Mindfully & Co. By Rashi

Mindfully & Co. By Rashi

Share

05/02/2024

27/01/2024

ජීවිතේ හරි අමාරුයි නේද.. ජීවිතේටත් වඩා ජීවත් වෙන එක හරි අමාරුයි නේද...
අපිට වරදිනවා
අපිට වරද්දනවා
දුක් වෙනවා
අපිව දුකට පත් කරනවා
අපි අඩනවා
අපිව අඩවනවා
අපි ආදරේ කරන මිනිස්සු අපිට නැති වෙනවා
අපිට ආස කරන දේවල් කරන්න බැරි වෙනවා
අපි රැවටෙනවා
අපිව රවට්ටනවා
අපිව පාවිච්චි කරනවා
අපි පාවිච්චි වෙනවා

ඒත් අපි වැටෙන ඒ හැම මොහොතකම ආයෙත් නැගිටිනවා. ආය මම රැවටෙන්නේ නෑ, දුක් වෙන්නේ නෑ , පාවිච්චි වෙන්නේ නෑ කියලා හිතලා අපි ආය නැගිටිනවා...

ඒත් ටික කාලෙකින් අපි ආයෙත් මේ විදියටම මනසින් වැටෙනවා, දුක් වෙනවා, පාවිච්චි වෙනවා, අඩනවා.. ඒත් අපි ඒ හැම මොහොතකම ආයෙත් නැගිටිනවා. හැමදේම අලුතින් පටන් ගන්නවා.

ඉතින් ඉඩ හරින්න ඔයාට ඔයාව ගවේශනය කරන්න. ඔයාගේ දරා ගැනීමේ තරම, ඔයාගේ ඉවසීම, ඔයා මිනිස්සු ගැන ලෝකය ගැන ඉගන ගන්න දේ ගැන සතුටු වෙන්න. ආයේ ආයෙත් නැගිටිමු අපි ජිවිතේ වැටෙන හැම මොහොතකම. මේ තමා ජිවිතේ. මේ තමා ජීවත් වෙනවා කියන්නේ..

28/10/2023

ජීවිතේ සමහර අවස්ථා එනවා අපි නවතින්නම ඕන. බෑ කියලා හිතුනත්, අපි නවතින්නම ඕන. අපි අපිවම පාලනය කරගන්න ඕන. තමන්ට නිවැරදි දේ, තමන්ගේ soul එකට නිවැරදි දේ, තමන්ගේ soul එක දූශනය වෙන්නේ නැති දේ, තමන්ට වටිනාකමක් තියන එහෙමත් නැත්තන් තමන්වම තෝරගන්න, තමන්වම නවත්ත ගන්න, පාලනය කරගන්න ඕන අවස්ථා.

මේ කියන පාලනය එක දවසකින් කරන්න පුලුවන් දෙයක් නම් නෙමෙයි. සමහරවිට දවස්, සති,මාස, අවුරුදු ගානක් මේ සදහා ගතවෙන්න පුලුවන්. අතීතය, වර්තමානය සහ අනාගතය යන සියල්ල හමුවේ ඉතාමත් හෙමින් ඔබ ඔබවම තෝර ගන්නවා. ඔබට කාටත් වඩා ඔබව වටින බව හැගෙනවා. ඔබේ මානසික නිදහස, මානසික සතුට හැම දේටමත් වඩා වැදගත් බව වැටහෙනවා.

ඉතින් ආපහු හැරෙන්න එපා. අමාරු වුනත් ඔබ ඔබවම තෝර ගන්න.
BECAUSE AT THE END OF THE DAY, YOU HAVE ONLY YOU💫♥️

#රශී

04/05/2023

සුබ උදෑසනක් 🌻♥️

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo