CoffeeBooks

CoffeeBooks

Share

20/10/2025

ජීවිතේට වැදගත්කමක් දැනෙන්න නම් ඔයා උදාවෙන හැම දවසකම ජීවිතේ ගැන මාර උද්‍යෝගයකින් ඉන්න ඕනෙ කියලා එකක් නැහැ. සමහර දවස් තියෙනවා ඒවා ඒහැටි ලස්සනවත්, ජීවිතේ ගැන පෙළඹවීම් සහගත උනන්දුවක් ඇති කරන්නෙවත් නැති.

ඒවා නිකම්ම දවස්. ඒ වගේ සමහර දවස් කියන්නෙ දත් මදින එක, මොනාහරි පොඩි දෙයක් කන එක, නොදාම බැරි පණිවිඩ වෙනුවෙන් කෙටි පිළිතුරු යවන එක වගේ දේවල් කරමින් ගෙවා ගන්න තියෙන දවස්.

හැබැයි ඒකෙන් කියන්නෙ නැහැ ඔයාගෙ ජීවිතෙ තේරුමක් නැති එකක් කියලා. ඒකෙන් කියන්නෙ ඔයත් මනුස්සයෙක් කියන එක. ඔයා තවදුරටත් නොනැසී පවතින්න උත්සාහ කරමින් ඉන්නවා කියන එක. හෙට දවස වෙනුවෙන්, අලුත් ආලෝකයක් වැටෙන දිනයක් වෙනකම් ඔයා ඔයාගෙ හුස්ම රදා පවත්වගනිමින් ඉන්නවා කියන එක.

සමහර වෙලාවට ඒ වගේ මහ දෙයක් සිද්ද නොවෙන දවස් කියන්නෙම ජීවිතය වෙනුවෙන් ඔයාගෙ සටන්කාමී ශක්තිය පිළිබඳ හොඳම සාක්ෂිය!

-------------------------------------yEෂ්

19/10/2025

ජීවිතේට තියෙනවා අමුතු පුරුද්දක්, ඔයා කොහෙත්ම බලාපොරොත්තු නොවෙන මොහොතක පුදුමයන්, ආශ්චර්‍යයන් අරන් එන.

ඔව්, අපේක්ෂාභංගත්වයන් ගණනාවකට පසුව වුණත් තවමත් හොඳ දේවල් සිද්ද වෙන්න පුළුවන්. එක පරිච්ඡේදයක් අවුල් වුණා කියන්නෙ මුළු කතාවම අවුල් වෙනවා කියන එකට නෙමෙයි.

ඔයාට සුරක්ෂිත බව දනවන, ඔයාගෙ චූටි චූටි ලස්සන මූව්ස් නොකියාම කැමරාවකට හසු කරගන්න මිතුරෙක්, සාමකාමීබවම දනවන , හිත වලාකුළක් වගේ පාවෙන මොහොතක්, ඔයා මෙච්චරකල් ජීවිතේ අල්ලන් හිටියෙ ඇයි කියන එක ඔයාටම තහවුරු කරවන සාර්ථකත්වයේ අලුත් අවස්තාවක් වගේ මැජිකල් දේවල් අනපේක්ෂිතම මොහොතක ජීවිතය ආපහු ඔයාට අරන් එන්න පුළුවන්...

වස්තුවේ..., කිසිම දෙයක් සදාකාලිකවම එකම විදිහට පවතිනවා කියලා එකක් නැහැ, කොටින්ම මේ මොහොතේ ඔයාගෙ හදවතේ තියෙන ඔය බර සිතුවිලි පවා.

--------------------------yEෂ්

03/10/2025

අද (03) 'අනිද්දා' පුවත්පතේ දේදුන්න අතිරේකයෙහි 'කුසුම් නිවස්න' කතා බහ ♥️
-------------------------
ඔබ මේ පාර නවකතාවක් ගෙනැවිත් තියනවා. 'Floramar' කුසුම් නිවස්නය'. මෙය
මං දකින්නේ ප්‍රේමය වගේම මානව බැදීම් ගැන දිගහැරුණු වියමනක් හැටියට. අලුත් පොත ගැන කියමු?

'Floramar' කුසුම් නිවස්නය' මගේ අනිත් හැම පොතක්ම වගේ මගේම ජීවිතේ එක් ඊරාවක් වටා ගෙතුණු එහි අග්‍රඵලය. සම්පුර්ණ සත්‍යක් හෝ සම්පුර්ණ ප්‍රබන්ධයක් නොවෙන novella එකක් ඒක. ආයෙමත් ඔය මගේම හදවත, මතක, වේදනාවන් සහ ප්‍රේමය. මගේ අනිත් පොත් වෙහෙසකින් තොරව ලියවුණු පොත්, ඒත් ලියන්න කම්මැලි මනුස්සයෙක් වෙන මට 'Floramar' වෙනුවෙන්, ඒක අඩුම ගානේ කෙටි නවකතාවක පිටු දෙසීයක් වගේ ප්‍රමාණයට ගන්නත් වෙහෙසක් දරන්න වුණා.

2024 ඉදන් මං ඕක ලිව්වා. සමහර මාසවල මුළු මාසෙටම ලිව්වේ එකම පරිච්ඡේදයයි. සමහර මාසවල ලියන්න කියලා වයින් බෝතලයක් එහෙම ළඟ තියන් laptop එක ඉස්සරහා වාඩි වුණත් බෝතලෙන් අඩකට වඩා ඉවර වෙනකනුත් වචනයක්වත් නොලියවුණු දවස් තිබුණා. සමහර සිද්ධි ලිව්වට පස්සේ සතියක් විතර ඒ කොටස කියව කියව අඬපු වෙලාවල් මට තිබුණා. හදවත හදාගෙන හරි අමාරුවෙන් ආයේ ට්‍රැක් එකට ඇවිත් ලිව්වා. ඔහොම මං මගෙත් එක්කම ලොකු අභ්‍යන්තර සටනක් කර කර අවුරුදු එකාමාරක් විතර ලියපු කතාවක් තමයි 'Floramar' කුසුම් නිවස්නය' කියන්නේ.

අපි බහුතරයක් ඇතුළේ කාටවත් කියන්න නොතේරෙන මොකක්දෝ හිස්කමක් තියෙනවා. ප්‍රේමය ඇතුළේ අපි දිගින් දිගටම හොයමින් ඉන්නේ ඒ හිස් ඉඩ පුරවන යමක්. සමහරවිට ඒ චයිල්ඩ්හුඩ් ට්‍රෝමා එකක සුව නොවුණු තුවාලයක්. එතැනදී මිනිසුන් එකිනෙකා හා ඇති කරගන්න මානව බැඳීම් වලට ලේබල් ගහන්න බෑ. එහෙම කරනවානම් ඒ ශාන්තුවරණයට හෝ දිව්‍යත්වයට පත්වුණු කෙනෙක්ට විතරක් කරන්න අයිතිය තියෙන දෙයක්. මේ ඇතුළේ මට කියන්න ඕනේ එකම දේ ඒකයි.

කතාබහ: Lahiru Kithalagama

ස්තූති මේ ඉඩ මං වෙනුවෙන් වෙන් කළාට ❤️

26/09/2025

ආදරෙත් අරන්, ඉරිදට එන්න! සමහරවිට මං ළඟ Wooden Heart Lockets ටිකක් වගේ පුංචි තෑග්ගක් වුණත් තියේවි එදාට මගේ යෙෂ් ප්‍රේමීන්ට දෙන්න 😉

හමුවෙමු, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියෙදි...❤️

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
00200