Ruby's Knit Shop
12/08/2025
ජීවිතය හොයන මිනිස්සු හිටියේ හීතල කඳුකරේ නෙවෙයි
දූවිලි පිරුණ පාරවල් ගානෙ ඇවිදින,
වාහන තදබදේ මැද කන් දෙකට එපාම වෙන හෝන් සද්ද ඉවසගෙන,
අහස උසට නගින බිල්ඩින් අස්සේ
දවස් පුරා එන්ජින් වගේ වැඩ කරලා හෙම්බත් වෙලා,
ගෙදර කියලා කියන තව කොන්ක්‍රීට් ගොඩක උඩ තට්ටුවක බැල්කනිකට වෙලා
කොල පාටක් වෙනුවට කහ පාට වීදි ලාම්පු පේන තෙක් මානෙට කනාමැදිරියො වගේ දිලිසෙන හැටි බලාගෙන
හැම කාමරයක් ගානෙම බිල්ඩිමක් ගානෙම මේ රාත්‍රියේ සුන්දරබව කෙලසන විදුලි ආලෝක දිහා බලාගෙන
ඊලග දවස වෙනකන් ඉතුරු පැය ටික ගෙවාගන්න පොඩ්ඩක් හුලං පොදක් වද්දන්
පරණ සින්දුවක් අහගෙන
දුමක් ඇදගෙන
පාලුව යවාගන්න මොකක් හෝ ක්‍රමයක් අත්හදා බලන මිනිස්සු තමයි....
ඇත්තටම ජීවිතේ හොයන්නේ.
කවදා මේ ඒකාකාර ජීවිතෙන් මිදිලා තමන් ආස නිදහසේ හුස්ම ගන්න පුලුවන් දවසක් වෙනකන් බලාගෙන ඉන්නේ කොන්ක්‍රීට් අස්සේ හිරවුන මිනිස්සු.
මේ වගේ වෙලාවක මට මතක් වෙන්න අතුල අධිකාරී එක්ක සමිතා මුදුන්කොටුව ගැයුව "සදපානක් සේ ඇවිදින්" සිංදුව.
දූවිලි සුවඳින් පිරුණත් ඉපදුන නගරේ..
අතැර නුඹට ගමට යන්න බෑ..
මේ නගරය අත්හරින්න බෑ..🎶
Ruby's Knit Shop
පන දෙන්න වගේ ඉදලා ඕනම වෙලාවේ දාලා යන අයයි, කරදරයක් වෙන්න යනවා දැන දැන අහක බලාගෙන හිටපු අයයි අතර වෙනසක් නෑ යාලුවා
08/08/2025
නිකිණි පුර පොහොය දිනයක් වේවා 🙏🤍
06/08/2025
පුංචි බලාපොරොත්තුවක් ඇති අලුත් දවසක් නැවුම් හැඟීමකින් පටන්ගන්න 🌞 උත්සාහය අත්නොහැර දිගටම රැඳීසිටින්න. අනුන්ගේ දියුණුව සමඟ තමන්ගේ ඇති නැති කම් සංසන්දනය නොකර තමන්ට තියන දේවල් දිහා බලනකොට තමයි තමන් ගැන තෘප්තිමත් වෙන්න පුලුවන්.
සියලු කටයුතු සාර්ථක වෙන යහපත් දවසක් වේවා 🙏
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo