Aviation Hub

Aviation Hub

Share

Photos from Aviation Ceylon's post 26/12/2023

💚

25/12/2023

❤️

Hey Aviation Lovers, ❤️✨

Merry Christmas! Wishing you all the happiness your holiday can hold! 🎄🎅

18/12/2023

💫

Wings Around The🌎: Sri Lanka 🇱🇰

Our Wings Around The World feature takes us to one of Fly Guy's favorite countries to catch up with SriLankan Airlines!

We invite all SriLankan Airlines staff to share their photo memories in the comment section to be included in an upcoming feature!

SriLankan Airlines was founded in 1979 under the name of Air Lanka. At first, the airline leased aircraft from other airlines in the region such as Singapore Airlines and Royal Brunei. In 1980, the airline started providing widebody service with a leased Lockheed L1011-1 Tristar from Air Canada.

In 1998, the airline changed its name to SriLankan Airlines and continued to grow through strategic partnerships with bigger airlines. One such partnership was with Emirates, which at one point owned 43.6% of SriLankan. However, in 2008, Emirates sold its shares back to Sri Lanka and ended the partnership, leading SriLankan Airlines to become fully government-owned once again.

In recent years, the airline has faced challenges due to civil unrest and the pandemic. However, SriLankan Airlines managed to break even for the first time in over a decade during the financial year 2022-2023, posting a net profit of $3 million.

25/06/2023

අම්මා 😂🫶

ගුවන් ගමන් ඉතිහාසේ පිටුවක් පෙරලා.....🤣✈️

වරක් ඇමරිකානු ගුවන් නියමුවකු උඩු ගුවනේදී සිය ගුවන් යානයේ කාර්මික දෝෂයක් ඇතිවූ අවස්තාවක කෙසේ හෝ මගියන්ගේ ජීවිත සියල්ල ආරක්ශා කරගෙන නිරුපද්‍රිතව යානය ගොඩබිමට බස්සවා ඇත.. ඔහුට කලගුන සැලකූ අමරිකානු රජය ඔහුට කැමති ඉල්ලීමක් කරන ලෙස පවසා ඇති අතර ඔහු විසින් කල එකම ඉල්ලීම වූයේ ගෙවිලියක වූ තම මව තමන්ට යාබද අනිත් නියමු අසුනේ හිඳුවාගෙන ගුවන් ගමනක් යාමට ඉඩ දෙන ලෙසයි.. ඇමරිකන් රජය එයට ඉඩ ලබා දුන් අතර ගමනින් පසුව ඇමරිකානු ගුවන් නියමුවා පවසා ඇත්තේ තම මව තමන්ට ගමනේදී හොඳින් සහයෝගය ලබා දුන් බවයි..

මෙම පුවත කියවූ මට ඇති වූ හැඟීම නම් මම මේ ගුවන් නියමුවා වී අපේ අම්මා එක්ක මෙහෙම ගුවන් ගමනක් යන්ඩ සෙට් උනානං එහෙම ගමන ගිහිං ඇවිත් කියන්නට ඇති කතාව මේ වගේ එකක් වනු ඇති බවයි

අදාල දිනයේ වෙලාව උදේ පාන්දර 3ට පමණ ඇත..

"ලමයෝ ලමයෝ.. නැගිටහං නැගිටහං අද අර ගුවන් ගමනනේ .. "

"හරි හරි අම්මේ ඒක තියෙන්නේ දහයටනේ ..මේ තුනේ ඉඳං නැගිටගෙන මොකද.."

"යකෝ තව පැය හතයි තියෙන්නේ .. ලමයෝ ලමයෝ නැගිටහං .. අනේ අම්මපා මේ වගේ කම්මැලියෝ ගුවන් නියමුවෝ කරපු එවුන්ට ගහන්ඩ ඕන..."

"හා හා කෑගහන්ඩ එපා නැගිටින්නං .. නැත්නං අම්මගේ කෑගැහිල්ලට අහල පහල මිනිස්සුත් දැනගනීවි අද අම්මා මාත් එක්ක ප්ලේන් එකේ යනවා කියලා.."

කොහොම කොහොම හරි වාද විවාද මැදින් ලෑස්ති වී ගමනට එලියට බහින්නට එන අම්මාගේ අතේ හෙන බඩු මුට්ටු පිරවූ මල්ලකි..

"මොනවද අම්මේ ඔය බඩු මුට්ටු ...ඔවුවා උස්සං ප්ලේන් වල නගින්ඩ දෙන්නේ නෑ.."

"ඇයි යකඩෝ උඹ නේද දැං ඕකේ පයිලට් ඩැයිවර් උන්නැහේ...උඹට ඕනේ විදිහට බඩු පටවං යන්න බැරිනං ඔයෙ රස්සාව දීපං ලමයෙකුට.. උඹ කටවහං හිටහං මම ඒක බලාගන්නං .."

"හරි හරි දැං මොනවද ඔය මලු වල"

"මේ පෙට්ටියේ උඹටයි මටයි කන්ඩ හොඳට ගම්මිරිස් දාලා හදපු අග්ගලා ටික.. ඔය උඩදි හීතල ඇල්ලුවොත් කන්ඩ බැරියෑ.. තදට හීතල අල්ලලා කං අගුලු වැටුනොත් කනේ ගහගන්ඩ කුරුඳු තෙල් පොඟෝපු පුලුන් කෑලි ටිකකුයි සිද්දාලේප ටිකකුයිත් ගත්තා....

මේ අනිත් මල්ලේ පලතුරු ටිකක් කපලා හදපු පූජා වට්ටියක් තියෙනවා උඩදී ඔයෙ දේවතා උන්නාන්සේ කෙනෙක් වත් දැකගන්ඩ ලැබුනොත් පූජා කරන්ඩ පුලුවන්නේ .. මං අර වනිගරත්න මහත්තයාගේ පොතේ පිලිවෙලට දේවතා උන්නාන්සෙලා යාලු කරගන්න මන්තරෙත් කටපාඩං කරගෙන ඉන්නේ..

මේ වට්ටියේ තියෙන්නේ සමන් පිච්ච මල් ටිකක්.. සෝමාවතිය උඩිං යද්දි කියහං මේ ටික සෑ රාජයාට දාන්ඩ ඕනෙ.."

මේ සියලු කතා මැදිං ගෙදරින් පිට වීමට යන විට මා දුටුවේ ගමේම සෙනග ගේ වටේ එකතු වී සිටින බවයි... අම්මා මුලු ගමටම කතාව කියා ඇති බව මට තේරුනත් සද්ද නැතුව ඉන්නට හිතුවේ ඒකටත් බැනුම් අහගන්න වෙන්නේ මට නිසාය..
අම්මා ගෙයින් එලියට බහින විට රතිඤ්ඤා වැලක්ද පත්තු වූ අතර පිච්ච මල් දැමූ වතුර එකක් පොවන ලද්දේ ඇගේ විශ්‍රාම සමිතියේ ජයන්තා ටීචර් විසිනි..

මේ සියලු කලිකලහයන් මැදින් කෙසේ හෝ ගුවන් තොටුපොලට සේන්දු වී ගුවන් යානය අසලට ලඟා වීමත් සමග අම්මා බෑග් එකේ තිබී දෙහි ගෙඩි සහ මිරිස් කරල් අමුනන ලද පවුන්ඩේශන් කම්බියක් රැගෙන ප්ලේන් එකේ දොරත් පහු කරගෙන මූනත දෙසට යන්නට විය...

"හා හා අම්මේ දොර මෙහේ ..ඔයෙ කොහෙද යන්නේ .. "

"උඹ කට වහගෙන නැගහංකෝ මං මේක ඉස්සරහ බපර් එකේ එල්ලලා එන්නං ..... මං අහසිං යනවා කීවාම ගමේ එවුං හූල්ලනවා ඇති.. ඔයෙ හැතිකරේගේ ඇස්වහම ඇති මේක පොලවට කඩාවැටෙන්ඩ.. මේක එල්ලුවාම ඔක්කොම ඇස්වහ කටවහ හෝවහ ඔක්කොම කම්මුතුයි..."

දොරෙන් ගොඩ වී නියමු අසුනේ මා ඉඳගෙන මට යාබද අසුනේ අම්මා ඉඳගැනීමෙන් අනතුරුව සිය මල්ලෙන් සුදු රෙදි කෑල්ලක ගැටගැසූ පඬුරක් එලියට ගෙන එය ගැට ගසන්නට තැනක් සොයා අසුන් දෙකට ඉදිරියෙන් ඇති යතුරු පුවරුව දෙස හොඳින් බැලූ අම්මා කෝප වූ බවක් පෙනෙන්නට තිබුනි...

" බලපං මුං උඹට කැඩිච්ච ප්ලේන් එකක්නේ දීලා තියෙන්නේ ..මදැයි මාත් ඉඳලා ඉඳලා ආවා.. උඹ මෝඩයෙක් බව උනුත් දන්නවා ඇති ඒකනේ මේ ඉසිට්යරිං වීල් එකක් නැති කැඩිච්ච මගුලක් දීලා තියෙන්නේ .. මෙවුවයේ ගිහිං නිකං මැරෙන්ඩ බෑ මං යනවා.."

ප්ලේන් වල ස්ටියරිං වීල් එකක් නැති බව තේරුම් කරදී අම්මාව සන්සුන් කිරීමට පැය කාලක් පමන ඔට්ටු වෙන්නට මට සිදු විය...

ගුවන් ගමනට අදාලා තොරතුරු රැගත් සිතියම ගුවන් සේවිකාවක් විසින් මට ගෙනත් දී වෙනදා කරනවා වගේම ගමනට සුබ පතා මගේ කම්මුල සිපගැනීම අමාට ඒ තරං ඇල්ලුවේ නැති බව මට තේරුනේ ආපසු යන ඇයගේ දෙස හැරී ශර්ලොක් හෝම්ස් වගේ සැකමුසු බැල්මෙන් බලං ඉන්න අම්මා දුටු විටය..

"මොකීද ඒ තේ උඩිච්චිය.. "

"හා හා අම්මේ කෑගහන්ඩ එපා ඒ එයා හොස්ටස් කෙනෙක්.."

"මොන හොස්ටල් උනත් මට මොකද.. ඇත්ත කියහං ඒකිගෙයි උඹගෙයි පයුරු පාසානමක් තියෙනවා නේද නැත්තං ඔහොමත් ඉඹිනවද.. වයසක මං ඉන්නවා කියල වත් ගානක් තිබ්බද අර බඩ්ඩට.. අනේ අම්මපා ගෙවල් වලට වෙලා ඉන්ඩ බැරුව එනවනේ මයෙ කොල්ලව කන්ඩ..."

"හා හා අම්මේ කෑගහන්ඩ එපා හැමදාම ඕක ඔහොම වෙනවා.."

"හෑ ..මොකක්.. ආයෙ කියපං බලන්ඩ .. හනේ මං කීවෙ .. මං කීවේ මේක ඔඩු දුවපු සම්බන්දයක් කියලා ..නැත්නං මෙහෙම විලිසංගයක් නැතුව ඉඹිනවයෑ... දැං ඒ කෙල්ල කොහේද ගෙවල් .. ඒ මහ මිනිස්සු මේ සම්බන්දේ දන්නවද .. හොඳ පවුලක්ද .. කෙල්ලනං සීදේවි පාටයි.. ගොවිගම නේද? .. ඔයෙ නොගැලපෙන ඩිඟිසි එල්ලාගන්නවා එහෙම නෙවේ.. "

"අනේ අම්මේ අම්මට පිස්සුද එහෙම එකක් නෙවේ ඒ ලමය කසාද බැඳලා ඉන්නේ.."

"ඇහ් මොකක්.. තෝ එතකොට මෙ නටන මගුල මොකක්ද.. ඔවු ඉතිං ගහේ කටු උල් කරන්ඩ ඔනෙයෑ.. මහ මිනිහා වගේම නැතැයි... "

ගුවන් ගමන් වල ස්වබාවය සහ චාරිත්‍ර වාරිත්‍ර පිලිබඳ පැය බාගයක පමන දේශනයක් දීමෙන් අනතුරුව අම්මාව සන්සුන් කර ගැනීමට මට හැකි වූ අතර ගමන යන අතර අම්මා ක්ලීනර් වැඩේ බාරගෙන ප්ලේන් එකේ ජනේලෙන් එලිය බලමින් උපදෙස් දීමද ඒ සමගම ඇරඹිනි...

"හෙමිං යමං ඔයෙ තව ප්ලේන් යන ඒවයේ හැපෙයි.."

"හරි හරි මේ හෙමින් තමයි යන්නේ තුන්සීයට යන්නේ.."

"බුදු අම්මේ අඩු කරපං .. මැරෙන්ඩද යකෝ හදන්නේ .. හතලිහට යමං හතලිහට.. "

"හතලිහට යන්ඩ මේක අපේ මරුටිය නෙවේ.."

"ඒක මං දන්නවා යකෝ.. අඩු කරපිය හතලිහට මගේ යකා අවුස්සගන්නේ නැතුව.."

අම්මාගේ ගෝරනාඩුව මැද ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් ගුවන් යානය පැයට කිලෝමීටර හතලිහක වේගයෙන් පැදවීමට මට සිදු විය..

"මේකේ රේඩියෝ එකක් එහෙම නැද්ද... පුට්බෝල් මැච් එකේ විස්තර යන වෙලාව...
මේ ආවට මොකද මං බඩේ ගින්දරෙං ඉන්නෙ කුස්සිය ලඟ පොල් ගොඩ හොරු ගෙනියයිද කියාලා..".

"කල්පනාවෙං යමං ලමයෝ ඔය එර්දියෙං යන්නාවූ නෙක් රහතුන් ඉන්නවා කියලා තියෙනවා උන්නාන්සෙලාට ගමනට බාදාවක් නොවෙන්ඩ යමං.."
.. මේ හැම ප්‍රශ්නයකටම හා හ්ම් ඔවි හරි හරි කිය කියා ගුවන් යානය පැදවීම මා විසින් සිදු කල අතර.. අම්මා අග්ගලා කමින් උනු වතුර බෝතලයට දාගෙන පැමිනි කෝපි බොමින් විනෝදෙන් ඉන්නා අයුරු දැකගත හැකි විය..

"ලබන සැරේ සිල් ගන්ඩ ගියාම ගුවං ගමනේ විස්තර අපේ සිල් ඇත්තන්ටත් කියන්ඩ ඕනේ.. ඕකුන් ඔයෙ හිටියට දඹදිව ගමනකින් එහාට ගිහිං නැතුවැති.."

"ඒක නෙවේ ලමයෝ ඔය තවුතිසා දිවියලෝකේ එහෙම අහු වෙන්නේ නැත්ද අපි මේ යන ගමන් මාර්ගේ.. මේ වලාකුලු තියෙන විදිහ අනුවනං මේ හරියේ දිවිය විමානයක් තියෙන්න ඕනේ.. කොහෙද උඹට ඉතින් මේකේ අර සාරි පටලවං ඉන්න ඉස්කුරුප්පුත් එක්ක ජෝගි නට නටා ඉන්නවා ඇරෙන්න ඒ වගේ උතුම් තැන් හොයා බලන්න වෙලාවක් තියෙනවයෑ.. අනේ අම්මපා උඹ වගේ මිත්තියා දුස්ටිකයෙක්..."

"එහෙම එකක් නෑ අම්මේ මේකේ කාර්යමන්ඩලේ එක්ක ඉතින් අපි සුහදව ඉන්ඩ එපායෑ.. "

"ඔවු ඔවු මං නොදැක්කයෑ සුහදකොම.. අර හොස්ටල්ද මොකුන්ගෙද චරියාවල්.. බුරියට පහලිං සාරියත් ඇඳගෙන කරකව කරකව යනවා... මගේ එකියක් නං කපලා මූදේ දානවා.."

"හා හා අම්මේ කෑ ගහන්න එපා ඒ අය තරහ වෙයි.."

"තරහ වෙද්දෙං උඹට ඔය වැඩේට මං හොයලා දෙන්නං යස ගෑනු ටිකක්.. අපේ විස්‍රාම සමිතියේ ඉන්නවා හොඳ වැදගත් තාලෙට අඳින පලඳින පැන්සන් ගිය ටීචලා. ඕකුන් වගේ නොහොබිනා විදිහට ඉන්නෙ නෑ බොහොම විනීත විදිහට ඉන්නේ.. "

"අනේ මේ අම්මේ අම්මගේ සමිතියේ අයගේ රඟේ මං නොදන්නවයෑ... මේ කෙරෙන ඒවා ඒ විදිහට උනාවේ අම්මා ඕනෙවට වඩා කලබල වෙන්ඩ එපා.."

"කොල්ලො උඹට මහන්සිනං කියහං මං ටිකක් ඕක එලවන්නං.."

"අම්මට මේවා එලවන්ඩ බෑ අම්මේ .. අම්ම හිතුවද මරුටිය එලෙවුවට මේවා එහෙම එලවන්ඩ පුලුවං කියලා.."

"හා එතකොට දැං තෝ හිතං ඉන්නේ මට ඕක එලවන්ඩ බෑ කියලද.. හිටපිය මං මේ පැත්තේ දොරෙං බැහැල ඔය පැත්තෙං එන්ඩ "

කියූ අම්මා මම " හා හා බහින්ඩ එපා මේක අහසේ තියෙන්නේ"

කියන්නටත් පෙරම දොර ඇරගෙන එලියට බැස්සේ වටෙන් කැරකී ඇවිත් මෙහා දොරෙන් නගින චේතනාවෙන් වුවද වටෙන් කැරකීමට පෙර අම්මා යානයෙන් බිමට ඇද වැටී පැරචුටයද දිගහැරී පහලට යනු පෙනුනි...

අම්මා සොයා සති හතරක් පමන කාලයක් තිස්සේ විවිද රේඩාර් ඔස්සේ කරන ලද නිරීක්ශන අනුව ඇය වැටී ඇත්තේ ඕස්ට්‍රෙලියාවේ මිනීමස් කන ගෝත්‍රිකයන් සිටින ප්‍රදේශයකට බව සොයාගැනීමට හැකි විය..

එම පුවත සොයාගෙන දුකෙන් බර වී කෙසේ හෝ ඕස්ට්‍රේලියාව හා සම්බන්ද වී අම්මා ගැන තොරතුරක් සොයාගනිමී යන චේතනාවෙන් ගෙදර එන විට මගේ නමට ඕස්ට්‍රේලියාවෙන් ලිපියක් ලැබී තිබුනි..

ධනුෂ්ක මහතා වෙතයි..
මහත්මයානනි..
ඔබ තුමාගේ මෑනියන් වහන්සේ අප සමග සුවෙන් සිටින බව දන්වන්නේ හදපිරි මෙවුවා එකෙනි.. එතුමිය අපේ ගුබ්බෑයම අසල පිට්ටනියට ගොඩ බැස්ස දවසේ ඉඳං අපට ගොඩක් දේවල් කියලා දුන්නාය.. අකුරක් වත් බැරුව උන්න අපි දැං මේ ලියුං පවා ලියන්නේ එතුමිය කියලා දුන්න විදිහටය... එතුමියට පින් සිද්ද වෙන්ඩ අපි දැං මිනීමස් කෑම නවත්තලා සිටිමු.. උම්බලකඩ වත් නොකා පලතුරු කන්නට අපිව හුරු කලේ එතුමියයි.. අපේ පොඩි එවුන්ට දහම් පාසැලක්ද එතුමිය විසින් පවත්වාගෙන යයි.. මහත්මයාට පුලුවං වෙලාවක ඇවිත් අම්මව බලාලා යන්ඩ හොඳයි.. හැබැයි එතුමියව ආපහු එක්ක යන්ඩ නං දෙන්ඩ බැරිය..
මහත්තයාට බුදු සරනයි

මීට
ඇබෝර්ජිනිස් විල්ලියා මහ රොඩී ගුරා..
කුකුවානා ප්‍රාන්තය..
බෙල්ල කපාපු හන්දිය .
ඕස්ට්‍රේලියාව.

Copied from ධනුෂ්ක කාංචන ජයවීර. 🔥 ස්තූතියී ❤️

Photos from Aviation Ceylon's post 19/06/2023

දැවැන්තම Airplane order එක

Want your business to be the top-listed Transport Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo