Ashi's View
29/04/2026
☺️🥰
27/04/2026
වැස්සට පස්සේ තමයි මල් පිපෙන්නේ.
ජීවිතෙත් එහෙමයි...
ජීවිතේ අඳුරුම වැහි වලාකුළු ඔබේ අහස වසාගෙන ඉද්දී හිතට බයක් දැනෙන එක සාමාන්‍යයි...
ඒත් මතක තියාගන්න, ඒ වැහි බින්දුම තමයි හෙට මල් පිපෙන්න පස සරු කරන්නේ.
දුක, වේදනාව කියන්නේ ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයකට අත්තිවාරමයි.
අඳුරෙන් පස්සේ එළිය එනවා, වැස්සෙන් පස්සේ මල් පිපෙනවා...
ඉවසීමෙන් ඒ සුන්දර හෙට දවසක් බලා ඉන්න.
ඔබ සැමට ලැබූවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට පිරි සුභම සුභ අලුත්. අවුරුද්දක් වේවා!!!!
゚
14/04/2026
ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
இனிய புத்தாண்டு வாழ்த்துக்கள்...!!!
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා දින පූර්ව භාග 09.32ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
13/04/2026
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය යනු ආධ්‍යාත්මික වශයෙන් ඉතා වැදගත් කාල පරිච්ඡේදයකි
පරණ අවුරුද්ද අවසන් වී නව අවුරුද්ද උදාවීමට පෙර පවතින මෙම කාලය තුළ, එදිනෙදා ලෞකික වැඩකටයුතු (ආහාර පිසීම, රැකියා කටයුතු) නතර කර ආගමික වතාවත්වල නිරත වේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ගත වූ වසරේ සිදුවූ අකුසල් දුරු කර, නව වසර සඳහා පිරිසිදු මනසකින් යුතුව සූදානම් වීමයි.
ජ්‍යෝතිෂයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන අතරතුර පවතින මෙම කාලය "නොනගත" (නැකත් නැති) කාලය ලෙස හැඳින්වේ. කිසිදු සුබ කටයුත්තකට නැකත් නොමැති බැවින්, එම කාලය පින් දහම් සඳහාම වෙන් කිරීම මෙහි විශේෂත්වයයි
පුණ්‍ය කාලය තුළ පවුලේ සියලු දෙනා එක්ව විහාරස්ථානයට යාම හෝ නිවසේ ආගමික කටයුතු කිරීම සිදු කරයි. මෙය පවුලේ සාමාජිකයන් අතර බැඳීම ශක්තිමත් කිරීමටත්, පොදු අධ්‍යාත්මික අරමුණක් වෙනුවෙන් එක්වීමටත් මහඟු අවස්ථාවකි.
පුණ්‍ය කාලයේදී මත්පැන්, සූදුව වැනි අකුසල් ක්‍රියාවලින් බැහැරව දාන, මාන හා භාවනා කටයුතුවල නිරත වීමෙන් පුද්ගලයාගේ මානසික ආතතිය දුරු වී මහත් සහනයක් ලැබේ.
#සිංහලඅලුත්අවුරුද්ද #අවුරුදු
13/04/2026
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ වැදගත්කම
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම පාදක කරගනිමින් සමරනු ලබන මෙරට ප්‍රධානතම ජාතික සහ සංස්කෘතික මංගල්‍යයයි. මෙය හුදෙක් උත්සවයක් පමණක් නොව, සොබාදහම සහ මිනිසා අතර පවතින අවියෝජනීය බැඳීම අලුත් කරන මහා සංකේතයකි. අලුත් අවුරුද්දේ සැබෑ වැදගත්කම රැඳී ඇත්තේ සාමූහිකත්වය තුළයි.මුළු රටම එකම නැකත් වේලාවකට ලිප් බැඳීම, ආහාර අනුභවය සහ වැඩ ඇල්ලීම ලොව වෙනත් කිසිදු සංස්කෘතියක දැකිය නොහැකි විනයක් සහ එකමුතුකමක් විදහා දක්වයි.
පැරණි අමනාපකම් අමතක කරමින් අලුත් වන සබඳතා, වැඩිහිටියන්ට බුලත් දී වැඳ ලබාගන්නා ආශිර්වාදය සහ අසල්වැසියන් අතර හුවමාරු වන කැවිලි පිඟාන තුළින් නිරූපණය වන්නේ අපේ සමාජයේ පවතින සමගිය සහ මානුෂීය ගුණධර්මයි.එමෙන්ම, කෘෂිකාර්මික ජීවන රටාවකට උරුමකම් කියන අප, අස්වැන්න නෙළා අවසන් වී සොබාදහමට ස්තූති පූර්වකව මෙම චාරිත්‍ර ඉටු කිරීම තුළින් කෘතගුණ සැලකීම වැනි උදාර ගුණාංග පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරයි.කෙටියෙන් කිවහොත්, අලුත් අවුරුද්ද යනු අපේ සංස්කෘතික අනන්‍යතාවයත්, ආධ්‍යාත්මික පවිත්‍රතාවයත් එක්තැන් කරන මහා සංස්කෘතික පාලමයි.
#අලුත්අවුරුද්ද #සිංහලඅලුත්අවුරුද්ද #අවුරුදු
12/04/2026
හැමෝම දුවන මේ හති වැටුණු ලෝකයේ
පොඩ්ඩක් නතර වෙලා හුස්මක් ගන්න
මගහැරුණු සතුට සොබාදහම තුලින් හොයන්න
ජීවිතේ නියම අරුත අදම විඳගන්න... 🍃
විඳවන්න නෙමෙයි විඳින්නයි මේ ජීවිතේ
අපිට ලැබුණු වටිනාම තෑග්ග මේ මොහොතයි
හෙට ගැන නොසිතා අද දවසේ සතුටු වෙන්න
සිනහවෙන් හැමදාම ලෝකය දකින්න... ❤️✨
06/04/2026
ජීවිතය කියන්නේ හරියට එක දිගට ගලාගෙන යන ගඟක් වගේ.
සමහර වෙලාවට ඒ ගමන හරිම නිස්කලංකයි, තවත් වෙලාවට හරිම රළුයි.
හැබැයි මතක තියාගන්න, ගඟක් ලස්සන වෙන්නේ ඒක නතර නොවී ගලාගෙන යන නිසා විතරයි. 🌊
අද ඔයා ඉන්න තැන ඔයාට වෙහෙසක් දැනෙනවා ඇති. හැමදේම අතහැරලා දාන්න හිතෙනවා ඇති. හැබැයි මතක තියාගන්න, හැම අඳුරු රැයකටම පස්සේ හරිම ලස්සනට හිරු පායන උදෑසනක් අනිවාර්යයෙන්ම උදා වෙනවා. ☀️
වැටෙන එක නෙවෙයි පරාජය, වැටුණු තැනම නතර වෙන එකයි ඇත්තම පරාජය. ඒ නිසා හුස්ම ගන්න හැම තත්පරයකම අලුත් බලාපොරොත්තුවක් තියාගන්න. හෙමින් හරි කමක් නැහැ, එක අඩියක් හරි ඉස්සරහට තියන්න. 👣
නතර වෙන්න එපා... ඔයාගේ ජයග්‍රහණය තියෙන්නේ ඔය යන ගමන ඇතුළෙමයි!
✍️ Ashi's View
04/04/2026
ජීවිතේ වෙලාවකට...
හරියට මේ කොන්ක්‍රීට් පොළොව වගේ මචං.
රළුයි, තදයි,
කිසිම බලාපොරොත්තුවක් නැහැ වගේ.
හැබැයි, මේ පුංචි පැළය දිහා බලපන්.
එයාට ඕන වුණේ නැහැ ලොකු ඉඩක්,
කවුරුත් හාරපු වත්තක්.
කොන්ක්‍රීට් එකේ තිබුණු පුංචිම පුංචි ඉඩක්,
ඒ පැල්ම ප්‍රමාණවත් වුණා
ජීවිතය හොයාගෙන ඔළුව උස්සන්න.
උඹත් එහෙමයි මචං.
උඹ හිරවෙලා ඉන්නේ කොච්චර තද තැනක වුණත්,
ඒ හැම දේම අස්සේ
කුඩාම ඉඩක් හැංගිලා තියෙනවා.
ඒ පුංචි ඉඩ හොයාගෙන,
උඹේ අධිෂ්ඨානය අරගෙන
ඉස්සරහට පියවරක් තියපන්.
මතක තියාගනින්...
වටපිටාව මොන වගේ වුණත්,
උඹට තියෙන අවස්ථා මොන තරම් කුඩා වුණත්,
උඹේ "ජීවිතය" එතනත් පණ ගහලා පිපෙනවා.
සත්තයි! 🌱
— Ashi's View
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Colombo