඩා වැදගත්ම රහස: "Standard Installation"🔥
බඩු කොච්චර හොඳ වුණත් වැඩක් නෑ හරියට Engineering Standard එකට හයි කරේ නැත්තම්!
මෙන්න හොඳම උදාහරණය: පහුගිය අප්‍රේල් මාසෙදි EcoLanka අපි install කරපු බොහෝ 5kW system එකක්ම 1MWh (Units 1000) සීමාව පහු කරා! කොළඹ විතරක් නෙවෙයි, මීදුම සහ වැස්ස තියෙන මහනුවර (Kandy) සයිට්ස් පවා මේ ඉලක්කයට ගියා. ඉතිරි sites 900 Units සීමාවවත් පහු කරා.
මේක මැජික් එකක් නෙවෙයි. හරියටම Engineering standards වලට, නිවැරදි කෝණයට (Tilt angle), සෙවනැලි නොවැටෙන්න, හරිම DC/AC කේබල් සයිස් පාවිච්චි කරලා අකුරටම install කරාම, මේ වගේ උපරිම ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අපි හිතන්නේ හැමෝගෙම සෝලා එකෙන් මේ විදිහට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා.
ඉතින් සෝලා එකක් ගහද්දි ප්‍රායෝගික තත්ත්වය තේරුම් අරන්, හරියටම Standard එකට වැඩේ කරන තැනකින් සෝලා එක ගහගන්න. එතකොට පායන කාලෙට උපරිම ප්‍රයෝජනත්, වහින කාලෙට පාඩු නැතිවත් වැඩේ කරගන්න පුළුවන්.
මේ පෝස්ට් එක සෝලා ගහන්න ඉන්න, සෝලා ගහපු ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන් Share කරන්න! සෝලා ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහළින් Comment කරන්න. 👇
www.ecolanka.lk
03/05/2026
🛑 ඇයි පවර් කට් එකක් වෙලාවට On-Grid Solar Inverter එක ඕෆ් වෙන්නේ? ☀️🔌
ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි, "ලක්ෂ ගණන් දීලා සෝලර් ගැහුවත් ඇයි කරන්ට් එක ගියාම අපේ ගෙදරට ලයිට් නැත්තේ?" කියලා. ඇත්තටම මේක ඉන්වර්ටර් එකේ ලෙඩක් නෙවෙයි, මේක Safety Feature එකක්! මේකට කියන්නේ Anti-Islanding Protection කියලා.
අපි බලමු මේක වෙන්නේ ඇයි කියලා සරලව:
1. Grid එකේ වැඩ කරන technicians මහත්තුරුන්ගේ ආරක්ෂාව (Safety First! 👷♂️)
හිතන්න පාරේ ට්‍රාන්ස්ෆෝමර් එකක හරි වයර් එකක හරි ලෙඩක් වෙලා CEB එකෙන් කරන්ට් එක කපනවා ඒක හදන්න. ඒ වෙලාවට ලයින් එකේ කරන්ට් එක නැහැ කියලා හිතාගෙන කාර්මික ශිල්පීන් වැඩ කරනවා.
දැන් ඔයාලගේ On-Grid ඉන්වර්ටර් එක දිගටම පවර් එක Grid එකට යැව්වොත්, අර වැඩ කරන මනුස්සයට ලයින් එකෙන් කරන්ට් එක වදින්න පුළුවන්. ඒක මාරාන්තික අනතුරක් වෙන්න පුළුවන් නිසා, Grid එකේ කරන්ට් එක නැති වුණු ගමන් ඉන්වර්ටර් එක සේෆ්ටි එකට පවර් අවුට්පුට් එක නවත්වනවා.
2. Inverter එක පිච්චෙන්න පුළුවන් (Technical Damage ⚡)
ඔයාගේ පද්ධතිය 5kW කියලා හිතන්න. ඒත් පවර් කට් එක වෙලාවට ඔයාගේ මුළු වටපිටාවෙම (Neighborhood) ලෝඩ් එක ඉල්ලන්නේ මේ ලයින් එකෙන්මයි. ඉන්වර්ටර් එකට බැහැ මුළු ටවුන් එකකටම පවර් දෙන්න. එහෙම කරන්න ගියොත් අධික ලෝඩ් එක නිසා ඉන්වර්ටර් එක විනාශ වෙන්න පුළුවන්.
3. Synchronisation ප්‍රශ්නය
On-Grid ඉන්වර්ටර් එකක් වැඩ කරන්නේ Grid එකේ තියෙන Frequency එක (50Hz) සහ Voltage එකත් එක්ක ලොක් වෙලා (Synchronize වෙලා). Grid එක ඕෆ් වුණාම ඉන්වර්ටර් එකට "Reference" එකක් නැති වෙනවා. හරියට නර්තන කණ්ඩායමක මියුසික් නැති වුණාම හැමෝම නටන එක නතර කරනවා වගේ වැඩක්.
💡 එතකොට පවර් කට් එකට විසඳුමක් නැද්ද?
ඔයාට Capacitor bank එකක්, Small Battery Pack එකක් සහ Inverter Simulator (Micro-grid controller) එකක් පාවිච්චි කරලා ඉන්වර්ටර් එක රවට්ටන්න පුළුවන් - නීතිමය පැත්ත අනිවාර්යයෙන් හොයලා බලන්න (and Warranty) ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
ඔයාට පවර් කට් එක වෙලාවෙත් කරන්ට් එක ඕනෙම නම්, ඔයා යන්න ඕනේ මේ ක්‍රම දෙකෙන් එකකට:
1. Hybrid Solar System: මේකේ බැටරි තියෙනවා. කරන්ට් එක ගියපු ගමන් ඉන්වර්ටර් එක Grid එකෙන් වෙන් වෙලා (Isolate වෙලා), බැටරි එකෙන් ඔයාගේ ගෙදරට විතරක් පවර් එක දෙනවා.
2. Off-Grid System: මේක සම්පූර්ණයෙන්ම Grid එකෙන් ස්වාධීනයි.
කෙටියෙන් කිව්වොත්: On-Grid ඉන්වර්ටර් එකක් ඕෆ් වෙන්නේ ඔයාවයි, පාරේ වැඩ කරන සේවකයින්වයි, ඔයාගේ උපකරණයි ආරක්ෂා කරන්නයි!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |