CCBS unesco

CCBS unesco

Share

06/05/2026

වැලිකඩ දොරකඩ ළඟ සිට ලියමි !
මා වාඩිවී සිටින අසුනට බන්ධනාගාරයේ පිටුපස ගේට්ටුව අසල ඇති බුදු පිළිමය මැනවින් පෙනේ.
එහි ඉතිහාස කතාවද මගේ අඩසිය වසක සමාජ මෙහෙවරේ සටහනක් ලෙස මම දකිමි.
අපේ මාතෘ භූමියේ දක්ෂ සිසුන් සහ ගුරුවරුන් 862 දෙනෙකු ලොව පුරා රටවල විවිධ අධ්‍යාපනික වැඩසටහන්වලට සම්බන්ධ කළ අවස්ථාවක දී, අප ජර්මනියේ බන්ධනාගාර පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් කිරීමට මට අවස්ථාව හිමිවිය. එහි බොහෝ සිසු දරුවන් පාසලෙන් පසු හවස බන්ධනාගාරය වැනි ආයතන සමඟ ඉතා සමීපව කටයුතු කර නීතිගරුක පුරවැසියන් වීමේ වටිනාකම සිසුන්ට කියා දෙන අයුරු මම දුටුවෙමි. මෙම ක්‍රියාකාරීත්වය පිළිබඳ මා උගත් දේ ශ්‍රී ලංකාවට පැමිණි පසු මේ රට බන්ධනාගාර මූලස්ථානාධිපතිතුමා සමග කළ සාකච්ඡාවේ දී, අපේ බන්ධනාගාරවලට සුදුසු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස එතුමා මට උපදෙස් දුනි.
බන්ධනාගාර තුළ වැඩි වශයෙන්ම සිරකර සිටින්නේ රටට සමාජයට සවියක් ලබාදිය හැකි මිනිස් ශ්‍රමය බව පැහැදිලිය. ඔවුන්ගේ නඩත්තුව වෙනුවෙන් ද දියකර හරින්නේ මහජනතාවගේම සම්පත් ය.
අඩු තරමින් සිරගත වූවන්ගේ දිවි පැවැත්මට සරිලන කිසිවක් ඔවුන්ගේ ශ්‍රමය තුළින් ලබාගත හැකි වන්නේ නම් එය කාටත් ප්‍රයෝජනවත්ය .
දිවයින පුරා ඇති බන්ධනාගාරවල ඉඩ පහසුකම් ඇති භූමි ප්‍රමාණයද අති විශාලය.
ඒ අනුව රට පුරා විහිදී ඇති බන්ධනාගාර හිස් බිම් වල කොස් පැළ සිටුවීමේ ව්‍යාපෘතිය මම කොමසාරිස්තුමාට යෝජනා කළෙමි.
දිවයින පුරා බන්ධනාගාර ඉඩකඩම් වල කොස් පැළ තිස් දහසක් සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ වුණේ ඒ අයුරිනි.
ඒ අවධියේ කොළඹ ළමා පොත් සංගමයේ ්‍රාදේශීය සංවිධායකවරුන් සහ සාමාජික සිසු දරු දැරියන් විසින් ද ඒ ඒ ප්‍රදේශවල බන්ධනාගාර සඳහා ස්වේච්ඡාවෙන් කොස් පැළ සපයා දීම සිදුකළ අයුරු මට සිහිපත්වේ.
මාද වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේදී මෙන්ම ඊට අමතරව මහර බන්ධනාගාරය වැනි පිටස්ථානවල බන්ධනාගාරවලට පවා ගොස් නිලධාරින් දැනුවත් කිරීමේ දේශනමාලා පැවැත්වීමී.
2012 වසරේ දී පමණ ක්‍රියාත්මක වූ එම වැඩසටහන බෙහෙවින්ම සාර්ථක වූ අතර, සිරගත වූවන්ගේ දිවා ආහාරය සඳහා වැය වන රජයේ මුදලද අඩු වීමටත් ඔවුන්ට කොස් වැනි ඵලදායක ආහාරයක් ලබාදීමටත් හැකි විය
ඉන්පසු බන්ධනාගාර කොමසාරිස්තුමා විසින් වැලිගඩ බන්ධනාගාර පිටුපස ගේට්ටුව අසල නව බුදු මැදුරක් ද ඉදිකළ අතර, එහි මුල් ගල තබන ලද්දේ ද එතුමා සහ මා විසිනි. එපමණක් නොව බන්ධනාගාර ක්‍රීඩාංගණය සෑම බදාදා දිනකම කොළඹ ළමා පොත් සංගමයේ සාමාජික දරු දැරියන් වෙනුවෙන් විශේෂයෙන් වෙන් කර දීමට එතුමා කටයුතු යොදන ලදී .
කොස් පැළ තිස් දාහේ ව්‍යාපෘතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහන මගින් ද ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කොමසාරිස් තුමා වෙත ප්‍රශංසා හිමිවූ බව මට දැනගන්නට ලැබුණි.
මා විසින් මෙම පසුබිම් සටහන සටහන් කළේ, වර්තමානයේ මා දකින ගැටළුවකට සුදුසු පිළියම් බලධාරීන්ගේ අවධානය සඳහා යොමු කිරීම සඳහාය.
පසුගිය සතිය අනවසයෙන් පැන ගිය රැඳවියන්ගේ මරණ කීපයක් පිළිබඳවම අසන්නට ලැබුණි. මෙහිදී බොහෝ දෙනකු නොදකින කරුණක් සිහිපත් කිරීමට කැමැත්තෙමි.
මීට පළමුවෙන් පිටුපස ගේට්ටුව පැය විසිහතර පුරාම බන්ධනාගාර ආරක්ෂකයින් විසින් රැකවල් යොදා තිබූ බව සියල්ලෝම දනිති. මෑතක සිට එම ආරක්ෂක කපොල්ල අහසට එසැවී තිබෙනු විනා රැකවලුන් කිසිවෙකු දකින්නට නැත .
ඒ නිසාම ඕනෑම පුද්ගලයකුට එම පිටුපස ගේට්ටුවෙන් යාමේ ඒමේ පහසුකම් ඇත. බන්ධනාගාර නියාමකවරයෙකුගේ දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ රැඳවියන් සමූහ වශයෙන් ම එළිමහනේ සේවා කටයුතු කරනු නිතරම පෙනේ. ඉදින් එවැනි අවස්ථාවල රැඳවියන් නිදහස සොයා පැන යාම පුදුමයක් නොවේ. බොරැල්ල හන්දියේදී පවා එවැන්නන් අල්ලාගෙන කටයුතු කරන දැකීමක් සුභවාදී දසුනක්ද නොවේ .
මේ සතියේ බොරැල්ල හන්දිය පසු කරමින් ගිය සාමපාද චාරිකාවෙහි යෙදුන පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිස හෝ මාල දිවයින් ජනාධිපතිතුමා හෝ බොරැල්ලේ සිද්ධිය යම් හෙයකින් දැක්කා නම් කාට නම් කියන්නද ?
මේ සියල්ලන්ටම පැනයාමට මග සලසන පිටුපස මුර කපොල්ල නොපමාවම යළි ස්ථාපිත කළ යුතුමය.

බන්ධනාගාර පරිශ්‍රයේම කොටසක mobitel ආයතනයේ කාර්යාලයක් ද ආරම්භ කර ඇත . ඒ නිසා දෝ එම ආයතන දෙකටම යාමට ඇති දොරටුව වන බන්ධනාගාරයේ ගේට්ටුව දවස පුරාම විවෘත කර ඇති බව පෙනේ.
ඒ සඳහා සුදුසු යෝජනාවක් කරනු කැමැත්තෙමි.
මෙම පිටුපස ගේට්ටුවේ ආරක්ෂාව, මොහොතකටවත් අත්හළ යුතු නැත. ඒ අතර කැමරා පද්ධති සහ ආලෝක සංඥා සක්‍රීය කළ යුතුය. එම ආරක්ෂාව සාර්ථක කර ගැනීම සඳහා බන්ධනාගාර නියාමකයන් සහ Mobitel ආරක්ෂක නියාමකයන් ඒකාබද්ධව ආරක්ෂක සේවය සඳහා යෙදිය යුතුය.
එවිට රැඳවියන්ට පමණක් නොව වෙනත් අනවසර පුද්ගලයන්ට ද මෙම ආයතන වෙත පහසුවෙන්ම යාමට ඒමට නොහැකි වනු ඇත
අද වන විට බන්ධනාගර පිරි ඉතිරී යන තරම් රැඳවියන් එහි රඳවා තබා ඇත.
ඊට සුදුසුම විසඳුම රට පුරා පිහිටා ඇති දූපත් රාශිය තුළින් කුඩා බමුන්දනාගාර ඒකක නිර්මාණය කර රැඳවියන් ඒ ඒ දූපත්වල ස්ථානගත කරවීමයි.
රට පුරා වෙනත් බන්ධනාගාර වලින් ද නිරතුරුවම ඇසෙන ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයද එයින් බොහෝ දුරට විසඳී යනු නොඅනුමානය.
www.ccbsunesco.org

10/03/2026

40 වෙනි වසන්ත ළමා කඳවුර මෙම මස 28 වැනි දින කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මේ සදහා සහභාගී වීමට බලාපොරොත්තු වන වයස 18න් පහළ සිසු දරු දැරියන් සියලු දෙනා මෙම අයදුම්පත මාර්තු මස 15 වන දිනට පළමුන පුරවා සහභාගීත්වය සනාථ කරන්න.

සහභාගී වන දරු දැරියන් ඔබට අදාළ වන සාහිත්‍ය කුටියකට අනියුක්ත කරන අතර, එදිනදී විවිධ වූ සාහිත්‍යමය තරගාවලීන් වලට මුහුණ දී ජයග්‍රහණයන් ලබා ගැනීමට ඔබට අවස්ථාව හිමි වනු ඇත.

මේ සදහා සහභාගී වීමට කැමති ඔබත් අදම මෙම ගූගල් අයදුම්පත්‍රය පුරවා සහභාගීත්වය සනාථ කරන්න.
https://forms.gle/6HuYuWoiDpjZjJd97

ඔමෙන්ම ඔබව සම්බන්ධ කර ගත හැකි වට්ස්ඇප් දුරකථන අංකයක් ඇතුළත් කිරීමටත් අමතක නොකරන්න.

ඔබේ සහභාගීත්වය සනාථ කිරීමෙන් අනතුරුව එදිනට නියමිත තරග විස්තර අප විසින් ඔබ වෙත ලබා දෙනු ඇත.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Lesly Ranagala Mawatha
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00