Trend1
13/09/2023
කලා විෂය ධාරාවෙන් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබපු දරුවන්ට කියන්න තියෙන්නේ නිකන් විශ්වවිද්‍යාලේ යනවා කියලා යන්න එපා..මෙන්න මේ courses වලට try කරන්න..මොකද රැකියා වෙලද පොලට අනාගතේ ඕනේ මේවා..
😢අපිට මේවා කියන්න අය කවුරුවත් හිටියේ නෑ..
1) Architecture ( Moratuwa )
2) Town and country planning ( Moratuwa )
3) Landscape architecture (Moratuwa )
4) Fashion design and Product development ( Moratuwa )
5) Tourism and hospitality ( uwa vellassa and sabaragamuwa )
6) IT ( Moratuwa, Jpura, colombo, uwa, sabaragamuwa )
මීට අමතරව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසාන වසර සිසුවෙක් විදියට අපේ විශ්වවිද්‍යාලේට එන අයට නූතන රැකියා වෙළදපොලට ගැලපෙන්න පහත උපාධි නිර්දේශ කරන්න කැමති...
1) BSC ICT
2) BSC in Geospatial Technology
3) Social work
4) Managment and information Technology
5) Information Technology
6) Social Statistics / Business statistics
7) Economic special
😎 Buddhist heritage and Tourism
ඒ පෙර සිටම වගේම පැවති විෂය අතරින්,
1) Geography
2) Sociology
3) Criminology
4) Anthropology
5) Media
6) psychology
විෂය ධාරාවනුත් වාණිජ ලෝකයට ගැලපෙන්න ගතානුගතික වෙමින් යාවත්කාලීන වෙන විෂයන් ලෙස වටිනාකමක් තියනවා🔥🔥
වෙනස් වෙන්න ලෝකෙට ගැලපෙන කෙනෙක් වවිදිහ
Copied
06/09/2023
ලෝකයේ ඇති පැරණිතම පාලමක් තමයි ඉතින් මේ,
බෝගොඩ ලී පාලම 🌉💛🌊🌾🍀🍂
දැනට ලෝකයේ ඇති පැරණිතම පාලම් වලින් එකකි..එමෙන්ම දැනට ලෝකයේ ඇති එකම වහලක් සහිත ලී වලින් පමණක් සෑදූ පාලමද වේ.එක් පසෙකට කණු 10 බැගින් දෙපසට කණු 20 කින් යුක්ත කණු මත පාලමෙහි වහළය නිර්මාණය කොට ඇත. දිගින් අඩි 50 ක් හා පළල අඩි 06 ක් වන මෙම පාලම උඩ අඩි 08 කි.අගනා මහනුවර යුගයට නෑකම් කියන්නා වූ කැටයමින්ද සමන්විත පියස්ස පෙති උළු වලින් අලංකරණය කර ඇත. ඒමෙන්ම මෙහි එකඳු ඇණයක් හෝ භාවිතා නොකර සාදි ඇති අතර සියල්ල ශක්තිමත් දැව මූට්ටු වලින් සකසා ඇත.👣🌼🌿
පාලම නිර්මාණය කිරීම සඳහා ගස් වර්ග 5ක ලී යොදාගෙන තියෙනවා. එනම් කොස්, කුඹුක්, කළුවර, මිල්ල, මිල් කියන ගස් වර්ග. අඩි 30ක් පමණ උස කුඹුක් කඳක් මත පාලම ඉදි කර ඇත.
වලගම්බා රජ සමයේදී ඉදිකල ලෙන් විහාරයක් සහ පැරණි බිතු සිතුවම් වලින් අලංකාර රජ මහා විහාරයකට යබදව පිහිටා ඇත. ගල්ලන්ද ඔය හරහා දමන ලද විශාල ලී කඳන් තුනක් බාවිතා කරමින් පාලම නිර්මාණය කර ඇත.
කොළඹ-බදුල්ල මාර්ගයේ හාලිඇල මංසන්ධියෙන් හැරී ගලඋඩ මාර්ගයේ ගමන් කර ජගුල්ල මංසන්ධියෙන් හැරී කිලෝ මීටර් 3 ක් ගිය විට මෙම නිර්මාණය දැක බලා ගත හැකිය. මෙය පැරණි බදුල්ල නුවර මාර්ගය ලෙසද සැලකේ..
ගිහින් බලන්න අපේ ඉතිහාසය කියලා දෙන ලස්සන තැනක් 🌼🤍 හැබැයි පරිස්සමෙන් බලා ගන්න ❤
(📷 හා සටහන මුල් හිමිකරු සතුය )
මේ වගේ තැන් බලන්න නම් අපේ පේජ් එක Follow කරලා තියා ගන්න 🌼🌼🌼
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No. 7, Kendagaspitiya, Dehiowita
Colombo
71400