Ceylon Journal
27/05/2026
"මම දන්න බෞද්ධ දර්ශනය අනුව,
මනුස්සයෙක් පැවිදි ජීවිතයට ඇතුල් වෙන්නේ,
ජීවිතයේ සත්‍ය ගවේශනයට හා,
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් විදියට,
මනසත් එක්ක තියෙන ගනුදෙනුව නවත්තලා,
මේ සසරින් තමනුත් ගැලවිලා,
මුලු මහත් සමාජයම නිවන් මර්ගයට ලබාගන්න.."
"ඒත් මට මගේ ජීවිතේට,
පැවිදි හිමිවරුන් ගැන ලැබුනු අත්දැකීම් එක්ක,
මට දැනුනේ පැවිදි ජීවිතයට ඇතුල් වෙන හැමෝටම,
නිවන් මග අවබෝධ කරගන්නවත්,
ඒ මාර්ගය සොයා ගන්නවත්,
තමංව ගවේෂණය කරන්නවත් උවමනාවක් නෑ..
එහෙම ඉන්නේ ඉතාමත් පොඩි ප්‍රමාණයක්..."
"බුදු හාමුදුරුවන්ගේ ධාතු වැඩ වසන,
මුලු මහත් බෞද්ධ ජනතාවගේම පූජනීයම තැනක,
හැමෝම ගෞරවයෙන් ප්‍රදානත්වය දෙන,
ප්‍රදාන සංඝ නායක කෙනෙක්,
අවුරුදු 18ට අඩු කෙල්ලෙක් දූශනය කරන්න තරම්
ගිහි අපි ලගවත් නැති ආසාවක්, කාමයක් රාගයක්
උගේ ලග කොහොම තියෙන්න ඇත්ද..."
"එච්චර අමාරුවක් එක දවසින් ඇති වෙන්නවත්,
එක දවසින් නැති වෙන්නවත් විදියක් නෑනේ,
මුන් වහන්සේගේ විතරක්,
සමාජයට අනාවරණය නොවූ සිද්දි කොච්චර තියෙන්න,
පුලුවන්ද?
අවුරුදු 10,15 දූ වරු පංසලට ගියාම,
ඒ කුනු උනු ආසවල් එක්ක හිතෙන් කොච්චර නම්,
දූශනය වෙන්න ඇතිද..
ඔය Subject එක ඇරුනම, drugs, drinks, smokes,
භික්ෂුන් වහන්සේ කෙනෙක්ට සුදුසු නැති දේවල්,
කොච්චර කරන්න ඇතිද.."
"මීට අමතරව මේ වගේ උන්මත්තක හිමිවරුන්,
කීදෙනෙක් මේ රටේ ඉන්නවා ඇතිද?
මේ සමාජයට නිවන් මග පෙන්නනවා වෙනුවට,
මේ සමාජය කොච්චර කිලිටි කරනවා ඇතිද.."
"මං හිතන්නේ ,
සංඝයා වහන්සේලා, පංසල්, පන්සිල්, දානමාන පිංකම්
විතරක් බෞද්ධකම කියලා හිතං ඉන්න බෞද්ධයන්ට,
බෞද්ධ දර්ශනය ගැන,
අලුතින් හිතන්න, අලුත් විදියකට දකින්න,
හදාගෙන හිටපු ආගමික රාමු ගලවන්න,
මේක හොද අවස්ථාවක්..."
"දැං හැමෝටම තේරෙනවා ඇති,
සිවුරක් පොරවගත්තු ගමං ඒ හැමෝම සිල් අරං නෑ කියලා..
මං දන්නේ නෑ නීතියෙන් යුක්තියක් ඉටු වෙයිද කියලා..
ඒ නීතියෙන් බලයට වඩා මං හිතන්නේ,
රටක බහුතර ජනතාවගේ බලය ප්‍රබලයි.."
"කඩේට නය වෙලා, උදේම නැගිටලා,
පිරිසිදුව සැදැහැ හිතිං හදන දානය දෙන්නේ,
දූවරු දූශනය කරන කාම පෙරේතයන්ටද..
නැති උනු අම්මා තාත්තා වෙනුවෙන්,
පවුලම එකතු වෙලා කරන බණට ආරාධනා කරන්නේ,
රට ඉදං ලංකාවට drugs ගේන අයටද.."
"වෛර කරන්න යන්න එපා..
බෞද්ධයන් විදියට කවදාවත් ඒ තැනට පත්වෙන්න ඕනේ නෑ.
ඒ අපිට පුලුවං පිදිය යුත්තන් පමනක් පුදන්න..."
"රටක බෞද්ධ දර්ශනය,
පරම්පරා ගානක් ඉස්සරහට පවතින්න,
සිවුර ඕනේ,
පංසල් ඕනේ.. නමුත්
බෞද්ධ දර්ශනයේ මූලික හරය වෙන්නේ,
මනස මුල්කරගෙන හදාගන්න මානසික දුකින්,
නිදහස් වීම පමණක්මයි.."
🍃✨🤍
24/05/2026
"ජීවිතේදි මට ලැබුනු අත්දැකීම් එක්ක මට දැනුනේ,
පිරිස අඩුවෙන තරමට,
තමං තනියම ගොඩනගාගන්න තරමට,
මනුස්සයෙක් විදියට මගේ ජීවිතය,
සතුටින් නිදහසින් ගත කරන්න පුලුවං කියලා.."
"මිනිස්සු තනිවෙලා,
හුදකලාව තෝරගන්නේ,
එලියේ ලෝකයෙන් තමංට දෙන එක එක චරිත සහතික,
එක්ක තමංට ඕන විදියට ජීවිතය අරං යන්න,
අපහසු නිසා.."
"තනියම තමංගේ ජීවිතය ගොඩනගාගන්න මිනිස්සු,
භෞතිකව හා මානසිකව ශක්තිමත්..
කාගෙන්වත් යැපන්නවත්,
කාගෙන්වත් දේවල් ඉල්ලන්නවත්,
තමංව අහගෙන ඉන්න කියන්නවත්,
තමංගේ සතුට නිදහස තවත් මනුස්සයෙක් ලග,
උකස් කරන්නවත්,
ඕන කමක් නෑ..."
"තනියම ඇදුම් කඩේකට ගිහිං,
තමංව ලස්සනට තියන්න පුලුවං,
ඇදුමක් තෝරගන්න මිනිස්සු...
Coffe Shop එක්කට ගිහිං,
තනියම Coffe එකක රස විදින මිනිස්සු..
තමං කැමති movie එකක් බලන්න,
තනියම film hall එකකට ගිහින්,
පොප්කෝන් කන ගමං ඒ film එක රසවිදින මිනිස්සු.."
"ඔයාලා හිතනවද ඒ vibe එක,
වේදනාත්මක හුදකලාවක් කියලා.."
"මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙම,
වැඩිය කතා නැති, පිරිස ගොඩක් අඩු,
මිනිස්සු වේදනාවෙන් ඉන්නවා කියලා හිතන්න.."
"මං හිතන්නේ තනියම ජීවිතය ගැටගහගන්න,
මිනිස්සුන්ගේ හුදකලාව ඔය හැමදේටම වඩා,
ගෞරවාන්විතයි..."
🍃🤍✨
23/05/2026
"පිරිමි බැදෙන්නේ ගැහැනුන්ගේ පපුවටද?
පිරිමි බැදෙන්නේ ගැහැනුන්ගේ back එකටද?
පිරිමි බැදෙන්නේ ගැහැනුන්නේ ලස්සනටද?
පිරිමි බැදෙන්නේ ගැහැනුන්ගේ මෝස්තර වලටද?"
"මං හිතන්නේ නෑ...
පිරිමින්ගේ මුලූ ආත්මය බැදෙන,
ගැහැනුන් ලග තවත් මායවන් ගොඩක් තියෙනවා.."
"උදේම හම්බවෙන කොට මුහුන පුරා දෙන හිනාව ඇතුලේ,
ලගින් යද්දි දැනෙන සුවද ඇතුලේ,
පිරිසිදුව පිලිවෙලට තමං අවට තියාගන්න,
ඒ Personality එක ඇතුලේ,
පිරිමි ආත්ම බැදෙනවා.."
"තමං තනියම හම්බ කරගෙන,
තමංගේ සිහින වෙනුවෙන් මහන්සිවෙන,
තමංගේම ජීවන දර්ශනයක් තියෙන,
ගැහැනු ආත්ම ඇතුලේ,
පිරිමි ආත්ම බැදෙනවා.."
"නිදහස් වෙලාවට පොත් වල පිටු අතර අතරමං වෙන,
ඒ කතා ඇතුලේ ඉන්න චරිත ගැන,
තමංගේ ජීවිත අත්දැකීම් එක්ක විචාරය කරන,
ගැහැනු ආත්ම ඇතුලේ,
පිරිමි ආත්ම බැදෙනවා..."
"අහම්බෙන් හම්බවෙන බල්ලෙක්ව පූසෙක්ව,
සෙනෙහසින් තුරුල් කරගන්න,
කිසි කතාවක් නැතුව මුහුනේ හිනාව පුරවගෙන,
ඉර බැහැගෙන යන වෙරලක ඉදගෙන,
ඒ ලස්සන හවස් වරු ස්වභාවධර්මයත් එක්ක විදින,
ගැහැනු ආත්ම ඇතුලේ,
පිරිමි ආත්ම බැදෙනවා.."
"Mentally and physically ජීවිතේ අඩියටම,
වැටිලා තියෙද්දි,
තමංව අහන් ඉන්න මේ ලෝකේ එක මනුස්සයෙවත්,
නැති වෙද්දි,
"නෑ මට පුලුවං තනියම මාව දරාගන්න" කියන
සිතුවිල්ලේ ඉදං ජීවිතේට අභියෝග කරන,
ගැහැනු ආත්ම ඇතුලේ,
පිරිමි ආත්ම බැදෙනවා..."
"පැහැදිලිව භය නැතුව කෙලින් කතා කරන,
තමංගෙම කියලා Qualities Maintain කරන,
වාසියට පිරිමි ආශ්‍රය නොකරන,
අසාධාරණයට විරුද්ධ වෙන්න පුලුවං,
ගැහැනු ආත්ම ඇතුලේ,
පිරිමි ආත්ම බැදෙනවා..."
"මේ ජීවිත ගමන ඇතුලේදි,
හැඩට ලස්සනට ඉන්න ගැහැනුන්ට,
බැදෙන්නේ පිරිමින්ගේ හිත් විතරයි..
පිරිමි ඇගවල් අස්සේ ඉන්න පිරිමි ආත්ම බැදෙන,
මේ වගේ මායාවන් තව ගොඩක්,
ගැහැනු ආත්ම අතුලේ නිදන් වෙලා ඇති.."
✨🍃🤍
✍️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo