News Plus
ජනාධිපති රනිල් අඹේවෙල කිරි ගොවිපොළ නිරීක්ශණ කිරීමට ගිය අවස්ථාවේ එහි වැඩිදියුණුව සඳහා අලුතින් අක්කර 30ක් ලබාදුන්නා
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති සමාධි රාජපක්ෂ කංසා ගැන පිළිකුල් සහගතව කතා කරයි
24/12/2022
“කඳුරට දෙමළ ජනයා මේ රටට අරගෙන ඇවිත් ලබන අවුරුද්දට අවුරුදු දෙසීයක් වෙනවා.මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න අපේ අම්මලා අප්පලා, සහෝදර සහෝදරියෝ තේ වතු වල අනෙක විද දුක් වින්දද. අදත් දුක් විඳිනවා.
හැම දේශපාලන පරම්පරාවම අපේ ජනතාව රැවට්ටුවා. අපේ ඡන්දයෙන් හවුල් ආණ්ඩු හදාගෙන වරදාන වරප්‍රසාද ලබා ගත්තා. අඩුම ගානේ දෙන්නං කියලා පොරොන්දු වෙන කිසිම දෙයක් අපිට ලබා දුන්නේ නැහැ. මේ මෑතකම පොරොන්දු වුණු සොච්චම් රුපියල් දාහවත් හරියටම අපිට දෙන්නේ නැහැ.
එහෙම තත්වයක් තියෙද්දී තමයි මේ ආයෙත් පාරක් අපිට උපහාර තියන්න ආණ්ඩුවට පපුව උණු වෙලා තියෙන්නේ. අපි දන්නවා ආණ්ඩුවල උපහාර ගැන. මල් මාලා දායි. ටකරං බෙදයි. කක්කුස්සි පෝච්චි දෙයි. දොස්තරලා නර්ස්ලා ගෙනත් බොරුවට වෛද්‍ය සායන තියයි. අපේ ළමයින්ගේ ඔළුව අතගායි. සතපහකට වැඩක් නැති කඩදාසි සහතිකයක් දෙයි.
අපිට මේවා එපා. අපි කව්රුවත් මේවා ඉල්ලුවේ නැහැ. මුළු රටක්ම බඩගින්න වෙනුවෙන් ඒකට එරෙහිව සටන් කරද්දී කෝටි ගාණක් මේ වගේ බොරු උපහාර වෙනුවෙන් වියදම් කරන්න ආණ්ඩුවකට කොහෙන්ද සල්ලි. මොකෝ නරේන්ද්‍ර මෝදි දෙනවද.
ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ දැන්වත් මේ බොරු ෂෝ එක නවත්තන්න. ණයට අරං මඟුල් කන්න ලෑස්ති වෙන්න එපා. කානිවල් එපා. රටේ හැමෝටම තුන්වේල කාලා, ලෙඩකට දුකකට බෙහෙත් ටික අරගෙන, දරුවන්ට උගන්නගෙන, නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක් දෙන්න.”
---සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ්
24/12/2022
උතුරු, නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවලින් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් වල අධික මිදුම පවතින නිසා මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි වැඩිදුරටත් දැනුම්දෙනවා.
--2022.12.24
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo