BST with Sandu

BST with Sandu

Share

01/10/2022

ආක්ටික් වෘක පැටවකුගේ ක්ලෝනයක් පළමුවරට බිහිකරයි
********************************************

ඇගේ නම මායා.
ඇය 𝘊𝘢𝘯𝘪𝘴 𝘭𝘶𝘱𝘶𝘴 𝘢𝘳𝘤𝘵𝘰𝘴 උප විශේෂයට අයත් ආක්ටික් වෘක පැටවෙක්.

පසුගිය සැප්තැම්බර් මස 19 වෙනි දින පැවති මාධ්‍ය හමුවකදී ප්‍රථම වරට ඇගේ සුවිශේෂී උපත චීනයේ බෙයිජින් හි සයිනොජීන් ජෛව තාක්ෂණ සමාගම විසින් නිවේදනය කරනු ලැබුවා.

සයිනොජීන් සමාගමේ නියෝජිතයන්ට අනුව බෙයිජින් වල විද්‍යාගාරයක මායා බිහි වූයේ මාධ්‍ය හමුව පැවැත්වීමට දින 100කට පෙර පසුගිය ජූනි මස 10 වෙනි දිනයෙයි.

ක්ලෝනීකරණයෙන් ජන්මය ලද ප්‍රථම ආක්‍ටික් වෘකයා වන මායා තම කුස තුළ පෝෂණය කර බිහි කළ ආදේශක මව හෙවත් ප්‍රතිනිහිත මව ( Surrogate mother ) ලෙස ක්‍රියා කළේ බීගල් වරිගයට අයත් බැල්ලියක්.

එහෙත් මායාගේ සිරුරේ ඇති DNA ලබාගෙන තිබෙන්නෙ මායා නමින් ම හඳුන්වන ලද ආක්ටික් වෘක ධේනුවකගෙන්.

2006 වසරේ දී කැනඩාවේ සිට චීනයට රැගෙන ආ ඒ වෘක ධේනුව ඊසානදිග චීනයේ පිහිටි Harbin Polarland නම් වනජීවී උද්‍යානයේ ජීවත් ව සිට පසුගිය 2021 වසරේ මුල් භාගයේදී මියගොස් තිබෙනවා.

එම වෘක ධේනුවගේ සමේ සෛල වල න්‍යෂ්ටි බීගල් වරිගයට අයත් බැල්ලියන්ගේ නොමේරූ ඩිම්බ සෛලවල න්‍යෂ්ටි වෙනුවට ආදේශ කිරීමෙන් ආක්ටික් වෘක කලල 137 ක් නිර්මාණය කිරීමට සයිනොජීන් පර්යේෂකයන්ට හැකි ව තිබෙනවා.

එම න්‍යෂ්ටි ආදේශනය හඳුන්වන්නේ දෛහික සෛල න්‍යෂ්ටි මාරුව (somatic cell nuclear transfer - SCNT) යනුවෙන්.

එම කලලවලින් 85ක් සාර්ථක ලෙස බීගල් වරිගයේ බැල්ලියන් සත් දෙනෙකුගේ ගර්භාෂ තුළ අධිරෝපණය කර තිබෙනවා.

එහෙත් එසේ ඇතුළු කළ කලලයන්ගෙන් සම්පූර්ණයෙන් විකසනය වී "දෙවෙනි මායා" ලෙස මෙළොව එළිය දැකීමට හැකි වුණේ එකකට පමණයි.

පර්යේෂකයන් විසින් ආදේශක මව ලෙස බැල්ලියක තෝරා ගැනීමට හේතු වූයේ ක්ලෝනීකරණ ක්‍රියාවලිය වෙනුවෙන් යොදා ගැනීමට තරම් ගැහැණු ආක්ටික් වෘකයන් ඔවුනට නොමැති වීමයි.

වාසනාවකට මෙන් ආක්ටික් වෘක පැටවාගේ ගැබ් කාලය පෝෂණය කිරීමේ හැකියාව වෙනත් විශේෂයකට අයත් වුවද බීගල් බැල්ලියනට සොබාදහමෙන් උරුම වී තිබෙනවා.

මේ දිනවල මායා සහ ඇගේ ආදේශක මව නැගෙනහිර චීනයේ Xuzhou හි පිහිටි සයිනොජීන් විද්‍යාගාරයක සුව සේ සිටිනවා.

Live Science සහ Global Times ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි.

25/03/2022

True...😂😂

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo