BatterArtist
We bring that mouth watering dream painted on your mind to a reality.
22/08/2020
ඔන්න ඉතින් අපි කිව්වා වගේම අද අපේ series එකේ Episode 01 එක ඔයාලට share කරනවා
සමහර කට්ටිය ඉතින් පැස්ටා කිව්වම කල්පනා කරනවා මේක කොහොමද කන්නේ? මේක කන්න හොඳ ද? "මේක ටිකක් posh කෑමක් වගේ... " මේවා අපිට හරියයිද? මේක කන්න ගෑරප්පුව ඕනෙමද? ඇයි අතින් කන්න බැරිද? මේක කාල බඩ පිරෙයි ද? එහෙම කියල...
අපි ඔය ප්‍රශ්ණ සේරම මේ series එකේ කථා කරනවා. මේ එපිසෝඩ් එකේ අපි කතා කරන්නේ
1) පැස්ටා වල ආරම්භය
2) ඇයි එහෙම කෑමක් හැදුවේ
3) එකේ ගුණ අගුණ
පැස්ටා ලෝකෙට මුලින්ම ඇතුලත් වෙන්නේ 13 වෙනි සියවසයේ ඉතාලියේදී. කට්ටිය කතාවට කියනවා මාකෝ පොලෝ (Marco Polo) කියන වෙනිසිය(Venice in Italy) ජාතික වෙළෙන්දා/ගවේශකයා චීනෙන් හොයාගෙන ඇවිත් ඉතාලියට මේක අදුන්වා දුන්න කියලා. කොහොම හරි දැන් වෙනකොට මේකේ මුල් අයිති කරුවන් විදිහටත්, අපේ බාසාවෙන් කියනකොට් "ඔස්තාර්ලා" විදිහට නම ගිහින් තියෙන්නේ ඉතාලියේ.
ඇයි මේක හැදුවේ, එහෙම නැත්තං ඇයි මේක ප්‍රසිද්ධ වුනේ කියනවා නං... එක එක මහත්ද්වීප වලට, රටවල් වලට සෙට් වෙච්ච කෑම ජාති තියනවානේ. දකුණු ආසියාවට බත්, යුරෝපෙට පාන්, චීනෙට නූඩ්ල්ස් , අන්න ඒ වගේ... මේවා හැදෙන්නේ ඒ රටවල් වල ඇතුලෙන් නිෂ්පාදනය වන ප්‍රධාන කෘෂි භෝග වලින්. ඉතාලියේ පැස්ටා නිෂ්පාදනයට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් උපරිමයට තියනවා. ඉතින් නිෂ්පාදන වියදම අඩුයි. ඒ වගේම පැස්ටා මුල් කරගෙන හදන්න පුළුවන් රසවත් අහාර වට්ටෝරු වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වන මස් ජාති, චීස් ජාති, කුළුබඩු, එහෙමත් තියනවා. අපිට බත් වේලක් කනවා වගේ තමයි එයාලට පැස්ටා වේලක් කන එක. ඉතින් මේක එයාලගේ එදිනෙදා ජීවිතයට සාමාන්‍ය ආහාරයක් විදිහට එකතු වුණා
පැස්ටා නිෂ්පාදනය කරන්න ගන්න මූලික අමුද්‍රව්‍ය 4ක් තියනවා. ඒ තමයි: පිටි (Durum Wheat ධුරුම් වීට්), බිත්තර , ලුණු , වතුර.
මේකේ ගුණ ගැන කතා කරනකොට, පැස්ටා වල කාබෝහයිඩ්රේට් ඉහල මට්ටමක තියනවා. ඒ වගේම පැස්ටා විතරක් සලකනකොට කොලොස්ටරෝල් අඩංගු නැත. සෝඩියම් ඉතාමත් අඩු ප්‍රතිශතයක් තමයි තියෙන්නේ.. ශරීරයේ සෛල වර්දනයට උපකාරීවන ෆොලික් ඇසිඩ් (Folic Acid) මෙහි අඩංගු වෙනවා. ඒ වගේම මේක කෙඳි අඩංගු(Fiber Content) ආහාරයක් වෙනවා.
අගුණ සම්බන්ධව කතා කරන විට ධුරුම් වීට් කියන පිටි විශේෂයේ ප්‍රෝටීන, ග්ලුට්න් අඩිකයි. ඉතින් ප්‍රෝටීන් ආශ්‍රිත අසාදනික තත්ත්ව තියන කට්ටිය මේ ගැන කල්පනාකාරී වෙන්න ඕනේ. ඒවගේ ශරීරයේ උදරය පාලනය කරගැනීමට කටයුතු කරනවා නම් නිතරම පැස්ටා කන එක එච්චර හොඳ නෑ. එකට හේතුව මේකේ අඩංගු ග්ලුටන් නිසා (එයාලට සතියකට උපරිම වෙල් 3ක්).
අදට ඉතින් මෙ Episode එක ඉවර කරනවා. ඔයාලට මේකෙන් වැඩක් වුණා කියල හිතනවා.
යාළුවන්වත් එකතු කරගන්න, Page එකට Like! කරන්න
BatterArtist
20/08/2020
අලුත් වැඩක් කරන්නයි යන්නේ... BatterArtist එකේ අපි හිතුවා අපේ page එකට එකතු වෙච්ච ඔයාලටයි, ඔයාලගේ යාලුවන්ටයි ප්‍රයෝජනවත් වෙන විදිහේ content තියන Post series එකක් කරන්න. ඒ තමයි අපි දන්න subject එකක් වෙච්ච Pasta ගැන කියල දෙන්න...මේ series එකේ content අපි ලියන්නේ සිංහලෙන්. දැන් මේ Pasta කියන කෑම වල ආරම්භය යුරෝපයේ පිහිටි ඉතාලිය කියන රටේනේ... ඉතින් පොඩි අවුලක් තීයනවා... සමහර වචන සිංහලෙන් ලියන්න අමාරුයි... හැබැයි අපි ඉතින් full try එකක් දානවා එව්වා ලියන්න... ඒ වගේම සමහර වචන සිංහලෙන් කිව්වම නිකන් කුණුහරප වගෙත් ඇහෙනවා... අනේමන්දා ඉතින් මොනවා කරන්නද?
අපි වැඩේ පටන් අරන් බලමුකෝ...
මේ series එකේ නම තමයි "Pasta 101"
යාළුවන්වත් එකතු කරගන්න, Page එකට Like! කරන්න
www.facebook.com/batterartist
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Nadhimala, Dhehiwala
Colombo