Manthri.lk
Manthri.lk යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු දායකත්වයන් මතත පදනම්ව ඔවුන්ව ශ්‍රේණිගත කිරීමේ යෙදෙන, ශ්‍රී ලංකාවේ එකම-ප්‍රමුඛතම වේදිකාවයි. ඒ හරහා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනතාව සහ රට වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී, ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් ජනතාවගේ පවතින අපේක්ෂාවන් තවදුරටත් ඉහළ නැංවීමටත්, අනෙක් පසින්, තමන් ඇගයුමට ලක්වන බව දැනගැනීම නිසාම, වඩ වඩාත් ජනතාව සහ රට වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී,
12/06/2026
2025 නොවැම්බර් මාසයේ ඉඳන් අපේ රටේ ක්‍රියාත්මක වෙන හදිසි නීති තත්ත්වය තවත් දවස් 30කින් දිගු කරන්න පහුගිය ජූනි 09 වෙනිදා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණා.
දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ අපේ රටේ හදිසි නීතිය මෙහෙම දීර්ඝ වෙලා තියෙන්නේ පිට පිටම 6 වෙනි වතාවටයි.
06/06/2026
මාස 18ක් වෙනකොට අනුර ලීඩ් එක අරන්!
2015 යහපාලන රජය වගේම මෙදා ජාතික ජන බලවේග රජයත් බලයට පත්වුනේ එතකන් තිබුනු පාලනයට ජනතාවට තිබුනු විරෝධය උඩින්. මේ රජයන් දෙකම ඉස්සරහට ගෙනාවේ වංචාව සහ දූෂණය මර්දනය කරපු රටක්.
යහපාලන රජය ගත්තොත්, මුල් මාස 6 වෙනකොට අනුර කුමාර දිසානායකගේ ජාතික ජනබලවේග රජයේ මුල් මාස 6ට වඩා වැඩි ගැසට් ගණනක් නිකුත් කරලා, නීති ගණනක් සම්මත කරලත් ඉවරයි.
මාස 18ක් වෙනකොටත් ගැසට් ගැහිල්ල අතින් ඉස්සරහින් ඉදලා තියෙන්නේ යහපාලන රජය. ඒත්, ජාතික ජන බලවේග රජය එතන දී, පනත් සම්මත කිරීම අතින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා - 20කට 32ක් විදිහට.
මේ කාලය අතරතුරේ රජයන් දෙකම අතුරු අයවැයකුත් සම්පූර්ණ වාර්ෂික අයවැයකුත් සම්මත කරගෙන තියෙනවා.
Parliament of Sri Lanka
13/05/2026
🤔 ලංකාවේ නීති හදන්න තවත් වෙනස්ම ක්‍රමයක්?
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වැනි වගන්තිය ගැන අහලා තිබුණද?
මේ වගන්තියෙන් පුළුවන් ඇතැම් ජාත්‍යන්තර ගිවිසුම් සහ සම්මුතීන්ට කෙලින්ම නීතිමය බලය ලබාදෙන්න.
විශේෂම දේ තමයි, 2025 සැප්තැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණු ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අතර ඇතිවුණු ගිවිසුමත් මේ 157 වැනි වගන්තිය යටතේ බලාත්මක වුණු එකක්.
සාමාන්‍ය නීති හැදෙන විදිහට වඩා වෙනස් මේ "අමුතු" වගන්තිය ගැන වැඩි විස්තර පහතින් බලන්න 👇
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
165/1 Park Road
Colombo