Fiverr Starter Pack

Fiverr Starter Pack

Share

12/01/2022

𝗙𝗶𝘃𝗲𝗿𝗿 යනු ?

Fiverr යනු විවිධ ඩිජිටල් සේවාවන් මිලදී ගන්නා සහ විකුණන Online වෙළඳපොලකි. fiverr තුල බොහෝ ක්ෂේත්‍රයන් සඳහා අවස්ථාව ඇති බැවින් ඔබට පහසුවෙන් fiverr මඟින් මුදල් ඉපයීම කල හැක. එම නිසා ඔබගේ දක්ෂතාවය කුමක් වුවත් ඔබ කැමති දේ කරමින් මුදල් ඉපැයීමට Fiverr ඔබට නිවැරදිම ස්ථානය වේ.
Fiverr හි ඩොලර් 5 සිට ඩොලර් 10000 ක් දක්වා මිල ගණන් යටතේ සේවා අලෙවි වන අතර සෑම තත්පර 4කට වරක්ම Gig එකක් මිලදී ගැනීම සිදුවේ.

𝗙𝗶𝘃𝗲𝗿𝗿 වල වැඩ කරන්නේ කොහොමද?

Fiverr පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා Fiverr වල භාවිතා කරන පහත යෙදුම් හඳුනා ගැනීම වැදගත් වේ.

Gig - Fiverr හි ලබාදෙන සේවාවක් gig ලෙස හැඳින්වේ.

Seller - Fiverr තුල ලියාපදිංචි වී gigs මගින් සේවාවන් ලබා දෙන විකුණුම්කරු “Seller” ලෙස හැඳින්වේ.

Buyer - Fiverr හි gigs මගින් සේවා මිලදී ගන්නා ගැනුම්කරු “Buyer” ලෙස හැඳින්වේ.

Order - ගැනුම්කරුවෙකු විකුණුම්කරුවෙකුගෙන් ගිග් එකක් මිලදී ගන්නා විට එය Order එකක් ලෙස හැඳින්වේ.

fiverr හරහා විකුණුම්කරු සහ ගැනුම් කරු හට ඔවුන්ගේ ගනුදෙනු හා සේවා සම්බන්දව තොරතුරු හුවමාරු කරගත හැක. Gig එක මිලදී ගැනීමට ප්‍රථම ගැනුම්කරුට විකුණුම්කරුවන්ගේ ගේ profiles පරික්ෂා කිරීමෙන් ගැලපෙන විකුණුම් කරුවකු තෝරා ගත හැක. එසේම සේවා විකිණීමට බලාපොරොත්තු වන අයට buyer requests පරික්ෂා කිරීම මගින් සුදුසු ගැනුම්කරුවන් සොයාගත හැක.

ඕඩර් එකක් සඳහා නියමිත මිලක් සේම අවසන් කිරීම සඳහා නියමිත කාලයක් සහ ඉලක්කයක් ගැනුම්කරු සහ විකුණුම්කරු ට නියම කර ගත හැක. අදාල කාර්යය නිම කළ පසු “complete” යනුවෙන් සඳහන් කිරීමෙන් ගැනුම්කරුට ඕඩර් එක අවසාන කළ හැකි අතර එසේ නොමැති නම් අවශ්‍ය සංශෝධන (revisions) කර දෙන ලෙස ඉල්ලා සිටිය හැක බය විසින් එම සංශෝධන සම්පූර්ණ කළ පසු ඔහුට අදාළ මුදල් ලබාගත හැක.

𝗣𝗿𝗼𝗰𝗲𝘀𝘀𝗶𝗻𝗴 𝗳𝗲𝗲, 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 𝗳𝗲𝗲 කියන්නේ මොනවාද ?

ගැනුම්කරුවන් විසින් Order එක ආරම්භයේ දී ම ඊට අදාළ මුදල ගෙවිය යුතුය. එහිදී fiverr මගින් ගැනුම්කරු ගෙන් procecing fee හෙවත් සැකසුම් ගාස්තුවක් අයකර ගනු ලැබේ. මෙය dollar 20 ට අඩු මිලදී ගැනීම සඳහා ඩොලර් එකක් ද ඊට වැඩි වන මිලදී ගැනීම් සඳහා මුළු මුදලින් සියයට 5 ක් ද ලෙස වේ. order එක අවසාන කළ පසු Seller හට fiverr මගින් ඔහුගේ ගෙවීම් සිදුකරන ලබන අතර එම මුදලින් සියයට 20 ක ප්‍රමාණයක් සේවා ගාස්තුවක් ලෙස fiverr මඟින් අයකරගනු ලැබේ. එනම් ඩොලර් දහයක් වටිනා සේවාවක් සම්පූර්ණ කළ පසු Seller වෙත ලැබෙනුයේ ඩොලර් 8කි.order එකක් සම්පූර්ණ කළ පසු buyer හට විකුණුම්කරුගේ සේවාව පිළිබඳ අදහස් දැක්වීමක් (reviews) කළ හැකි අතර seller ගේ profile එක තුල ඕනෑම අයෙකුට දැක ගත හැකි ලෙස එම reviews දර්ශනය වේ. එම reviews මැකීමට හෝ සංශෝධනය කිරීමට නොහැකි අතර හොඳ reviews ලබා ගැනීම මගින් ඔබගේ සේවාවන් පිළිබඳ ගැනුම්කරුවන් ආකර්ෂණය වීම හරහා වැඩි ඇනවුම් ප්‍රමාණයක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත.

𝗙𝗶𝘃𝗲𝗿𝗿 වල විකුණුම් මට්ටම්

ෆයිවර් තුළ ඔබගේ පළපුරුද්ද, නිමකර ඇති order ප්‍රමාණය, උපයා ඇති මුදල ආදි කරුණු සලකා බලා විවිධ මට්ටම් යටතේ විකුණුම්කරුවන් ලේබල් කර ඇත.

New seller - ෆයිවර් සමඟ අලුතින්ම සම්බන්ධ වී gig එකක් එකතු කළ seller කෙනෙකු new seller ලෙස හැඳින්වේ.

Level One Seller - අවම වශයෙන් $400ක මුදලක් උපයා ගත් පසුව සහ order දහයක් complete කර අනිකුත් අවශ්‍යතා සපුරා ලූ පසු පළමු මට්ටමේ විකුණුම්කරු යන label එක ලබාගත හැක

Level 2 Seller - $2000 අවම උපයා ගැනීමක් සිදු කර ඇනවුම් 50 ක ප්‍රමාණයක් සම්පූර්ණ කරන ලද අනෙකුත් අවශ්‍යතා ද සපුරා ලූ විකුණුම්කරුවකු දෙවන මට්ටමේ විකුනුම්කරුවෙක් ලෙස හඳුන්වනු ලැබේ.

Top-Rated Seller - ෆයිවර් තුළ විකුණුම් කරුවෙකුට ලැබෙන ඉහලම ශ්‍රේණිගත කිරීම මෙයයි.අවම වශයෙන් $20000 මුදලක් උපයා ගන්නා ලද සහ ඕඩර් 100ක් ඇතුළු අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කරන ලද විකුණම්කරුවකු හට මෙම ඉහලම ශ්‍රේණිගත කිරීම ලබා ගත හැක.

𝗙𝗶𝘃𝗲𝗿𝗿 වෙත සම්බන්ධ වීම නොමිලේද?

ඔව්. Fiverr වෙත සම්බන්ධ වීමට ඔබට කිසිදු ආකාරයක ලියා පදිංචි ගාස්තුවක් හෝ සම්බන්ධවීමේ ගාස්තුවක් වැය නොවේ.fiverr ඔබගෙන් ගාස්තු අය කරනු ලබනුයේ buyer කෙනෙකු සේවාවක් මිලදී ගැනීමට ඇනවුම් කිරීමේදී හෝ seller කෙනෙකු විසින් තම සේවාවන් විකිණීමේදී පමණි.

𝗙𝗶𝘃𝗲𝗿𝗿 ආරක්ෂිතද ?හොඳද? විශ්වාසයි ද?

පිළිතුර ඔව්, Fiverr ලෝ පුරා ප්‍රචලිත ඉතා ජනප්‍රිය විශ්වාසවන්ත වෙළඳපොලක් වන අතර ෆයිවර් තුළ දැඩි නීති රීති තිබේ. ඕනෑම ආකාරයක වංචා කිරීමක් සිදුවුවහොත් සහ එමගින් එසැණින් ඔබව අවහිර කරනු ලැබේ. ඔබ ගැනුම්කරුවකු නම් ආරම්භයේදීම මුදල් ගෙවීම පිළිබඳව ඔබ බියට පත්විය හැකියි. නමුත් ඔබ විසින් ලබා ගන්නා ලද සේවාව පිළිබඳ තෘප්තිමත් වන තුරු ෆයිවර් විසින් එම මුදල seller වෙත නො ගෙවනු ලබන බැවින් අදාළ සේවාව පිළිබඳ තෘප්තිමත් නොවන්නේ නම් පහසුවෙන් ඔබ ගෙවූ මුදල් නැවත ලබාගැනීමට fiverr තුළ හැකියාව පවතී.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo