Dog lovers. lk
04/02/2020
කෝ බලන්න German shepherdලට ආස අය.... 🐾🐾🐾🖤🖤🖤❤️❤️❤️❤️
AGGRESSIVE DOGS – හපන~බල්ලෝ
හපන~බල්ලෝ
මිනිසාගේ හොඳම යහළුවන් ලෙස විරුදාවලිය ලද සුනඛයින් බොහෝ පිරිසකගේ ආදරය හිමිවන සතුන් කොටසක්.
බොහෝ නිවෙස්වල විවිධ වර්ගවල සුනඛයින් ඇතිකරනු දක්නට පුළුවන්.
ඇතැමුන් සුරතලයට ඇතිකරන නමුත් ආරක්ෂාව උදෙසා ද සුනඛයින් ඇති දැඩි කරන පිරිස් දුලබ වන්නේ නැහැ.
සුනඛයින් කෙරෙහි අප කෙතරම් ආදරය කළත් සුනඛ සපාකෑම් ද නිරන්තරයෙන් වාර්තාවනවා.
ජලභීතිකාව වැනි රෝග පැතිරීමේ අවධානම මෙන්ම සුනඛ සපාකෑම් නිසා බරපතල තත්ත්වයේ තුවාල සිදුවන අවස්ථා ද දකින්නට ලැබෙනවා.
සුනඛ සපාකෑමකින් සිදුවිය හැකි තුවාලයක බරපතලබව තීරණය වන්නට බොහෝ කරුණු බලපානවා.
විශේෂයෙන්ම සපා කා ඇත්තේ කුමන සුනඛ වර්ගය ද යන්න මෙම කරුණු අතර ප්‍රධාන යි.
එයට හේතුව වන්නේ විවිධ සුනඛ වර්ග අතරවන “සැපුම් බලය” (Bite Force) එකිනෙකට වෙනස් අගයන් ගැනීම යි.
වැඩිම සැපුම් බලය සහිත සුනඛයා නිශ්චිත වශයෙන් නම් කිරීම අසීරු කටයුත්තක් බව යි පැවසෙන්නේ.
කෙසේ වෙතත් වැඩිම සැපුම් බලයක් හිමි සුනඛ වර්ග 5ක් පිළිබඳව අපට මෙසේ කරුණු දැක්වීමට පුළුවන්.
පිට් බුල්
“පිට් බුල්” යනු ලොව පුරාම ජනප්‍රිය සුනඛ වර්ගයක්.
ඇතැම්විට මොවුන් භයංකාර මෙන්ම රෞද්‍ර පෙනුමක් සහිත වීම එයට හේතුවන්නට පුලුවන්.
අතීතයේ බලුපොර තරග සඳහා ද පිට් බුල් වර්ගයේ සුනඛයින් භාවිත කර තිබෙනවා.
එමෙන්ම බොහෝ ඈත කාලයේ දී විවිධ සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා ද මෙම වර්ගයේ සුනඛයින් ප්‍රයෝජනයට ගෙන තිබෙනවා.
වර්තමානයේ දී නම් පිට් බුල් වර්ගය එවැනි කටයුතුවලට එතරම් භාවිත වන්නේ නැති වුවත් ඔවුන් සතුව ඇති සහජ ආක්‍රමණශීලී ගුණාංග හේතුවෙන් කුඩා දරුවන් සහ මහළු පුද්ගලයින් නිරන්තරයෙන් පිට් බුල් ප්‍රහාරයන්ට ලක්වන බව යි පැවසෙන්නේ.
එමෙන්ම ඇතැම් පිට් බුල් සතුන් තමන්ගේම ස්වාමියා සපා කෑ අවස්ථා ද බොහෝ සුලබ බව වාර්තා වනවා.
විශේෂයෙන් මෙම සුනඛයින් කෝපයට පත් වූ අවස්ථාවල දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව සුනඛ විශේෂඥයින් පවසනවා.
ශක්තිමත් හණුවලට හිමිකම් කියන පිට් බුල්ගේ සැපුම් බලය රාත්තල් 235ක් පමණවන බව සඳහන් වනවා.
ජර්මන් ශෙපර්ඩ්
“ජර්මන් ශෙපර්ඩ්” සහජයෙන්ම මනා කාය ශක්තියෙන් මෙන්ම මනා බුද්ධිමත් භාවයෙන් ද යුතු සුනඛ වර්ගයක්.
එමෙන්ම ඔවුන්ගේ ඉව කිරීමේ හැකියාව ද දිවීමේ වේගය ද ඉතා ඉහළයි.
මේ නිසාම අතීතයේ ජර්මන් ශෙපර්ඩ් සතුන් බොහෝ විට ගොවිපල සතුන් බලාගැනීමේ සුනඛයින් ලෙස යොදාගෙන තිබෙනවා.
වර්තමානයේ දී මොවුන් පොලිස් නිල සුනඛයින් ලෙස සෑම රටකම පාහේ භාවිත කෙරෙනවා.
රාත්තල් 238ක් පමණවන සැපුම් බලයක් ජර්මන් ශෙපර්ඩ් සුනඛයින් සතු වනවා.
රොට්වයිලර්
“මස් මරන්නා” ලෙස ද හැඳින්වෙන “රොට්වයිලර්” සතුන් කෙතරම් භයානක ද යන්න එම අන්වර්ථ නාමයෙන්ම ඔබට පැහැදිලි වනු නියතයි.
එමෙන්ම සවිශක්තිමත් සුනඛ වර්ගයක්වන මොවුන් අතීතයේ කුඩා ප්‍රමාණයේ කරත්ත ඇදගෙන යාම සඳහා ද භාවිත කොට තිබෙනවා.
වර්තමානයේ දී රොට්වයිලර් සතුන් භාවිත වන්නේ පොලිස් නිල සුනඛයින් ලෙස සහ ආපදාවන්ට ලක්වූවන් බේරාගැනීමේ සුනඛයින් ලෙස යි.
හොඳින් පුහුණු නොකළ රොට්වයිලර් සුනඛයෙකු ඉතා භයානක සතෙකුවන බව යි සුනඛ විශේෂඥයින් සඳහන් කරන්නේ.
වසරකට ලොව පුරා වාර්තාවන විශාල ගණනක් වූ රොට්වයිලර් සපා කෑම් ප්‍රමාණය ඊට සාක්ෂි දරනවා.
පවුලේ සුරතලෙකු ලෙස රොට්වයිලර් වර්ගයේ සුනඛයෙකු ඇතිදැඩි කරනවා නම් එම සත්ත්වයා පිළිබඳ නිරන්තර විශේෂ අවධානයෙන් සිටීම අනිවාර්යය දෙයක් බව සුරතල් සතුන් පිළිබඳ විශේෂඥයින් අවධාරණය කරනවා.
උපතේදීම රොට්වයිලර් පැටවුන්ගේ වල්ගය කපා දැමීම සිරිතක් ලෙස සිදු කරනවා.
මෙම සුනඛයෙකුගේ සැපුම් බලය රාත්තල් 328ක් පමණ වූ අගයක් ගන්නවා.
ඩෝබමන්
සුනඛ වර්ග කිහිපයක මුසුවක් ලෙස “ඩෝබමන්” හැඳින්වෙනවා.
මෙම වර්ගයේ සුනඛ පැටවුන්ගේ ද උපතේදීම වලිගය සහ කන් කපා දැමීම සිරිතක්.
වැඩුණු ඩෝබමන් වර්ගයේ සුනඛයෙකුගේ සපාකෑමක් ඉතා දරුණුවන බවයි වාර්තා වන්නේ.
අනෙකුත් වර්ගවලට වඩා ඩෝබමන් සුනඛයින් මිනිසුන් සපා කෑමට විශේෂ නැඹුරුවක් බවතින බව යි විශේෂඥයින් පවසන්නේ.
ඩෝබමන් සපා කෑමට ලක්ව බරපතල තුවාල ලැබූවන් සිය ගණනක් වසරකට වාර්තාවන බව පැවසෙනවා.
පෙර සඳහන් කළ වර්ගය මෙන්ම ඩෝබමන් සතෙකු ඇතිදැඩි කරන්නන් සහ සුරතල් සතෙකු ලෙස ඩෝබමන් සතෙකු ඇති කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නන් මෙම සුනඛයින් පිළිබඳ නිරන්තර විශේෂ අවධානය යොමු කළ යුතු වනවා.
රාත්තල් 600ක් තරම් ඉහල සැපුම් බලයක් ඩෝබමන් සතුයි.
මස්ටිෆ්
ශක්තිමත්ම හණු සහිත සුනඛ වර්ගය ලෙස “මස්ටිෆ්” සතුන් බොහෝ සුනඛ විශේෂඥයින් විසින් හඳුන්වා දී තිබෙනවා.
මෙම වර්ගය ප්‍රමාණයෙන් ද විශාල යි.
ආදරණීය හදවතක් ඇති සුනඛ වර්ගයක් ලෙස මස්ටිෆ් සතුන් හැඳින්වෙන නමුත් විටෙක මුරණ්ඩු ගති ලක්ෂණ ද මොවුන් පෙන්වනවා.
එම මුරණ්ඩු ගති ලක්ෂණය නිසාම නිකරුනේ ප්‍රශ්ණ ඇතිකරගන්නා සුනඛ වර්ගයක් බවටයි මස්ටිෆ් සතුන් වර්ග කරන්නේ.
තම ස්වාමියා සමග සාමකාමීව සිටින මස්ටිෆ් සුනඛයින් සෑම විටම තම ස්වාමියා ආරක්ෂා කිරීමට බැඳී සිටනවා.
එම නිසාම නිවසට එන අමුත්තන් මොවුන්ගේ සපා කෑමට ලක්වෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ශක්තිමත්ම හණු සහිත බවට විරුදාවලිය ලබන මොවුන්ගේ සැපුම් බලය රාත්තල් 552ක් පමණ අගයක් ගන්නවා.
29/01/2020
ලොව ජනප්‍රිය සුනඛයින් අතර පෙරමුණට German shepherd
අප තවත් ජනප්‍රිය සුනඛ වර්ගයක් වන ජර්මන් ෂෙෆර්ඩ් (German shepherd) ගැන කතා කරමු. මොවුන් ලොව ජනප්‍රියතම සුනඛ කාණ්‌ඩයන් අතර ඉහළ ස්‌ථානයක් ගනු ලබේ. මොවුන්ගේ සම්භවය සිදු වන්නේ 1800 දී පමණ ජර්මනියේදීය. මොවුන් විවිධ නම් වලින් ලොව පුරා හඳුන්වනු ලබයි.
උදා-: Alsatian
Alsatian wolf Dog
Deutscher
Schaferhund
Berger Allemand
ඊට අමතරව “GSD” නමැති කෙටි නාමයද යොදාගනු ලබයි.
අතීතයේදී මොවුන් බැටළුවන් වැනි සතුන් රංචු කිරීම සඳහා යොදාගත් අතර වර්තමානයේ මොවුන් ආරක්‍ෂක කටයුතු (Search and rescue) අන්ධයන් සඳහා මගපෙන්වීම (Guiding the blind) සහ චිත්‍රපටවල සුරතලුන් (Film stars) ලෙසද යොදාගනු ලබයි. මොවුන සතුව පවතින ශක්‌තිමත් බව, බුද්ධිමත් බව, කීකරු බව සහ මනා පුහුණු කිරීමේ හැකියාව නිසා ඉහත කටයුතු ඉතා සාර්ථකව ඉටු කර ගැනීමට හැකියාව ඇත.
මොවුන්ගේ දේහ ලක්‍ෂණ සැලකූ විට හොඳින් වැඩුණු පිරිමි සතකු 30-40 Kg පමණ වන අතර ගැහැනු සතකු 22-32 Kg පමණ වේ. පිරිමි සතකුගේ උස 60-65 Cm පමණ වන අතර ගැහැනු සතකු 50-60 Cm පමණ වේ.
මොවුන්ගේ හොම්බ දිගින් වැඩි අතර, එය හිසෙහි දිගින් අඩක් පමණ වේ. නාසය කළු පැහැයෙන් යුක්‌ත වන අතර ශක්‌තිමත් හනු යුගලයකින් යුක්‌ත වන අතර දුඹුරු පැහැති මධ්‍ය ප්‍රමාණයේ ඇස් පිහිටයි. කන්වල හැඩය විශේෂිත වන අතර ඒවා තරමක් විශාලව. සහ සෘජුව පවතින අතර ඉදිරියට විවෘතව එකිනෙකට සමාන්තරව පිහිටන අතර දිවීමේදී එය හැරවිමකට ලක් කරයි.
ගෙල ප්‍රදේශය තරමක් දිගු වන අතර ශක්‌තිමත් අස්‌ථි සහ මාංශපේශි පද්ධතියකට උරුමකම් දක්‌වයි. දේහය දිගින් වැඩිවන අතර සෘජු ශක්‌තිමත් ඉදිරිපාද යුගලක් සහ සෘජු බවින් තොර පිටුපස පාද යුගලක් පිහිටයි. එම නිසා මොවුන්ගේ ගෙල ප්‍රදේශයේ සිට වලිග ප්‍රදේශය දක්‌වා වූ පිටකොන්ද ප්‍රදේශය ආනතියකින් යුක්‌තය.
මොවුන්ගේ සිරුරෙහි රෝම පිහිටීම සැලකූ විට කෙටි සහ දිගු රෝග ඝනකම් ස්‌ථරයක් ලෙස සිරුර පුරා පැතිර පවතින අතර කළු සහ මහෝගනී වර්ණය (Black and tan) නිශ්චිත රටාවකට පැතිර පවතින සුනඛයින් ජනප්‍රිය බවින් වැඩිය. මොවුන්ගේ වලිගය ඝනකම් දිගු රෝමවලින් පිරි පවතින අතර එය පහළට නැමී පැවතීමද විශේෂත්වයකි.
මොවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බැලීමේදී බහුලව වැළඳෙන රෝග ලෙස
Hip dysplasia
Elbow dysplasia දැක්‌විය හැකි අතර පසුකාලීනව මෙම තත්ත්වය Arthritis දක්‌වා වර්ධනය විය හැක. විශේෂයෙන් මෙම තත්ත්වය එකම පවුලේ සුනඛයන් අන්තර් අභිජනනයෙන් (Inbreeding& නිසා සිදුවන්නක් ලෙස සැලකේ. මීට අමතරව,
Exocrne pancreatic insufficiency
EPI Degenerative myelopathy වැනි තත්ත්වයක්‌ද දැකිය හැක.
මොවුන්ට සාමාන්‍යයෙන් බහුලව වැළදෙන රෝග ලෙස සම ආශ්‍රිත රෝග Skin Rashes දැක්‌විය හැක. ඒ සඳහා විවිධ හේතු බලපායි.
දැනටමත් ඔබ German shepherd වර්ගයෙහි සුනඛයෙකුගේ අයිතිකරුවකු නම් ලෝම වැඩිපුර ගැලවීමේ ගැටලුවක් ඔබටද පැවතිය හැකිය. සාමාන්‍යයෙන් ඕනෑම වර්ගයෙහි සුනඛයෙකුගේ වර්ධන සමයෙහි ඇතැම් කාලවල රෝම ගැලවී අලුතින් වැඩීම සිදුවන අතර මෙම වර්ගයෙහි සුනඛයින්ගේ රෝමවල ස්‌වභාවය නිසා එය අපට වැඩිපුර නිරීක්‍ෂණය වෙයි. මෙම තත්ත්වය රෝගී තත්ත්වයක් නොවන අතර මනාව පීරීම මගින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකිවේ. ඊට අමතරව සුනඛයා සතුව පැවතිය හැකි පෝෂණ ඌණතා නිසාද රෝම ගැලවී යැම වැඩිවිය හැකි අතර ඒ සඳහා විටමින් සහ කැල්සියම් වැනි බාහිරින් සැපයිය හැකි වෙනත් පෝෂක මගින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකිය.
තවද මෙම වර්ගයෙහි සුනඛයන්ගේ රෝම පිහිටන ස්‌වභාවය අනුව කිනිතුල්ලන් වැනි බාහිර පරපෝෂිතයන් බෝ වීමේ වැඩි අවධානමක් පවතින අතර ඔවුන් මගින් ඇති විය හැකි කිනිතුලු උණ (Tick Fever ) නමැති රෝගී තත්ත්වයද බහුලය. ඊට අමතරව මොවුන්ගේ කන්වල හැඩය සහ පිහිටීම අනුව නෑවීම ඉතා ප්‍රවේශමෙන් සිදු කළ යුතුය. නැතහොත් කන් ආශ්‍රිත ආසාදන Ear infection) ඇතිවීමේ අවදානමක් පවතී.
මොවුන්ගේ ආයු කාලය වසර 9-13 පමණ වන අතර තම සුරතලා මනාව රැකබලා ගැනීමෙන් ඔබගේ ආදරණීය සුරතලාගේ සේවය ඔබට බොහෝ කාලයක් ලබාගත හැකි වේ
29/01/2020
කොමොන්ඩෝර්~Komondor dog
ලෝකේ හොදම ගාර්ඩ් ඩෝග් කෙනෙක් වන කොමොන්ඩොර් බ්‍රීඩ් එක ගැනයි මේ ත්‍රේඩ් එකෙන් මම කතා කරන්නේ.
කොමොන්ඩෝර් කියන බ්‍රීඩ් එක හැමෝටම හදන්න පුලුවන් බ්‍රීඩ් එකක් නෙවෙයි.
මෙයාලව හදන්න නම් ලොකු වත්තක් තියෙන්න ඕන.
ඒ වගේම නඩත්තු කරන්න හොදට සල්ලි වියදම් කරන්න ලෑස්ති වෙන්නත් ඕන.
ජිවිතේ පලවෙනි පාරට හදනවානම් මේ අයව අනුමත කරන්න බෑ මොකද කිව්වොත් මෙයාලව ට්‍රේන් කරන්න නම් හොද දැනුමක් තියෙන්න ඕන බල්ලෝ හදලා.
කොමොන්ඩොර් බල්ලෙක්ගෙන් විශ්වාසය , ගරු කිරිම කියන දේ අපිට ලබාගන්න ගොඩක් අමාරුයි.
ඒත් එකපාරක් ඒ විශ්වාසය , ගරු කිරිම ලබාගත්තාම ඒක මුලු ජිවිත කාලේටම අපිට ලැබෙනවා.
මෙයාලා පොඩි ලමයි එක්ක කාලය ගත කරන්න ආසයි.
පොඩි ලමයි ලගට වෙලා වාඩි වෙලා ඉන්න , නිදාගෙන ඉන්න මේ අය ආසයි.
සමහර රටවල් වල පොඩි ලමයිනේ ආරක්ශාව වෙනුවෙන්ම මේ අයව හදන්න ගන්නවා.
කොමොන්ඩොර් කියන්නේ ලෝකේ අඩුවෙන්ම ඉන්න බල්ලෝ බ්‍රීඩ් වලින් එක බ්‍රීඩ් එකක්.
ඒ නිසා මෙයාලව හොයාගන්න එක නම් ලේසියෙන් කරන්න බැරි වැඩක්.
කොමොන්ඩොර් කියන අයව හදන්න ඕන සීතල කාලගුණයකදි.
මෙයාලගේ ඉතිහාසය ගත්තොත් ඒක හරිම අපැහැදිලි ඉතිහාසයක්.
කොමොන්ඩොර් කියන්නේ හන්ගේරියාවේ බ්‍රීඩ් එකක්.
මේ අය පැවත එන්නේ සවුත් රශියන් ඔව්චර්කා කියන බල්ලන්ගෙන් කියලයි විශ්වාස කරන්නේ ගොඩක් දෙනා.
සවුත් රශියන් ඔව්චර්කා
South Russian Ovcharka
කොමොන්ඩොර් බල්ලන්ව යොදාගත්තේ සත්ව පාලන කටයුතු වලටයි.
ගොවිපලවල ඉන්න සත්තුන්ව වගේම ගොවීන්වද මේ අය ගොඩක් හොදින් ආරක්ශා කරා.
මෙයාලා ගොඩක් ආසයි ඉස්සර ඉදන්ම වැඩ කරන්න.
වැඩ නොකර ඉන්න වෙලාවට දුවන්නේ , පනින්නේ , සෙල්ලම් කරන්නේ නැතුව පාඩුවේ හාන්සි වෙලා ඉන්න ගොඩක් කැමතියි මේ අය.
දැන් මෙයාලව හදන්නේ ආරක්ශාවට උනාට මෙයාලා ටිකක් කම්මැලි අය.
නිදහසේ , පාඩුවේ , නින්දක් දාගෙන ඉන්න ආසයි මෙයාලා.
ඒ උනත් පොඩි සද්දයක් ආවත් , අදුරන්නේ නැති සතෙක් , මිනිහෙක් ආවොත් ඒ සතාව , මනුස්සයව කිසිම පැකිලිමකින් තොරව ඇටෑක් කරන්න මෙයාලා පෙළඹෙනවා.
ඒ නිසයි මෙයාලව ආරක්ශාවට හදන්නේ ඉස්සර ඉදන්ම.
දෙවන ලෝක යුද්ද කාලේදි මේ ලෝකෙන් බල්ලෝ බ්‍රීඩ්ස් ගොඩක් නැති වෙලා ගියා , නැති වීමේ තර්ජණයට මූහුන පෑවා.
කොමොන්ඩොර් කියන්නේ දෙවන ලෝක යුද්දේ නිසා ලෝකෙන් තුරන් වෙලා යන අවදානමට ලක් වෙච්ච බ්‍රීඩ් එකක්.
කොමොන්ඩොර් පොඩි පැටවුන් වයසින් පරිණත වෙන්න ගොඩක් කල් යනවා.
වයස අවුරුදු 3 – 4 දක්වා එයාලා පරිණත වෙනවා.
පොඩි කාලේදි ලැජ්ජාවට බර මෙයාලව ඒක නැති කරගන්න සෝශල් කරලා හදන්න ඕන.
ලැජ්ජාව පොඩි කාලේ ඉදන්ම නැති කරගත්තේ නැත්තම් ලොකු උනාම කරදරයි.
පවුලේ ආරක්ශාව කියන දේ පොඩි කාලේ ඉදන්ම මෙයාලා හොදට හිතට අරන් වැඩ කරනවා.
සෙල්ලමට ටිකක් විතර මෙයාලා බරයි පොඩි කාලේ.
වයසින් මුහුකුරා යද්දි මෙයාලගේ සෙල්ලම ටික ටික අඩු වෙනවා.
කොමොන්ඩොර් අය ඉන්නේ සුදු පාටින් විතරයි.
කලාතුරකින් දුඹුරු , කලු පාට වලින් දකින්න පුලුවන්.
මෙයාලගේ ෆර් එක අනිත් බල්ලන්ට වඩා ගොඩක් අමුතුයි.
ඝණකම් සහ දිග ෆර් එකක් තියෙන්නේ මෙයාලට.
දකින ඕනම කෙනෙක්ට එකපාරින්ම මෙයාලව ජිවිත කාලේටම මතක හිටිනවා මෙයාලගේ ෆර් එක නිසා.
මෙයාලගේ ෆර් එක මේන්ටේන් කරන්න ගොඩක් අමාරුයි.
ඒ නිසා කොමොන්ඩොර් කෙනෙක්ව හදන්න පුලුවන්නම් අනිවාර්යෙන්ම ෆර් එකේ මේන්ටේනින්ස් ගැන ලොකුවට හිතන්නම වෙනවා.
කොච්චර හොදට ට්‍රේන් කරත් මෙයාලා ආස නෑ ගෙදර පවුලට අලුත් සතෙක් ලන් වෙනවානම්.
එහෙම වෙනවානම් මෙයාලට ගොඩක් තරහා යනවා අලුත් සතා එක්ක.
පොඩි කාලේ සෝශල් නොකරපු කොමොන්ඩොර් කෙනෙක් ලොකු උනාම ඇවිදින බෝම්බයක් වගේ වෙන්න පුලුවන් මොකද පිටස්තර සත්තුන්ට සහ මිනිස්සුන්ට දරුණු විදියට පහර දෙන්න බලන නිසා.
සෝශල් කරනවා කියන දේ නම් අනිවාර්යෙන්ම කරන්න ඕන මෙයාලව හදනවානම් ප්‍රශ්ණ අඩු කරගන්න.
මෙයාලා ගොඩක් හිතන බ්‍රීඩ් එකක්.
ඒ නිසා මෙයාලව හරි ට්‍රේන කෙනෙක්ට ලැබුනොත් මෙයාලා කියන දේ ඉක්මනටම අල්ලගන්නවා ඒත් වැරදි ට්‍රේන කෙනෙක්ට හම්බුනොත් මෙයාලා හිතුවක්කාර විදියට කියන දේ අහන්නේ නැතුව හැසිරෙනවා.
එක්සර්සයිස් කියන දේ නම් ගොඩක් ඕන නෑ මේ අයට.
හැමදාම සාමාන්‍ය විදියට එක්සර්සයිස් කියන දේ ලැබුණාම ඇති මෙයාලට.
මෙයාලට නාදුනන කෙනෙක්ව හදුන්වා දීලා , ඒ කෙනා එක්ක යාලු කෙරුවොත් කොමොන්ඩොර් අය ඒ කෙනාටත් පවුලේම කෙනෙක් විදියට වෙනසක් නොකර සලකනවා , ඒ කෙනාගේ ආරක්ශාව ගැන බලනවා.
ඔහොම ජල්තරයක් දාලා ත්‍රේඩ් එක මම ඉවර කරනවා.
බල්ල්නව හොදට හදලා , ට්‍රේන් කරලා තියන කෙනෙක්ට නම් , ලොකු වත්තක් තියනවානම් , ගෙදර පොඩි අය ඉන්නවානම් , හොදට වියදම් කරන්න පුලුවන් වත්කමක් තියනවානම් කොමොන්ඩොර් කියන්නේ ගොඩක් හොද බ්‍රීඩ් එකක් තමන්ගේ පවුලට.
29/01/2020
බුල්_මස්ටිෆ්~Bullmastiff
අද ත්‍රේඩ් එක අරන් එන්නේ හොද ඉවසීමක් තියන,කාරුණික හදවතක් තියන බ්‍රීඩ් එකක් වන බුල් මස්ටිෆ් ගැන.
මෙයාලා රස්නෙට වඩා සීතලට බර බ්‍රීඩ් එකක්.
බුල් මස්ටිෆ් උන් ගොඩක් ආසයි සීතලේ,පාඩුවේ නිදාගෙන ඉන්න.
පලවෙනි පාර බල්ලෝ හදන අයට අනුමත කරන්න පුලුවන් බ්‍රීඩ් එකක් බුල් මස්ටිෆ් කියන්නේ.
ගෙදර පොඩි ලමයි එක්ක පවා ගොඩාක් හොදින් තියන්න පුලුවන් බ්‍රීඩ් එකක් මෙයාලා.
බුල් මස්ටිෆ් අය පොඩි ලමයින්ට ගොඩක් ආදරෙයි ඇන්ඩ් පොඩි උන් කරන වැඩ හොදට ඉවසන් ඉන්නවා.
පොඩි ලමයි ඉන්න පවුලකට හොදට ගැලපෙනවා මේ අයව.
බුල් මස්ටිෆ් කියන්නේ ගාර්ඩියන් ඩෝග් කියන කැටගරි එකට අයිති වෙන බ්‍රීඩ් එකක්.
හොදට උස මහතට හැදෙන බ්‍රීඩ් එකක්.
ගෙදර අය එක්ක සීමාවක් නැතුව ලන් වෙන,පොඩි අයට ආදරේ කරන ජාතියක් උනත් නොදන්න කෙනෙක්,හොරෙක්,හතුරෙක් ආවොතින් බිම පෙරලන් හපලා දාන්න මෙයාලා පෙළඹෙනවා.
බුල් මස්ටිෆ් කියන්නේ ගෙදර අය එක්ක ගොඩාක් සන්වේදි බ්‍රීඩ් එකක්.
කොච්චර සන්වේදිද කිව්වොතින් ගෙදර කෙනෙක් මෙයාලට සැර කරොත් සමහර වෙලාවට ඒක දරාගන්න බැරුව ලෙඩ වෙන වෙලාවල් පවා තියනවා.
බුල් මස්ටිෆ් කෙනෙක්ව දකින ඕන කෙනෙක්ට දැක්ක ගමන් බය හිතෙනවා පෙනුම නිසා.
බය හිතෙන පෙනුමක් තිබ්බත් මෙයාලා කම්මැලි පැත්තට බර බ්‍රීඩ් එකක්.
කොච්චර කම්මැලි උනත් ගෙදර ආරක්ශාව ගැන හොදට බලාගන්න සැදි පැහැදි ඉන්නවා මේ අය.
ඒ නිසා ගෙදරක ආරක්ශාවට උනත් බය නැතුව හදන්න පුලුවන් බ්‍රීඩ් එකක් බුල් මස්ටිෆ් කියන්නේ.
බුල් මස්ටිෆ් අයගේ අතීතය ගැන බලලා ඉමු දැන් අපි.
ඒ සිද්දිය මෙහෙමයි උනේ.
බුල් මස්ටිෆ් කියන්නේ එන්ගලන්තේ බල්ලෙක්.
ලොකු,නිවිච්ච,බය නැති,හොර දඩයක්කාරයෝ ආවම උන්ව අල්ලලා බිම දාන්න තරම් ශක්තියක් තියන බල්ලෙක්ව ඕන උනා 19 සියවසේදි එන්ගලන්තේ දඩබිම් රකින අයට.
ඉතින් මෙයාලා ගොඩාක් බ්‍රීඩ්ස් ක්‍රොස් කරලා කරලා බැලුවා.
ඒකේ සාර්ථක ප්‍රතිපලයක් විදියට හැදිච්ච බ්‍රීඩ් එකක් තමා බුල් මස්ටිෆ් කියන්නේ.
බුල් මස්ටිෆ් අයව හැදුවේ ඉන්ග්ලිශ් මස්ටිෆ් සහ බුල් ඩෝග් කියන බ්‍රීඩ්ස් දෙක එකතු කරලා.
(English Mastiff,Bulldog)
ඉන්ග්ලිශ් මස්ටිෆ්.
English Mastiff.
බුල් ඩෝග්.
Bulldog.
ඉස්සර මෙයාලට කිව්වේ දඩබිම් රකින්නන්ගේ රෑ බල්ලෝ කියලා.
( Gamekeeper’s Night-Dog.)
දඩබිම් රකින්නන් එක්ක හොදින් හිටපු නිසා මෙයලව පස්සේ දඩබිම් රකින අය එයාලගේ ගෙවල් වලට එක්කන් ගිහින් ගෙවල් වල හදන්න ගත්තා.
එහෙම තමා බුල් මස්ටිෆ් අයව ගෙවල් වල හදන්න පුරුදු උනේ මිනිස්සුන්ට.
ඒ කාලේ ඉදන්ම සමහර ෆෝසස් වල අය මෙයාලව හදන්න ගත්තා බේස් එකේ ආරක්ශාව වෙනුවෙන්.
අපි මෙයාලාගේ මෙව්වා ටිකක් බලලා ඉමු දැන්.
මෙයාලගේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ පාටවල් තුනයි.
බ්‍රින්ඩ්ල්.
Brindle.
රෙඩ්.
Red.
ෆෝන්.
Fawn.
බුල් මස්ටිෆ් එකෙක්ව හදනවානම් ගොඩක් වෙලාවට සතාව සෝශල් කරලා හදනවානම් ගොඩාක් හොදයි.
මෙයාලා පොඩ්ඩක් අහක යන වලි දාගන්න බලන ජාතියක්.
ඒ නිසා සෝශල් කරලා හදනවානම් ගොඩක් හොදයි ඒ ගතිය මග හරවා ගන්න.
KASL රෙජිස්ටර් කරපු බුල් මස්ටිෆ් පැටියෙක්ව රු.50000.00 ඉදන් රු.80000.00 අතර ගානකට ගන්න පුලුවන්.
මෙයාලා ගොඩක් ආසයි එයාලට හිතෙන දේ කරන්න.
ඒ නිසා පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න නම් වෙනවා.
එහෙම නොවුනොත් ලොකු වෙලා සතාව කන්ට්‍රොල් කරගන්න බැරි වෙන්න උනත් පුලුවන්.
මෙයාලා ශෝර්ට් ෆර් නිසා ෆර් එක ගැන ගොඩක් හිතන්න ඕන නෑ.
නෝමලි හැමදාම එක්සර්සයිස් කරවන්න ඕන මෙයාලව.
එහෙම නොවුනොත් මෙයාලට ලෙඩ හැදෙන්න පුලුවන් ඕනවට වඩා මහත් වෙලා.
හොදට බඩ පිරෙන්න කන දෙන අතරම හැමදාම නෝමලි එක්සර්සයිස් කරනවානම් කිසි අව්ලක් වෙන්නේ නෑ මෙයලට.
අනිත් බල්ලෝ වගේ විසේ නෑ පොඩි කාලේදි මෙයාලට.
නෝමල් විදියට ඉන්න ආස,ටිකක් විසේ තියනවා පොඩි බුල් මස්ටිෆ් පැටියෙක්ට.
පොඩි කාලේ ගොඩක් ඇක්ටිව් මෙයාලා ලොකු කාලේ කම්මැලි පැත්තට බර උනාට.
ගෙදර අය එක්ක සෙල්ලම් කරන එක තමා මෙයාලගේ පොඩි කාලේ ප්‍රධානම දේ.
ඒ නිසාමයි බුල් මස්ටිෆ් අය ෆැමිලි එකට ගොඩාක් ඇටෑච් වෙන්නේ.
පොඩි කාලේ ඇන්ඩ් ලොකු කාලේ කියලා වෙනසක් නැතුව පොඩි උනත් , ලොකු උනත් පවුලේ අය මෙයාලව හුරතල් කරනවානම් ගොඩාක් ආසයි මෙයාලා හුරතල් වෙන්න.
අපි කියන දේ තේරුම් ගන්න පුලුවන් හොද මොලයක් තියනවා මෙයාලට.
කියන දේ තේරුනත් මෙයාලට හිතෙන දේ කරන්න ඕන කියලා හිතෙන නිසා බුල් මස්ටිෆ් කෙනෙක්ව ට්‍රේන් කරන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා.
ඒක එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නෑ.
ඔන්න ඔහොම අයිටම් එකක් දාලා ත්‍රේඩ් එක මම ඉවර කරනවා.
පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට ආරක්ශාවට,පොඩි ලමයි එක්ක සැනසිල්ලේ තියන්න පුලුවන් බ්‍රීඩ් එකක් ඕන නම් බුල් මස්ටිෆ් අයව හැදුවට කිසිම අව්ලක් නෑ.
හරියට හදනවානම් පවුලට පණ දෙන,වැරදියට හැදුවොත් පවුලම ඉවර කරන බ්‍රීඩ් එකක් මෙයාලා.
ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.
මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
එහෙනම් ජය වේවා.
කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo