Loza

Loza

Share

05/09/2025

කර්මය බාර දෙන තවත් එක් ඛේදවාචකයක් නොවිය යුතුය 😥

හැමෝම අද කතාවෙන්නෙ ඇල්ල මාර්ගයේ බස් රථ අනතුර ගැනයි,
ඒ තව දින සති කීයකටද ?
කලින් kdu එකෙ ලමයින් මුහුණ දුන් අනතුර,
ඊට පස්සෙ ගැරඩිඇල්ල බස් රථ අනතුර,
ඊට පස්සෙ අද.
හැම දාම අනතුරක් උනහම උපරිම මාසයක් විනය,අනතුරු වලක්වාගැනීම,ආරක්ෂණ ක්‍රියාමාර්ග තව එකී නොකී දෙවල් ගැන කතා කරන්ව.
හැබැයි ආය ආයම එකම දේ ඒ විදිහටම වෙන්ව 😥

මම මේ ගැන expert කෙනෙක්නම් නෙමෙ හැබැයි මට හිතෙන දේ ගැන කියන්නම්.

1 අපේ පාරවල් වලට මාර්ග ඉංජිනේරු විද්‍යාව බාවිතා කරල තියෙනවද ?

2 මේ වගෙ අදික බෑවුම් සහ වන්ගු අදික මාර්ගවල වේග සීමා, අනතුරු ඇගවීම් පුවරු ආදිය ප්‍රමානවත් තරම් තිබෙනවද ?

3 මාර්ග විනය හා හදිසි අවස්ථා වල ගන්න ක්‍රියාමාර්ග ගැන රියදුරන්ට ප්‍රමානවත් දැනුමක් තියනවද එ ගැන නිසි සොයා බැලීමක් තියනවද ?

මෙව ඇතුලු තව ඉක්මනින් ගතයුතු ක්‍රියාමාර්ග නොගන්නවනම් මේ වගෙ ඛේදනීය අනතුරු ඉස්සරහටත් දකින්න ලැබෙයි.

මේ නැතිවුන ජීවිත කර්මය නිසා නෙමෙ නොසැලකිල්ල නිසා සිදුවුණු එවයි 😥

අනේ හැමොම පරිස්සමෙන් රිය පදවන්න, ඔයාලගෙ වටිනා ජීවිත මහමෙරක් තරම් වටින අය මේ ලොකෙ ඔයා ගෙදර එනකම් බලන් ඉන්නව 🙏

මියගිය හැමෝටම නිවන්සුව අත්වේවා 🙏
ප්‍රතිකාර ගන්න හැමෝමටම ඉක්මන් සුවය ලැබේවා 🌹

20/09/2024

පලමු හදවත් 100 එකතු වූ වගයි 😍🥰😘
Thank you everyone

20/09/2024

අහල තියනවද රහස් හෙලිකරන යක්ශයෙක් ගැන ? 😯😱

ආමොන් හෝ ආමන් නමින් හදුන්වන මේ යක්ශයා ගැන තොරතුරු හමුවෙන්නෙ මධ්‍ය කාලීන යුරෝපයේ ග්‍රන්ථ වලිනුයි.📚

අපායට අධිපති කුමාරයන්ගෙන් කෙනෙකු🫅 ලෙස හදුන්වන මෙ ආමන් නැමති යක්ශයා දිව්‍යමය සම්භවයක් ඇති යක්ශයෙක් කියලයි මේ ග්‍රන්ථවල සදහන් වෙන්නෙ.(lucifer වගෙ) දිව්‍යමය තලයෙන් නෙරපා හැරියට පස්සෙ නපුරු වූ යක්ශයෙක් බවටයි වැඩිදුරත් සදහන් වෙන්නෙ. ඒ වගෙම මේ ආමන් කියන යක්ශයා ඊජිප්තු මිත්‍යා කතාවල එන ප්‍රධාන දෙවියකු වන අමුන් හෝ අමොන්-රා යන දෙවියාගෙ නපුරු පැතිකඩක් ලෙසත් විද්වතුන් සලකනව.😯

අපාය තුල ප්‍රධාන යක්ශයකු වන මේ ආමන් සේනාංක 40ක් පාලනය කරන බවයි ගුප්ත විද්‍යාඥයන් කියන්නෙ. නිරයේ
බිය සහ ගෞරවයට අධිපති වන්නේද මේ ආමොන් යක්ශයායි.😱

මේ ආමන් යක්ශයාට වෘක හිසක් හෝ සර්ප හිසක්, උරගයකුගේ වල්ගයක් හා මනුෂ්‍ය ශරීරයක් ඇති බවටයි සදහන් වෙන්නෙ . 😱👹️ නමුත් මිනිසකුගෙ කැදවීමෙන් මිනිස් ලෝකයට එන විට මනුෂ්‍ය ස්වරූපයක් ගැනීමට හැකිබවද කියනව. තව ආමන් හට කපුටකුගෙ ස්වරූපයක් ගැනීමට හැකි බවද සදහන් වෙනව 😯😱

මේ ආමන් යක්ශයා මිනිසුන් අතර වඩාත් ප්‍රසිද්ධ අනාගතය පුරෝකතනය කල හැකි සහ සැගවුනු සත්‍ය හෙලිකිරීමට හැකි යක්ශයෙක් ලෙසයි, ගුප්ත විද්‍යාඥයන් ආමන් යක්ශයාව බොහෝ විට මනුෂ්‍ය ලෝකයට කැදවා තිබෙන්නෙද රහස් හෙලිකර ගැනීමට හා ගැටුම් සමතයට පත් කිරීමට වැනි කරුණු සදහායි.

ඉතින් ඔයාල මොකද හිතන්නෙ මේ ආමන් යක්ශයා ගැන ? 🤔

ඔයාලගෙ අදහසුත් පහලින් comment කරන්න

ඒ වගේම page එකත් like කරල fallow කරල තියාගන්න කියල ආදරයෙන් මතක් කරනව .🙂 ❤️🖤💙

20/09/2024

අහල තියනවද, යකඩ වෙස්මූනක් පිටුපස සැගවුනු අභිරහස් මිනිසෙකු ගැන ? 😱

මේ කතාව අපට ඇහෙන්නෙ ප්‍රංශයේ බැස්ටිල් බන්ධනාගාරයෙන් . 1669 බැස්ටිල් බන්ධනාගාරයේ සිටි යකඩ වෙස් මුහුණක් පැලදි සිටි මේ සිරකරුවාගේ අනන්‍යතාවය අද දක්වාම අභිරහසක් වෙලා තමයි තියෙන්නෙ. 😯

මෙ බන්ධනාගාර ගතවෙලා හිටපු සිරකරුවාට කිසිම විටකදී ඔහුගේ මේ යකඩ වෙස් මුහුණ ඉවත්කරන්න අවසර ලැබිල නෑ. ඒ වගේම මෙ සිරකරුවාට අනෙකුත් සිර කරුවන් සමග කතාකිරීමට පවා ඉඩ ලබාදීල නෑ කියලයි සදහන් වෙන්නෙ. එ නිසාම මේ සිරකරුවාගෙ අනන්‍යතාවය අද දක්වාම අභිරහසක් ලෙසයි පවතින්නෙ. 😯

ඉතින් මේ කතාව කරලියට එන්නෙ ' ඇලෙක්සැන්ඩර් ඩූමාස් විසින් රචනා කරන ලද The man in the iron mask, කියන නවකතාවත් සමගයි. 📚 මෙ සම්බන්ධව නොයෙක් මත් ඉතිහාසය පුරාම අපිට අහන්න ලැබෙනව. ඉතින් මේ සම්බන්ධව අදහස් පළකරන ඉතිහාසඥයන් හා විද්වතුන් ප්‍රකාශ කර තිබෙන්නෙ මොහු, මොහු සිරබාරයට ගෙන තිබෙන්නෙ XIV ලුවී රජු 🫅 යටතේ බවයි. එතැන් පටන් මෙ සිරකරුවාව සුප්‍රකට බැස්ටිල් බන්ධනාගාය ඇතුලු බන්ධනාගාරවල රහසිගතව රදවාගෙන ඉදල තිබෙනව. 😯

මොහුගේ අනන්‍යතාවය ගැන පලකර තිබෙන මත අතරෙ වඩාත් ප්‍රසිද්ධියට පත් අදහස් කිහිපයක් තිබෙනව.ඒ අතරිනුත් ප්‍රසිද්ධම මතය වෙන්නෙ මොහු XIV ලුවී රජුගෙ නිවුන් සහෝදරයා කියන එකයි, ඒ වගෙම මොහු එවකට හිටි ප්‍රසිද්ධ වංශාධිපතීයෙක් හො රජුගෙ අවජාතක දරුවෙක් බවටත් අදහස් පවතිනව.🤔 කෙසෙ නමුත් මොහුව මේ ආකාරයෙන් අනන්‍යතාවය සගවා සිරකොට තබා ගැනීමෙ අරමුණ බවට පත්වෙලා තියෙන්නෙ බල අරගලයක් පැන නැගීම වලකාලීමට බවයි විද්වතුන් කියා සිටින්නෙ.

මේ විදිහට අනන්‍යතාවය සගවා සිටීමට කටයුතු කිරීම නිසාම ඉතිහාසය පුරාම සිටි අභිරස් සම්බන්ධව උනන්දුවක් දක්වන අය අතර මේ සිද්දිය වඩාත් ප්‍රසිද්ධියට පත්වෙලා තියනව.

ඉතින් ඔයාල හිතන්නෙ කවුරු වෙන්න ඇතිද මේ යකඩ වෙස් මුහුණ පිටුපස ඉන්න පුද්ගලයා ? 🤔

දාන්න බලන්න පහලින් comment එකක්.
ඒ වගේම page එකත් like කරල fallow කරල තියාගන්න කියල ආදරයෙන් මතක් කරනව. 🙂 ❤️🖤❤️

19/09/2024

අහල තියනවද, මිනිසුන්ව පිස්සු වට්ටන යක්ශයෙක් ගැන ? 😱☠️

වෙතාල, කියන මේ යක්ශයා ගැන අපිට අහන්න ලැබෙන්නෙ අසල්වැසි ඉන්දියාවෙන්.
ඉතින් මේ වේතාල කියන යක්ෂයා අපි අහල තියන වෙනත් යක්ශයො වගෙ නෙමෙයි, බුද්ධිමත් වගේම කපටි යක්ශයෙක්.👹️
ජනප්‍රවාද වලට අනුව මේ වේතාල කියන්නෙ මරණයත් ජීවිතයත් අතර ඉන්න කෙනෙක්, තවත් විටක කියන්නෙ මේ යක්ෂයාට මළසිරුරු පාලනය කරන්න පුලුවන් කියලයි (zombie පෙනුමක් ඇති වැම්පයර් කෙනෙක් වගෙ). ඉතින් මේ යක්ශයාට ජීවය ලැබෙන්නෙත් නිසි ආකාරව මළසිරුරු භූමි දානය නොකලහම කියලයි කියන්නෙ. එතකොට එ මළසිරුරු අයිති ආත්මය නැවත නැගිටල ඔහුගෙ මළසිරුරටම ආවේශ වෙලා ජීවත්ව ඉද්දි තමන්ට හිරිහැර කළ මිනිසුන්ගෙන් පළිගැනීමට එනවලු.😱☠️

ඉතින් මේ වගෙ අවදි වෙන වේතාල යක්ශයා ගම්වල සැරිසරමින් මිනිසුන් අතර ප්‍රශ්න ඇතිකරමින් මිනිසුන්ව අවුල් වියවුල් කරනව කියලයි සදහන් වෙන්නෙ.😯 ඒ වගේම මේ යක්ශයාට මුනගැහෙන මිනිසුන්ට විසදීමට අපහසු ප්‍රෙහෙලිකා දීල එවා විසදීමට නොහැකී උනාම ඔවුන්ව මරණයට පත් කරනවලු. 😱 ඒ වගේම මිනිස්සුනෙ මනස පාලනය කරන්නත් මේ යක්ශයාට පුලුවන්ලු. 😵‍💫
මේ යක්ශයා නිතරම ගැවසෙනව කියන්නෙත් සුසාන භූමි ආශ්‍රිතවයි.

ඉතින් මේ යක්ශයා ආශ්‍රයෙන් ලියවුණු කථාවක් වෙන වික්‍රම් හා වැම්පයර් කියන පොතෙහි වික්‍රමදිත්‍ය කියන රජුට මායාකාරියක් විසින් කියනව සොහොනක ඇති ගසක එල්ලලා තියන වේතාල යක්ශයාව කර මත තියාගෙන රැගෙන එන්න කියල. යක්ශයාව රැගෙන ඒමට යන රජු වේතාලයාව ලෙහාගෙන කරමත තියාගෙන පිටත් වීමට යන විට වේතාලයා රජුට ප්‍රෙහේලිකාවක් දී රජු එයට නිවැරදිව පිළිතුරු දුන් විට වේතාලයා නැවත ගහ මුදුනට ඉගිලී යනව, මේ විදිහට නැවත නැවත මේ ක්‍රියාව කිරමින් රජුව සොහොනේම රදවාගන්න වේතාලය උත්සහ කරන සිදුවීමක්, රචකයා ලියා තිබෙනව.
ඉතින් මේ කතාව මගින්ද පෙන්වා දී ඇත්තෙ මේ වේතාල යක්ශයාට ඇති බුද්ධිය,කපටිකම හා මිනිසුන් උන්මත්තක කිරීමට ඇති හැකියාවයි 😱😵‍💫

ඒ වගේම මේ යක්ශයා ආශ්‍රයෙන් ගොඩක් චිත්‍රපට වගෙම ටෙලි නාට්‍යත් ණිර්මානය වෙලා තියනව.

ඉතින් ඔයාලටත් මෙ යක්ශයා මුණගැහුනොත් මොකද කරන්නෙ ? 🤔
ඔයාලගෙ අදහස් පහලින් comment එකක් දාන්න.🙂

ඒ වගේම page එකත් like කරල follow කරල තියාගන්න කියලත් මතක් කරනව. 🙂❤️🖤💙

~¥ SWR ¥~

19/09/2024

අහල තියනවද, දූර කාලය විනාඩි 45ට සීමා වූ ජනාධිපති වරයෙක් ගැන ?😯🤔

මේ සිද්දිය වාර්තා වෙන්නෙ 1913දී මෙක්සිකෝවේන්. මේ සිදුවීම වෙන්නෙ 'ඛේදනීය දින දහය' කිය්න මෙක්සිකානු විප්ලවය අතරතුර කාලයේදියි.

1913 පෙබරවාරි 19 දින එවකට මෙක්සිකෝවේ ජනාධිපති දූරය දැරු ෆ්‍රැන්සිස්කෝ මැඩෙරෝ, හා උප ජනාධිපති වරයා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරනු ලැබූ අතර ඉන් පසුව ජනාධිපති දූරය සදහා ව්‍යවස්ථානුකූලව පත්වීමට සුදුසුකම් ලබා තිබුනෙ එවකට විදේශ කටයුතු ඇමති වූ පෙඩ්‍රෝ ලැස්කුරේනුයි(Pedro Lascuráin).

ඒ අනුව ඔහු දූරය බාරගත් අතර දූරය බාරගෙන විනාඩි 45කට පසුව දූරයෙන් ඉල්ලා අස්වුනු බවටයි සදහන් වෙන්නෙ. ඇතැමුන් කියන්නෙ ඒ කාලය ඊටත් වඩා අඩු කාලයක් බවයි. 😯😃

ඉතින් මොහු මේ විදිහට දූරයෙ දිවුරුම් දී කෙටි කාලයකින් ඉල්ලා අස්වී තිබුනේ, කුමන්ත්‍රණයේ මූලික අරමුණ වූ හුඑර්ටා(huerta) හට නීත්‍යානුකූලව බලය පැවරීමෙ කටයුතු සිදු කිරීමටයි. එ අනුව ලැස්කුරේන් ඉල්ලා අස්වීමට පෙර අභ්‍යන්තර කටයුතු ඇමති ලෙස හුඑර්ටා පත්කරල තියනව. කොහොම නමුත් හුඑර්ටාගෙ දැඩි ඒකාධිපති පාලනය නිසා ඔහුවත් 1914 දූරයෙන් නෙරපා තියනව.😂

ඉතින් ලෝකයේ එතෙක් මෙතෙක් ඉතිහාසයෙ අඩුම කාලයක් ජනාධිපති දූරය දැරූ පුද්ගලයා ලෙස පෙඩ්‍රො ලැස්කුරේන් වාර්තා අතරට එක් වී තියනව 📚😃

ඉතින් ඔයාල මොකද හිතන්නෙ මේ ගැන ? ඔයාලගෙ අදහසුත් පහලින් comment කරන්න.😊
ඒ වගෙම අමතක නොකර page එකත් like කරල fallow කරල තියාගන්න, ඉස්සරහටත් මේ වගෙ දේවල් දැනගන්න. 🙂❤️🖤💙

18/09/2024

අහල තියනවද, පිරිමින් බිලිගන්න රූමත් වෙස් ගත් ය්ක්ෂණියක් ගැන ?😱☠️

ඒ තමයි (the churel) වූරල් කියන යක්ෂනිය. මේ යක්ෂණිය ගැන කතාව අපිට ඇහෙන්නෙ අපෙ අසල්වැසි රට වන ඉන්දියාව අතුලු පකිස්තානය,බංගලදේශය යන රටවලිනුයි.

මේ චුරල් කියන යක්ෂනිය ගැන ජනප්‍රවාද ගොඩනැගෙන්නෙ පැරණි දකුණු ආසියානු ගුප්ත සම්ප්‍රදායන් එක්කයි. එයට අනුව චුරල් කියන්නෙ ඛේදජනක හා භයන්කර ඉරණමකට මුහුන දී මරණයට පත්වුණු කාන්තාවකගෙ ආත්මයක්. එ වගේම ඉන්දියානු ජනප්‍රවාදයන්ට අනුව මෙ චුරල් යක්ෂණිය දරු ප්‍රසූතියේදී මිය ගිය ස්ත්‍රියකගේ අත්තමක් කියලත් කියනව. කොයි ආකාරයෙ ජනප්‍රවාද තිබුනත් සමස්තයක් විදිහට ගත්තහම මේ යක්ෂනිය දැඩි පලිගැනීමෙ චෙතනාවකින් ඉන්න යක්ෂණියක් කියල තමයි කියන්න පුලුවන් .😱
ජනප්‍රවාද වලට අනුව මේ යක්ෂණියට තියෙන්නෙ විරූපි වූ මුහුණක්,අපිරිසිදු කොණ්ඩයක්, දිග නියපොතු හා තියුණු දත් සහිත කෙට්ටු සිරුරක්, තව මේ යක්ෂණියට පුළුවන්ලු පාද දෙපැත්තටම කරකවමින් අවිදින්නත්. ඉතින් මේ වගෙ භයන්කර පෙනුමක් තිබ්බත් මේ යක්ෂණිය පිරිමින් වසගයට ගන්නනම් බොහෝ සුන්දර කාන්තා ස්වරූපයක් මවාගන්නවලු. 😱💀
ඉතින් මේ යක්ෂණිය වැඩි වශයෙන් ඉන්නව කියන්නෙ සොහොන් පිට්ටනි,පාළු පාරවල් හා පාළු ප්‍රදේශ වලයි .😰

මේ යක්ෂණිය මේ වගෙ පාළු තැන්වල
රූමත් ස්ත්‍රියකගේ පෙනුමක් මවාගෙන දුක අහන අයිය කෙනෙක්ලු හොයන්නෙ. 🫢😅
නෑ නෑ මෙ යක්ෂණිය මෙහෙම පාළු තැන්වල රූමත් ස්ත්‍රී ස්වරූපයෙන් ඉදන් දුකින් අඩමින් රැවටිලි කාර බැල්මක් දාල පිරිමි පුද්ගලයින් වසගයට ගන්නවලු , එහෙම වසගයට ගන්න අයව මේ යක්ෂණිය ඇයගෙ පසුපසින් ගෙන්වගෙන ගිහින් ඇගෙ සැබෑ ස්වරූපයට මාරු වෙනවලු.
ඉතින් මෙහෙම කරල මේ යක්ෂණිය බලාපොරොත්තු වෙන්නෙ වසගයට ගත් කෙනාව මරණයට පත්කරන්න විතරක් නෙමෙලු, ඇගෙ දුක කියන්නලු, කොහොමහරි ඉතින් ඇගෙ දුක කියල ඉවර වුනාට පස්සෙ එ පුද්ගලයට කොහොමත් මරණයම තමාලු අත්වෙන්නෙ.😰😱☠️

ඉතින් මේ චූරල් කියන්නෙ එක යක්ෂණියක් විතරක් නෙමෙ කියලයි බොහෝ දෙනා කියන්නෙ. පිරිමින්ගෙ තාඩන පීඩන වලට හා දූශනයන්ට ගොදුරුවෙලා දුක්ඛිත විදිහට මරණයට පත්වන කාන්තාවන්ගෙ ආත්මයන් පලිගැනීමෙ චේතනාවෙන් චූරල් කියන යක්ෂණිය බවට පත්වෙනවලු😰😱

ඉතින් මේ ගැන විද්වතුන් කියන්නෙ අතීතයෙ දකුණු ආසියාතික කාන්තාවන් පුරුෂයන්ගෙ දැඩි තාඩන පීඩන වලට හා දූශනයන්ට ලක්වෙලා තියනව. වර්තමානයේ කියලත් වැඩි වෙනසක් නෑ ඉන්දියාව හා පකිස්ථානය වැනි රටවල ඇතැම් සංස්කෘතීන් ඇතුලෙ කාන්තාවන්ට ඒ ඉරණමම තමා අත්වෙලා තියෙන්නෙ. ඉතින් මේ වගේ සිද්දීන් අවම කරගනීමෙ උවමනාවෙන් මේ යක්ෂණිය ගැන ජනප්‍රවාද ගොඩනැගුන කියනව. 😦

ඉතින් එහෙම බැලුවහම ලංකාවෙත් මේ වගෙ යක්ෂණියො ඔන තරම් ඇති 😱

ඉතින් ඔයාල මොකද කරන්නෙ මෙ යක්ෂණිය පාරකදි එහෙම හම්බුනොත් ?🙂
එ ගැන පහලින් comment එකක් දාන්න .
එවගෙම page එකත් like කරන්න අමතක කරන්න එපා .🙂❤️🖤💙
~¥ SWR ¥~

17/09/2024

අහල තියනවද යක්ෂයින් කැඳවන්න පුළුවන් පොතක් ගැන ?💀😱

මෙ ග්‍රන්ථය තමයි ෂම්ස් අල් මා අරීෆ් (Shams al-Ma'arif) කියන්නෙ, 13 වෙනි සියවසේ දී මෙ ග්‍රන්ථය රචනා කරල තියෙන්නෙ, 13 වෙනි සියවසේ හිටපු ගුප්ත විද්‍යාඥයෙක් වන අහ්මද් ඉබ්න් අලි අල්-බුනි, විසින් අරාබි භාෂාවෙන් තමයි ලියල තියෙන්නෙ.
ඉස්ලාමීය ගුප්ත විද්‍යාව ගැන කතාකරනකොට මෙ ග්‍රන්ථයට හිමිවෙන්නෙ විශේෂ තැනක්. මොකද මෙ පොතෙන් ඉස්ලාමීය සංඛ්‍යා ශාස්ත්‍රය,ජෝතීෂය,මැජික්,තලිස්මන්වරුන් සහ ජින් කියන යක්ශයන් ගැන කතාකරනව.
ඉතින් මේ පොත ගැන අදහස් පලකරන ගුප්ත විද්‍යාඥයන් කියන්නෙ මෙ පොත කියවනකොට මෙ ජින් කියනන ආත්මය කියවන පුද්ගලයාට හෝ ඒ ලගින් ඉන්න අයට ආවේශ වෙනව කියලයි.
මේ පොත කියවපු අයත් කියන විදිහට ඔවුන්ටත් මේ ජින් කියන ආත්මය ආවෙශ වෙලා ඉතාමත් දරුණු විදිහට හැසිරිලා තියනව, තව එ අය මේ පොත කියවද්දි වගේම ඉට පස්සෙ විවිද භයානක සද්ද ඇහුන කියල හා ඔවුන් අවට කවුරුන් හෝ අවිදින බවක් දැනුන කියලත් ,තව ඔවුන්ගෙ ගෙවල් වල විවිධ අත්භූත සිද්දිත් උනා කියලත් වාර්තා කරල තියනව.😱

ඉතින් කොහොමහරි මේ පොතේ තියන මේ අත්භූත වගේම භයානක භාවය නිසා සමහර රටවල මේ පොත කියවීම හා අලවි කිරීමත් සම්පූර්ණයෙන් තහනම් කරල තියනව කියල තමා වාර්ථා වෙන්නෙ. ☠️😱

ඉතින් කොහොමද ඔයාලටත් මේ පොත කියවන්න හම්බුනොත් කියවනවද ? 🤔

එහෙනම් page එකත් like කරල ඔයාලගෙ අදහසුත් පහලින් comment කරන්න 😊🙂

15/09/2024

අහල තියෙනවද අදටත් ඉන්න විශාල පියාපත් සහිත මිනිස් ස්වරූපයක් ඇති රාක්ෂයෙක් ගැන ? 😱

අදටත් වර්ජිනියාවෙ ඇතැම් ජනතාව ඉන්නවා කියල විශ්වාස කරන රාක්ෂයෙක් තමයි මේ Mothman කියන්නෙ

මේ Mothman ගේ සිද්ධිය කරළියට එන්නේ 1966 නොවැම්බර් 12, වර්ජිනියාවෙ clendenin ප්‍රදේශයේ සුසාන භූමියක වැඩ කරමින් සිටි කම්කරුවන් පස් දෙනෙකුගෙ ඉහලින් විශාල පියාපත් ඇති සත්වයකු පියාසර කරනව දැක්කයි කියන සිද්දියත් එක්කයි. 💀
ඉට දවස් තුනකට පස්සෙ තමයි තව සිද්දියක් වාර්තා වෙලා තියෙන්නෙ, ඒ 1966 නොවැම්බර් 15 , පොයින් ප්ලෙසන්ට් කියන අතහැර දැමූ ආයුධ කම්හලක් ලගින් ගමන් කරමින් හිටපු තරුණ ජොඩු දෙකක් අඩි දහයක් දිග පියාපත් සහ රතු ඇස් තියන මිනිසෙකුට සමාන සිරුරක් තියන සත්වයෙක් දැක්ක කියල වාර්තා කරල තියනව. 😱
මෙ සිදුවීමෙන් පස්සෙ TNT area කිය ප්‍රදේශයේ මේ සත්වයා විවිධ පුද්ගලයින් නිතරම දැක්ක කියල තමා කියන්නෙ. 😦

මේ සිදුවීම් වලින් පස්සෙ විවිධ ඉස්ථාන වලින් මේ සත්වයා දැක්ක කියලත් වාර්තා වෙලා තියනව. එහෙම දැකපු හැමොම වගෙ විස්තර කරල තියෙන්නෙ අඩි 6-7 පමණ උස, අඩි 10-12 පමණ දිග පියාපත් සහ රතු පාටින් දිදුළන ඇස් ඇති සත්වයෙක් දැක්ක කියල තමා.

මෙ සිදුවීම් වලින් මාස කිහිපයකට පස්සෙ තමයි mothman සම්බන්දයි කියන භයානකම සිදුවීම වෙන්නෙ. 1967 දෙසැම්බර් 15 දී Point pleasant හා ඔහියො නගර දෙක යා කරන රිදී පාලම කඩා වැටිල 46 දෙනෙක් මරණයට පත් වෙනව.😰
මෙ ඛේදවාචකය සිදුවීමට දින කිහිපයකට පෙර හා මේ සිදුවීම උන වෙලාවෙදිත් මෙ පාලම ලග Mothman දර්ශනය උනා කියල ප්‍රදේශය වාසීන් සහ මෙ අනතුරින් දිවි ගලවාගත් අය පවසල තියනව.😱

ඉතින් මේ Mothman ගැන විවිධ අදහස් තියනව, හැම සිද්දියකදී වගේම මේ සිද්දියෙදිත් මේ හිටියෙ පිටසක්වල ජීවියෙක් කියල මතයකුත් තියනව, ඒ වගේම මෙ සම්බන්ද පර්යේෂණ කරපු ඇතැම් අය කියන්නෙ මේ mothman කියන්නෙත් bigfoot , Loch Ness Monster වැනි හදුනා නොගත් සත්වයෙක් කියලයි. කොහොම නමුත් මේ කාරනා පිළිබඳව විද්‍යාත්මක සාදකනම් හමුවෙලා නෑ, ඒ වගෙ පසුබිමක විද්‍යාඥයන්නම් කියන්නෙ Sandhill Crane(comment එකක් විදිහට මේ පක්ෂියෙකුගෙ ඡායාරූපයක් දාල තියනව) කියන පක්ෂියෙක් දැකල වැරදි වැටහීමක් වැරදි වැටහීමක් ඇතිකරගෙන ඇති බවයි. මොකද මේ පක්ෂියත් ඉහත කියූ ප්‍රමානයෙ පක්ෂියෙකු නිසයි.

කොහොම නමුත් ජනයා විස්වාස කරන්නෙ මේ අත්භූත සතවයා තාමත් ඉන්නව කියල වගෙම, අවාසනව රැගෙන එනව කියලයි. එ නිසාම මේ mothman දැකපු ප්‍රදේශයන්හි ජනයා මේ සත්වයාව අදටත් වන්දනාමාන කරන්න උත්සව පවා පවත්වනව.

මේ ගැන 1975 ජෝන් කීල් නැමති රචකයා කෘතියක් පවා නිකුත් කරල තියනව, එ වගේම 2002 දී The Mothman Prophecies
කියල චිත්‍රපටයකුත් නිකුත්වෙලා තියනව. බලල නැත්තම් ඒ චිත්‍රපටයත් බලන්න 🙂

ඉතින් ඔයාල මොකද මේ ගැන හිතන්නෙ ? පහලින් comment එකක් දාන්න .
අමතක නොකර page එකත් like කරල එකතුවෙන්න කියල ආරාධනා කරනව ❤️🖤💙

~¥ SWR ¥~

Photos from Loza's post 15/09/2024

දන්නවද ? මෙ ඡායාරූප වල තියන නිවස තමයි ලෝකයේ තියන අනතුරුදායක වගේම භයානකම නිවස ☠️😱
මෙක පෘතුගාලයේ ෆැෆෙ කියන කදුකරයෙ
Casa do penendo කියන ප්‍රදේශයේ තමයි තියෙන්නෙ
මෙ නිවස මෙච්චර අනතුරුදායක වෙලා තියෙන්නෙ කදු බැවුමක පිහිටල තියන නිසා කියල තමයි කියන්නෙ, 😱 මොකද මෙ ගල් පර්වත දෙකත් එක්ක මෙ නිවසත් ඕනම වෙලාවක පහලට පෙරලෙන්න පුලුවන්ලුනෙ .☠️😱🙂

මෙවගෙ හැමදාම දැනුමට යමක් එකතු කරගන්න page එකත් like කරල තියාගන්න 🖤❤️💙

15/09/2024

අතීතයෙන් බිදක් වර්තමාන ජිවිතයට 💰📚📊

ජිවිත පවා අහිමි කල (Pepsi 349) ලෝකයෙ මෙතෙක් සිදුකළ අසාර්ථකම වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන ගැන අහල තියනවද ?🤔

1992 වර්ෂයේදී පිලිපීනයෙ සිදු කරපු මෙ අසාර්ථකම ප්‍රවර්ධන වැඩසටහන කරන්නෙ කවුරුත් නෙමෙ, සිසිල් බීම වංශ කතාවෙ තවත් එක් දැවැන්තයෙක් වෙන pepsi සමාගමයි.

number favor නමින් ආරම්බ කරපු මේ ප්‍රවර්ධන වැඩසටහන ආරම්භයේ පිලිපීනය පුරාම අති මහත් ජනප්‍රියත්වයට පත් වෙලා තියනව. මොකද මේ ප්‍රවර්ධන වැඩ සටහන මගින් මූඩිය යට ඇති අංකයට ₱100(ඩොලර් 4) සිට ₱ මිලියනයක්(ඩොලර් 40000) දක්වා තෑගි මුදල් ඇති බව pepsi සමාගම ප්‍රකාශ කරල තියනව. මෙ ත්‍යාග මුදල් ගැන එවකට ඉතා දිළිඳු පිලිපීන වැසියන්ට තිබුනෙ දැඩි බලාපොරොත්තු සහගත බාවයක්.
ඉතින් කොහොමහරි number favor වැඩසටහන ආරම්භයේ සිට මූඩි යට ඇති අංකවලට සුලු ත්‍යාග මුදල් විශාල වසයෙන් ලබාදීල තියනව, ඒ නිසාම මෙමගින් pepsi සමාගමත් අතිශය ලාභ ලබල තියනව. මතකද ? කාලයක් මෙහෙත් ඔයවගෙ ප්‍රවර්ධන වැඩසටහන් තිබ්බ 🙂

අතිශයින් ලාභ ලැභූ pepsi සමාගම අවසානයෙ ප්‍රකාශයක් කරනව 1992 මැයි 25, ₱ මිලියනයෙ (ඩොලර් 40000)💰 ත්‍යාගය හිමි පියනන යට ඇති අංකය ප්‍රකාශ කරනව කියල. ඉතින් මෙ ප්‍රකාශයත් එක්ක දුප්පත් පිලිපීන ජනයා දැඩි අපේක්ෂාවෙන් වැඩි වැඩියෙන් pepsi බීම බොතල් මිලදී ගනීමට පෙලෙබෙනව. හැබැයි කපටි pepsi සමාගම 349 කියන ජයග්‍රාහී අංකය පියන් දෙකක් පමණයි මුද්‍රණය කරන්න සූදානම් වෙන්නෙ.
ඔන්න 1992 මැයි 25 උදාවෙනව, ඉතින් pepsi සමාගම 349 කියන ජයග්‍රාහී අංකය නිවේදනය කරනව. ජයග්‍රාහී අංකය ප්‍රකාශ කරල ටික වෙලාවක් ගතවෙනකොට දහස් සංක්‍යාත් ජනතාවක් pepsi සමාගම ඉදිරියට එක්රොක් වෙනව තමන්ගෙ ත්‍යාග මුදල් ලබාගන්න. මේ වෙලාවෙ තමයි pepsi සමාගමට තරු පෙන්න ගන්නෙ. එ මොකද දන්නවද ? තාක්ෂණික දෝෂයක් නිසා මිලියනයෙ ත්‍යාග අංකය වෙන 349 අංකය සහිත බොතල් 800000 ක් එ වෙනකොට වෙළෙඳපොළට නිකුත් වෙලා තියනව කියල දැනගන්නව.🙂
ඉතින් pepsi සමාගම මේ තාක්ෂණික දෝෂය ගැන කියල නැවත නිවේදනයක් නිකුත් කරනව. හැබැයි ඒකට එකග නොවුණු ජනතාව මහ මගට ඒකරාශි වෙලා උද්ඝෝෂණය කරන්න පටන් ගන්නව. මෙහෙම ආරම්භ වුනු මේ උද්ඝෝෂණ වලට මැර කල්ලි පවා එකතු වෙමින් pepsi ලොරි රත වලට ගිනිතබමින් කුඩා වර්ගයේ බොම්බ තබමින් දැඩි ප්‍රචණ්ඩකාරී තත්වයකට පත්වෙන. කොහොමහරි ආරක්ෂක අංශය සමගද ජනතාව ගැටුම් ආරම්භ කරගන්නව, මෙ නිසා ජීවිත හානි පවා සිදුවෙලා තියෙනව, ඛේදනීයම සිදුවීම වෙන්නෙ Davao city කියන ප්‍රදේශයේ, pepsi ලොරි රතයකට එල්ල කරපු බොම්බ ප්‍රහාරයකින් ගුරුවරියක් සහ පස් හැවිරිදි දරුවෙකු මරණයට පත් වෙනව.😪
මෙත් සමගම ජයග්‍රාහකයන්ගෙ 22000කට අදික නඩු ප්‍රමාණයකට pepsi සමාගමට මුහුන දෙන්න වෙනව, මෙ නඩු අවසානයෙ pepsi සමාගම ප්‍රකාශ කරනව සෑම ජයග්‍රාහයකුටම ₱500 (ඩොලර් 18) ලබාදෙනව කියල. අදටත් Pepsi සමාගම පිලිපීනයෙ තිබුනට රට තුල සාර්ථක වෙන්න නම් බැරි වෙලා තියනව කියල තමයි වාර්තා වෙන්නෙ.

ඉතින් ඔන්න ඔය විදිහට තමා ලෝකයේ අසාර්ථකම ප්‍රවර්ධන වැඩසටහන අවසාන වෙනේ. ඉතින් ඔයාලගෙ අදහස් ගැටලු පහලින් comment කරන්න එහෙනම්

~¥ SWR ¥~

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


කොළඹ
Colombo
00100