HitZnews.lk

HitZnews.lk

Share

23/07/2024

පාකිස්ථානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද සටනේ

2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09වන තරගය අද(23) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ අනුව පැවැත්වෙන තරගය අද පස්වරු දෙකට පාකිස්ථානය හා එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය අතර පැවැත්වීමට නියමිතයි.

#2024

22/07/2024

ශ්‍රී ලංකාව හා මැලේසියාව අද පිටියට

කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ 7වන තරගය අද ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර පැවැත්වෙනවා.

තරගය අද පස්වරු 02ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අද පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ තරග සියල්ල සජීවීව සුප්‍රීම් සහ TNL නාලිකා මගින් ඔබට නැරඹිය හැකියි.

22/07/2024

ජනපති සටනින් බයිඩ්න් ඉවත් වෙයි

අමෙරිකානු ජනාධිපතිවරණ සටනින් තමා ඉවත් වන බව වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ප්‍රකාශ කරනවා.

මෙම තීරණය ගත්තේ ඩිමොක්‍රටික් පක්ෂයට සහ රටට යහපතක් ලෙස සලකා ගත් බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව ඉදිරි සතියේ දී ජාතිය අමතන බවද සමාජ මාධ්‍ය හරහා පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo