Suboo

Suboo

Share

15/02/2026

"අසීරුම ඉසව් වල පිපෙන මල්වලට
ආත්ම අභිමානය වැඩියි.✨🌿"

"මල් හැමවිටම පිපෙන්නේ සුවපහසු
මල් පෝච්චි වලම නෙමෙයි...
සමහර මල් හරිම මුරණ්ඩුයි;
අව්වට පිච්චුණු, කටු පිරුණු රළු බිමක වුවත්
ඒ මල් දළු දාන්නේ තමන්ගේ හයිය
ලෝකෙටම පෙන්වන්න වගේ...🌸

ජීවතේ වගේමයි...

අපේ වටේ ඉන්න අය අපේ ගමනට බාධා කළත්,
ජීවිතේ ප්‍රශ්න කටු වගේ හිත රිදෙව්වත්,
අපිට පුළුවන් වෙන්න පුළුවන් හැමදේම මැද
"සුවඳවත් මලක්" වගේ ලස්සනට ඉන්න. ✨
ඔයා පිපෙන එක නතර කරන්න කාටවත් බැහැ.
බාධක වැඩි වෙන්න වැඩි වෙන්න,
ඔයාගේ පන්නරය වැඩි වෙනවා.
කටු ගොඩක් මැද පිපුණු රෝස මලක
අභිමානය තියෙන්නේ ඒ නිසා
හැමදේම දරාගෙන හිනා වෙන නිසා...🌹💪
ඉතින්, අද ඔයා ඉන්නේ
ඔයාගේ ජීවිතයේ
අමාරුම කාලයක නම් හිතන්න...
ඔයා මේ සූදානම් වෙන්නේ
ලෝකයම මවිත කරන ලස්සනම පිපීමකටයි! 🌿🌈

✍️ Suboo

#ජීවිතය #අභියෝග #ශක්තිය

12/02/2026

නිහඬව විඳින්න... ✨🍃

​"සීතල හුළඟක තවරලා හිත නිවන පණිවිඩයක් එවන්න සොබාදහමට පුළුවන්... 🌫️🌿
නිදහස කියන්නේ කඳු මුදුනක ඉඳන් දකින මේ සන්සුන් දර්ශනයටයි." 🏔️ සැනසීම කියන්නෙත් මෙන්න මේ වගේ මොහොතකට. ☁️🧘‍♂️

✍️ Suboo

​ #නිදහස 🍃✨

10/02/2026

ඇස් දෙකටත් ප්‍රියමනාප, ශරීරයටත් ගුණදායක "නිල් කටරොළු" පානය ☕💙

​අපේ ගෙවත්තේ වැවෙන මේ නිල් කටරොළු මලෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි ගැන ඔබ දන්නවාද? නිකම්ම පානයක් විදිහට විතරක් නෙවෙයි, අපේ සිරුරට මහඟු මෙහෙවරක් ඉටු කරන්න මේ නිල් මලට පුළුවන්.

​ප්‍රධාන ප්‍රතිලාභ:

✨ සිරුරේ විෂ ඉවත් කරයි: ප්‍රතිඔක්සිකාරක බහුල නිසා සම පැහැපත් කර තරුණ බව රැක දෙයි.
🧠 මතක ශක්තිය වර්ධනය කරයි: මොළයේ ක්‍රියාකාරිත්වය දියුණු කර මනස අවදිව තබයි.
💆‍♂️ ආතතිය පාලනය කරයි: දවස අවසානයේ මනස සැහැල්ලු කර සුවදායී නින්දක් ලබාදෙයි.
💇‍♀️ හිසකෙස් සුවතාවය: හිසකෙස් ගැලවී යාම අඩු කර ශක්තිමත් කෙස් කළඹක් ලබා දෙයි.
📉 දියවැඩියාව පාලනය: රුධිරයේ සීනි මට්ටම සමබරව තබා ගැනීමට උදවු වෙයි.

​ස්වභාවධර්මයෙන් අපට ලැබුණු මේ නිල් කටරොළු මල් පානයේ රස බලන්න ඔබත් අදම නිල් කටරොළු වීදුරුවක් හදාගන්න. 🍋✨

✍️ Suboo

09/02/2026

සීමා නැති සිහින 🩷

08/02/2026

Trend එකක් නෙවෙයි… මේක අපේ vibe එක 😌

Suboo

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo