Dasun Marasinghe Fan Club

Dasun Marasinghe Fan Club

Share

Welcome to the official page of Dasun Marasinghe, Colombo District Parliamentary General Election Candidate 2024 in the NDF and the General Secretary of Nawa Nidahas Sabhagaya 🇱🇰

21/03/2026

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට
ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළට.

Fuel type | Old Price | Change | New Price

Petrol 92 — 317 — +81 — 398
Petrol 95 — 365 — +90 — 455
Auto Diesel — 303 — +79 — 382
Super Diesel — 353 — +90 — 443
Kerosene — 195 — +60 — 255

සුදු ඩීසල් ලීටරයක් රු.79කින්,
සුපිරි ඩීසල් ලීටරයක් රු.90කින්,
භූමිතෙල් ලීටරයක් රු.60කින්,

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක්
රු.90කින් සහ

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක්
රු.81කින් ඉහළට.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

31/12/2025

"සුභ නව වසරක් වේවා! ධනවාදී ආකල්ප සමඟ 2026 නව වසරේ අභියෝග ජය ගැනීමට එක්ව පෙරට එන්න" 🇱🇰

දහසකුත් එකක් පුද්ගලික අපේක්‍ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපගේ මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය ය.
ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු සංවර්ධිත දියුණු රාජ්‍යයන්හි ඉතිහාසය සොයා බැලීමේදී තහවුරු වන්නේ එම සෑම දියුණු රාජ්‍යයක් තුළම ධනවාදී ආකල්ප සපිරි ජන සමාජයක් සිටිය බවය. යහපත් ආර්ථික, දේශපාලන හා සමාජීය පසුබිමක් ගොඩනැගීම රාජ්‍යයක පාලකයන්ගේ වගකීමක් පමණක් වූවද රටේ ජනතාවටද වගකීමක් ඇත. විශේෂයෙන්ම ආර්ථික මෙන්ම ආකල්ප තුළින්ද බංකොළොත්ව පවතින ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් සිදු වන්නේ සාම්ප්‍රදායික ලෙස පවතින දේශපාලන ක්‍රමය විවේචනය කීරිම පමණි. ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම කළ යුත්තේ ධනවාදී අදහස් සහිත යහපත් ආකල්ප වලින් යුතු සමාජයක් ගොඩනැගීමට කටයුතු කිරිමය.

අපි එකිනෙකාගේ වගකීම් හඳුනා ගනිමු. රට වෙනුවෙන් එම වගකීම් ඉටුකොට යහපත් ආකල්ප තුළින් ශ්‍රි ලංකාව යළි ගොඩනැගීමට 2026 නව වසරේ අදිටන් කර ගනිමු.

දසුන් මාරසිංහ
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක,
ප්‍රධාන ලේකම්, නව නිදහස් සභාගය

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Kalutara Town
Colombo