News Port
24/10/2024
ඊශ්‍රායල සංචාරකයන්ට නොම්මරයක්..
05/10/2024
දරුවන්ට වටී
ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
News Port
25/01/2024
🔴 පුත්තලමේ සනත්ගෙන් හිස්වන මන්ත්‍රී අසුන විමල්ගේ පක්ෂයට
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර පත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 5ක් හිමි වුණා.
එහිදී මනාප 80082 ලබා ගනිමින් සනත් නිශාන්ත එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා වූ අතර ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත අනෙක් ආසන හතර හිමි කර ගත්තා.
මනාප 40527ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකරට හිමි වුණා.
ඒ අනුව සනත් නිශාන්ත මියයාමෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුව අනුව පත් වීමට නියමිතව ඇත්තේ ජගත් ප්‍රියංකරයි.
කෙසේ වෙතත් ජගත් ප්‍රියංකර, විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අතර ජාතික නිදහස් පෙරමුණ මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටිනවා.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo