Coco dust

Coco dust

Share

08/01/2026

මිනිස්සු මිනිස්සු හින්දා දකින්න පටන්ගන්න හීන හුඟාක් වෙලාවට බිඳිලා යන්නෙත් ඒ මිනිස්සුම හින්දා....

අන්තිමට හීන ගොඩගහගත්තු ආත්ම වලට ඉතුරුවෙන්නේ හීන නැති ඇස්...හිස් වෙච්චි හිත් විතරයි...

ඔව්...කොයිතරම් නෑ කියන්න හැදුවත් ඒ ඇත්ත එහෙමමයි.

සැබෑව එක්ක ගැටෙන්න පටන්ගත්තහම හරි සතුටින් එකත්කරපු හීන වල පාට හේදෙනවා...බිඳෙනවා..අළු දූවිලි වෙලා අංශුවක්වත් ඉතිරු නොවී ගහගෙන යනවා..

ඒක තමයි...ජීවිතේ තැනකදී අඬලා... හැපිලා...බිඳිලා...නැත්තටම නැතිවෙලා...හරි
ගොඩාක් මිනිස්සු ඉගෙනගත්ත...
ඉගෙන ගනිමින් ඉන්න...
ඉගෙනගන්න උරුම පාඩම..

ඉගෙනගත්ත නම් එකඟ වේවි...

ඉගෙන ගනිමින් ඉන්නවා නම් හුඟාක් අඬාවි....

ඉගෙන නොගෙන ඉන්නවා නම් දෙපාරක් හිතාවි...

ඇත්තටම....

"සමහර හීන ලස්සන හීන විදිහට තියෙනකම් විතරයි..."

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Abudhabi
Colombo