Tap.lk
23/12/2024
උසස්පෙළ සිසුන්ට ජනපතිගෙන් සුබ ආරංචියක්. - ලබන වසරේ විදේශ අධ්‍යාපනයට රජයෙන් වරම්.
ලබන වසරේදී උසස් පෙළ සමත්වන සිසුන් සැලකිය යුතු ප්‍රමාණයකට විදේශ අධ්‍යාපනය ලබා දීමට රජයේ ශිෂ්‍යත්ව ලබා දීමට බලාපොරොත්තුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පප්‍රකාශ කළා.
ඒ, නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ 20 පැවති දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමින්.
රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බවද ජනාධිපතිවරයා සඳහන් කළ බවත් රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
19/11/2024
19 මධ්‍යම රාත්‍රියේ සිට සියල්ල තහනම්.!
(19) දින මධ්‍යම රාත්‍රියේ පසුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වන තුරුම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
නොවැම්බර් මස (25) වැනිදා ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන දෙසැම්බර් මස (20) වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
18/05/2024
යුරෝපා සංගමය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගැන සොයයි
යුරෝපා සංගමය මෙටා සමාගමේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල පිළිබඳව නිල විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සමාජ මාධ්‍ය ජාලවල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති නීති උල්ලංඝනය කර ඇති බවට මෙටා සමාගමට එල්ලවී ඇති චෝදනා මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා දරුවන් තුළ විවිධ ඇබ්බැහිවීම් නිර්මාණය වන බවත් ඉන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානිවන බවත් යුරෝපා සංගමය සඳහන් කරයි.
ඒ අනුව එම සමාජ මාධ්‍යජාල භාවිතයේ දී පරිශීලිකයින්ට ස්වයංක්‍රීයව වීඩියෝ සහ ඡායාරූප නිර්දේශ කෙරෙන ඇල්ගොරිදමය පිළිබඳව ද විමර්ශනය කෙරෙන බව සඳහන් කරයි.
මෙටා සමාගම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ නීති උල්ලංඝනය කර ඇති බවට අනාවරණ වුවහොත් මෙටා සමාගමට එහි ගෝලීය පිරිවැටුමෙන් සියයට 6ක දඩයක් පැනවිය හැකි බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි..
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
PO BOX 06 EKALA
Colombo
11350