Maze by Generation ALPHA
Its chatbot can connect with websites, YouTube channels, and other social media pages (Facebook, Instagram, LinkedIn, Twitter, etc.)
27/12/2023
2023 මොකද උනේ? 24 මොකද වෙන්නෙ? 🙃😇
මම full time job එකෙන් අයින් වෙලා ALPHA එක officially register කරලා දැනට අවුරුද්දයි, මාස කීපයක් වෙනවා.
අපේ vision එක උනේ, රටේ ඉන්න ඕනම teenager කෙනෙක්ට තමන්ගේ passion එක identify කරගෙන, අවශ්‍ය tech/people skills කියන ඒවා හදාගෙන තමන්ගේ future එක හදාගන්න පුලුවන් platform එකක් හදන්න. ඒකට ඉතින් තව සෑහෙන මහන්සි වෙන්න ඕන.
හැබැයි මේ තියෙන්නෙ මේ වෙත්දී අපේ internal member base එකේ count එක. මේ අවුරුද්ද ඉවර වෙත්දී 200 හරී. හොදම දේ තමා මේ 200 ලන්කාවේ එක එක university වලින්, university නොවන ඒවයින්, එක එක ethnicity වලින් හැදුන හොද diversity එකක් තියෙන group එකක් උන එක. අනික් අතට industry එකෙනුත් අපි ලමයින්ට diversed experience එකක් ගන්න පුලුවන් partnership කීපයක් form කලා, කරගෙන යනවා.
Generation ALPHA එකේ shape එක සහ position එක ගත්තොත්. ඒක හරියටම position වෙන්නෙ industry එකත් student community එකත් bridge කරන තැන විදියට.
We are not an expert of a subject. But we will be the experts of networking for students.
ඉතින් මේක sand box එකක් ලමයින්ට අලුත් දේවල් try කරන්නත් වැරදීම් වලින් ඉගෙන ගන්නත් තමන්ව එක level එකකට වෙනකන් groom කරගන්නත්.
Foundation එක හැදුනට පස්සෙ, attitude එක හැදුනට පස්සෙ එයාලා එයාලගෙ path එක එයාලට හරියන experts ලා, mentors ලා හොයාගෙන ගිහින් එයාලගේ path එක shape කරගන්නවා.
මේ අවූරුද්දෙ අපි එක එක දේවල් try කර කර, pivot කර කරම ඉගෙන ගත්ත අවුරුද්දක්. End goal එක එහෙමම තියාගෙන ඒක කරන විදිය එක එක පැත්තට හරවලා බැලුවා. මෙතනදි අපේ achievements වගේම weak points ත් තිබුනා.
උදාහරණයක් විදියට members ලා ප්‍රමාණය වැඩි වෙනකොට එයාලා හැමෝටම opportunity හදලා දෙන්නෙ කොහොමද කියන එක, අපි ගාව talent pool එක තිබ්බට university වල ඉගෙන ගන්න අය වැඩි නිසා job opportunities වගේ bridge කරන්න බැරි ප්‍රශ්න.
කොහොමහරි සෑහෙන brainstorm කරලා මමයි Chathushkee Amuwatta අපි දවස් ගානක් plan කරලා ඊලග අවුරුදදේ ඉදන් වෙනස් වෙන්න ඕන දේවල්.
ඉතින් 2024 ඉදන්, අපිත් එක්ක join වෙන ලමයින්ට ලැබෙන්නෙ membership එකක්. එයාලට membership benefit set එකක් ලැබෙනවා free mentorship opportunity එක්ක.
Already තියෙන Project වලට එයාලගෙ interest එක එක්ක add වෙන්න පුලුවන්.
Project එකකට allocate උනත් නොවුනත් ඕන member කෙනෙක්ට participate කරන්න පුලුවන් workshop set එකක් අපි හැම මාසෙම සතියට දෙපාරක් කරනවා. මේවා physical workshops. එතකොට කාටවත් opportunity නැතිවෙන්නෙ නෑ.
Communication skills හදාගන්න, personal branding side එක හදාගන්න, network එක හදාගන්න සරලවම කෙනෙක්ට මේ workshops 6 කට attend කරන්න පුලුවන් නම්, හොදටම ඇති ලොකු වෙනසක් වෙන්න.
මේ workshop series එකේම sub part එකක් විදියට train the trainer program එකක් යනවා ලමයින්ව instructors ලා විදියට පුරුදු කරන්නත්. එතකොට එයාලට එයාලගෙ knowledge තව අයට දුන්න හැකි.
මීට අමතරව අපේ mentorship program එකේ කොටසක් විදියට startup focus කරලා startups වලට එයාලට support එක ඕන උනාම consult කරන්න mentor pool එකක් සහ industry jobs ගැන කියලා දෙන්නම තව mentor pool එකක් හැදෙනවා.
තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. 2024 අපි හිතපු strategy එක හරිගියොත් අපිට ඒක scale කරන්නත්, replicate කරන්නත් පුලුවන්. ඒකියන්නෙ තව ලමයි ගොඩකට opportunity එක ලැබෙනවා.
ඉතින් මේ වෙනකන් itsss sooooo much of hard work. ඊලග අවුරුද්ද ඊට වඩා අමාරු වෙයි. 🙃 ඒවුනාට අපි දිගටම කරනවා. 😇 අපිට උදව් කරපු, අපිත් එක්ක හිටපු හැමෝටම thank you. ❤️
ජය ❤💚
02/11/2022
"Maze" පටන් ගන්න හේතුව මොකක්ද? 🧩
🔹 අපි කලින් post එකේ කීවා වගේම, අපේ රටෙත් වෙනත් රටවලිනුත් අපට ලබාගන්න පුලුවන් උසස් අධ්‍යාපනික අවස්ථා සහ වෘත්තිය පුහුණු අවස්ථා ගොඩාක් තියෙනවා.
🔹 හැබැයි අවාසනාවකට අපිවත්, දරුවන්වත් බොහෝ වෙලාවට දෙමව්පියනවත් මේවා ගැන දන්නෙ නෑ. මෙන්න මේ නොදැනුවත්කම නිසා දරුවන්ට වටිනා අවස්ථා අහිමි වෙනවා.
🔹 පාසලෙන් කරන දැනුවත් කිරීමකදී හැර බොහෝ වෙලාවට දරුවන්ට මේ තොරතුරු ලබා ගත හැකි හොදම ක්‍රමය digital අවකාශයයි. නමුත් දරුවන් මේවා භාවිතා කර තොරතුරු ලබාගන්නෙ ඉතාමත් කලාතුරකින්.
🔹 මේ තත්වයට හේතු ලෙස,
1. සියලුම ආයතන වලට websites, social media pages තිබුනත් ඒවා තැන තැන විසිරිලා තියෙන නිසා දරුවෙක්ට/දෙමව්පියෙක්ට පහසුවෙන් ඒවා ගැන දැනගැනීමට හැකියාවක් නෑ.
2. ගොඩක් වෙලාවට ආයතනයක website එකක් හදන්නෙ ඒකට එන හැම visitor type එකක්ම target කරලා. එතකොට ගොඩක් ලොකු තොරතුරු ප්‍රමාණයක් website එකේ අඩංගු වෙනවා.
මේ හේතුව නිසා දරුවෙක්ට තමන්ට අවශ්‍ය තොරතුර website එකෙන් extract කරගන්න තරමක් අපහසුයි.
3. අපි කීවට අපේ ඊලග පරපුර ගොඩක් tech savvy කියලා, අපේ රටේ පැති ගණනාවක් තියෙනවා එහෙම නැති.
ඒ වගේම සාමන්‍යෙන් දරුවන් self motivated නෑ මේ වගේ දේවල් තනියම හොයාගෙන කරන්න.
ඒ වගේම digital devices - mobile phones, laptops හිගය වගේ ප්‍රශ්නත් තියෙනවා.
4. ගොඩක් වෙලාවට පාසලෙන් හැර දරුවෙක්ට මේ පිළිබද පුද්ගලිකව අහලා දැනගන්න counselor කෙනෙක්ව සම්බන්ද කරගන්න එක ටිකක් අමාරුයි.
පාසලෙන් අයින් වෙලා ඉන්න දරුවෙක්ට නම් පාසලෙන් ලැබෙන guidance එකත් ලැබෙන් නෑ.
ඒ වගේම මෙම ආයතන ගැන දැනුවත් කරන, courses ගැන කතා කරන you tube channels, social media pages ඕන තරම් තියෙනවා. බොහෝ courses, opportunities ගැන ඔවුන් ඉතාම විස්තරාත්මකව කතා කරනවා.
නමුත් දරුවන්ට ඒවා reach වෙන්නෙ කලාතුරකින්.
🔹 ඉතින් මේ වගේ අපි අදුරගත්ත challenges ගණනාවක් තියෙනවා. බොහෝ දරුවන්/තරුණයන් නිසි මාර්ගෝපදේශනයක් නැති කම නිසා ගොඩක් අවස්ථා අහිමි කරගන්නවා.
ඉතින් මේ challenges, කොහොමද "Maze" මගින් විසදන්නෙ? ඒක අපි ඊලග post එකේ කතා කරමු. 🧩
Our social media pages:
⭕ https://www.facebook.com/maze2025 🧩
⭕https://www.facebook.com/generationalpha2025 🦅
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Address
Colombo
Colombo