Hit FM
13/07/2020
ජනතාව ගැන සිතන ආණ්ඩුවක් නම් මැතිවරණය කල් දැමීය යුතුයි - සජිත්
July-13, 2020. 21:16
රටේ ජනතාව ගැන සිතන ආණ්ඩුවක් නම් කළ යුත්තේ වහාම මහ මැතිවරණය කල්දැමීම බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
අතුරුගිරිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට ඊයේ එක්වෙමින් ඔහු පැවසුවේ ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමේ හැකියාව මැතිවරණ කොමිසමට සහ ආණ්ඩුවට පවතින බවය.
මැතිවරණයක් පවත්වන බවට ප්‍රකාශ කළ පසු, විවිධ කොන්දේසි පැනවීමට මැතිවරණ කොමිෂන් සභාවටවත් සදාචාරත්මක අයිතියක් නොමැති බව ඒ මහතා පැවසීය.
එයින් හනියක් සිදු වන්නේ විපක්ෂයට බවද ඔහු ප්‍රකාශ කළේය.
12/07/2020
කටකතා වලට රැවටෙන්න එපා - අගමැති ඉල්ලයි
July-12, 2020. 22:03
කොවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳව පැතිර යන කටකථාවලට නොරැවටෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පිළියන්දල පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් හෙට (13) සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමු තාවකාලිකව අවලංගු කරන බවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණි ලොකුගේ මහතා විසින් පිළියන්දල දී අද මෙම ජන හමුව සංවිධානය කර තිබුණි.
මෙහිදී බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව වාර්තා වේ.
02/07/2020
ඇදිරි නීති කාලයේ විදුලි බිලට සහනයක්….
පිවිසෙන්න -https://www.facebook.com/hitradio.lk/
පිවිසෙන්න - www.hitfm.lk
ඇඳිරි නීතිය පනවා තිබූ මාස කිහිපය තුළ වැඩි වී ඇති විදුලි ගාස්තුව සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර එම මාසවල විදුලි බිල්පත් ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
ඒ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා අදාළ කාල සීමාව වෙනුවෙන් විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ.
එම සහන ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo