Tharu

Tharu

Share

14/12/2023

තියුණු පිහි වලින් සිත්තම් වුණු හදවත ගැඹුරෙහිම ඇති කිණිසි පහරවල්...
නොනවත්වාම ගලාගිය කඳුළු හා රුධිර ගංගා...
වේදනාවෙන් නැඟුණු විලාපයන් හා ඉකි බිඳුම්...
ඇසුණි, පෙණුනි, දැණුනි එක් වෙදැදුරෙකුට...
කෙමෙන් සුවපත් කළ හදවත...
පාරවන්නට හැක්කේද ඔහුට පමණයි...

මා වෙනුවෙන් ජීවත් වන ආදරණීයම ආත්මය,
ආදරෙයි! ♥️✨

05/11/2023

ආදරේ කරන්න!
හැබැයි කවදාවත් පසුතැවෙන්න ඉඩක් නොතියලා... 🥰❤️💫

25/10/2023

ලස්සන වැහි දාක නුඹ මාව වඩාගෙන,
ලස්සන ගෙදරක බැල්කනියක් උඩ,
පරතෙරක් නොපෙනෙන අහසට විතරක් අපව පේන තැනක,
උඹෙ තොලට බරවෙන්න
මං හරි ආසයි....🥰❤️

සඳ ලැජ්ජාවෙන් අහක බලාගෙන,
නොදැනිම සළුපට බිම වැටෙන වෙලාවට,
සීතලක් නොදැනෙන උඹෙ ඔය පපුව උඩ නිවෙන්න,
මං හරි ආසයි...🥰❤️

ආදරෙන් යන මේ ගමන කෙළවර,
දරු මුණුපුරන් පිරිවරාගෙන,
කටු කොහොල් මැද ආපු ආදරණීය මේ ගමන,
පැය ගණන් කියවන්නට තරම් මතක එක්කහුවට,
මං හරි ආසයි....🥰❤️

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo