SL Knowledge Bank

SL Knowledge Bank

Share

09/03/2026

🚨 ඇමරිකාවත් පුදුම වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය.

ඊශ්‍රායලය විසින් සිය ප්‍රහාරක ගුවන් යානා යොදා ගනිමින් සෙනසුරාදා දිනයේදී ඉරානයේ ටෙහෙරාන් ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉරාන තෙල් ගබඩා සංකීර්ණ ඉලක්ක කර ප්‍රහාරයන් දියත් කරන ලදි. වාර්තා වන ආකාරයට තෙල් ගබඩා සංකීර්ණ 30 කට පමණ මෙලෙස ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ලවී ඇත.

එම ප්‍රහාර වලින් පසුව ඉරානයෙන් නිකුත් වූ වීඩියෝ පටවලින් අහසට නැගෙන ඉතා විශාල ගිනි ජාලාවන් දිස්වූ අතර ටෙහෙරාන් නගරයට ඉහළ අහස දැඩි අදුරු ස්වභාවයක් ගෙන දෙන තරම් මහා පරිමාණ හානියක් සිදුව තිබුණි.

මෙලෙස ප්‍රහාර එල්ල කිරීමට පෙර ඊශ්‍රාලය විසින් ඇමරිකානු පාර්ශවය දැනුවත් කර මෙම ප්‍රහාර එල්ල කර තිබූ නමුත් ඇමරිකානු පාර්ශ්වය බලාපොරොත්තු වූ මට්ටම ඉක්මවා ගිය ප්‍රහාරයක් ඊශ්‍රායලය විසින් එල්ල කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ සිට ඉතාමත් සහ සහයෝගයෙන් කටයුතු කල ඊශ්‍රාල හා ඇමරිකානු පාර්ශ්වයන් අතර පළමු වරට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යම් නොඑකගතාවයක් මතුව ඇති බව සදහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන ආකාරයට ඊශ්‍රායලය විසින් එල්ල කල ප්‍රහාරයන්හි විශාලත්වය පිළිබදව ඇමරිකානු පාර්ශ්වය විශ්මයට පත්ව ඇත. එමෙන්ම මෙලෙස ඉරාන තෙල් සංකීර්ණ ඉලක්ක කිරීම උපායමාර්ගික වශයෙන් ඉදිරියේදී අවාසිදායක තත්ත්වයන් මතුවීමට හේතු කාරණාවක් වනු ඇති බවට ඇමරිකානු පාර්ශවය විශ්වාස කරන බව සදහන්ය.

ඊට හේතු ලෙස, ඉරාන සාමාන්‍ය ජනතාව අතර මෙම ප්‍රහාරයන් පිළිබදව විරෝධාකල්ප ඇතිවීමට හැකියාවක් තිබීම මගින් ඉරාන රෙජිමයට පක්ෂපාති ආකල්ප මතුවීමට ඇති හැකියාව හා තෙල් මිල ගණන් ඉහළ යාමට මෙය සෘජු හේතුවක් වීමට බෝහෝ සෙයින් හැකියාවක් තිබීම ලෙස දැක්විය හැක.

මේ අතර මෙම ප්‍රහාරයන් පිළිබදව ඉරාන පාර්ශවයෙන්ද අදහස් දැක්වීම සිදු වූ අතර ඉරාන රෙජිමයේ ඉහළ මට්ටමේ නිළධාරියෙක්ගේ අදහස් දැක්වීමකට අනුව , මෙලෙස ඉරාන තෙල් ගබඩා සංකීර්ණ ඉලක්ක කර ප්‍රහාර දිගින් දිගටම එල්ල වන්නේ නම් ඉරානයද ඒ හා සමාන ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවයි. එසේ වුවහොත් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 200 ක් දක්වා වුවද ඉහළ යා හැකි බව ඔහු සදහන් කර ඇත.

(මූලාශ්‍රය - AXIO වාර්තාවක් උපුටා ගනිමින් මෙම ලිපිය සකස් කර ඇත)

- SL KNOWLEDGE BANK

08/03/2026

🚨 IRAN NEW SUPREME LEADER HAS BEEN ANNOUNCED !

🚨 BREAKING - IRAN NEW LEADER

ඉරානයේ නව අධ්‍යාත්මික නායකයා ලෙස මොජ්ටාබා කමේනි තෝරාපත් කරගත් බව ඉරාන මාධ්‍ය වාර්තාකාර ඇත.

ඔහු ඝාතනයට ලක්වූ අයතුල්ලා අල් කමේනිගේ පුත්‍රයා වේ.

08/03/2026

🚨 ඇමරිකාවට හා ඊශ්‍රායලයට හිසරදයක් වන මොසැයික් යුධ උපක්‍රමය.

පසුගිය 28 වෙනිදා දින ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටා තිබූ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනීගේ පෞද්ගලික නිවහන ඉල්ලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ලවූ අතර එම ප්‍රහාරයෙන් අයතුල්ලා අල් කමේනී හා ඉරාන පාලන තන්ත්‍රයේ ඉහළම නායකයින් ගණනාවක් ජීවිතක්ෂයට පත්වූ වූ බව ඔබ හැම දෙනාම දන්නා කරුණක්.

අද අප කතා කිරීමට සූදානම් වන්නේ එම ප්‍රහාරයෙන් පසුව ඉරාන රජය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවට පැවසෙන හා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවතෙන බව ඉගි පලවන ඉරාන විශේෂ ආරක්ෂක යුධ උපක්‍රමයක් පිළිබඳවයි. එනම් මොසැයික් (MOSAIC) යුධ උපක්‍රමය පිළිබඳවයි.

ඉරානයේ හමුදාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. එනම් ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාව හා රජයේ සාමාන්‍ය හමුදාව වේ. (ISLAMIC REVOLUTIONARY GUARDS & REGULAR ARMY). මේ අතරින් වඩාත් ප්‍රබළම හමුදාව IRGC හෙවත් ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාව වන අතර එම හමුදාව ඉරානයේ රජයට විශේෂයෙන් ආගමික පාලන තන්ත්‍රයට දැඩි පක්ෂපාතීත්වයක් දක්වනු ලබයි. 1979 වසරේදී ඇතිවූ ඉරාන විප්ලවයෙන් පසුව බලයට පැමිණි පළමු ඉරාන ආධ්‍යාත්මික නායක Ayatollah Ruhollah Khomeoni විසින් ඉරාන විප්ලවය ආරක්ෂා කර ගැනීමට මෙම විශේෂ ආරක්ෂක හමුදාව පිහිටුවනු ලැබීය. IRGC ය හමුදා සාමාජිකයන් 150,000 - 200,000 පමන පිරිසකගෙන් සමන්විත බව වාර්තාවන්හි දැක්වේ.

මොසැයික් ආරක්ෂක උපක්‍රමයට අනුව සතුරු පාර්ශවකින් ඉල්ල වන ප්‍රහාරයක් හෝ ආක්‍රමණයක් හේතුවෙන් ඉරාන පාලන තන්ත්‍රයේ හා ආරක්ෂක අංශයන්හි ඉහළ නායකයන් හා නිළධාරීන් ඝාතනය වී හමුදාවන්ට මධ්‍යම නියෝග ලබාදීමේ ජාලයේ බාධාවීම් ඇති වූ තත්වයකදී ඉරාන ආගමික පාලන තන්ත්‍රය ආරක්ෂා කරගනිමින් සතුරන්ට දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට මෙම ආරක්ෂක උපක්‍රමය සකස් කර ඇත.

ඉරාන භූමිය ප්‍රදේශ 31 කට බෙදා වෙන්කර ඇති අතර එම සෑම ප්‍රදේශයකම ඉරාන විප්ලවවාදී හමුදාවේ මූලස්ථානයක් ,ප්‍රාදේශීය හමුදා නායකයන් කණ්ඩායමක් හා අණ හා නියෝග ලබාදීමේ ජාලයක් සකස් කර ඇත. මොසැයික් ආරක්ෂක උපක්‍රමයට අනුව ඉරානයේ ටෙහෙරානයෙන් මධ්‍යම නියෝග නොලැබෙන තත්වයකදී එම ප්‍රාදේශීය නායකයන් හට සතුරන්ට එරෙහිව ප්‍රහාර සැලසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණ බලතල හිමිවේ. ඒ අනුව මොසැයික් කණ්ඩායම් 31 තනි තනිව ප්‍රහාරයන් සැලසුම් කරමින් දීර්ඝ කාලීන යුද්ධයක් පවත්වාගෙන යාමට උත්සහ දරනු ලබයි.

මෙම උපක්‍රමය ක්‍රියාත්මක වන විට IRGC හි සෙබළුන් මෙම කණ්ඩායම් 31 වෙත වෙන්වන අතර විශේෂයෙන්ම ඉරානයේ සිටින බසීජ් (Basij) කණ්ඩායම් හෙවත් පැරා මිලිටරි කණ්ඩායම්හි සාමාජිකයන් මෙම මොසැයික් කණ්ඩායම් වෙත සක්‍රීය සේවය සදහා කැදවනු ලෑබේ. වාර්තාවන්හි දැක්වෙන ආකාරයට ඉරාන තුල බසීජ් සෙබළුන් මිලියනයක් පමණ සිටින බව සදහන් වේ. ඔවුන් සමස්ථ ඉරානයේ සෑම නගරයක් පාසා පැතිරී සිටින අතර මනා අවි පුහුණුවක් ලබාගත් සෙබළුන් වේ. වඩා වැදගත්ම කාරණාව වන්නේ IRGC සෙබළුන් හා බසීජ් සෙබළුන් දැඩි ආගමික මතවාදය දරන්නන් හා ඉරාන ආගමික පාලන තන්ත්‍රයට දැඩි පක්ෂපාතී පිරිසක් වීම හා තමන් විශ්වාස කරන ඇදහීම් හා දර්ශනයන් වෙනුවෙන් ඉල්ලා සිටින ඕනෑම දැඩි කැපකිරීමක් වුවද ඉටු කිරීමට සූදානම් පිරිසක් වීමයි.

ඒ අනුව ඉරානය තුල හා ගල්ෆ් කලාපීය රටවල් හිදී විශේෂයෙන් HIT & RUN පන්නයේ ප්‍රහාර එල්ල කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙන අතර එමගින් සැලකිය යුතු කාලසීමාවක යුද්ධයකට මුහුණ දීමට හා සතුරු පාර්ශවයන්ට දරුණු හානි සිදු කිරීමට හැකියාව ඇත.

ඇමරිකාව හා ඊශ්‍රායලය ඉරාන භූමිය තුලට සිය හමුදා යොදවා ගොඩබිම් ආක්‍රමණයක් සිදු නොකිරීමට මූලික හේතුවක් ලෙස මෙය හැදින්විය හැක. ඉරාන භූමිය ප්‍රමාණයෙන් වඩා විශාල වීම , විශාල කදු හා සානු වලින් සමන්විත විවිධ භූ විෂමතාවලින් සමන්විත වීම , ඉරාන ආරක්ෂක අංශ විසින් මනා ලෙස සකස් කර ඇති භූගත උමං මාර්ග හා ඉරානය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මොසැයික් ආරක්ෂක උප්ක්‍රමය ඉරානයට එරෙහි ගොඩබිම් ආක්‍රමණයකදී දීර්ඝ කාලයක් සතුරන්ට මුහුණදී සතුරන්ට දැඩි හානි සිදු කිරීමට මග පාදනු ලබයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා සදහන් කරන ආකාරයට දැනටමත් මොසැයික් ආරක්ෂක උපක්‍රමය ක්‍රියාත්මක කර ඇත. ඊට උදාහරණයක් ලෙස් යුද්ධය ආරම්භ වී පළමු දින කිහිපය තුලදී ඕමානය වෙත ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා , එම ප්‍රහාරය තම රජයේ තේරීමක් නොවන බවත් ඉරාන හමුදා හුදකලාවී ස්වාධීන ක්‍රියාත්මක වීමට ආරම්භ විී ඇති හෙයින් මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ බව ඔහු ප්‍රකාශ කරන ලදි. ඇමරිකාව හා ඉරානය අතර මැදිහත්කරු ලෙස ඕමානය විශාල භූමිකාවක් පසුගිය කාලසීමාව පුරාම ඉටුකරන ලදි.

- SL KNOWLEDGE BANK

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo