JaYa
17/03/2024
✨️🖤😪
කාන්තාර තෙමුනෙ වැස්සට උනාට.....
සමහර කාන්තාර තෙමුනෙ වැස්සට නෙමේ සමහර නෙත් වලින් වැටුනු කදුලු වලට.
ඒත් ඒ කදුලු පිටිපස්සෙ තිබුනෙ ලොකු දුකක් දරාගෙන නොඅඬා ඉන්න උත්සහ කරපු හිත් විතරයි.
ඒත් කාලය ගතවෙලා යද්දි නොදැනීම කදුලු ගෙන එන්නෙ වෙන මොනවත් නෙමේ.
හැමදාම හැමදේම වෙනුවෙන් ලඟින්ම හිදියි කියල හිතල ආශ්‍රේ කරපු මිනිස්සු.
නමුත් කවදත් ඒ මිනිස්සු නිසා මෙච්චර රිද්දගනී කියල දැනගෙන හිටියොත් ආශ්‍රේ කරන එකට පවා අක්මැති වෙලා ඇති ඒ හිත්.
මගහැරල යන්න කියල හිතුවත් ඒ හිත් ඒ මිනිස්සු එක්ක ගැටුනු තරම එක්ක මගහැරීම කියන්නෙ නිකන්ම වචනයක් විතරයි.
මේ හිත් තේරුම් ගන්න එක්කෙනෙක්වත් හිටියනම් මේ වැසි වසින්න හේතු නොතියෙයි.
By : JaYa🖤°__|
08/11/2023
✨🖤🎼
-
-
-
-
මෙහෙමයි,
දරාගන්න බැරි තරම් දුක් කන්දරා හිතේ තියෙද්දි සාමාන්‍ය විදිහට හැසිරෙන්න උත්සහ කරාට.
ඒ ප්‍රශ්න මතක් වෙනකොට ඒ උත්සහය අසාර්ථක වෙනව.
එහෙම වෙලාවක පොඩිහරි සහනයක් අරගෙන එන්නෙ සින්දුවකින් විතරයි.
එහෙත් ඒක හැම සින්දුවටම කරන්න බෑ.
නමුත් සමහරක් සින්දු තියනව හරි ලස්සනට දුක මකනව.
එහෙම සින්දු මටත් හම්බුනා.
විඩාවට පත් වූ සිතකට සහනයක් ගෙනදෙන සින්දු මේව.
• දළදා මල්
https://youtu.be/4MACajCuaC4?si=gbpFE_tEb-veRGA5
• ආදර කතාව
https://youtu.be/qJvZ1U1k2OY?si=PglPP82fYD8ciH9v
• කබුකි
https://youtu.be/SntSAV3xJ2A?si=4dU_oHzu1VBE93rg
• සන්නාලී
https://youtu.be/1P1ZVY46_v4?si=dO7v1BPhWVAO20na
• මිදෝරි
https://youtu.be/YzsZf4SOzsc?si=UPgKht0ndfrF1YF9
සාමාන්‍ය සින්දුවක්නෙ කියල හිතල ඇබ්බැහි වෙන්න එපා ✨🤍🎶
Janana Kudathanthirige
JaYa🖤°__|
🎼
05/11/2023
✨🤍👣
මටත් ආසයි දවසක් හරි...
අවසානයක් නැති පාරක තනියෙන් ඇවිදින්න.
කුඩයක් නැති වෙලාවක වැස්සට තුරුළු වෙන්න.
මුහුදු කුණාටුවක් මැද නැව් නගින්න.
මල් කිනිත්තක සුවද තනිව විදින්න.
කඩාගෙන වැටෙන තරුවක් වගේ ඇදෙන්න.
හිස් පිටුවක ඇදුනු චිත්‍රයක් වෙන්න.
ලොකූ ගලක කෙටුනු කුරුටු ගීයක් වෙන්න.
මටත් හරි ආසයි ✨🤍🎼
JaYa🖤°__|
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01