Mahesh
05/02/2026
"ශාක්‍යමුනි සර්වඥ ධාතු වන්දනා"
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ "දෙව්නි මෝරී" පුදබිමෙන් වැඩමකරවන ලද සර්වඥ ධාතු වන්දනාව
කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේදී..
පෙබරවාරි 05 සිට 11 දින දක්වා...
04/02/2026
සංඛපාල රජමහා විහාරය
කොළඹ රත්නපුර පැල්මඩුල්ල පසුකොට ඇඹිලිපිටිය මාර්ගයේ ගමන්කරන විට හමුවන පල්ලෙබැද්ද පසුකර යනවිට කොළඹගේආර ප්‍රදේශයට ආසන්නයේ දී ගිරිශිඛර සහිත කඳුවැටිය පාමුල සංඛපාල රජමහා විහාරය හමුවෙයි. කොළඹ සිට සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 140 ක් පමණ වේ.
භූගෝලීය ලක්ෂණ අනුව අතරමැදි කලාපයට අයත් මුහුදු මට්ටමේ සිට අඩි 800 ක් පමණ උසින් යුත් සංඛපාල කඳුවැටිය, වියළි දේශගුණයට ආවේණීක තුරුලතා වලින් සමන්විතය. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට හා සංඛපාල ග්‍රාමසේවා වසමට අයත් සංඛපාල විහාරය, ගිරිශිඛර මත පිහිටි ස්වභාවික ලෙන් හා පසුව ඉදිකළ විහාර ආරාම ගොඩනැගිලි වලින් සමන්විත මනස්තාන්ත - ඓතිහාසික පුදබිමකි.
සංඛපාල විහාරය දෙවරක් සඟසතුකළ විහාරයකි. යුග තුනක් දැකිය හැකි විහාරයකි. අනුරාධපුර යුගය, මහනුවර යුගය හා මෑත යුගය වශයෙන් මෙය විස්තර කළ හැකිය.
සංඛපාල විහාර භූමියේ පිහිටි ඇතැම් ගල්ලෙන්වල මධ්‍ය ශිලා යුගයට අයත් බළන්ගොඩ මානවයා විසූ බවටද සාධක දැකගන්නට ඇත.
ක්‍රිස්තු පූර්ව 161 – 137 කාලයේ රජකළ දුටුගැමුණු රජතුමා විසින් විජිතපුර සටන ජයගත් පසු තම දස මහා යෝධයින්ට ගම්වර ප්‍රදානය කරන ලදි. එහිදී මොණරාගල - මාලිගාවිල ප්‍රදේශයෙන් පැමිණී යෝධයෙකු වූ පුස්සදේව ට හිමිවූයේ පල්ලේ බැද්ද ගම්වරයයි. පුස්සදේව යනු දුටුගැමුණු රජුගේ හමුදාවේ හක් පිඹීමේ හා දුනු ශිල්පයේ අති දක්ෂ සෙනෙවියෙකි. මෙම ගම්වරය පිළිගත් ඵුස්සදේව යෝධයා තම හිතවතුන් සමඟ එහි පදිංචියට පැමිණ ගම්මානයක් ගොඩනඟා ඇත.
ඉන් ටික කලෙකට පසු ඔහු ජීවිතය ගැන කලකිරී මහණ විය. ඔහු විසින් සංඛපාල විහාරය ගොඩ නංවන ලදි. ඔහුසේ ඵුස්සදේව හිමියන් පසු කලෙක විදසුන් වඩා රහත් වූ බවද ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. එළාර - දුටුගැමුණු යුද්ධයේදී ඵුස්සදේව යෝධයා විසින් එහි ජය ගොස නඟන ලදැයි කියන දක්‍ෂිණාවෘත හක් ගෙඩිය මෙම ගල මුදුනේ නිධන් කර ඇතැයි විශ්වාස කරයි. මීට අමතරව ඔහුගේ ජය සංකේතය වශයෙන් පැවැති හක් ගෙඩියේ ලාංඡනය වත්මන් ප්‍රධාන විහාරය පිහිටි ගල්ලෙනේ කොටා තිබෙනු දැකගන්නට ලැබේ. මෙම විහාරයට සංඛපාල යන නම (හක්ගෙඩිය = සංඛ ය) ලැබෙනුයේද ඒ අනුවය. සංඛපාල විහාර භූමිය තුළ ඇති කටාරම් සහිත ගල්ලෙන් රාශියක් ඇති අතර ඒවා අරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේ භාවනායෝගීව වැඩ සිටි ආවාස කුටි බව කියැවෙයි.
සංඛපාල කඳු පාමුල පිහිටි පැරැණි ගල්ලෙන් කීපයකින් 3ක් මේ වන විට බුදු මැඳුරු වශයෙන් සකස්කර ඇත. ඵුස්සදේව රහතන් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කර ඉදිකළැයි සලකන දාගැබක් විහාරයට කිලෝමීටර් 2ක් පමණ දුරින් එනම් ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට ආසන්නව ගල් තලාවක ඉදිකර තිබෙන අයුරු දැකගන්නට හැකි වේ. මෙම ස්ථානය අද “ඵුස්සදේව සොහොන” නමින් හඳුන්වයි.
නිධන් හොරුන් නොයෙක් අවස්ථාවල මෙම දාගැබ හාරා විනාශ කර ඇත.
#ඵුස්සදේව_සොහොන 🈚
පොළොන්නරු යුගයේ සිටි මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 - 1186), නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187 - 1196) වැනි රජවරුන්ගේ අවධියේදී මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කළ බව කියැවේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් නොයෙකුත් ආපදා වියවුල් නිසා මෙම ලෙන් විහාරය වල් බිහි විය.
සංඛපාල රජමහා විහාරය ගැන නැවතත් වැදගත් තොරතුරු රැසක් අසන්නට ලැබෙන්නේ මහනුවර යුගයේ රාජාධිරාජසිංහ (ක්‍රි.ව. 1780 - 1798) රජ දවසයි. උන් වහන්සේ ශ්‍රී පාදයේ පදවියට පත්ව අවුරුදු 2 ක් ඇවෑමෙන් රාජ උදහසට ලක්වී සිර අඩස්සියට පත් විය. අත්අඩංගුවට පත් හිමියන් කඩුගන්නාව ප්‍රදේශයේ අප්‍රසිද්ධ ස්ථානයක සිරකර තැබූ අතර උන් වහන්සේට රැවුල සහ කොණ්ඩ බූගෑමද රජතුමා තහනම් කර තිබිණි. නමුත් මේ අවස්ථාවේදී උන්වහන්සේට රහසින් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී ඇත්තේ අත්තරගම රාජගුරු බණ්ඩාර නම් උන්වහන්ගේ ගිහි ගුරුවරයෙකි. එතුමාගේ උපදෙස් පරිදි උන්වහන්සේ බුදුගුණ සඳහන් “බාරස කාව්‍ය හෙවත් බරනම කමසක” නම් ඉතාමත් දුෂ්කර කාව්‍ය කොටසක් නිර්මාණය කර රජතුමා අතට පත් කළේය. ඔවුන් කිසිවකුටත් එය කියවා පැහැදිලි කිරීමට නොහැකි විය. පසුව සිරකර සිටි කරතොට හිමියන් රාජ සභාවට ගෙන්වූ රජතුමා එම දුෂ්කර කාව්‍ය කියවා පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටියේය. හිමියෝ එම කවි කියවා ඒවායේ තේරුම රජතුමාට පැහැදිලි කර දුන්නෝය.
හිමියන්ගේ නිර්මාණ ශක්තියට සහ පාණ්ඩිත්‍යයට පැහැදුණු රජතුමා කරතොට නාහිමියන් සිරෙන් නිදහස් කර තුඩපතකින් සහ සන්නස් පත්‍රයක් මඟින් පල්ලේබැද්ද ගම්වරය සහ ශ්‍රී සංඛපාල රජමහා විහාරය උන්වහන්සේට පූජා කළේය. රජතුමා මෙම පරිත්‍යාගය කර ඇත්තේ ක්‍රි.ව. 1786 වසරේදීය. ඒ අනුව දුටුගැමුණු මහ රජතුමා ඵුස්සදේව යෝධයාට පළමුවරට පරිත්‍යාග කළ පල්ලේබැද්ද ගම්වරය දෙවැනි වරට ශ්‍රී රාජාධිරාජසිංහ රජතුමා කරතොට කීර්ති ශ්‍රී ධම්මාරාම හිමියන්ට පූජා කර ඇත.
පසුව මෙම හිමියන් සහ රජු අතර ඉතාම කුලුපග මිතුරු බවක් ඇතිවී තිබේ. නමුත් මේ බව නොරිස්සූ පිරිසක් හිමියන් ලන්දේසින්ට උදවු කරන බවට රජතුමාට මුසාබස් කියා ඇත. මෙයින් කෝප වූ රජතුමා නැවත හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසට දොඩංවල නිලමේට නියෝග කළේය. දොඩම්වල නිලමේගෙන් මේ ආරංචිය ලද කරතොට හිමියෝ පල්ලේබැද්ද සන්නසත් – තුඩ පතත් වටා පතත් රැගෙන මාතර වෙහෙරගම්පිටිය විහාරයට පලා ගියෝය.
වේරගම්පිටිය පුරාණ විහාරයේ වැඩ සිටි උන්වහන්සේ 1824 ජූලි 14 දින අපවත් වූහ. දක්‍ෂ කවියකු මෙන්ම ධර්ම කථිකයකුද වූ උන්වහන්සේගෙන් විශාල ශිෂ්‍ය පිරිසක් බණ දහම සමඟ කාව්‍ය සාස්තරයද ඉගෙනුම ලැබූහ. ඔවුන් අතරින් ගජමන් නෝනා, ඇළපාත නිලමේ හෙවත් ඇළපාත ධම්මාරාම, පාත්තායමේ ලේකම්, බරණ ගණිතයා ආදීන් චිරප්‍රසිද්ධය.
ඉන් පසුව සංඛපාල විහාරය නැවතත් වල් බිහි විය. පසු කළෙක කදුරුපොකුණේ සුමනජෝති හිමියන්ගෙන් පසුව මහගම සුමනතිස්ස හිමියෝ මෙහි භාර කාරත්වයට පත් වූහ. 1959 – 1979 දක්වා භාරකාරත්වය ඉසිලූ අත්තුඩාවේ ගුණරතන හිමියන්ගේ යුගයේ දී විහාරස්ථානයේ විශාල දියුණුවක් ඇති විය.
වේහැල්ල සංඝ පරම්පරාවට අයත් ශ්‍රී සංඛපාල විහාරයේ වත්මන් යුගය ගැන සලකනවිට,වත්මන් විහාරකාර කොකාවල කෝසල හිමියෝද විහාරයේ දියුණුව සඳහා ඉමහත් කැපවීමක් කරති.
゚viralシ
04/02/2026
අපි පාරේ යද්දී මිනිස්සුන්ගේ වත්කම මනින්නේ කොහොමද? එයා පාවිච්චි කරන වාහනේ, අතේ තියෙන ෆෝන් එක සහ අඳින ඇඳුමෙන් නේද?
හැබැයි අද කාලේ ඇත්තම තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්.
"පොෂ්" පෙනුම සහ ණය බර... 🚗💳
සමහරු ඉන්නවා අලුත්ම වාහනයක යන්නේ. අතේ අයිෆෝන් එකක්. දවල්ට කන්නේ ලොකු රෙස්ටොරන්ට් එකකින් පීසා හරි ෂෝට් ඊට්ස් හරි. පිටින් බලද්දී මාරම "රිච්" ලයිෆ් එකක්. ඒත් ඇත්තටම බැලුවොත්, කාර් එකේ ලීස් වාරිකේ ගෙවන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ඊළඟ මාසේ පඩිය එනකම් දුවන්නේ යාළුවන්ගෙන් ණයට ඉල්ලගෙන. ලෝකෙට ෂෝ එක දාගෙන හිටියට ඇතුලෙන් එයාලා මහා ණයකාරයෝ.
බස් එකේ යන කෝටිපතියා... 🚌💰
අනිත් පැත්තෙන්, දාඩිය දාගෙන බස් එකේ යන, කකුල් දෙකට සාමාන්‍ය රබර් සෙරෙප්පු දෙකක් දාගත්ත, දවල්ට ගෙදරින් බැඳන් ආපු බත් මුල ලිහාගෙන කන අංකල් කෙනෙක් දිහා අපි බලන්නේ හරිම අඩුවෙන්. ඒත් දන්නවද? සමහර විට ඒ මනුස්සයාට කොළඹින් ගෙවල් දෙක තුනක්, කුඹුරු අක්කර ගාණක් තියෙන්න පුළුවන්. එයාගේ බැංකු පොතේ කෝටි ගාණක් ඇති. එයාගේ සල්ලි තියෙන්නේ පේන්න නෙවෙයි, ආරක්ෂිතව බැංකුවේ.
රැවටෙන්න එපා! 🚫
ඇත්ත ධනවතෙක් කියන්නේ ලෝකෙට පේන්න වියදම් කරන කෙනා නෙවෙයි, තමන්ගේ ආදායමට වඩා අඩුවෙන් වියදම් කරලා සරලව ජීවත් වන කෙනාටයි. "පෙනුම" කියන්නේ මහා රැවටීමක් විතරයි.
ලෝකෙට පේන්න ණය වෙලා "ෂෝ" දානවට වඩා, සරලව ඉඳගෙන හිතේ සැනසීමෙන් ජීවත් වෙන එක කොච්චර වටිනවද!
ඔයාලත් දන්නවද මේ වගේ සරලව ඉන්න "හැංගිච්ච සල්ලිකාරයෝ"? ඒ අයට Respect එකක් දීගෙන යමු! 👇🫡💸
03/02/2026
03/02/2026
03/02/2026
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo
10400