RealDog.lk
How to find a good healthy pet dog
Support services for possible diseases and treatments for dogs
Organizing competition events for dogs
Advise on how to take care of your dog
09/12/2021
මාරාන්තික පාවෝ රෝගය
සුනඛ රෝග අතර මාරාන්තික විය හැකි දරුණුතම රෝගවල ඉහළින්ම සිටිනුයේ පාවෝ රෝගයයි.මෙය වෛරස් රෝගයක් වන නිසා රෝගය වැළඳුණ සුනකයෙකුගෙන් තවත් සුනඛයකුට ඉතා ඉක්මනින් රෝගය සම්ප්‍රේෂණය වෙයි. මෙම වෛරසය සුනකයකුගෙ ශරීරයේ පවතින සෛලවලට දැඩි හානි පමුණුවයි. අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වළක්වාලමින් ශරීරය දුර්වල කර විජලන තත්ත්වයට පත් කරයි.මෙම රෝගයේ මාරාන්තික බව කොපමණද කිව්හොත් මෙය වැළඳුණු සුනඛයෙකු සුව කිරීමේ හැකියාව පවතින්නේ 9% තරම් සුළු ප්‍රතිශතයකි.වාර්තා වලට අනුව 91% පමණ සුන්ඛයින් රෝගය වැළඳීමෙන් මිය යාමට ලක්වේ.
රෝග ලක්ෂණ
ශරීරය දුර්වල වීම
ඇස් රතු පැහැවීම
ආහාර අරුචිය
උණ
වමනය
හෘද ස්පන්දනය වේගවත් වීම
වේදනාව හෝ අපහසුතාවය
පමණට වඩා දුගදක් සහිත පාචනය
පාචනය සමග රුධිරය පිටවීම
ප්‍රධාන වශයෙන් මෙම රෝගය පැතිරී යන්නේ සුන්ඛයාගේ මලපහ මගිනි. රෝගී සුනඛයෙකුගේ මලපහ අංශුවක් වුවද වෙනත් සුනඛයකු වෙත ළඟා වුවහොත් එම සුනඛයාට ද රෝගය වැළඳීමේ අවස්ථාව ඉතා ඉහළය. තවද මෙම වෛරසයට වසරක පමණ කාලයක් නොනැසී සිටීමට හැකියාවක් ඇති බව පරීක්ෂණ වලින් පෙන්වා දී ඇත.
මෙම රෝගය වළක්වා ගැනීමට කළ යුතු සුදුසුම හා සරලම පියවර නම් නියමිත එන්නත්කරනයයි.
කුඩා කල සිට සති හයත් අටත් අතර කාලය තුළදීත් ඉන්පසු සති 12න් පමණදී පාවෝ එන්නත ලබාදීමෙන් රෝගයට එරෙහිව නැගී සිටීමට සුනඛයාගේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණයක් ගොඩ නැගිය යුතුය.
පාවෝ රෝගය සුනඛයන්ට මාරාන්තික රෝගයක් වන බව අපි දනිමු. ඒ නිසාවෙන් එම රෝගය සුව කර ගැනීමට පිළියම් සොයනවා වෙනුවට එය වළක්වා ගැනීමට පිළියම් යෙදීම අපටද සුනඛ සුරතලාට ද යහපත් වනු ඇත.
තවත් වටිනා ලිපියකින් හමුවෙමු එතෙක් ඔබට සුභ දවසක්
තවමත් අපගේ ෆේස්බුක් පිටුව සමඟ සම්බන්ධ වී නැත්තං හැකි ඉක්මනින් සම්බන්ධ වෙන්න
අනිත් අයටත් බලන්න මෙම පෝස්ටුව ශෙයා කරන්න.
ඔයාලගේ අත්දැකීම්නුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න
https://www.facebook.com/groups/577365936654851/?ref=share
https://www.facebook.com/RealDog.lk/
08/12/2021
https://www.facebook.com/groups/577365936654851/?ref=share
https://www.facebook.com/RealDog.lk/
HURRY UP
WIN YOUR GREAT CHANCE
08/12/2021
සුනඛ සමෙහි ආසාදන තත්ත්වයන් ඇති වීම සඳහා බලපාන හේතු සාධක
මූලික වශයෙන් සම ආසාදනයය කරන ඕනෑම දෙයක් නිසා සමේ කැසීම් ඇති කළ හැකිය. එම නිසා සමහර අවස්ථාවන්හි කුමක් මගින් සම අසාදනය හට ගත්තා දැයි හඳුනාගැනීම අපහසුය.නමුත් සමෙහි ආසාදන ඇතිවීමට බලපාන හේතු සාධක කිහිපයකි.
01.අධික උණුසුම
සුනඛයකුට අධික ලෙස උණුසුම් ලැබීමෙන්ද ද සමේ කුෂ්ට හට ගනී එහි ප්‍රතිඵලයක් වශයෙන් සමේ කැසීම හා රතු පැහැති ලප දක්නට ඇත. කුරුලෑ වැනි ගෙඩි වර්ගයක් ද වර්ධනය වෙනු දැකගත හැක.
02.අසාත්මිකතා
පරාග දූවිලි පොහොර වැනිද්‍රව්‍ය නිසා ද ,ආහාර අසාත්මිකතාවන් ද සමේ රෝග ඇතිවීමට බලපානු ඇත.
03.මැක්කන් හෝ වෙන්ත් පරපෝෂිතයන් මගින්
04.විෂ සහිත ශාක වලට නිරාවරණය වීම මගින්
05.ඊස්ට් ආසාදනය තත්ත්වයන්
දිලීරයක් මගින් කැසීම් ඇති කරයි. මෙම ආසාදන නිසා සමේ දුර්ගන්ධයක් ද පවතී
06.කෘමීන් දෂ්ඨ කිරීම් මගින්
07.හෝර්මෝන අසමතුලිතතාවය
08.බැක්ටීරියා ආසාදන
09. ජානමය හේතු
මේ අපගේ සමෙහි රෝග සම්බන්ධයෙන් දෙවන ලිපියයි තුන්වෙනි ලිපිය සමඟ ඉදිරියේදි හමුවෙමු.මෙම ලිපියෙන් ඔබ යම්කිසි දැනුමක් ලබා ගත්තේ නම් අනිත් අයටත් බලන්න share කරන්න අපේ ෆේස්බුක් පිටුව සමග දිගින් දිගටම රැඳී සිටින්න...
https://www.facebook.com/groups/577365936654851/?ref=share
https://www.facebook.com/RealDog.lk/
08/12/2021
සුනඛ සුරතලාට පණු බෙහෙත්
පණු රෝග සුරතල් සතුන්ට පවතින ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවකි. මේ නිසාවෙන් පණු රෝගයට නිසි කලට ප්‍රතිකාර
නොලැබුණහොත් පණු ආසාදන මාරාන්තික විය හැක. තවද ඉන් සමහර පණුවන් මිනිසුන්ටද රෝගකාරක වේ,එමගින් මිනිසුන්ට ද ආසාදනය විය හැක.
ගෘහාශ්‍රිත බල්ලන් අතර ප්‍රධාන පණු වර්ග පහක් දකින්නට ඇත
01. වට පණුවන්
02. කොකු පණුවන්
03. පටි පණුවන්
04. කස පණුවන්
05. හෘදය ආශ්‍රිත පණුවන්
මෙම පණුවන් අභ්‍යන්තර පරපෝෂිතයන් වන ආධාර සතුන්ගේ ආහාර මාර්ගය තුළ සිටිමින් සතුන් ගන්නා ආහාර වල පෝෂණ කොටස් මත යැපෙමින් හෝ ආහාර මාර්ගවල බිත්තිවල එල්ලී රුධිරය උරා බොමින් ජීවත් වෙයි .
පණු ආසාදන තත්ත්වය පෙන්වන රෝග ලක්ෂණ කීපයකි
1.මළපහ සමග පනුවන් පිටවීම
2.වමනය සමග පනුවන් පිටවීම
3.පිටුපස ශරීරය බිම ඇදගෙන යෑම
4.ගුද මාර්ගය නිතරම දිවෙන් ස්පර්ශ කිරීම
5.කුඩා පැටියෙකු නම් ශරීරයට වඩා උදර ප්‍රදේශය විශාල වීම
6.අලසකම
7.ඇස් යට සුදු පැහැවීම
බලු පැටවුන් සඳහා පණු බෙහෙත් ලබාදීම
වයස සති දෙකේ සිට මාස තුන දක්වා සති දෙකකට වරක් පණු බෙහෙත් ලබා දිය යුතුයි
වයස මාස තුනේ සිට මාස 6 දක්වා මසකට වරක් පණු බෙහෙත් ලබා දිය යුතුය
(වයස/ බර හා සෞඛ්‍ය තත්ත්වය අනුව ගැලපෙන පණු බෙහෙත් වර්ගයක් ලබාදිය යුතුයි)
වැඩුණු සුනඛයන් සඳහා පණු බෙහෙත් ලබාදීම
වයස මාස 6 ට වැඩි සතුන් සඳහා මාස තුනකට වරක් පණු බෙහෙත් ලබා දීය් යුතුය.
(ගැහැණු සතුන් හටනම් ගර්භනීය වීමට සති දෙකකට පෙර හෝ පැටවුන් ලැබීමට සති දෙකකට පෙර ලබා දිය යුතුයි/ සැලකිය යුතුයි:- මෙහිදී වෛද්‍ය උපදෙස් පිළිපැදීම බෙහෙවින් යෝග්‍ය වේ)
වර්ථමානයේදී වැඩුණු සතුන් සඳහා වසරකට වරක් ලබා දෙන පණු බෙහෙත් වෙළඳපලේ දක්නට ඇත මෙහිදී අප විසින් එම ලබාදෙන බෙහෙත් කාණ්ඩය වර්ෂයෙන් වර්ෂය වෙනස් කළ යුතුය. මන්ද සමහර පනුවන්ට දිගු කාලයක් එකම බෙහෙත ලැබීමෙන් එයට අනුවර්තනය වීමේ හැකියාවක් පවතී.
මෙම ලිපියෙන් ඔබට යම් දැනුමක් ලැබුනේ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා, ඒ වගේම මේක අනිත් අයටත් බලන්න share කරන්න
දිගටම අපේ real dog.lk පේජ් එක හා ගෲප් එකත් එක්ක රැඳී සිටින්න
ස්තුතියි
තවත් වටිනා ලිපියකින් හමු හමුවෙමු ......
https://www.facebook.com/groups/577365936654851/?ref=share
https://www.facebook.com/RealDog.lk/
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
264/2/A PATTIYAWALA, USWETAKEIYAWA
Colombo