First Aid for Life

First Aid for Life

Share

Photos from First Aid for Life's post 05/05/2025

උණ ගන්න කලින් ප්‍රථමාධාර මෙන්න

ශරීර උෂ්ණත්වය එය පවතින සාමාන්‍ය අගය වන සෙල්සියස් අංශක 37 (370C) ක්‍ හෙවත් ෆැරන්හයිට් අංශක 98.6 (98.60F) ට වඩා ඉහළයාම උණ ලෙස හඳුන්වයි. ශරීරයේ බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක් ඇතිවීම, කන් හෝ දත්වල වේදනාව, සෙම වැඩිවීම හෝ උගුරේ ආසාදනය, සරම්ප, පැපොල, මෙනින්ජයිටිස්, ඩෙංගි, චිකුන්ගුන්යා, වසා ගැටිති ඉඳිමීම (කුද්දැටි), සැරව ගෙඩි හට ගැනීම ආදී විවිධ හේතු උණ ඇතිවීමට බලපායි.

සිරුරේ ආසාදනයක් ඇතිවිට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඊට ප්‍රතිචාර දක්වමින් රුධිරය තුළ පයිරොජන් නම් ශරීර උෂ්ණත්වය වර්ධනය කිරීමට බලපාන රසායන ද්‍රව්‍යය නිෂ්පාදනය කරයි. එම රසායනිකය ශරීරයේ උෂ්ණත්වය හසුරුවන මොළයේ පිහිටි හයිපොතැලමසය වෙත පැමිණි විට එයද එහි උෂ්ණත්වය සාපේක්‍ෂව සකස් කර ගැනීමෙන් උණ තත්ත්වය පිළිබිඹු කරයි. ළමුන්ගේ උණ 39.0C (102.20F) ට වඩා ඉහළයාම තරමක් භයානක වන්නේ එමගින් වලිප්පුව හටගත හැකි නිසාය.

උණ යනු රෝගයක් නොව වෙනත් රෝගයක ලක්‍ෂණයකි. එමෙන්ම ශරීර උෂ්ණත්වය වැඩිවීම මෙන්ම අඩු වීම ද බරපතළ රෝගී තත්ත්වයන් (Hypothermia) ඇති කරයි. උණ සඳහා ප්‍රථමාධාර ලබා දීමේදී වඩාත්ම අවධානය යොමු කළ යුත්තේ ශරීර උෂ්ණත්වය පාලනය කිරීම සඳහාය.

රෝග ලක්‍ෂණ හා නිමිති

• ශරීර උෂ්ණත්වය 37.0C (98.60F) ට වඩා ඉහළයාම
• ශරීරය සුදුමැලි වීම
• රෝගියාට මූලිකව සීතල දැනීම
• වෙව්ලීම හා දත් එකට ගැටීම
• මුහුණ රත් පැහැ වීම
• හිසරදය හා පසුව උණුසුම දැනීම
• සිරුර පුරා වේදනාව හා කැක්කුම්

කළ යුතු ප්‍රථමාධාර

1. රෝගියාට පහසු පරිදි විවේක ගන්වන්න.
සෙවණ, අඩු ආලෝකය සහ සිසිල සහිත සහ හොඳින් වාතාශ්‍රය ඇති ස්ථානයක රෝගියා හාන්සි කරවන්න. සැහැල්ලු ඇඳුමක් අන්දවන්න. ඝනකම හෝ වැඩිපුර ඇඳුම් ඇන්දවීමෙන් හා රෙදි පෙරවීමෙන් වළකින්න.

2. දියර වර්ග පානයට ලබා දෙන්න
හැකිතාක් සිසිල් දියර වර්ග පානය කිරීමට ලබා දෙන්න. නමුත් සෙම්ප්‍රතිශ්‍යාව හෝ සෙම තත්ත්වයක් ඇත්නම් මද උණුසුම් දියර වර්ග ලබා දෙන්න.

3. ශරීරය සිසිල් කරන්න
ගෙල, කිහිලි ඉකිළි ආදී ප්‍රදේශ පොඟවන ලද රෙදි කඩකින් සිසිල් කරන්න. එනමුත් දිගු වේලාවක් සිසිල් කිරීමෙන් වළකින්න.

4. පැරසිටමෝල් පෙති නියමිත මාත්‍රාවෙන් ලබා දෙන්න. කුඩා දරුවෙකු නම් අනුමත මාත්‍රාව යටතේ පැරසිටමෝල් පැණිය ලබා දෙන්න. නමුත් ඇස්ප්‍රීන් ලබා දීමෙන් වළකින්න.

5. උෂ්ණත්වය මැන සටහන් තබාගන්න. ස්වසනය, නාඩි, හා ප්‍රතිචාර මට්ටම් ආදිය ද පරීක්ෂා කොට සටහන් තබා ගන්න.

6. පහත සඳහන් අවස්ථාවලදී වෛද්‍යාධාර සඳහා යොමු කරන්න.

- උණ ඉතා ඉහළ නම්
- උණ දින 3-4 කට වඩා පවතී නම්
- රෝගියා ව්‍යාකූල තත්ත්වයකින්, බෙල්ලේ තද ගතිය හෝ හුස්ම ගැනීමේ අපහසුතාව වැනි දරුණු රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්.
- පුද්ගලයාට දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් හෝ වෙනත් නිධන්ගත රෝගී තත්ත්ව තිබේ නම්.
- උණ සමඟ කැසීම, දරුණු හිසරදය හෝ වෙනත් රෝග ලක්ෂණ ඇත්නම්

එමෙන්ම වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ ලබා නොදිය යුතුය. විශේෂයෙන් උණ සඳහා ඇස්ප්‍රීන් ආදිය ලබා දීම ඩෙංගි, අභ්‍යන්තර රුධිර වහනය, වස විෂ ශරීරගතවීම වැනි අවස්ථාවලදී ඉතා අන්තරායකර විය හැකිය.

උණ වලිප්පුව සදහා ප්‍රථමාධාර
https://www.facebook.com/share/p/1Huuuqe3vP/

ගිලිහී යන ජීවිත පවා පහසුවෙන් බේරන, එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය ප්‍රථමාධාර ක්‍රමශිල්ප දැනගැනිම සඳහා අපගේ ෆේස්බුක් පිටුව හා පහත ලින්ක් එක මගින් එකතු වන්න.
https://www.facebook.com/sinhalenfirstaid/

‍ #උණ

17/04/2025

මීමැස්මොරය/ අපස්මාරය/ වලිප්පුව/ ෆිට් එක ආවොත් කළ යුතු දේ

පුද්ගලයකුගේ මොළයේ ස්නායු සෛල ඔස්සේ සිදුවන විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ හදිසි වෙනස්වීමක් ඇතිවීම නිසා ශරීරයේ ප්‍රබල ගැස්සීමක් සහිතව ඇතිවන අධි අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය අපස්මාරය ලෙස හඳුන්වයි. එමෙන්ම මෙහිදී රෝගියා අසිහි තත්ත්වයට හෝ මඳ සිහි තත්ත්වයට පත්වීමත්, රෝගියා ඇදවැටීමත් සාමාන්‍ය ස්වභාවයයි.

ළමා අවධියේදී ඇතැම් අයට නිහඬව අපස්මාරය සෑදෙන අවස්ථා ද ඇත. එවිට දරුවාට තමා අවට පරිසරයේ සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳව අවබෝධයක් නොමැතිව මද සිහියෙන් මෙන් එක් දිශාවක් බලාගෙන නිශ්චලව සිටීම දක්නට ලැබේ. එමෙන්ම මද වශයෙන් තොල්පෙති, ඇසිපිය, හිස හෝ අත්පා ගැස්සීම හෝ තදවීම වැනි නිමිති ද ප්‍රදර්ශනය විය හැකිය. එවන් අවස්ථාවල දරුවා ප්‍රවේශමෙන් වාඩි කරවා අත් පා හා ගැටීමට හැකි අසල ඇති උණු ජලය, තියුණු ආයුධ වැනි දෑ ඉවත් කළ යුතුය. එමෙන්ම දරුවාට හොඳින් කතා කරමින් අස්වසමින් කටයුතු කොට එය පළමු වතාවට සෑදුණේ නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු කළ යුතුය.

එමෙන්ම කුඩා දරුවන්ට උණ අධික වූ විට වලිප්පුව සෑදිය හැකි අතර එය උණ වලිප්පුව ලෙස හදුන්වයි. ඒ මෙහි සඳහන් අපස්මාර රෝගී තත්ත්වය නොවේ.

මොළයේ ඇතිවන සංකූලතා හා රෝග, මොළයේ ඔක්සිජන් හෝ ග්ලූකෝස් ප්‍රමාණය හීනවීම, මොළයේ ගෙඩි, පිළිකා, හිසට වන අනතරු, මත්ද්‍රව්‍ය හා වෙනත් දෑ මොළයට විෂ වීම, මෙනින්ජයිටිස් (meningitis) හෝ එන්සෙපලයිටිස් (encephalitis) වැනි ආසාදන, ජානමය හේතු නිසා ඇතිවන මොළයේ ආබාධ ආදිය අපස්මාරය රෝගය ඇතිවීමට බලපාන හේතු අතර වේ. අපස්මාරයේ ගැස්ම ඇතිවීමට ප්‍රථම සමහර රෝගීන්ට විශේෂ ගන්ධයක් හෝ රසයක් වැනි හැඟීමක් මගින් පූර්ව අපස්මාර සංඥාවක් දැනේ.

අපස්මාර රෝගයේ ප්‍රධාන වර්ග කිහිපයක් තිබේ.

1. ටොනික් ක්ලෝනික් (Tonic Clonic) වලිප්පුව - එහිදී රෝගියා සිහිසුන් වී වැටෙන්නට පුළුවන. මාංශ පේශි දැඩි වන අතර රෝගියාගේ ශරීරය ගැස්සීමට ලක්වේ.

2. ටොනික් (Tonic) වලිප්පුව - එහිදී රෝගියාගේ මාංශ පේශි හදිසියේම තද වී වැටෙන්නට පුළුවන. පසුව ඉක්මනින් සුවය ලැබිය හැකිය

3. ඇටෝනික් (Atonic) වලිප්පුව - එහිදී රෝගියාගේ මාංශ පේශි හදිසියේම ලිහිල් හා අප්‍රාණික වී වැටෙන්නට පුළුවන. පසුව ඉක්මනින් සුවය ලැබිය හැකිය

4. අවිඥානික (Absence) වලිප්පුව - එහිදී රෝගියා වටා සිදුවන දේ පිළිබඳ දැනුවත්භාවය සුළු වේලාවකට නැති වී යයි.

5. ෆෝකල් (Focal) වලිප්පුව - එහිදී රෝගියාට අසාමාන්‍ය හැඟීම්, සංවේදනයන් හෝ චලනයන් ඇති වේ

6. මයෝක්ලෝනික් (Myoclonic) වලිප්පුව - එහිදී රෝගියාගේ මාංශ පේශි කෙටියෙන් ගැස්සී යයි

අපස්මාරය සම්පූර්ණයෙන් සුව කළ හැකි අතර, ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත ඖෂධ නිසි ලෙස වසර දෙකක් වැනි අදාළ නිර්දේශිත කාලයක් ගැනීමට සිදුවනු ඇත. ඒ කාලයේදී ඖෂධ මාත්‍රා මග හැරීම, අධික මත්පැන් පානය, කොකේන් හෝ මොළය උත්තේජනය කරන මත්ද්‍රව්‍ය භාවිතය, නිදි මැරීම ආදී දෑවලින් වැළකී සිටිය යුතුය.

අපස්මාරය වැළඳුණු සෑම විටම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය නොවූව ද පහත සඳහන් අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරන්න.

🏥 ප්‍රථමවරට වලිප්පුව ඇති වී ඇත්නම්
🏥 වලිප්පුව මිනිත්තු 5කට වඩා පැවතියේ නම්
🏥 එක දිගට කිහිපවරක් වලිප්පුව සෑදුනේ නම්
🏥 අසිහි තත්ත්වයෙන් විනාඩි 10 කට වඩා සිටියේ නම්
🏥 ස්වසන අපහසුතා හෝ බරපතළ තුවාල සිදු වී ඇත්නම්

අපස්මාරයේදී බොහෝ අවස්ථාවල පහත දැක්වෙන රෝග ලක්ෂණ හා නිමිති හඳුනාගැනීමට හැකිය.

🙄 හදිසියේ සිහිසුන් වීම හෝ මඳ සිහිය
🙄 ඇදගෙන වැටීම හා සිරුරේ ගැස්ම ඇතිවීම
🙄 ස්වසනය අපහසු හා ශබ්දයක් පිටවීම
🙄 කොන්දෙන් මදක් නැවෙමින් ශරීරය දරදඬු වීම
🙄 කෙළ, සෙම හා මුත්‍රා ආදිය පිටවීම
🙄 දිව හෝ තොල් සැපුණහොත් ලේ පිටවීම
🙄 මිනිත්තු කිහිපයකින් ගැස්ම නැවතී නින්දට යාම
🙄 පේෂි ලිහිල්වී, ස්වසනය සාමාන්‍ය වී අවදි වීම


🕺 කළ යුතු දේ🕺

1. රෝගියාට විය හැකි අනතුරු අවම කරන්න
හැකිනම් ඇදවැටෙන විටම හෝ ඊට ප්‍රථම රෝගියාට ආරක්ෂිතව සහාය වී ඇදවැටීමේ වේගය අඩු කරන්න. රෝගියාට අනතුරක් විය හැකි අවට ඇති උණුවතුර, විදුලිය, තියුණු ආයුධ, පුටු ආදී දෑ හැකිතාක් ඉවත් කරන්න.

2. රෝගියාගේ හිස ආරක්ෂා කර ගැනීමට පියවර ගන්න
රෝගියාගේ හිසට යටින් හා දෙපසින් රෙදි කඩක්, තුවායක් වැනි රෙදි කඩක් තබා හිසට වන අනතුරුවලින් ආරක්ෂා කරගන්න.

3. මනා වාතාශ්‍රයක් ලැබෙන සේ වටපිටාව සකසන්න.
රෝගියා වටා පිරිස් රැස්වී ඇත්නම් වහාම ඔවුන් ඉවත් කරන්න. එම රෝගියා ටයි පටියක් පැළඳ සිටීනම් එය ඇතුළු අනෙකුත් ඇඳුම් ලිහිල් කරන්න. වසා ඇති දොර ජනෙල් ආදිය ඇත්නම් ඒවා විවෘත කරන්න.

4. ගැස්ම අවසන් වූ පසු ආරක්ෂිත ඉරියව්වට හරවන්න
ගැස්සීම අවසන් වූ පසුව රෝගියා සුළු වේලාවකට ගැඹුරු නින්දකට වැටීමට ඉඩ ඇත. එම අවස්ථාවේදී රෝගියා එක් ඇලයකට හරවා තබන්න. ඇලයකට හැරවූ පසු ස්වසන මාර්ගය විවෘතව හා මුඛය පහතට වන පරිදි තිබේදැයි තහවුරු කරගන්න.

5. ජෛව ක්‍රියාවලීන් නිරීක්ෂණය කරන්න
රෝගියාගේ ස්වසනය, නාඩි සහ ප්‍රතිචාර මට්ටම වරින් වර පරීක්ෂා කොට සටහන් තබා ගන්න.

6. රෝගියා අස්වසන්න. අවශ්‍ය වුවහොත් වෛද්‍යාධාර වෙත යොමු කරන්න
රෝගියා යථා තත්ත්වයට පත්වන තෙක් රෝගියා අසල සිටිමින් රෝගියාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි හා මානසික සහනය ලැබෙන පරිදි කටයුතු කරන්න. මිත්‍රශීලීව කතා කරන්න. අවශ්‍ය වුවහොත් වෛද්‍යාධාර සඳහා යොමු කරන්න

🚷 නොකළ යුතු දේ

එමෙන්ම අප විසින් මෙවැනි අවස්ථාවක කලබලවීමෙන් සමහර අය කරන නමුත් එසේ කිරීම නුසුදුසු දේවලුත් තිබේ.

❌ හදිසි අනතුරුදායක ස්ථානයක් නොවේනම් රෝගියා ක්ෂණිකව එතැනින් ඉවත් කිරීමෙන් වළකින්න.

❌ රෝගියාගේ ගැස්සීම ඔහුව තදින් අල්ලා සිටිමින් නතර කිරීමට උත්සාහ නොගන්න.

❌ ගැස්සීම ඇතිවිට හෝ අසිහියෙන් හෝ මද සිහියෙන් සිටින විට ජලය ඉසීමෙන් හෝ පානයට හෝ කිසිවක් ආහාරයට දීමෙන් වළකින්න. එසේ ජලය ලබාදුනහොත් අසිහි අවස්ථාවේදී ජලය ස්වසන මාර්ගයේ සිරවීමෙන් රෝගියාට ජීවිත හානි වුව ද සිදුවිය හැකිය.

❌ මුඛය විවෘතව තබා ගැනීමට යැයි සිතා කිසිවක් මුඛය තුළට නොදමන්න.

https://www.facebook.com/sinhalenfirstaid

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo
50000