Seeker Of Knowledge
27/02/2025
මුලින් ආතල් එකට හැංගි හැංගි දුමක් දැම්මා...
පස්සේ එක සෙට් නෑ...
පස්සේ හෙමීට හැංගිලා ජොයින්ට් (local/KG) පොඩ්ඩක් ගැහුවා...
ආතල් මදි වගේ ටික දවසකින්...
යාළුවෙක් ඇහුවා ඩී එකක් දාමුද කියලා...මුලින් භාගයක් දැම්ම අම්මෝ සැප....පස්සේ ඒකත් මදි එකක්ම දැම්මා..
පස්සේ සෙට් උනා ටැබා පාරක් දාන්න..ඔන්න මුලින් බයට 1ක් දැම්මා..ඊළඟ දවසේ 2 දැම්මා පස්සේ මදි 5ක් දැම්මා..අවසානේ කාඩ් කාඩ් 1 පස්සේ 1 1/2 නැවතුනා..දිගටම දාද්දී වදින්නෑ වගේ දැනුනා...
පස්සේ සෙට් වෙලා බර අවි වලින් ගහමු කිවා ශේප් එකේ බොරැල්ලට දෙමටගොඩ නාරහේන්පිට බැහැලා ලොකුවා/බව්වා (හෙරොයින්) බ්‍රවුන් ශුගර්/වයිට් ශුගර් ගැහුවා දැන් කෑල්ල මදි කාලක්/භාගයක් බෑ මදි මදි ග්‍රෑමක් ගහමු....පස්සේ වෙනම ආතල් එකකට සෙට් උනා පාටි බහිමුතේ කියලා..ඔන්න ඉතින් කොලයක් කාලා පිලක් දාලා කට්ටිය සැපේ හිටියා පාටියක් බැහැලා..පොඩි ලපයි සිපයි පාරේත් පාටී දාන්න ගත්තා වැඩෙ චොරම උනා..ඉස්සර පොලිසිය කොල/පිල් කියලා දෙයක් දන්නෙවත් නෑ..අඹ ඇටේ පොඩි උන් ඔන්න ඒකත් චොර කරලා ආතල් දාන එකාටවත් ආතල් දන්න බැරි උනා..ඔය පාටි බහින පොඩි උන් බෝහොමයක් අතේ නොවරදවාම ප්‍රීති කොපුවක් තිබ්බා..ඔහොම ගගහා ඉද්දී ඔන්න ලංකාවට හෙනයක් ආව අයිස් හෙවත් (ක්‍රිස්ටල්මෙත්)ඔන්න පොඩි පොඩි උන් ෆෝම් උනා.ඒ සෙට් එකේ සම හරක් අර උඩ ආතල් ටික දාලා නෑ....මෙන්න බර ගහනවා සෙට් වෙලා වයස 17/18 මරු හැබැයි...ඔහොම ගෙවිලා යද්දී 2000න් පස්සේ උපන් කුමරෝ බෝ වුනා(2000 කියලා චොර කරනවා නෙවේ ඕක ඇත්ත තත්වේ)..උන් ඔය අයිස් කියන එක උස්සලා තිබ්බා.මොකෝ උන් වෙන ආතල් එකක් දාලා නෑ ගොඩක් උන් දැකපු එකම ආතල් එක ඕක.ඔකේම සෙට් එකක් තමා පිල් කොල නෝන්ඩී කලේත්..දැන් මොකද වෙන්නේ කියලා අහපුවම මේ පොඩි ඇටයෝ කට ඇරිය ගමන් කියාපිය සීතල පාරක් ඇන්නා..මරු හැබැයි ඇනගෙන ඇනගෙන්න යද්දී මෙන්න කොල්ලෝ කෙට්ටු වෙලා හකු බැහැලා ෆුල් හැක්..උන්ගේ වදන තමා අයිස් ගැහුවට කුඩු ගහන්නෑ..උන් අඩුම දන්නේ නෑ කුඩු වලට වඩා අතුරු ආබාධ අයිස් වල වැඩි කියලා...උන් හිටියේ හෙනම පොර මානසීකත්වේ..අපිත් එහෙම හිටියා හැබැයි වයස යද්දී තේරුනා පොරක් නෙවේ තනිකරම අපි ගොන් කියලා..උන්ට ඒක තේරුම් කරන්න බෑ...ඒක තමාම තේරුම් ගන්න ඕන දෙයක් නිසා..උන්ව නවත්තන්න අපිට බෑ..ලංකාවේ දේශපාලුවෝ ඉන්නකම් මේ සිස්ටම් එක වෙනස් කරන්නත් බෑ...
උඹලටත් දවසක් එනවා මල්ලියේ නංගියේ..මේ සාමාජේ විසයි තනිකම සැපයි කියලා හිතෙන දවසක්.එදාට උඹ පරක්කූ වැඩි වෙයි..තව දෙයක් සෙන්ටර් හිටියා කියලා පොරක් වෙන්නෑ..ඒ තමා තමාගේ හිතවත් හරියට පාලනේ කරගන්න බැරි උන්...
බේරෙන්න බැරි උන උන් හැරිලා බලපන් බේරුන අපි වගේම දවසක.උඹලට මොනාද ඉතුරු කියලා..ඇති ල බ් බ ක් නෑ සේරම නැති උනා විතරයි කියලා තේරෙයී..කොච්චර සමාජේ වැඩ දැම්මත් ඔය මොන අයියත් දවසක තනි වෙනවා..එදාට ඉතුරු අම්මයි තාත්තායි කසාදයක් බැදලනම් ගෑ ණී විතරයි..දරුවෝ හිටියොත් දරුවෝයි..ඔය යාළුවෝ කියලා ජාතියක් නෑ බන්.අපි ලඟ මුකුත්ම නැත්තම් අපිට බල්ලෙක්වත් නැට්ට වනන්නෑ උනුත් රෙස්පා..ඒ නිසා මේකෙන් ගන්න පොඩි දෙයක් හරි අරන් එකෙක් හරි හැදියන් බණ නෙවේ මෙව්ව භාවනා..
ස්තූතියි
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Colombo