WeCamp

WeCamp

Share

Feel the natural beauty in a reasonable manner.

ජංගල් බිච් සිට ගිංතොට පාලම දක්වා වෙරළ තීරය පවිත්‍ර කෙරේ 04/06/2018

Must appreciate !

ජංගල් බිච් සිට ගිංතොට පාලම දක්වා වෙරළ තීරය පවිත්‍ර කෙරේ ජුනි මස 05 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන වෙරළ පවිත්‍රතා වැඩසටහනක් හෙට...

22/05/2018

Congratulations ❤️

BREAKING NEWS: Sri Lanka's Johann Peries successfully summited Mt. Everest at 5.55 am Nepal time today Tue 22 May 2018. This was his second attempt. Peries now becomes the second Sri Lankan to summit Mt. Everest after Jayanthi Kuru Utumpala in 2016. Peries' earlier attempt in 2016 was unsuccessful when his oxygen tank failed 400 metres before the summit. Please uphold him in your prayers and devotions for a safe descent. The descent is more treacherous at times than the ascent. (Johann's local team in Colombo)

Photos from WeCamp's post 25/04/2018

කොළඹ ඉඳලා දුර ට්‍රැවල් කරන්න බැරි අය ගොඩක් ඉන්නවනේ. ඒ අය වෙනුවෙන් දවසින් ගිහින් එන්න පුළුවන් මං දන්න තැන් ටිකක් කියන්න හිතුණා. බස්නාහිර පලාත අැතුලත තැන් තමයි කියන්නේ. පලාත් මායිම පොඩ්ඩක් එහා මෙහා වෙයි. ගනන් ගන්න එපා ඒක.

1. බැද්දගාන තෙත් බිම් උද්‍යානය - මේක තියෙන්නේ අැතුල්කොට්ටේ. අැතුල්කෝට්ටෙන් බැද්දගාන පාරේ 200m වගේ ගියාම තියෙන බෝ ගහ ගාවින් වමට හැරිලා 500m වගේ යන්න ඕන. ඒ පාරෙම අැතුල්වෙන තැනට යන්න කලින් car park එකයි wash room එකයි තියෙනවා. පොඩි කඩේකුත් තියෙනවා. අැතුලට පෙලිතින්, ප්ලාස්ටික්, කෑම එහෙම ගෙනියන්න දෙන්නේ නෑ .. කුරුළු විශේෂ, සමනල් විශේෂ ගෙඩාක් බලාගන්න පුළුවන්. කැලෑවක ඉන්නවා වගේ අත්දැකීමකුත් ගන්න පුළුවන්. දියවන්නාවට මායිම්වතියෙන නිසා සුන්දරත්වය තවත් වැඩී. ටිකට් එක 100 වගේ තමයි මතක.

2. බෙල්ලන්විල අත්තිඩිය කුරුළු අභය භූමිය - මැලිබන් හන්දියෙන් අත්තිඩිය පාරේ 3.5km අාවම හම්බවෙන පාලමෙන් දකුණට යන්න ඕන. බෙල්ලන්විල පන්සල ලඟිනුති යන්න පුළුවන්. මෙතනත් කුරුළු විශේෂ, උරගයින් එහෙමත් බලාගන්න පුළුවන්.

3. දියත උයන - විවේකයට කවුරුත් යන තැනක් තමයි බත්තරමුල්ලේ තියෙන දියත උද්‍යානය ඇවිදකැලවාඩිවෙලා ඉන්න, කන්න බොන්න වගේම විනෝද වෙන්න අවස්ථා රැසක් දියත උද්‍යානයේ තියෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ විදිහට කවුරුත් දන්න දියත උද්‍යානය ආශ්‍රිතව අළුතින් ඉදිවුන තැනක් තමයි දියත ස්ටේෂන් කියන්නේ. දියත උයනේ ඉඳලා බැලුවම දියවන්නාවේ එහා ඉවුරේ තමයි මේ දියත ස්ටේෂන් එක තියෙන්නේ. මේක හරි අමුතු සංකල්පයක්. කෝච්චියක් දුම්රිය නැවතුමක නවත්තලා තියෙන ආකාරයට හදපු අපූරු අවන්හලක් තමයි දියත ස්ටේෂන් කියන්නේ. සාමාන්‍ය දුම්රිය ස්ථානයක විදිහටම හදලා තියෙන මෙතන දුම්රිය මැදිරි සහ දුම්රිය ඇන්ජිමක ආකෘතියක් සකස් කරලා තියෙනවා. මේක හරියට පේන්නේ ස්ටේෂන් එකක කෝච්චියක් නවත්තලා තියෙනවා වගේ. මේ ස්ටේෂන් එකේ අනිත් සාමාන්‍ය ස්ටේෂන් වල විදිහටම සුදු ඇඳගත්ත ස්ටේෂන් මාස්ටර් කෙනෙක් ඉන්නවා. අනිත් දුම්රිය ස්ථානවල වගේම බංකු සකස් කරලා තියෙන දියත ස්ටේෂන් එකේ දුම්රිය පෙට්ටි 3ක අවන්හල් තියෙනවා. එකක් බීම වර්ග, අයිස්ක්‍රීම් වර්ග සඳහා වෙන්වෙනවා. අනික සැන්ඩ්විචස් , බර්ගර් වගේ බේකරි කෑම අලෙවි කරන අතර කොත්තු රොටී, පරාටා, බිත්තර රොටී අලෙවි කරන රොටී අලෙවි කුටියක් වෙනමම තියෙනවා.මේ දියත ස්ටේෂන් එකට යන්න තියෙන්නේ පාරුවකින්. ඒකත් අළුත් අත්දැකීමක්. ඉතාම ආරක්ෂිත විදිහට හදලා තියෙන මේ පාරුවෙන් යන්න සහ එන්න රුපියල් 50/- ක් ගාස්තුවක් ගන්නවා වැඩිහිටි කෙනෙක් ගෙන්.ඒ දෙන ටිකට් එක යන්නයි එන්නයි වලංගුයි.

4. අපේ ගම - මේකත් බත්තරමුල්ලේ තියෙන්නේ. පාලම් තුනේ හන්දිය ගාව. පැරණි ගමක තියෙන හැමදේම තියෙනවා. ඒ වගේම ගමේ සංස්කෘතියට අැඳ පැලඳගත් උදවියත් ඉන්නවා. ගැමි අාහාරවලත් රස බලන්න පුළුවන් මෙහේදී. අවස්ථාව තියනවා.

5, නාගරික තෙත්බිම් උද්‍යානය - වැලි පාර්ක් කියල කියන්නෙත් මේකට තමයි. නුගේගොඩින් නාවල පාරේ අාවම තියෙන්නේ, ජොගින් ට්රැක් එකකුත් තියෙනවා. හවස් වරුවක වාඩිවෙලා කතා කර කර ඉන්න හොඳ තැනක්.

6. මාලිගාතැන්න අාරන්‍ය සේනාසනය - යක්කල හන්දියෙන් රඳාවාන පාරේ 5km අාවම මාලිගාතැන්න පාර තියෙනවා ඒ පාරේ 3km අාවම දකුණට උඩට යන්න කොන්ක්‍රීට් පාරක් තියෙනවා, ඒ පාර යන්නේ පන්සලට. වාහනේක යනවානම් වාහනේ එතනින් දාලා යන්න පුළුවන්. පන්සලෙන් තියෙනවා ගලක් උඩටම යන්න පඩිපෙලක්, කෑලෑ පාරක්. පොඩි hike එකක් වගේ තමයි. උඩටම ගියාම චෙෙත්‍යයක් තියෙනවා, 360' වීව් එකක් තියෙනවා එතන. මුළු කොළඹම පේනවා. මුහුදත් පේනවා, කොළඔට කිට්ටුවෙන් තියෙන හොඳම තැනක්. දික්කන්ද වලව්වත් බලාගන්න පුළුවනි.

7. පිළිකුත්තුව රජ මහා විහාරය - මාලිගාතැන්න කිට්ටුවමයි තියෙන්නේ. යක්කලෙන් රඳාවාන පාරේ 2.5km වගේ එද්දි තියෙනවා පිලිකුත්තුව පාර. ඒ පාරේ 650m වගේ අාවම තියෙනවා පිලිකුත්තුව පන්සල පාර. මේකෙත් ගලක් නගින්න තියෙන්නේ. නගින ගමන් ලෙන් කාටාරම් එහෙමත් තියෙනවා බලන්න, පුරාවිද්‍යා එකට අයිති. නගින්න පටන් ගන්න තැන තියෙනවා පුරාවිද්‍යා කාර්යාලයක්. මේ ගල උඩටත් හොඳ වීව් එකක් තියෙනවා.

8. හොරගොල්ල ජාතික උද්‍යානය - නිට්ටඔුව හන්දියෙන් වේයන්ගොඩ පාරේ 1km වගේ අාවම තියෙනවා පන්ගොල්ල පාර. ඒ පාරේ 500m වගේ අාවම තියෙනවා අැතුල්වීම. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තියෙන්නේ, ශාක විශේෂ, පක්ෂි විශේෂ ගොඩාක් බලාගන්න පුළුවන්.

9. අලගියවන්න අැල්ල(බෝපගම අැල්ල) - තල්දූව මීවිතගම පාරේ ගිහින් පොඩි පාරක් තියෙනවා හැරිලා යන්න, මැප් එකේ පෙන්නන්නෙත් නෑ ඒ පාර. මීවිතගම හන්දියේ ඉඳලා 2km වගේ තල්දූව පැත්තට. කාගෙන්හරි පාර අහලා යන එක හොඳයි. පොඩි වුනාට සුන්දර අැල්ලක්. නාන්නත් පුළුවන්.

10. ගොරකා අැල්ල - තල්දූව මීවිතගම පාරේම අලගියවන්න අැල්ලට හැරෙන තැන ඉඳන් 7km වගේ මතල්දූව පැත්තට. අමිතිරිගල කියලයි කියන්නේ ඒ හරියට. ප්‍රධාන පාරෙන් හැරිලා ටිකක් අැතුලට යන්න ඕන. ඒ පාරත් මැප් ඒකේනම් නෑ. අහගෙන යන්න ඕන. පොඩි පාර්කින් එකක් තියෙනවා වාහන නවත්තන්න. එතන ඉඳන් ටිකක් පයින් යන්න ඕන රබර් වත්තක් මැදින්. පල්ලෙහාට වඩා උඩ නාන්න හෙඳයි. Pools වගේ තැන් තියෙනවා බැහැලා නාන්න.

11. බෝධිනාගල අාරණ්‍ය සේනාසනය - මේක රක්ෂිත වනාන්තරයක්. ඒ වගේම අාරණ්‍යයක්. හොරණ ඉංගිරිය ප්‍රධාන මාර්ගයේ බෝධිනාගල හන්දියෙන් බෝධිනාගල පාරේ අවසානයටම යන්න ඕන. සුන්දර වනාන්තර මාර්ගයකින් යන්න තියෙන්නේ. වැහි කාලෙට දිය පාරවලුත් දෙපැත්තේ බලාගන්න පුළුවන්. නාන්නත් අැල්ලක් තියෙනවා. පඩි පෙළ දිගේ උඩටම යන්න පුළුවන්. වැහි කාලෙට කූඩැල්ලොත් ඉන්නවා. Galanigama highway exit එකත් ලඟ නිසා වැඩි වෙලාවක් යන එකක් නෑ.

12. පැනියවල වැසි වනාන්තරය - අළුත්ගම අවිත්තාව පැත්තට වෙන්න තියෙන ලස්සන සුන්දර වැසි වනාන්තරයක්. වනාන්තරය අැතුලේ තියෙනවා වැලිගල්පොත්ත කියලා අාරණ්‍යක්. පුංචි සිංහරාජයක් වගේ තමයි. Welipanna highway exit ඉඳලා 20km වගේ.

13.පාහියන්ගල ලෙන - බුලත්සිංහල
14.මාකෙළි අැල්ල - මෝල්කාව
15.තුඩුගල අැල්ල - තුඩුගල, කළුතර
16.සීතාවක තෙත් කලාපීය උද්හිත උද්‍යානය
17.රන්මුදු අැල්ල - ලබුගම
18.දම්බෝර අැල්ල - ලබුගම
19.කබරගොයි අැල්ල - අත්වැල්තොට
20.වෝටර් වර්ඩ් - කැලණිය
21.විහාරමහාදේවි උද්‍යානය. - ටවුන් හෝල්
22.ගුරුගේ නේචර් පාර්ක් - ජා අැළ
23.Crow island beach park - මට්ටක්කුලිය
24.නිදහස් චතුරස්‍රය
25.හෙනරත්ගොඩ උද්හිත උද්‍යානය. - ගම්පහ
26. Brief Garden, by Bevis Bawa - දර්ගා නගරය, අළුත්ගම

මේ මම දන්න තැන් ටිකක්, ගොඩාක් අය දන්න තැන් අැති නොදන්න තැනුත් අැති. දවසින් කිට්ටුවම බලන්න තැන් හොයන අයට වැදගත්වෙයි කියලා හිතෙනව .මට මගඅැරුනු තැනුත් අැති. ඔය තැන් ටික google map එකේ පෙන්නනවා. කොළඹ, කාෙළඹට ළඟ මග අැරුණු තැන් තියෙනවාන් comment කරන්න.

තවත් මෙවැනි වැදගත් සංචාරක තොරතුරු පිලිබඳව දැනගන්න අපේ පිටුවට ලයික් කරන්න. Visit >> WeCamp

(චායාරූප වල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුවේ)

Want your hotel to be the top-listed Hotel in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kottawa
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00