Mayam.lk

Mayam.lk

Share

04/02/2026

78වෙනි නිදහස් දිනය අභිමානයෙන් සමරමු !

25/01/2026

උඹලට ඕනි තරු වෙන්න..

ඒත් මට ඕනි මම වෙන්න..

උඹලා කවුරුත් හරියට නොදැකපු ආදරණීය මනුස්සයා වෙන්න..

උඹලා එකතුවෙලා ම_ර_ලා දාන්න හදන අහිංසක මනුස්සයා වෙන්න..

මට ඕනි දවසක් හරි හිත සතුටින් හුස්ම ගන්න..

නිදහසේ නින්දට යන්න..🥺🤍

26/12/2025

විවාහය අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි...

🚫ඉතින් ඔයාට එක්කෙනෙක්ට තුන් හිතින්ම ආදරේ කරගෙන එයා එක්කම ජීවිතේ බෙදා ගන්න බැරි නම් විවාහ වෙන්න එපා.

🚫එක ගැහැණියකහෙන් හෝ එක පිරිමියෙක්ගෙන් සෑහීමකට පත් වෙන්න බැරි නම් විවාහ වෙන්න එපා

🚫ඔබේ ලිංගික දිශානතිය (sexual orientation) එක විවාහ සංස්ථාවට නොගැලපෙනවනම් විවාග වෙන්න එපා

🚫විවාහය ඔයා දකින්නෙ කරදරයක් නැත්නම් වැඩකට නැති දෙයක් වගෙ නම් විවාහ වෙන්න එපා

🚫තව කෙනෙක් එක්ක ජීවිතේ ආදරෙන් විශ්වාසයෙන් බෙදා ගන්න බැරි නම් විවාහ වෙන්න එපා

🚫දකින දකින කෙනාට ලිංගික ආකර්ෂණයක් ඇති වෙනවා ඒ නිසා එක්කෙනෙක් එක්ක ඉන්න එක අමාරුයි කියල දැනෙනව නම් විවාහ වෙන්න එපා

🚫ප්‍රේමය සහ හුදු ලිංගික ආශාව වෙන් කර හදුනා ගන්න බැරි නම් ඒක දැනගන්නකං විවාග වෙන්න එපා

🚫තනියෙන් ඉන්න ඉතාම කැමති කෙනෙක් නම්, දෙදෙනෙක් එකට වගකීම් බෙදාගෙම ගෙවන ජීවිතය පිළිබදව තේරුම් නොගෙන විවාහ වෙන්න එපා

🚫තමන්ගේ තනිකම වහගන්න ඕන නිසා පමණක් නං විවාහ වෙන්න යන්නෙ විවාහ වෙන්න එපා

🚫තමන්ගේ ජීවිතේ වගකීමක් තනියම ගන්න බැරි නම් විවාහ වෙන්න එපා

🚫Basic adult skills, ඒ කියන්නෙ මුදල් භාවිතය, තව කෙනෙක්ගේ චිත්තවේග තේරුම් ගැනීම, නිරෝගී සන්නිවේදනය, මනා සෞඛ්‍ය පුරුදු, තමන්ගේ ආතතිය කලමණාකරනය, කොහෙත්ම බැරි නං විවාහ වෙන්න එපා

🚫විවාහයට සහ ආර්ථිකයට බලපාන ඇබ්බැහියක් තියනවනම් විවාහ වෙන්න එපා

🚫ලෝකෙට පේන්න නං විවාහයක් කරගන්න වෙලා තියෙන්නෙ කොහෙත්ම විවාහ වෙන්න එපා

🚫ඔයාගේ සහකරු හෝ සහකාරියට අවංකවම මුලු හදවතින්ම කැමැත්තක්, ප්‍රේමයක් නැත්නම් ( සල්ලි වලට ලස්සනට හෝ වත්කම් වලට නෙවෙයි) විවාහ වෙන්න එපා

🚫අම්ම තාත්ත කියනම නිසානං විවාහ වෙන්න වෙලා තියෙන්නෙ විවාහ වෙන්න එපා

👉විවාහය කියන්නෙ කරගන්නම ඕන දෙයක් නෙවෙයි, ඒක දෙන්නෙක්ගේ ගොඩනැගිලා තියන ගැඹුරු ලස්සන සම්බන්ධතාවයක් තවත් අර්ථවත් කරගන්න කැපවෙන්න පුළුවන් අය පමණක් ගන්න ඕන තීරණයක්.

👉ඒක ඔයාට විතරක් නෙවෙයි, හම්බෙන්න ඉන්න දරුවන්ටත් ඒ දරුවන් හදන පරම්පරා ගාණකටත් කරන ලොකු සේවයක්.

❌ඉතින් විවාහවෙන්නංවාලේ විවාහ වෙලා traumatize වුණු දරු පරම්පරාවක් හදනවට වඩා සතුටින් තනියම ඉන්න. නැත්නං මනෝ උපදේශනයට යොමු වෙලා ඔබේ ජීවිතය සුවපත් කරගෙන ඉන්න.

Credits - නදීපා රණසිංහ
මනෝවිද්‍යා උපදේශිකා

Photos from Mayam.lk's post 23/12/2025

ෆ්‍රෑන්ක්ලීන් කාටූනය🐢

🐢 මතකයේ සිතුවම් ඇඳි "පුංචි ඉබි පැටියා"

ළමා ලෝකයේ අවිහිංසාවත්, කුතුහලයත් එකට යා කළ අපූරු නවාතැනක් තිබුණා නම් ඒ ෆ්‍රෑන්ක්ලීන්ගේ ලෝකයයි. දිය සායම්වලින් ඇඳි සිතුවමක් වගේ හරිම සන්සුන් පරිසරයක, තණකොළ නිල්ල උඩින් ඇවිදගෙන යන ඒ පුංචි ඉබි පැටියා අපේ ළමා කාලයට අරන් ආවේ පුදුමාකාර සතුටක්.

🍃 සොබාදහමේ අසිරිය සහ සරල බව

ෆ්‍රෑන්ක්ලීන් ජීවත් වුණේ හැමෝම එකිනෙකාට ආදරය කරන, ගහකොළ සතා සීපාවා හරිම සමීපව ඇසුරු කරන පරිසරයක. ඒ කතාව බලනකොට අපිට දැනුණේ අපිත් ඒ වනාන්තරයේම කොටස්කාරයෝ වගෙයි. ගස් බෙන ඇතුළේ තියෙන නිවෙස්, සොබාදහමේ සුවඳ සහ ඒ හැම දෙයකම තිබුණු සරල බව අපේ හිත් නිවා දැමුවා.

❤️ හදවතට කතා කරන පාඩම්

ෆ්‍රෑන්ක්ලීන් කියන්නේ වීරයෙක් නෙවෙයි...ඔහු හරියට ඔබ සහ මම වගේම සාමාන්‍ය දරුවෙක්.

ඔහු සමහර වෙලාවට අඳුරට බය වුණා.

සමහර වෙලාවට වැරදි කළා.

ඒත් ඒ හැම වෙලාවකම වැරැද්ද හදාගෙන, බය ජයගෙන, "හොඳ දරුවෙක් වෙන්නේ කොහොමද" කියන වටිනා පාඩම ඔහු අපිට කියලා දුන්නා.

🤝 බැඳීම්වල සුන්දරත්වය

වලස් පැටියා එක්ක තිබුණු නොබිඳෙන මිත්‍රත්වය, බෙලෙක්ක කටුවක් උඩ ඉඳගෙන ආපු ගොළුබෙල්ලා ,බීවර්,හා පුංචා,නරි හාමි සහ "පුතේ ෆ්‍රෑන්ක්ලීන්" කියලා ආදරෙන් අමතපු ඔහුගේ දෙමාපියන්... මේ හැම චරිතයක්ම අපිට ඉගැන්නුවේ ආදරය සහ එකිනෙකාට ගරු කිරීම තරම් වටිනා දෙයක් තවත් ලෝකයේ නැති බවයි.

📺 රූපවාහිනී තිරයෙන් ජීවිතයට

රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙලා, ඒ මිහිරි තේමා ගීතය ඇහෙනකොට අපිට දැනුණේ ලෝකයේ තියෙන පීඩනයෙන් මිදිලා නිදහස් වුණා වගෙයි. අදටත් අපේ මතකයේ තියෙන ඒ නිස්කලංක ළමා කාලයේ සුවඳ ෆ්‍රෑන්ක්ලීන් කාටූනය තුළ තවමත් ඉතිරි වෙලා තියෙනවා.

"ජීවිතය කියන්නේ ලොකු තරඟයක් නෙවෙයි, ආදරයෙන් සහ කරුණාවෙන් පියවරෙන් පියවර ඉස්සරහට යන ලස්සන ගමනක් කියලා ෆ්‍රෑන්ක්ලීන් අපිට නිහඬවම කියා දුන්නා."

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo