Dr Chandima
06/12/2025
ගංවතුර ආපදාව හින්දා ලඟාවෙන්න බැරි තැන්වලට ඉන්දියාවේ හමුදාවෙන් ගෙනත් හයි කරපු Bailey Bridges කියන්නේ මොනවද?
අපේ ගංවතුර ආපදාව හින්දා ලඟාවෙන්න බැරි තැන්වලට ඉන්දියාවේ ආමි එකේ භාවිතා කරන Bailey Bridges ගෙනත් හයි කරනවා කියලා ප්‍රවෘත්තියක් දැක්කා,
ඒක ඇත්තද බොරුද මම දන්නේ නෑ.
ඒක ඇත්ත වුණත් බොරු වුණත් එව්වාමෙව්වා කෙසේ වුණත් මම තාරුගේ සිද්ධි එකේ එක්ලක්ශ හයදාහක ආදරණීය විදුලිපංකාවරුන්ට කියන්න බැලුවා මේ බේලි බ්‍රිජ්ස් ගැන මම දන්නදේ,
මේක මම ඔවාලට කියන්නේ ඒවා එහේ ගහද්දී මට ආව ඇඟේ අමාරුවත් එක්කම,
ඉතින් මේ පාලම් අපේ ආමි එකෙත් තියනවා මම දන්න විදිහට,
මේවා ඉන්දියාවේ භාවිතා කරන්නේ ආමි එක යුද්ධ වලදි එයාලට හම්බෙන බාධක වලින් එතෙර වන්න ක්ශණිකව ඉදිකෙරෙන පාලම් විදිහට,
ආ...අපේ ක්‍රිශ්ණලාගේ යුනිට් වලින් ඒවා කරන්නේ,
කම්බැට් ඉංජිනියර්ස්ලා හොඳේ,
ඉතින් ඒ වගේම ඒ පාලම් එයාලා පැය ගානෙන් හයි කරලා තමන්ගේ වාහන ගමන් කරවලා ඒ ගඟ හරි බාධකය හරි වෙතින් ආයේ ඒවා ගලවලා බඩා පාවෝ එකක් කලා චායි එකක් ගහලා ආයේ පැය ගානෙන් ගලවලා පැක් කරගෙන යනවා ආපහු තමන්ගේ වාහන වලම ආයේ ඉස්සරහාදී බාධකයක් ආවොත් ආයේ ගහන්න බලාගෙන,
"චල්දි කරෝ සභාබ්"
කියාගෙන,
ඒ වගේම යුද්ධයක් නැති මේ කාලේ ප්‍රධාන වශයෙන් එයාලා මේක භාවිතා කරන්නේ ගංවතුර නායයාම් වගෙ ස්වභාවික ආපදාවලදී මහජනතාවට පිහිට වෙන්න,
මේකේ තියනවා ප්‍රධාන වශයෙන් යකඩ ෆ්‍රේම්ස්, මේන් බාර්, රෝලර්, ඩෙක් ප්ලෙට්ස්, පාලම තල්ලු කරද්දී එහා ඉවුරේ මුලින්ම ගිහින් වදින නෝස් එක.
මේ ඔක්කොටම වෙන වෙනම කැල්කියුලේශන්ස් තියනවා.
මම ඉන්දියාවෙ ඉද්දී ඒ වගේ අවස්ථාවකදී මේ පාලම් ගහන වැඩ වලට මටත් සහභාගී වෙන්න ලැබුණා (උස්සපු බර යකඩ මතක් වෙද්දී තාම උරහිස කකියනවා),
ඒ ටොන් ගනන් බර යකඩ කඳන් තනිකර මිනිස් ශ්‍රමයෙන් කරේ අදින්න තමයි පුරුදු පුහුණු වෙන්නේ,
මම ඒත් ඒ කාලේ කල්පනා කලා මොනෞත්තක්ද මේ කරන්නේ යන්න බැරිනම් හෙලිකොප්ටරෙන් යනවානේ කියලා,
ඒත් ලංකාවේ අපිට හෙලිකොප්ටර් සීමිතයි සහ හෙලිකොප්ටරෙන් යන්න බැරි තැන් වලට යන්න අපි මුතුගල සර්ලා නෙවෙයිනේ,
අනික ඒ පාලමේ කොටස් අදින්න මිනිස් ශ්‍රමයම භාවිතා කරන්නේ ඒ වගේ දරුණු අවස්ථාවල යන්ත්‍රසූත්‍ර භාවිතයෙන් ඒවා කරන්න බැරි හින්දා,
එකක් යන්ත්‍ර සූත්‍රවලට යන්න බෑ,
අනික යුද්ධේකදීනම්,
"බ්‍රෑම්...බෲම්....පීක්..."
ගාලා සද්දේ එනවානේ,
ඒ සද්දේ ආවාම පක්කෝ ගහලා තියෙයි,
"ඩිශුම් ඩිශුම්.."
ගාලා...
ඔන්න එහෙනම් ආයේ සීරියස් වෙනවා මම,
ඉතින් අහන්නකෝ,
මේකේ ප්‍රධාන මෙතඩ් එක තමයි මේ පාලමේ කොටසක් එක ඉවුරක රෝලර් මත හදලා ඒ ටිකට බර දාලා ඒක ටික ටික ගඟ හරහා තල්ලු කිරීම,
එතකොට ගොඩබිම තියන කොටසේ බරවැඩි හින්දා පාතට වැටෙන්නේ නෑ පාලමේ ගඟ හරහා යන කොටස,
ඒ බර ගන්න මෙයාලා ක්‍රම කීපයක් භාවිතා කරනවා,
1. ඉවුරේ ඉඩ තියනවානම් පාලමේ කොටස් කිහිපයක් ගොඩබිමින් සම්බන්ද කිරීම.
2. ඉඩ නැත්නම් විශාල බර සහිත යකඩ බාර් ඉවුරේ ඇති කොටස මත තැබීම (නොපතන් ඒ බාර් වල බර).
3. එසේ යකඩ බාර්ද නොමැතිනම් ආමර්ඩ් කාර් එකක් ඉවුරේ ඇති සැකිල්ලේ තැබීම.
මේක 1940 වගේ එක්සත් රාජධානි හමුදාවන් තමයි හොයාගෙන තියෙන්නේ,
දෙවනි ලෝක යුද්ධේදී හමුදාවේ වැඩ කරන ලද ඩොනල්ඩ් බේලි කියන සිවිල් සේවකයා විසින් තමයි මෙය හොයාගෙන තියෙන්නේ.
ඔහුට කරන ගෞරවයක් වශයෙන් තමයි ඔහුගේ නම දාලා තියෙන්නේ.
විශේෂයෙන් කියන්ටෝනේ මේ මම ගත්ත ෆොටෝ දෙකක් වගේම තාරුගේ සිද්ධි වලින් මේ වගේ වැදගත් දේවලුත් ගේනවා (කලාතුරකින් ඈ).
05/12/2025
ආපදා සමයේදී පිහිටට එන හමුදා ක්ෂේත්‍ර රෝහල්! 🏥⛑️
Ditwah සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා විනාශයක් ගෙන එද්දී, සාමාන්‍ය සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් වලට ඒ අවශ්‍යතා සපයන්න අපහසු උනා. ගංවතුර සහ නායයෑම් නිසා අවතැන් වූ ජනතාව නිසා පවතින රෝහල් පද්ධතිය ඉතා ඉක්මනින් අධි බරකට ලක් වුණා. මීට ප්‍රතිචාරයක් විදිහට, අපේ මිත්‍ර රටවල් කීපයක හමුදා වෛද්‍ය බලකායන් ක්ෂේත්‍ර රෝහල් මෙරටට ගෙන ආවා. මෙම විදේශීය මිලිටරි ක්ෂේත්‍ර රෝහල්, ශ්‍රී ලංකාවේ පවතින සිවිල් සහ මිලිටරි සෞඛ්‍ය සේවා පද්ධතියේ දිගුවක් ලෙස ක්‍රියාත්මක වෙමින් බලපෑමට ලක් වූ කලාපයන්හි අවතැන් වූ කඳවුරුවල සෞඛ්‍ය පහසුකම් ලබා දෙමින් අපට විශාල සවියක් වූවා.
ක්ෂේත්‍ර රෝහලක් කියන්නේ මොකද්ද?
ක්ෂේත්‍ර රෝහලක් යනු සාමාන්‍ය යටිතල පහසුකම් හානි වී, ප්‍රවේශ විමට අපහසු පරිසරවල ඉක්මණින් සවිකළ හැකි අංග සම්පූර්ණ ජංගම වෛද්‍ය මධ්‍යස්ථානයක් කිව්වොත් නිවැරදියි. ස්ථිර රෝහල්වලට වඩා, ක්ෂේත්‍ර රෝහල් ස්වාධීනව ක්‍රියාත්මක වීමට නිර්මාණය කර තිබෙන අතර බලශක්ති උත්පාදනය, ජල පිරිපහදුව, අපද්‍රව්‍ය කළමනාකරණය සහ සන්නිවේදන පද්ධති වලිනුත් මේ රෝහල් සමන්විතයි.
හමුදා වෛද්‍ය ආයතන ශ්‍රේණිගත කිරීම
ආපදා සමයක් තුළ ක්ෂේත්‍ර රෝහල් වල කාර්යභාරය අවබෝධ කර ගැනීමට, හමුදා වෛද්‍ය ආයතන ශ්‍රේණිගත කිරීම තුළින් ඔවුන්ගේ ස්ථානය හඳුනා ගැනීම ඉතා වැදගත්. මිලිටරි වෛද්‍ය විද්‍යාවේදී මෙම වෛද්‍ය ආයතන මට්ටම් පහක් හරහා වර්ගීකරණය කරනවා. සෑම මට්මකදීම, යුද තුවාලකරුවන් (battle casualty) කළමනාකරණයේ අනන්‍යවූ කාර්යයක් ඉටු කරනවා.
Level 1: ඉදිරි වෛද්‍ය සත්කාර
වෛද්‍ය පර්යේෂණාගාර (MI Rooms) හමුදා වෛද්‍ය පද්ධතියේ ප්‍රාථමිකම ප්‍රවේශ මධ්‍යස්ථානයයි. බොහෝ විට පුහුණු වෛද්‍ය වෘත්තිකයින් සහ වෛද්‍යවරයෙකු විසින් කළමනාකරණය කරනු ලබන මේ ඒකක ඉදිරි යුද පෙරමුණ සමඟ ස්ථාපිත කෙරෙනවා. මෙම ඒකක මඟින් රෝගීන් වර්ගීකරණය සහ තුවාල ස්ථායීකරණය ඇතුළු සේවාවන් සපයමින්, අවම ජීවිත හානි යටතේ යුද කටයුතු අඛණ්ඩව ගෙන යාමට උපකාරී වනවා.
Level 2: බලසේනා ආශ්‍රිත වෛද්‍ය සත්කාර
ඉදිරි සැරහුම් මධ්‍යස්ථාන (Advanced Dressing Stations) යුද මෙහෙයුම්වල ඉදිරි රේඛාවේ සිට මීටර 400 සිට කිලෝමීටර කිහිපයක් දක්වා ස්ථානගත කර ඇති අතර, ඒවා ද්විතීයික වර්ගීකරණ සහ ස්ථායීකරණ මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වෙනවා. වෛද්‍ය නිලධාරීන් සහ වෛද්‍ය වෘත්තික කාර්ය මණ්ඩලය විසින් කළමනාකරණය කරනු ලබන ADS ඒකක උසස් ප්‍රථමාධාර, හදිසි තුවාල කළමනාකරණය සහ තවදුරටත් අසාධ්‍ය තුවාලකරුවන් රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා.
ප්‍රධාන සැරහුම් මධ්‍යස්ථාන (Main Dressing Stations) සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සේවය කරනවා. මෙම ඒකක හදිසි ප්‍රථමාධාර, රෝගීන් වර්ගීකරණය, කාලය තීරණාත්මක වූ විට සීමිත ශල්‍යකර්ම සහ වැඩිදුරටත් ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ස්ථායී කර රෝහල් ගත කරනවා.
Level 3: ක්ෂේත්‍ර රෝහල්
ක්ෂේත්‍ර රෝහල් (Field Hospitals) මිලිටරි වෛද්‍ය විද්‍යාවේ විශාල පිම්මක් නියෝජනය කරනවා. යුද මෙහෙයුම් සිදුවන ඉදිරි රේඛාවලින් කිලෝමීටර 3-10 ක් පිටුපසින් තාවකාලිකව ස්ථානගත කර ඇති මේ ජංගම රෝහල් වඩා සංකීර්ණ විශේෂඥ වෛද්‍ය සහ ශල්‍ය පහසුකම් සපයනවා. අවශ්‍යතාවය මත පැය 24-72ක් ඇතුලත වේගයෙන් ස්ථාපිත කළ හැකි පරිදි මේ රෝහල් කොටස් වශයෙන් (modular) වර්තමානයේදී නිර්මාණය කෙරෙනවා.
ආපදා පසුබිමකදී, මෙම රෝහල් කාර්යක්ෂමව අවතැන්වී ඇති අයවලුන්ගේ වෛද්‍ය අවශ්‍යතා පරික්ෂා කර, අවදානම් සහිත රෝගීන් හඳුනාගෙන අදාළ ප්‍රතිකාර එම ස්ථානයේදීම ලබාදීමට සමත්. මීට අමතරව ආපදා සමයකදී පහසුවෙන් පැතිරීමට ඉඩ ඇති බෝවන රෝග (පාචනය, මී උණ, ශ්වසන රෝග) පාලනය වගේම බෝනොවන රෝගද (දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග) පාලනය වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාරත්, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ප්‍රධාන ශික්ෂණ රෝහල් වෙත ප්‍රවාහනයට සූදානම් කිරීමත් සිදු කෙරෙනවා.
Level 4: ස්ථාවර පසුපස ප්‍රදේශ රෝහල්
මූලික රෝහල් (Base Hospitals) මෙහෙයුම් ප්‍රදේශවලින් කිලෝමීටර 50-100ක් පිටුපසින් ස්ථානගත කර තිබෙනවා. මෙම රෝහල් ස්ථීරව ස්ථාපනය කර ඇති අතර, කෙටි කාලයක් තුළ රාජකාරියට නැවත යාමට නොහැකි සංකීර්ණ රෝගීන් සඳහා විශේෂිත තෘතීයික සත්කාර සපයනවා.
Level 5: යුද්ධ හමුදා රෝහල්
යුද්ධ හමුදා රෝහල් (Military Hospitals) මෙහෙයුම් ප්‍රදේශවලින් පිටත, පහසුකම් සහිත නගර සමීපයේ ක්‍රියාත්මක වෙනවා, දිගුකාලීන පුනරුත්ථාපනය, වැඩිදුර විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සහ පුහුණු කටයුතු සඳහා මෙම රෝහල් භාවිතා වෙනවා.
ඉහත පැහැදිලි කළ වෛද්‍ය පර්යේෂණාගාර වල සිට යුද්ධ හමුදා රෝහල් දක්වා මිලිටරි වෛද්‍ය ස්ථාපනවල ශ්‍රේණිගත සියලු වර්ගීකරණයන්ට අදාළ වෛද්‍ය මධ්‍යස්ථාන, අදටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ දැකගත හැකියි. සාම කාලයක් තුළදී, මෙම මිලිටරි වෛද්‍ය පද්ධතිය ඉතා පහසුවෙන් ආපදා ප්‍රතිචාරය සඳහා අනුවර්තනය කළ විට කාර්යක්ෂම වෛද්‍ය සත්කාරයක් සැපයීමට ශක්තිමත් රාමුවක් සපයනවා. මේ අතරින් කැපී පෙනෙන සේවයක් ඉටුකළ ක්ෂේත්‍ර රෝහල්, ආපදා සමයේදී රජයේ සෞඛ්‍ය සේවාවන් හට විශාල සවියක් වූවා.
මෙවැනි ඔබ නොදත් වෛද්‍ය තොරතුරු දැන ගැනීමට Dr Chandima 👨🏻⚕️ පිටුව follow කරන්න.
වෛද්‍ය චන්දිම ජයසිංහ [05-12-2025]
05/12/2025
රුධිරය දන්දීමට අවශ්‍ය නම්, ලඟම රජයේ රෝහලෙන් අවශ්‍යතාවයක් ඇත්දැයි විමසීමෙන් පසුව යන්න.
මනුෂ්‍යත්වයට ස්තූතියි! 🩸❤️
01/12/2025
During a mission to support flood-affected communities in Lunuwila, a SLAF Bell 212 helicopter made an emergency landing.
Captain Pilot Wing Commander Nirmal Siyambalapitiya tragically lost his life. May his soul rest in peace.
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo