Night Thoughts

Night Thoughts

Share

27/12/2025

මහමෙරක උස හැඟුමන් හුඟක්
සිතටත් යටින් සඟවන්නැතී
ඔය රළු දෙඅත් මත දැවටෙන්න මං
හරි ආස බව නුඹ දන්නැතී
ලෙංගතු නුඹේ හසරැල් මැදින් ඔය
පපුතුරේ හිස තියා ඉද්දී
හද ගැහෙන තාලෙට ම සියොළඟ
හෙමින් සැනසෙන හැටි නිවී

වරු ගනන් ගැන ගැනා මං නුඹ
ඒවිදැයි සිත සිත ඉමී
ලෝකයම පසෙකලා මං ඔය
තුරුලෙ සෙනෙහෙන් දැවටෙමී
මොහොතකට නැවතිලා නුඹෙ සුවඳ
සිතට රිසිසේ විඳගමී
හාදුවක් රහසින් තබා
නොකියාම දෙවුරේ ඇලවෙමී

හදම සසැලී කඳුළු බිඳු නෙතු
මතින් හරි හෙමිහිට ලිහී
නුඹෙ රුව ම තිබුනා කඳුලැල්
බිඳක යන්තමට මෙන් එතී
සිහිවුනා ඔය සිහින් නෙත'තර
මාව මට පෙනෙනා හැටී
කවදාක යළි විඳගම් ද මං ඔය
සුසුම් වල රස්නේ හැටී...♥️✨

✨Night Thoughts

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo