Shakya Maths Hub

Shakya Maths Hub

Share

26/04/2023

"ජීවිතය කියන්නෙ හරි අපූරු චිත්‍රපටයක් මිත්‍රයා,

අද හමුවන ඇතමුන් නැවත කිසිදා අපට හමු නොවීමට පුළුවන්. ඉතින් හමුවන සෑම අයෙක්ටම සිනහවක් පරිත්‍යාග කරන්න" 🖤🕊

22/04/2023

රස්නෙ මැකෙන්න බොමුද තැඹිලි ගෙඩියක්🥵🔥

මේ කාස්ටක අව්වෙ
මිනිස්සු කීදෙනෙක්නම් තමන්ගේ හීන වෙනුවෙන්
කට්ට කාගෙන වැඩ කරනවද...🥺

ඉතින් ඒ හැමෝගෙම හීන
ඉක්මනින් හැබෑ වෙන්න ඕනෙ... 🌼❤️

22/04/2023

"ඔයාගෙ ජීවිතේ බිංදුවටම වැටිල තිබුන මොහොතේ,
ඔයාට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්න ඒ කෙනාව කවදාවත් අමතක කරන්න එපා..."🖤🕊

26/08/2022

ඔබගේ දරුවා දූෂණය වීමෙන් වලක්වා ගැනීමට නම්,

1. පුද්ගල තත්ත්වය කුමක් වුවත් කිසිවකුගේ ඔඩොක්කුවක ඉඳ නොගන්නා ලෙස ඔබේ දුවට හෝ පුතාට අවවාද කරන්න.

2. වයස අවුරුදු 2 සිට ඔබේ දරුවන් ඉදිරිපිට ඔබ ඇඳුම් ඇඳීමෙන් වළකින්න.

3. ඔබේ දරුවාට කවරෙකු හෝ "මගේ බිරිඳ" හෝ "මගේ සැමියා" ලෙස හැඳින්වීමට කිසිවෙකුට කිසිවිටෙක ඉඩ නොදෙන්න.

4. ඔබේ දරුවා තම මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට පිටතට යන සෑම විටම, ඔහු ක්‍රීඩා කරන්නේ කුමන ආකාරයේ ක්‍රීඩාවක්ද කියා සොයා ගැනීමට කුමක් හෝ ක්‍රමයක් සොයා ගැනීමට වග බලා ගන්න, මන්ද යෞවනයන් තමන්ටම ලිංගික අතවර කරන බැවිනි. අනික මේක අලුත් දෙයක් නෙවෙයි.

5. කිසිවිටෙක ඔබේ දරුවා තමාට පහසු නොවන වැඩිහිටියෙකු හමුවීමට නොයන්න, එමෙන්ම ඔබේ දරුවා යම් වැඩිහිටියෙකුගේ විශාල රසිකයෙක් වන්නේ ද..?
ඒ කවුද කියා සොයා බලන්න.

6. ඉතා සතුටු සිතින් සිටින දරුවෙකු එක වරම නිහඩව හදිසියේම ලැජ්ජාවට පත් වේ නම් විපරසහගත වන්න, ඔබ ඉවසිලිවන්තව හා සුපරීක්ෂාකාරී විය යුතු අතර, දරුවා එසේ හැසිරෙන්නේ ඇයිද යන්න පිළිබඳ සොයා බලන්න.

7. ලිංගිකත්වයේ නිවැරදි වටිනාකම්,සාරධර්ම ගැන හොඳින් දැනුවත් කරන්න. ඔබ එසේ නොකළහොත් සමාජය ඔවුන්ට වැරදි දේ කියා දෙනු ඇත..
ඉතින් ඔවුන් එයට රැවටෙනු ඇත

8. ඔබ ඔවුන්ට මිලදී ගන්නා හෝ කවරෙකු හෝ ඔවුන්ට තෑගි කරන කාටූන්,චිතපට වැනි ඕනෑම දෙයක් ඔවුන්ට කලින් ඔබ සොයා බලන්න,නරඹන්න ඒවා සමාලෝචනය කිරීම සැමවිටම යෝග්‍ය වේ.

9. ඔබේ අන්තර්ජාලයන්හි වැඩිහිටි වෙබ් අඩවි දරුවා යම් පමන කාලයක් ගොඩ නැගෙන තෙක් අවහිර කරන්න,පාලනය කරන්න,අක්‍රීය කිරීමට වග වෙන්න
නිතරම ඔවුන්ගේ හැසිරීම් පිළිබඳ අවදානම් ශීලීව බලන්න.

10. ඔබේ දරුවන්ට අවුරුදු 3 සිට ඔවුන්ගේ රහස්‍ය කොටස් හොඳින් සේදීමට උගන්වන්න සහ කිසිවිටෙක කිසිවෙකුට ඒවා ස්පර්ශ කිරීමට ඉඩ නොදෙන ලෙස ඔවුන්ට අවවාද කරන්න

(මතක තබා ගන්න, රැකබලා ගැනීම ආරම්භ වන්නේ නිවසේදී සහ ඔබ සමඟ).

12. ඔබේ දරුවා යම් පුද්ගලයෙකු ගැන පැමිණිලි කළ පසු,නිහඬව නොසිටින්න. මතක තබා ගන්න,අපි අනාගත දෙමාපියන් ඇති දැඩි කරන දෙමාපියන්.

මතක තබා ගන්න: "වේදනාව ජීවිත කාලය පුරාම පවතී."

13. වටිනාම සාධකය වන්නේ ලිංගිකත්වය සැඟවීමෙන් වැලකී,ඒ පිලිබඳ නිසියාකාර අධ්‍යාපනයක් ලබා දීම තුලින් දරුවාට ඒ පිලිබඳව ඇතිවන කුතුහලය යම් දුරකට හෝ සමනය කර නිවැරදිව තේරුම් ගැනීමේ හැකියාවක් ලබා දෙන්න.
මොකද පොඩි උන් කුතුහලයට ඇලුම් කරන කොට්ටාසයක්

අවසානෙට කියන්න ඕනි දරුවන්ට දියයුතු ආදරය නොසඟවා ඔවුන්ට පිළිගන්වන්න.
ඒ බව දැනෙන්නට හරින්න.
කෙදිනකවත් දරුවෝ වෙන කිසිවකුගේ ගොදුරක් නොවන්නට එයත් ප්‍රබල හේතුවක්.

තව මෙතනට එන්න ඕනි කියලා හිතෙන දේවල් තියෙනවා නම් ඒ ටිකත්
අපේ පොඩ් පරම්පරාවට කියලා දෙන ගමන් නව පරපුරේ දෙමාපියන්,ගුරුවරුනුත් ඔලුවට අරගෙන ඔයාට අනන්‍ය වූ ප්‍රේමණීය භාෂාවකින් තව දරුවන්ට මේ බව ලස්සනට ක්‍රමානුකූලව කියලා දෙන්න

මොකද පොඩි කාලේ දරුවෝ හරිම අසරණයි,ඒකනේ පොඩි උන්ට මල් කියලා කියන්නේ ඒ මල් තලන්නේ නැති සමාජයක් ප්‍රාර්ථනා කරන ඔබට කරන්න පුලුවන් දේවල් ටිකක් මං ලිව්වේ
❤️
සටහන - Sumeera gunasekara

Photos from Shakya Maths Hub's post 22/08/2022

හැමතැනම share වුන මගේ අක්කගෙ ආදරේ Erandika Dharmasena 😘💝

සෙනසුරාදා අක්ක මට කන්න ඔතල දුන්න බත් එක...

සමහර අය ඇහුව ඇයි ඉතින් ඕක ලියල දුන්නෙ කටින් කියන්න එපැයි කියල.මට ඉතින් ක්ලාස් එක්ක හදිස්සියට කන්නෙ.වැල්ලව පන්ති ඉවර කරල කුරුණෑගල ක්ලාස් එකට ගිහින් පන්තිය පටන් ගන්න විනාඩි 15ක් තියල කන්නෙ. වෙලාවකට ළමයි ඇවිත් නම් මන් ටිකක් උගන්වල වැඩක් දීල කන්න ගන්නෙ. එතකොට ඉතින් ඔය වෙනම ඔතල තියන පපඩම්,මිරිස්,කට්ලට් අච්චාරු වගේ ඒව අමතක වෙනව මට.ඒක නිසා අක්ක හැමදාම මට ලියල බත් එක අස්සට කොළයක් දාල දෙනවා.සමහරු වයිෆ්ගෙ ආදරේ අම්මගෙ ආදරේ කියල ඔහොම කෑම දාල තිබ්බ නිසා ඉතින් මටත් group දාන්න හිතුන.🤗

කවද හරි එයත් බැඳල ගියාම තනියම තමා උයන් කන්න වෙන්නෙ.😑💔

මොනා උනත් ලෝකෙ තියන ශක්තිමත්ම බැඳීමක් සහෝදර බැඳීම. ඒක නැති වෙන්න දෙන්න එපා රැකගන්න.💓

Rukshan Shakyabhashana Rathnayaka

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo