Happy leaf
21/05/2026
4: කොටස
කොළඹ අහස කළු කරගෙන ආ වැසි කුණාටුව සිල්වර්ලයින් කුළුණේ වීදුරු ජනේල මත පතිත වූයේ ශබ්දයක් නඟමිනි.
වේලාව සවස 5:30 විය.
කාර්යාලයේ බොහෝ දෙනෙක් නිවෙස් බලා යන්නට සූදානම් වෙද්දී, දිව්‍යා තවමත් ඇගේ ලැප්ටොප් තිරය දෙස දෑස් යොමාගෙන සිටියාය.
ඇය සොයමින් සිටියේ සමාගමේ වසර පහකට පෙර 'ෆයිනෑන්ෂල් රෙකෝඩ්ස්' (Financial records) සහ 'ෂෙයාර්හෝල්ඩින් පැටර්න්ස්' (Shareholding patterns) වල සිදුවූ වෙනස්කම්ය
තට්ටු කරන හඬත් සමඟ ඇගේ කාමරයේ දොර විවෘත විය. ඒ රොහාන්ය. ඔහු අතේ 'ෆයිල් එකක්' තිබුණි.
"මිස් දිව්‍යා, මේ තියෙන්නේ ඔයා ඉල්ලපු 'ලාස්ට් ෆයිව් ඉයර්ස් කෝපරේට් ප්‍රොජෙක්ට් රිපෝට්ස්' (Last five years corporate project reports) ටික.
හැබැයි මේකේ 2021 රිපෝට් එක විතරක් මිසින් (Missing)."
දිව්‍යා ඇගේ දෑස් සිහින් කරමින් රොහාන් දෙස බලනු ලැබුවාය.
"මිසින්? වට් ඩූ යූ මීන් රොහාන්?
ඒ වගේ 'මේජර් රිපෝට්' එකක් සිස්ටම් එකෙන් මිස් වෙන්න බැහැනේ."
රොහාන් මඳක් වටපිට බලා, ඇගේ මේසයට කිට්ටු වී හඬ බාල කළේය.
"ඇත්තටම මිස් දිව්‍යා... ඒ අවුරුද්දේ තමයි කම්පැනි එකේ 'ෆවුන්ඩර්' (Founder) මිස්ටර් වික්‍රමසිංහ අතුරුදහන් වුණේ. ඒ එක්කම සී.ඊ.ඕ කමිල් සර් මුළු කන්ට්‍රෝල් (Control) එකම ගත්තා. ඒ කාලේ රෙකෝඩ්ස් ඔක්කොම ලොක් (Lock) කරලා තියෙන්නේ. කාටවත් 'ඇක්සස්' (Access) නැහැ."
දිව්‍යා සිය පෑනෙන් මේසයට තට්ටු කරමින් කල්පනාකාරී වූවාය.
"අයි සී... දැට්ස් ඉන්ටරෙස්ටින්. තෑන්ක් යූ රොහාන්, දිස් ඉස් ඉනෆ් ෆෝ නව් (This is enough for now). ඔයාට පුළුවන් යන්න."
"ඕකේ මිස්. හාව් අ ගුඩ් ඊවිනින්!"
රොහාන් සිනාසී කාමරයෙන් පිටව ගියේය.
දිව්‍යා වහාම ක්‍රියාත්මක විය. ඇය සිය බෑගයෙන් විශේෂිත 'එන්ක්‍රිප්ටඩ් යූ.ඇස්.බී ඩ්‍රයිව්' (Encrypted USB drive) එකක් ගෙන ලැප්ටොප් එකට සම්බන්ධ කළාය. ඇගේ ඇඟිලි පලපුරුදු ලෙස ඉතා වේගයෙන් කීබෝඩ් එක මත නර්තනයේ යෙදුණි.
ඇය සමාගමේ 'මේන් සර්වර්' (Main server) එකට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටියාය
"කමෝන්... කමෝන්... ජස්ට් වන් බයිපාස් කෝඩ්..." ඇය තනියම මුමුණා ගත්තාය.
හදිසියේම, ඇගේ පිටුපසින් තියුණු හඬක් ඇසුණි.
"වැඩ ගොඩක් වගේ, මිස් දිව්‍යා?"
දිව්‍යා ගැස්සී ගියාය. ඇය වහාම ලැප්ටොප් තිරය 'මිනිමයිස්' (Minimize) කර, ආපසු හැරී බැලුවාය. දොරකඩ සිටියේ කමිල් වික්‍රමසිංහයි. ඔහු සිය කබායේ සාක්කුවට දෑත් දමාගෙන විමසුම් සහගත, නමුත් සිනා මුසු බැල්මකින් ඇය දෙස බලා සිටියේය.
"සර්... ඔව්, මම මේ පළවෙනි දවසේ 'ප්‍රොජෙක්ට් ඩේටා' ටික ස්ටඩි කරනවා.
" දිව්‍යා සුපුරුදු 'කිසිදු හැඟීමක් නොපෙන්වන සිනහව මුහුණට මතු කරගත්තාය.
කමිල් සෙමින් ඇය
වෙත පියනැගුවේය. ඔහුගේ සපත්තු අඩිවලින් නැඟුණු හඬ කාමරයේ නිශ්ශබ්දතාවය බිඳ දැමීය. ඔහු ඇගේ මේසය මත තිබූ ෆයිල් එකක් අතට ගත්තේය.
"ස්ටඩින් ද පාස්ට්? (Studying the past?) පරණ දේවල් හාරලා අවුස්සන එක අපේ සමාගමේ 'පොලිසි' එකක් නෙවෙයි. අපිට ඕනේ 'ෆියුචර් ග්‍රෝත්' (Future growth) එක විතරයි.මිස් දිව්‍යා
"අයි අන්ඩර්ස්ටෑන්ඩ් සර්. හැබැයි 'ෆියුචර් ස්ට්‍රැටජීස්' හදන්න කලින්, පරණ 'ෆවුන්ඩේෂන්' එක තේරුම් ගන්න එක වැදගත් කියලා මම හිතනවා." දිව්‍යා කෙළින්ම ඔහුගේ දෑස් දෙස බලා පැවසුවාය.
කමිල්ගේ මුහුණේ තිබූ සිනහව අතුරුදහන් විය. ඔහුගේ හඬ තවත් බර විය.
"ෆවුන්ඩේෂන් එක ගැන හොයන්න ගියපු ගොඩක් අයට වුණේ... 'ඩිසැපියර්' (Disappear) වෙන්න. අයි හෝප් යූ ආ ස්මාර්ට් ඉනෆ් ටු අන්ඩර්ස්ටෑන්ඩ් මයි පොයින්ට් (I hope you are smart enough to understand my point), මිස් දිව්‍යා.
"
"අයි ඈම් වෙරි ස්මාර්ට් සර්. ඒකනේ මම අද මේ සීට් එකේ ඉන්නේ." දිව්‍යා නොසැලී පිළිතුරු දුන්නාය.
කමිල් ඇය දෙස තත්පර කිහිපයක් බලා සිටියේය. ඒ බැල්මේ තිබුණේ තර්ජනයකි.
"ගුඩ්. අයි ලයික් පීපල් විත් ගට්ස් (I like people with guts). හැබැයි ඕවර්-කන්ෆිඩන්ස් (Over-confidence) එක කියන්නේ සසයිඩ් (Su***de) එකක්. සී යූ ටුමොරෝ!"
කමිල් හැරී කාමරයෙන් පිටව ගියේය.
රාත්‍රී 8:00 විය. වැස්ස තවමත් නතර වී නොතිබුණි.
දිව්‍යා සිය සුඛෝපභෝගී රථය කොළඹ තදාසන්න ප්‍රදේශයක පිහිටි පාළු, පැරණි බංගලාවක් අසල නතර කළාය. ඇය කුඩයද දිග හැරගෙන වහාම නිවස තුළට ගියාය.
කාමරයේ මද එලිය සහිත විදුලි බල්බයක් යට ලේඛන පිරික්සමින් සිටි මහලු මිනිසා ඇය දෙස බැලුවේය. ඔහු දිව්‍යා දුටු විට
"දිව්‍යා... ඔයා ප්‍රවේශමෙන් නේද ආවේ? කමිල්ට සැක හිතුණද?"
ඔහු කැස්සක් සමඟ ඇසුවේය.
"නැහැ ඒත් මම දන්නවා ඌ මම ගැන හොයන බව . උගේ සැකය දැන් 'කන්ෆර්ම්' (Confirm) වෙන්න ළඟයි. හැබැයි මම ඌට බය නැහැ." දිව්‍යා ඔහුගේ අසලින් වාඩි වූවාය.
"ඌ හිතන් ඉන්නේ මම නිකම්ම නිකම් 'ජෙම් බිස්නස්වුමන්' කෙනෙක් කියලා විතරයි මම කවුද කියලා ඌ තවම දන්නේ නැහැ, '!" ඇගේ දෑස්වලින් ගිනි පුපුරු විහිදෙන්නට විය.
මහළු මිනිසා ඇගේ අතක් තදින් අල්ලා ගත්තේය
"දිව්‍යා, ඌ මුළු බිස්නස් එකම උගේ නමට ලියාගත්තේ මගේ අත්සන 'ෆෝජ්' (Forge) කරලා. මට ඕනේ ඒ සාක්ෂිය. ඒ 'ඔරිජිනල් ඩීඩ්' (Original deed) එක තියෙන්නේ කමිල්ගේ රහස් සේප්පුවේ."
දිව්‍යා නැගී සිටියාය. ඇය ජනේලයෙන් පිටත පෙනෙන අකුණු සැර දෙස බලා, තීරණාත්මක ලෙස පැවසුවාය.
"ලබන සතියේ කම්පැනි එකේ 'ඇනුවල් ජෙනරල් මීටින්' (AGM) එක තියෙනවා මුළු බෝඩ් එකම එදාට එනවා.
එදාට මම කමිල්ගේ 'මාස්ක්' (Mask) එක ගලවනවා. අයි විල් ටේක් බැක් වට් ඉස් අවර්ස් (I will take back what is ours)!"
නමුත්,
ඒ මොහොතේම සිල්වර්ලයින් කුළුණේ සිය නිල කාමරයේ සිටි කමිල්, තමාගේ 'සීක්‍රට් ඉන්වෙස්ටිගේටර්' (Secret investigator) ගෙන් ලැබුණු දුරකථන ඇමතුමට සවන් දෙමින් සිටියේය.
"සර්... මිස් දිව්‍යාගේ 'පැස්පෝට් රෙකෝඩ්ස්' සහ 'ෆැමිලි බැක්ග්‍රවුන්ඩ්' එක ෆේක් (Fake). ඇගේ සැබෑ තොරතුරු හෙට හවස් වෙද්ද සර්ට ලැබෙන්න සලස්වන්න
කමිල්ගේ මුහුණට ක්‍රූර සිනහවක් නැඟුණි. ඔහු අත රැඳි වයින් වීදුරුව මේසය මත තැබුවේය.
"සෝ... ද ගේම් හෑස් බිගන් (So... the game has begun), දිව්‍යා. බලමු කවුද මගෙත් එක්ක සෙල්ලම් කරන්න හදන ගිනි කිරිල්ලි කියලා
පස්වන කොටසින් හමුවෙමු...*
19/05/2026
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
0094