K_beauty_SL
20/11/2021
⚠️⚠️අනිවාර්යයෙන්ම කියවන්න. Selling නෙවෙයි.
දවසෙන් දෙකෙන් සුදු වෙන්න ගාන ක්‍රීම් වර්ග නිසා අනාගතයේදී ඔයාට ලෑබෙන දරුවන්ට පවා වන්දි ගෙවන්න වෙනව කියලා දන්නවද?
දවස් එක දෙක තුන සුදුවෙන ක්‍රීම් ගාපු ඔයාගෙ ඇගට විස කොයිතරම් එකතු වෙනවා ද? ඔයා ඒකෙ අතුරු ප්‍රතිඵල වලට කොමාරිකා ජෙල් ගාලා මූනෙ ගෙඩි යවාගත්තට ගොඩාක් වෙලාවට මේ විස ඔයාගෙ ශරීරය අභ්‍යන්තරයේ තියෙන්න පුලුවන්
බබෙක් ලැබෙන්න ඉදපු අම්මා කෙනෙක් ලේ වමනෙ වෙන්න අරන් වෛද්‍ය ප්‍රතිකාර වලට යද්දී හොයාගෙන ශරීරයට ගාපූ අධික bleach නිසා දරුවාත් මේ විස ගිහින් කියලා. මේ අම්මා දරුවා කුසට එන්නට සැහෙන කාලයකට කලින් මේ අහිතකර ආල්පන නවතත්ල තියනවා. නමුත් ශරීරය තුළ මේ විස තිබිලා. ඉතින් මේ දරුවා බේරගන්න වෙන් නෑ. දරුවන් නැති ඇගෙ විවාහ ජීවිතයම අදුරුයි.
මම අදුරන කෙනෙක් මට මේ කතාව කීවේ
සමෙහි පිලිකා ඇතිව ඉපදුන දරුවන් පවා සිටිනවා.
පිරිමි කියා වෙනසක් නැ. ප්‍රථිපල සමානයි.
ඔයාලා බහුතරයක් දන්නෙ තමන් පමණක් විදින දෙයක් කියලා.
ඉතින් මුන ගෙඩි දාලා ශරීරය පුරා පැලුම් එනවා දැන දැන ඒත් ඔයාලා මේ home made , bleach , දවසෙන් සතියෙන් මාසෙන් මාස දෙකෙන් injection type ඔය වගෙ දාහක් කතා නිසා ගන්නවා. අරන් නවත්තපු ගමන් ඔයාලා seller ට බනිනවා .මගෙ මූනෙ කුරුලැ කලුයි හිටියට වඩා. කියලා.
ගන්න අපි දැනගන්න ඕන එවා ගැන. විකුණන මිනිස්සුත් දැන ගන්න ඕන සල්ලි වලට වඩා දැන දැනත් මේ කරන වරද පින් පව් එක්ක විදින්න වෙන බව. ලොකෙට හොදක් කරලා දියුණු වෙන්න.
මිලෙන් අඩු දවසට දකට සුදුවෙන්න ඕන අය හිතට ගන්න ස්වභාව ප්‍රතිකාර තියනවා. වෙළදපොල තුල වසර ගනනාවක් පවත්වාගෙන යන ගුණදායි ආලේපන වර්ග තියනවා. එවා මිලෙන් අධික වෙන්න පුළුවන් නමුත් ප්‍රතිඵල ද මාසෙන් දෙකෙන් නොලැබේවි ඒත් සමට ගැළපෙන ආලේපන එදිනෙදා පාවිච්චියට ගන්න මේවා වල අඩංගු දෑ පිලිබඳ හොයන්න. මේ වගෙ group වල අදහස් බෙදා ගන්න. (Creams අරන් හොදද අහනවට වඩා අරගන්න කලින් අහලා බලන්න). ඔබට සෙමෙන් සෙමෙන් පැහැපත් නිරෝගී සමක් යම් කාලයකදී දැක ගන්නට පුළුවන්.
අවම මුදලකට රැවටී ඉක්මන් සුද ගැන තවදුරටත් පැහැදිලි කිරීම් අනාගතය ගැන හිතන ඔබට අවශ්‍ය නොවේ.
කලූ , තලෙළු , සුදු කවුරුත් ලස්නයි.
⚠️ හිතන්න තීරණය ඔබේ.
ඔයාලා දන්න තවත් මේ වගේ අහිතකර ක්‍රීම් නිසා වුන සිදුවීම් දන්නව නම් පහලින් comment කරන්න ඒක නිරොගී සමාජයකට ලොකු උපකාරයක් වේවි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo