District Secretariat- Colombo
10/05/2026
මනුදම් ගී රසවින්දන වැඩසටහන........................................................
හෝමාගම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රජා විශෝධන ආඥාව ලැබූ ආඥාලාභින් 60 දෙනෙකුගේ මානසික සුවතාවය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මනුදම් ගී රසවින්දන වැඩසටහන පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අතිසාර්ථකව පැවැත්වීණි.
ප්‍රවීන සංගිතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ එකමුතුවෙන් බිහිවූ ගීත හතක් මුල් කරගනිමින් මෙම වැඩසටහන පැවැත්විණි.
ගීත විචාරය සඳහා හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතා සම්පත්දායකත්වය ලබාදුන් අතර, චමිඳු පන්නිල විසින් ගීත ගායනයෙන් මෙහිදී දායකත්වය ලබා දෙන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව , හෝමාගම ශ්‍රේෂ්ඨාධිකරණය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය හා එක්ව ප්‍රජා විශෝධන නිලධාරී නිලන්ති ජයරත්න මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Elvitigala Mawatha, Narahenpita
Colombo
00500
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |