The Noble Path

The Noble Path

Share

18/06/2019

තෙරුවන් සරණයි…!

මේ කතාව ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවකදී කිව්ව කතාවක්. හිතලා බලන්න ඔබටත්, මටත්, මෙහෙම වෙන්න,බැරිද කියලා???

ඔන්න එක මරණාසන්න උන අම්මා කෙනෙක් හිටියලු. මේ අම්මා ඇදට වෙලා දැන් ඉන්නකොට මේ අම්මාටම තේරුනාලූ දැන් මැරෙන්න යන්නේ කියලා, ඊට පස්සේ මේ අම්මා ඇස් එහෙම පියාගෙන කරපු පින්කම් ගැන හිත හිතා හිටියලු.
මේ අම්මට හිටියලු දුවලා දෙන්නෙක් දැන් මේ දෙන්නත් ඇඳ ගාවට වෙලා අම්මා දිහා බලන් ඉන්නවා. දැන් අර අම්මා සතුටින් කරපු පින් සිහි කර කර ඉන්නවා ඒත් බලන් ඉන්න අයට ඒක පේන් නෑනේ. මේ දුවලා දෙන්නා අම්මා මැරෙන්න යන්නේ කියලා බය වෙලා ලගට ඇවිත් අම්මාගේ ඔලුවෙන් අල්ලලා අනේ අම්මේ නැගිටින්න කියලා ඇහැරවන්න උත්සහ කරා,
මේ වෙලාවට අපේ අය කරන දේවල් අමුතුවෙන් කියන්න ඕන් නෑනේ. කිරි පොවන්න යනවා, විලාප තියනවා,යන්න එපා කියනවා මෙයාලත් ඒ වගේ තමයි.
මෙහෙම මේ අම්මා කරපු පින් සිහි කර කර හිටියත් මෙයාලගේ මේ වැඩ නිසා ඒක කරගන්න බැරි වුනා. අර ඔලුවෙන් අල්ලලා හොලවනකොට සෑහෙන්න තරහා ගියා ඒ තරහත් එක්කම මැරුණා.
මොකක් වෙන්න ඇති කියලද හිතන්නේ?
කෙලින්ම ඒ ඇඳ යටම ප්‍රේතියක් වෙලා ඉපදුනා. දැන් මේ අම්මාට මාර තරහයි මේ දුවලා දෙන්නා ගැන,ඇයි තමන් පින් සිහි කර කර ඉදලා දිව්‍ය ලෝකේ යන්න හිටියේ ඒත් මේ දුවලා දෙන්නා නිසා දැන් ප්‍රේතියක් වෙලා.දැන් මේ අම්මාට ඕනී මේකට පලිගන්න.
දැන් මේ අම්මා මේකට පලිගන්න මෙහෙම දෙයක් කරනවා, මුලින් ලොකු දුවට වැහිලා කිව්වලූ මේ මම උබලගේ අම්මා මට පුලුවන් උබලව දියිණු කරන්න ඒකට මේ තියන ඉඩම් විකුණලා මේ තැන් වලට පුජාවක් තියලා මට පින් දෙන්න ඊට පස්සේ මම උබලා ඔක්කොම දියුණු කරන්නම් කිව්වාලූ. මේ දුවලා දෙන්නත් තමන්ගේ අම්මා කියන දේ අහලා මෙහෙම කරාලූ. අන්තිමට පාරට වැටෙනකන්ම මෙහෙම කරාලූ ඒත් හරි යන පාටක් නෑ.
මෙහෙම අන්තෙටම වැටුනට පස්සේ දවසක් අර ප්‍රේත අම්මා දුවෙක්ට වැහිලා කිව්වාලූ උබලව පාරට දාන්නයි මට ඕනී උනේ උබලා එදා මම පින් කරපුවා සිහි කර කර ඉද්දී ඒක කරගන්න දුන් නැතුව මට බාධා කරා ඒකට මට තරහා ගිහිල්ලා මම ප්‍රේතියක් උනේ,ඒකට පලිගන්නයි මම මෙහෙම කරේ දැන් උබලා පාරට වැටුනා මට දැන් සතුටුයි කියලා යන්න ගියාලූ.
පේනවානේ මේ සසර භයානක කම අම්මා,තාත්තා,සැමියා,බිරිඳ,දුව,පුතා,
නෑයෝ,යාලූවෝ ඔක්කොම මේ ටික කාලේට විතරයි.
දැන් මේක කිව්වම මේක ඇත්තද? බොරුද? කාටද උනේ? හොයන්න එපා. මේ වගේ දෙයක් අපිට වෙන්න බැරිද කියලා හිතන්න.
කොච්චර පින් කරත් අඩුම මාර්ගඵලයක් වත් ලබුවේ නැත්තම් අපිටත් මේ සතර අපායේම දොරවල් ඇරලා තියෙන්නේ. ඒ නිසා ඒ දේට උත්සහවත් වෙන්න.
අඩුම තරමේ මේ මරණය ගැන ටිකක් තේරුම් අරන් ඉන්න. අර දුවලා දෙන්නා එහෙම පොඩි හරි තේරුම් ගැනීමක හිටියා නම් අර අම්මාට එහෙම නොවෙන්නත් තිබ්බා.
ඒ ගැන කියද්දීම මේ කතාව වගේම තව කතාවක් මතක් වුනා බුද්ධකාලේ වුන. මේ කතාවේම අනිත් පැත්ත. මේ කතාව උතුම් වූ ත්‍රිපිටකයේ සඳහන් සූත්‍ර ධර්මයක්.ඒ තමයි ධානඤ්ජානි සූත්‍රය මේ කතාව ටිකක් සඳහන් කරන්නම්. ඒත් මුලු සූත්‍රයම කියවන්න පුලුවන් නම් බොහෝ වටී.

මේ සූත්‍රය ටිකක් දීර්ඝ සූත්‍ර දේශ්නාවක්, මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ නිරයේ ඉපදෙන්න හිටිය ධානඤ්ජානී බ්‍රහ්මණයාව සැරියුත් මහ රහතන් වහන්සේ විසින් නිරයේ ඉදන් බ්‍රහ්ම ලෝකේ දක්වා හිත පිහිටුවලා අවසන ඊලඟ උපත බ්‍රහ්ම ලෝකේ උපදින්න හිත පිහිටවපු ආකාරයක් ගැන.
ඔබත් කියවා බලන්න.👇👇👇
http://pitaka.lk/19147/cs,aps
මේ කතාව කලින් කිව්ව කතාවේම අනිත් පැත්ත නිසයි මම මෙතන සඳහන් කරේ. අපි කාගෙත් ජීවිතවල අවසාන මොහොත කියන්නේ ඉතාම තීර්ණාත්මක අවස්ථාවක් ඒ වගේ වෙලාවක අපිට සැරියුත් මහා රහතන් වහන්සේ වගේ උතුමෙක් ඇවිත් මෙහෙම දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒ නිසා අපි ඒ වගේ භායනක තැනකට නොවැටෙන්න උත්ස්හවත් වෙන ගමන්, තව කෙනෙක්ගේ අවසාන මොහොත මේ සැරියුත් මහ රහතන් වහන්සේ කරා වගේ නිවරදිව හිත පිහිටලා ඊලග භවය බඹ ලොව යවන්න බැරි උනත්, අපිට පුලුවන් අඩුම තරමේ අපි නිසා ඒ කෙනාගේ ඊලඟ භවය වැරදි තැනකට යවන එක වළක්වන්න.
ඒ නිසා මේ මරණය ගැන සිහි කරමින් මේ දේට මූණ දෙන්න හිත හදාගෙන ඉන්න වත් අඩුම තරමේ උත්සහවත් වෙන්න.
මේ ධර්මදානමය කුසලය උතුම් නිවන් සුව පිණිසම හේතූ වේවා…!
තෙරුවන් සරණයි….!

(උපුටා ගැනීමකි)

02/04/2019

“පඤ්චිමානි භික්ඛවෙ ඨානානි අභිණ්හං පච්චවෙක්ඛිතබ්බානි ඉත්ථියා වා පරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා කතමානි පඤ්ච?”

(1) ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හං පච්චවෙක්-ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

(2) ව්‍යාධිධම්මොම්හි ව්‍යාධිං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

(3) මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

(4) සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

(5) කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධූ කම්මපටිසරණො, යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

තේරුම:

මහණෙනි, මේ කරුණු පස ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය. කවර කරුණු පසෙක් ද යත්?

(1) මම දිරන ස්වභාව ඇත්තේ වෙමි. ජරාව නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

(2) මම රෝග හටගන්නා ස්වභාව ඇත්තේ වෙමි. රෝගය නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය.

(3) මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නො ඉක්ම වූයෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

(4) ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන් මාගේ වෙන්වීම සිදුවේ යයි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

(5) මම කර්මය අයත් දෙය කොට ඇත්තේ වෙමි. කර්මය උරුම කොට ඇත්තේ වෙමි. කර්මය සුව දුක් ලැබීමේ හේතුව කොට ඇත්තේ වෙමි. කර්මය පිහිට කොට ඇත්තේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/n2is5I

Want your place of worship to be the top-listed Place Of Worship in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo