Computer Hacking Trics

Computer Hacking Trics

Share

15/06/2015

පරිඝනකයේ වේගය වැඩි කරමු
======================

Computer එකක් ගත්තම ටික දවසක් යනකොට slow වෙනව කියල ගොඩක් අය කියනවා මම අහල තියනවා. ඒක එහෙම වෙන්න හේතු ගොඩක් තියනවා.

01. Desktop එක පිස්සන්කො‍ටුව වගේ නිසා
02. Computer එක start වෙනකොට ගොඩක් file, softwares open වෙන නිසා
03. Hard disk එක fragment වී ඇති නිසා
04. System file damage වීම නිසා
05. වැඩකට නැති programs නිතරම පරිගනකයේ ක්‍රියාත්මක වීම නිසා
06. පරිගනක්යේ processor, RAM speed මදි නිසා
07. Hard disk එක full වීම නිසා
08. Hard disk එකේ memory dumps ඇති නිසා
09. Registry අවුල් සහගත නිසා
10. වයිරස් පරිගනකයේ ක්‍රියාත්මක වන නිසා

Disk clean up සහ Disk defragment
--------------------------------------------

මේක කලාට පස්සෙ මගේ computer එකේ slow ගතිය අඩු වුනා විතරක් නෙමෙයි 6.7GB ක space එකකුත් වැඩි වුනා.

Disk Cleanup
----------------
ඔයා මේක කරලම නැත්නම් අනිවාර්යෙන්ම 5GB විතර space එකකුත් එකතු වේවි.

✔ දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා

මුලින්ම My Computer එක open කරලා ඔයාලගේ OS එක දාලා තියන Partition එක (ගොඩාක් වෙලාවට හැමෝගෙම OS එක දාල තියෙන්නෙ C Drive එකට ) උඩ right click කරලා properties යන්න... ඊට පස්සේ General කියන ටැබ් එකේ Disk Cleanup කියලා තියනවා.. එක දෙන්න.. ඊට පස්සේ ඔයාලට window එකක් ඒවි.. බය නැතුව ඒකෙ ඔක්කොම සිලෙක්ට් කරන්න.. (මේ ඔක්කොම අයින් කරන්න.. මොකුත් වෙන්නේ නෑ.. මේ ඔක්කොම වැඩකට නැති Files..) ඊට පස්සේ මේ ඔක්කොම Select කරලා OK කරන්න.. ඊට පස්සේ Delete Files දෙන්න..

Defragment
-----------------

ඇතැම් අවස්ථාවල පරිගණකයේ ක්‍රියාකාරීත්වය මන්දගාමීවීම නිසා කිසිදු කාර්යයක් කළ නොහැකි තත්ත්වයන්ට පත්වෙයි. එසේම පරිගණකයේ වැඩසටහන් එකවරම නතරවීම්, අවසන් වීම් වැනි අවස්ථාවල ද ඔබට දැනටමත් මුහුණදීමට සිදුවී තිබෙන්නට පුලුවන්... එසේ නම් පරිගණකය Defragment කිරීමට කාළය එළඹී
ඇති බව මෙම දෝෂවලින් ඔබට දැනුම් දෙනු ලබයි.. පරිගණකයක් කිරීමට මූලිකවන හේතුව
වන්නේ දෘඪ තැටියේ ඇත්ළත්ව ඇති වැඩසටහන් වල කොටස් විවිධ කැන්වල තැන්පත් වී ඇතිනිසා,
ඒවා නැවත එක්තරා පිළිවෙලකට සකස් කිරීමයි. මෙවැනි Defragment වැඩසටහන් මගින්
සිදුකෙරෙනුයේ එළෙස තැන තැන තැන්පත් වී ඇති කොටස් එක්තැනකට පිළිවෙළකට එක්රැස්
කිරීමයි...

✔ Defragment මෘදුකාංගය වීවෘත කරගනිමු

Run ----> dfrgui.exe

මෙමගින් ඔබට ඔබගේ පරිඝනකය Defragment කරගත හැක.

විශේෂයෙන් Defragment කිරීමට ප්‍රථම සැළකිල්ලට ගතයුතු කරැණු කිහිපයක් වෙයි. මේ සදහා බොහෝ වේලාවක් ගතවීම ප්‍රමුඛ කාරණයයි.

එමෙන්ම Defragment කරන අවස්ථාවේ දී පරිගණකය දෘඪ තැටියේ අඩාගු දත්තයන් නැවත සකස් කරන තුරු Ram එකෙහි රදවාගන්නා බැවින් මෙවැනි අවස්ථාවකදී විදුලිබලය ඇණහිටීමක් සිදුවුවහොත්
එය පරිගණකයේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇතිකරන බැවින් විශේෂයෙන් අකුණුගසන
අවසිථාවන්හීදි මෙය සිදු නොකිරීමට සැළකිලිමත් වියයුතුය

Startup Program ඉවත් කිරීම
-----------------------------------

Control Panel System and security Administrative tools System Configuration Statup මෙතනින් ඔයාලට Startup එකේදී ඕන වෙන්නෙ නැති program විතරක් disable කරන්න.. (ඔක්කොම අයින් කරන්න එපා.. ඕන නැති ඒවා විතරක් අයින් කරන්න. ex: photoshop, skype, adobe reader, etc)

දැන් ඔයාගේ Computer එක restart කරලා බලන්න.. වෙනස කොහොමද කියල... :)

21/12/2014

Notepad එකෙන් පොඩි වැඩක්
======================

ඔයාලට කියල දෙන්න යන්නෙ Windows වල ඔටෝ ලියවෙන නෝට් පෑඩ් එකක් එකක් හදන විදිහයි. මේක ඔයාලගෙ යාලුවො බයකරන්න, පොඩි විහිළුවක් කරන්න අවස්ථානුකූලව යොදා ගන්න එකනම් ඔයාලගෙ වැඩක්.

මුලින්ම මන් මේ පහල දෙන code එක notepad එකට past කරගන්නකෝ. ඊට පස්සෙ FIle > Save As ගිහින් කැමති නමක් දීල අගට .vbs කියල Save කරගන්න. (Ex: AutoWriting.vbs) ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ open කරල බලන එක තමා. බය වෙන්නනම් දෙයක් නෑ.....

set wshshell = wscript.CreateObject("wscript.shell")
wshshell.run "Notepad"
wscript.sleep 500
wshshell.AppActivate "Notepad"
WshShell.SendKeys "Y"
WScript.Sleep 500
WshShell.SendKeys "O"
WScript.Sleep 500
WshShell.SendKeys "M"
WScript.Sleep 500
WshShell.SendKeys "A"
WScript.Sleep 500
WshShell.SendKeys "L"
WScript.Sleep 500
WshShell.SendKeys " "
WScript.Sleep 500
WshShell.SendKeys "S"
WScript.Sleep 500
WshShell.SendKeys "A"
WScript.Sleep 500
WshShell.SendKeys "N"
WScript.Sleep 500
WshShell.SendKeys "J"
WScript.Sleep 500
WshShell.SendKeys "A"
WScript.Sleep 500
WshShell.SendKeys "Y"
WScript.Sleep 500
WshShell.SendKeys "A"
WScript.Sleep 500
WshShell.SendKeys " >> [email protected]"
WScript.Sleep 500
WshShell.SendKeys " >> https://www.facebook.com/yomalsanjaya"

වැඩේ කරලම බලන්නකෝ කොහොමද කියල :)

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo