Speech and Language Development Center
12/08/2025
We SLPs are obviously big fans of speech—but we also know that talking is just one modality among many, and it’s not the most accessible one for every learner. So why put limits on communication?
Our new review “Total recall, starring the total communication approach” demonstrates how students’ comprehension gets a major boost when we augment spoken language in the classroom with signs, visual aids, role play, and other communication modalities. Get practical tips for collaborating with colleagues to implement this ultra-effective strategy (and earn 9 minutes of CE credit) by clicking over to https://www.theinformedslp.com/review/Total-Recall-starring-the-Total-Communication-approach
The research: https://doi.org/10.1177/02656590251315598
[Visual description: Image text reads, "Total Communication. Speech is just one part of the picture." Cartoon of two adults and several children engaging in a rich, multimodal communication environment, including AAC, reading, writing, gestures, and talking.]
26/07/2025
ශ්‍රවණ අපහසුතා නිසා ඇතිවන සන්නිවේදන ගැටලු👂
වර්තමාන සමාජයේ ශ්‍රවණ අපහසුතා සහිත දරුවන් සහ වැඩිහිටියන් බහුල ලෙස වාර්තාවේ. මේ නිසා පුද්ගලයින්ට ඝෝෂාකාරී පරිසරයක් තුළ සහ බොහෝ පිරිස් සිටින ස්ථානවලදී (උදාහරණ දේශන ශාලා, ආගමික ස්ථාන) කථනය තේරුම් ගැනීමේ අපහසුතා සහ ශබ්ද නොඇසීම නිසා වරදවා වටහා ගැනීම් සිදුවේ. එමෙන්ම ඔවුන් සංවාද වලට සහභාගි නොවී තනිව සිටීමට උත්සාහ දැරීම සමාජයෙන් ඉවත් වීම වැනි තත්ත්වයන් නිසා කාන්සාව වැනි චිත්තවේගී බලපෑම් පවා සිදුවිය හැකිය. විශේෂයෙන්ම ළමුන්ගේ කථන සහ භාෂා සංවර්ධනය ප්‍රමාද වීමද සිදුවීම දැකිය හැකිය.
ශ්‍රවණ අපහසුතා සඳහා පිළියම්:
පිළියම් ලෙස ලංකාවේ බාහිරින් පැළඳිය හැකි ශ්‍රවන උපකරණ සහ අභ්‍යන්තරව සැත්කම් සිදුකරමින් ශ්‍රවණය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවස්ථාවන් පවතී. උදාහරණ ලෙස ශ්‍රවන ආධාරක (Hearing Aids) භාවිතය කර්ණ ශංක බද්ධ සැත්කම ( Cochlear Implantation) සිදුකිරීම බාහා (BAHA) වැනි ඉලෙක්ට්‍රොනික උපාංග ශ්‍රවණය සඳහා උපකාරී කරගත හැකිය.
ශ්‍රවණ ආධාරක ( Hearing Aids) උපකරණ යනු ශ්‍රවණය වැඩි කිරීමට බාහිරින් භාවිතා කරන උපකරණයකි.
කර්ණශංක බද්ධ සැත්කම (Cochlear Implantation) යනු නිසි පර්යේෂණ ක්‍රමවේදයන් ඔස්සේ හඳුනා ගනිමින් සිදුකරන ඇතුල් කනේ සිදු කරන සැත්කමකි. මේ මඟින් ශ්‍රවණය යථා තත්ත්වයට පත් කිරීම සිදුකරයි.
බාහා (BAHA) යනු බාහිරින් පළදන ශ්‍රවන උපකරණයක් වන අතර එය විශේෂ පර්යේෂණ මගින් හදුනාගත් ලක්ෂණ සහිත පුද්ගලයින්ට පමණක් සිදු කරන ප්‍රතිකාර ක්‍රමයකි.
මෙහිදී විශේෂයෙන් ශ්‍රවණ පරීක්ෂණ සිදු කරමින් ඔබට සරිලන උපකරණය නිර්දේශ කර ගැනීමට නම් ඔබ ශ්‍රවණවේදියකු මුණ ගැසිය යුතුවේ. ඉන් අනතුරුව එම උපාංග භාවිතයේදී ඇසෙන ශබ්ද හඳුනා ගැනීමට සහ ප්‍රතිචාර දක්වමින් භාවිතා කිරීමට කථන හා භාෂා පුනරුත්ථාපන සේවයකට යොමු විය යුතුයි. ශ්‍රී ලංකාවේ කථන හා භාෂා ව්‍යාධිවේදීන් විසින් මෙම සේවාව සපයන අතර එහිදී ඔබට ඇසෙන ශබ්ද නිවැරදිව හඳුනා ගැනීමට සහ ඒ අනුව ප්‍රතිචාර දැක්වීමට ඔබව පුහුණු කරයි. වැඩිහිටියන්ට සහ දරුවන්ට මේ සඳහා වෙන් වෙන් වශයෙන් පර්යේෂණ මගින් තහවුරු කරගත් විශේෂිත ක්‍රම පවතී. දරුවෙකුගේ භාෂාමය සංවර්ධනය සඳහා හොඳ ශ්‍රවණයක් තිබිය යුතුමය. එම නිසා ශ්‍රවණ උපකරණ භාවිතා කරන දරුවන් අනිවාර්යයෙන්ම පුනරුත්ථාපනය ( Rehabilitation) සඳහා යොමුවීම අත්‍යවශ්‍ය කාරණයකි. නියමිත දිනට සායන වලට දෙමාපියන් සමඟ දරුවන් යොමුවීමෙන් මුල සිට දරුවා නිසි පරිදි සංවර්ධනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට හැකියාව පවතී.
ඔබේ දරුවාගේ ශ්‍රවණ අපහසුතා කලින් හඳුනා ගන්නා ආකාරය, ශ්‍රවණ උපකරණ, ශ්‍රවන උපකරණ භාවිත කරන ආකාරය, ශ්‍රවන උපකරණ භාවිත කරමින් දරුවන්ගේ භාෂාමය සංවර්ධනයන් වැඩිදියුණු කරන ආකාරය සහ ශ්‍රවණ උපකරණ සහිත වැඩිහිටියන්ගේ පුනරුත්ථාපන ක්‍රම පිළිබඳ ඉදිරියේදී ලිපි බලාපොරොත්තු වන්න.
ශානිකා පතිරණ
කථන හා භාෂා ව්‍යාධිවේදීනී
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 12:00 |
01/05/2025