Venus Love
මිනිස්සුන්ට හේතු තියෙනවා.........🥺💔
🎭 ඒ job එකෙන් අයින් වෙන්න එයාට හේතුවක් ඇති
🎭 දැන්ම marry නොකර ඉන්න සමහර විට එයාට හේතුවක් ඇති
🎭 marry කරත් දරුවෙක් වදන්නේ නැතිව ඉන්න එයාලා තීරණය කරන්න හේතුවක් ඇති
🎭 ඒ breakup එකට ඒ දෙන්නා අතරේ මං නොදන්න හේතුවක් ඇති
🎭 ඒ දෙන්නට දෙන්නා ගැලපෙන්න මට පිට ඉඳන් නොතේරෙන හේතුවක් ඇති
🎭 ඒ දෙන්නා දික්කසාද වුනේ මං දැකපු නැති හේතුවක් නිසා වෙන්න ඇති
🎭 ඒ දෙන්නා ලොකු wedding එකක් ගත්තේ නැත්තේ ඒ සල්ලි යොදවන්න වෙන හේතුවක් එයාලට ඇති
🎭 එයාගේ life style එක එහෙම වෙන්න හේතුවක් ඇති
🎭 එයා තනියම ඉන්න මොකක් හරි හේතුවක් ඇති
🎭 එයා ඉස්සරට වඩා වෙනස් වෙන්න හේතුවක් තියෙන්න ඇති
🎭 මේ රට දාලා පිටරටකට යන්න වගේම මේ රටේ තාම රැඳී ඉන්න එයාට හේතුවක් ඇති
🎭 එයා මං කැමති දේවල් වලට අකමැති වෙන්න හේතු ඇති
මිනිස්සුන්ට හැමදේටම වෙන වෙනම හේතු තියෙනවා. මහා සද්දේට කෑ ගහල නොකිවුවාට ඒ හේතු නිසා එයාලගේ කතාව ඇතුලේ එයාලා සාධාරණ වෙන්න පුලුවන්. ඒ නිසා තව කෙනෙක්ගේ ජීවිත කතා වලට මට පිටින් බලලා හිතෙන හිතෙන දේවල් කියන්න බෑ. ඇත්තටම මං එයාලා ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.
මං නොදන්න, මං හිතපුවත් නැති, මං දැකලාවත් නැති හේතු මගේ එහා පැත්තේ ඉන්න මනුස්සයගේ ජීවීතේ තීරණ වලට බලපෑම් කරලා ඇති. බලපෑම් කරනවා ඇති. සමහර විට එහෙම කිසිම හේතුවක් නැති වෙන්නත් පුලුවන්.
ඒ කොහොම වුනත් මිනිස්සු කරන කියන දේවල් වලින් තව පාර්ශවයකට වරදක් නොවනතාක් දුරට බලෙන් හේතු අහ අහ එයාලව හාරන්න, ප්‍රශ්න කරන්න සහ ඒ කිසි හේතුවක් හරිහැටි නොදැන එයාලව මනින්න හෝ විනිශ්චයන් දෙන්න මට කොහෙත්ම බෑ.
Copied 🖤
Don't judge a book by its cover
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
Colombo